SomaHimi.org
 තෙරුවන.ඕර්ග්
 Threegems.org
 Vidarshana.org
 Jeevithaya.org
 Thinkup.today
මූණු පොත
Title Horizontal Line Shadow Title Horizontal Line
අලුත්   ලිපි   රූප   වීඩියෝ   භාගත   ඇමතුම්
අලුත්   ලිපි   රූප   වීඩියෝ   භාගත   ඇමතුම්
ධ්‍යානාංග හා ධ්‍යාන ඵල හඳුනාගනිමු

ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!

කොබ්බෑවල සුමනදාස වීරසිංහ

2014-08-18


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.

මෑත කාල සීමාව තුළ ලාංකික ගිහි පිංවතුන් තුළ බාල, තරුණ, මහලු භේදයකින් තොරව විවිධ භාවනාවන් කෙරෙහි දැඩි ඕනෑකමක්‌ හා උනන්දුවක්‌ දක්‌නට ලැබේ. සබ්බේ රසං ධම්ම රසං ජිනාති යන බුදු වදනට අනුව සදහම් අමා රසය හා සුවය ගතට සහ සිතට දැනෙන්නේ කිසියම් භාවනාවක්‌ වැඩීම තුළින්මය. එසේ වැඩෙන සිතේ එක එක අවධීන් ධ්‍යාන සමාපත්තීන් ලෙස හැඳින්වේ.

පැවිදි මෙන්ම ගිහි දේශකයන් වහන්සේලා විසින් විස්‌තර කර දෙනු ලබන කමටහන් අනුව භාවනාකරන පිරිස්‌ අතුරින් වැඩි පිරිසකට කට පාඩමෙන් භාවනා පාඨ කියවීමට හැකියාව ලැබී ඒ තුළින් තාවකාලික චිත්ත විවේකයක්‌ ඇති වුවද ධ්‍යාන සමාපත්තිවලට පත්වීමක්‌ හෝ ධ්‍යානාංග හෝ ධ්‍යාන ඵලයන් පිළිබඳව නිවැරැදි වැටහීමක්‌ අත්දැකීමක්‌ ඇත්තන් ඉතාමත් අඩුය.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
ධ්‍යාන ඵල සමාපත්තීන්ට සමවැදී සිටින ආරණ්‍ය සේනාසන යෝගාවචරයන් වහන්සේලා දැනුදු දිවයිනේ යම් යම් සේනාසනවල වැඩ සිටියද උන්වහන්සේලාගෙන් ධර්මානුශාසනා අසා දැන ගැනීමට හැමෝටම අවස්‌ථාවක්‌ නොලැබෙන නිසා අත්දැකීම් සහිත යෝගාවචරයන් වහන්සේලා ඇසුරෙන් ලද තොරතුරු ආශ්‍රයෙන් ධ්‍යාන හා ධ්‍යානාංග පිළිබඳ විමර්ශනය කර බැලීමේදී පළමුව ධ්‍යානාංග පහත්, දෙවනුව රූප, අරූප යන ධ්‍යාන ඵල සමාපත්ති අට සිත් තුළ ක්‍රියාත්මක වන ආකාරයත් තේරුම් ගත යුතුය.

ධ්‍යානාංග පහකි

1. විත්ක්‌ක - කල්පනාකිරීම හෙවත් සිතිවිaල

2. විචාර - සලකා බැලීම හෙවත් විමසා බැලීම


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
3. ප්‍රීති - සතුට

4. සුඛ - සැපය

5. ඒකාග්ගතා - එකඟවූ සංසුංවු චිත්තය

රූප ධ්‍යාන 4 ක්‌ සහ අරූප ධ්‍යාන 4 ක්‌ වශයෙන් ධ්‍යාන පල අටකි.

රූප ධ්‍යාන හතර

1. ප්‍රථම ධ්‍යානය

2. ද්විතීය ධ්‍යානය

3. තෘතීය ධ්‍යානය


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
4. චතුර් ධ්‍යානය

අරූප ධ්‍යාන හතරකි

1. ආකාසඤ්ඤායතනය

2. විඤ්ඤ්ණචඤ්ඤායතනය

3. ආකිඤචඤ්ඤායත

4. නේවසඤ්ඤා නාසඤ්ඤායතනය

සිතක ස්‌වභාවය වන්නේ ඇස, කණ, නාසය, දිව, කය, මනස යන ආයතන තුළින් ගන්නා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්‌පර්ශ, ධම්ම යන අරමුණු හේතුකොට ගෙන නොනැවතී ගලායන ජල දහරාවක්‌ මෙන් නිබඳව ඇතිවන සිතුවිලි ධාරාව නවතාලීමෙන් සිත් තුළ ඇතිවන මනෝභාවයන්ගේ අවස්‌ථා අටකි. රූප ස්‌වභාවයන් මෙනෙහි කොට සිත තැන්පත් කර ගැනීම රූප ධ්‍යාන වශයෙනුත් ප්‍රධාන රූපයක්‌ නැති අරූප ස්‌වභාවයක්‌ මෙනෙහි කොට සිත තැන්පත් කර ගැනීම අරූප ධ්‍යාන වශයෙනුත් සැලකේ.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
මනාකොට සිත එක අරමුණක රඳවා ගැනීමට හැකියාව ඇති කර ගැනීම තුළින් මිස වෙනත් කිසිම ක්‍රමයකින් ධ්‍යාන ඵලයන්ට පත්වීමට නොහැකිය. එම නිසා තමාට ගැළපෙන කමටහනකට අනුව භාවනා කිරීමෙන්ම ධ්‍යානලාභියකු විය යුතුය.

ප්‍රථම ධ්‍යානයට සමවැදීම යනු

ප්‍රථම ධ්‍යානයට සම වැදීමේදී භාවනායෝගියාගේ ප්‍රඥවේ බල දුබලතාවයන් අනුව ප්‍රඥව බලවත් අයකු නම් විචක්‌ක විචාර යන අවදි දෙක පසුවී සිතේ ස්‌ථාවර ගතියක්‌ ඇති වේ. ප්‍රඥව දුබල යෝගියාගේ චිචක්‌කය පමණක්‌ පහව යයි. චිචක්‌ක යනු කල්පනා කිරීම හෙවත් යම් දෙයක්‌ ගැන මෙනෙහි කර බැලීමය. භාවනා කිරීම සඳහා තෝරාගත් කර්මස්‌ථානයට අනුව කල්පනාව යොමුකරගෙන සිටීමේදී ඒ පිළිබඳව කලින් පැවැති අස්‌ථාවරත්වයක්‌ නැතිවී ස්‌ථිර දැකීමක්‌ වැටහීමක්‌ තුළින් ඇතිවන නිගමනය විතර්කය තුළින් විචාරය ඇතිවීමයි. එය අනුමාන දැනීමක්‌ නොව ස්‌ථාවර දනිගමනයකට බැස ගැනීමකි.

මේ අනුව ප්‍රථම ධ්‍යානලාභියකු යනු නොසැලෙන ස්‌ථාවර දැකීමක්‌ ඇත්තෙකි. එසේම ප්‍රථම ධ්‍යාන තලයට සිත නැංවීම සඳහා ඊට පාදක කරගත් කමටහනට අනුව පරිකම්ම නිමිත්ත, උග්ගහ නිමිත්ත, ප්‍රථිභාග නිමිත්ත යන නිමිති සිතට ග්‍රහණය වෙයි. ඒවාට අවධානය යොමු නොකර කර්මස්‌ථානය මතම සිත රඳවාගෙන ප්‍රතිභාග නිමිත්ත රැක ගනිමින් භාවනා කරන විටදී ප්‍රතිභාන නිමිත්තත් භාවනා යෝගියාත් ඒකාත්මීය වීමත් ප්‍රථමත් ධ්‍යානයේදී සිදුවේ. නැතිනම් පූර්වභාග නිමිත්ත ලෙස රැක ගනිමින් වර්ධනය කරගත් ප්‍රභාෂ්වර ආලෝකයට තමා ඇදී ගොස්‌ වැසී යන්නා සේ දැනෙයි.

ද්විතීය ධ්‍යානය


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
ප්‍රථම ධ්‍යානඵලලාභියා දෙවැනි ධ්‍යානයට, ඵලයට පත්වීමේදී සිතේ චිතක්‌ක, චිවාර අවදි ප්‍රථම ධ්‍යානයේදී බැහැරව ඇති නිසා ප්‍රීතිය නමැති ප්‍රකීර්ණක චෛතසිකය හෙවත් විසිරී පැවැති ප්‍රීතිය නමැති චිත්ත ස්‌වභාවය ඒකරාශීවී ඇතිවන කායික හා මානසික පීඩාවලින් තොරවූ සැහැල්ලු හා නිදහස්‌ කායික හා මානසික සුවයක්‌ ලබන්නකු වේ.

තෘතීය ධ්‍යානය

ද්විතීය ධ්‍යානලාභියා තමාට දැනෙන ප්‍රීති සහගත ස්‌වභාවයේ යථා ස්‌වභාවය කුමක්‌ද යන්න මෙනෙහි කරමින් එකී මානසික තලයේ දොස්‌ දකිමින් තවදුරටත් භාවනා කරන විටදී ප්‍රීතියටත් වඩා අධිකවූ කායික හා මානසික සුවයක්‌ ඇතිවන සුඛය නමැති ඵලයට සිත නැංවෙන අතර එම සුඛය කයටද සංවේදී වෙයි. මෙකී සුඛය වේදයිත සුවයක්‌ බැවින් වචනවලින් විග්‍රහ කළ නොහැකිය. එම ධ්‍යාන තලයට සිත නන්වාලත් විට ප්‍රත්‍යක්‍ෂ වන්නකි.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
චතුර් ධ්‍යානය

චතුර් ධ්‍යානයට සිත නැන්වීමේදී යෝගියාට තමා අත්විඳින සුඛයේද, සැහැල්ලු නොවන ග්‍රාම්‍ය හෙවත් ගොරෝසු මානසික වින්දනයක්‌ ලෙස එහි ඇති දොස්‌ දැක ඊටත් වඩා අග්‍ර වූ තලයකට සිත පත් කළ හැකි බැව් දැන තවදුරටත් භාවනා කරගෙනයන විටදී සුඛයට වඩා සියුම් වූද, සැලෙන ස්‌වභාවයෙන් තොර ඒකාග්‍රතාවක්‌ පමණක්‌ පවතින චතුර්විධ ධ්‍යාන තලයට සිත නන්වා ගැනීමත් සමග රූප ධ්‍යාන තල නිමා වේ. මෙම ධ්‍යාන තලයට සිත රැගෙන එන තුරු භාවනාව සඳහා තෝරාගත් කමටහන්වල රූප ස්‌වභාවයන් පැවැති නිසා මේවාට රූපද්ධ්‍යානයයි ව්‍යවහාර කරති.

අරූප ධ්‍යාන


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
ඉහත සඳහන් පරිදි රූපමය ස්‌වභාවයන් එහා තලයකට සිතනැංවිය හැකි බව රූප ධ්‍යානයන්ට සිතනැංවූ යෝගීන් තම අත්දැකීම් තුළින් දන්නා නිසා අරූප ධ්‍යාන වැඩීමට වීර්ය උපදවා ගනී. එහිදී රූප ස්‌වභාවයක්‌ නැති එහෙත් සත්‍ය වශයෙන් පවතින ආකාශ ධාතුව මුල්ම කර්මස්‌ථානය ලෙස අරමුණු කර ගනී. ආකාශය අනන්තය. ආකාශය අනන්තය වශයෙන් සිත පවත්වා ගැනීමේදී චතුර් ධ්‍යානය තුළින් ශේෂ වී තිබූ චිත්ත ඒකාග්‍රතාවයේදී අත්විඳි සැහැල්ලු තත්ත්වයටත් වඩා ආකාශය මෙන් අනන්ත වූද, සැහැල්ලු වූද මානසික තලයක පිහිටයි. එය අකාශය නමැති සඤ්ඤාව මත ඇතිවූ මනෝ ස්‌වභාවය බැවින් ආකාසඤ්ඤායතන නම් වූ ප්‍රථම අරූප ධ්‍යානය වන්නේය.

එම අත්දැකීම්වලත් යෝගාවචරයා දෙවනුව එම මානසික තලයේද දොස්‌ දකීම මන්ද? ආකාශය නම් අනන්ත වූ ස්‌වභාවය තමාට දැනුනේ ඒ හා අසමාන වූද, එහෙත් බද්ධ වී පැවැති විඤ්ඤාණයක්‌ පැවැතීම නිසා බව ද වටහා ගනී. එමනිසා දෙවැනි අරූප ධ්‍යානය ලෙස විඤ්ඤාණය භාවනා නිමිත්ත ලෙස රැගෙන විඤ්ඤාණය අනන්තය විඤ්ඤානය අනන්තය වශයෙන් ස්‌වකීය විඤ්ඤාණය ගැන මෙනෙහි කරයි. එහිදී ප්‍රථම අරූප ධ්‍යානය වූ ආකාශ සඤ්ඤාවටත් වඩා සැහැල්ලු වූ මානසික තලයක සිත පිහිටයි. ඒ දෙවැනි අරූප ධ්‍යානය වන විඤ්ඤාචඤ්ඤණයතනය වේ.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
තුන්වැනි අරූප ධ්‍යානයට ප්‍රවිෂ්ට වීමට පෙර යෝගියා විඤ්ඤාණඤ්ඤායතනයේ දොෂ ලෙස විඤ්ඤාණය අනන්ත වුවද එම අනන්ත ස්‌වභාවය සමග එක්‌ව පවතින තවත් ධර්මතාවක්‌ වූ සංඥව පැවැති බව තේරුම් ගනී. ඒ අනුව ආකිකූචඤ්ඤායනය ස්‌වභාවය මෙනෙහි කරමින් සිටින විට සඤ්ඤාවක්‌ ඇත්තෙත් නැති නැත්තෙත් නැති තලයකට සිත නැංවෙන අතර එම ධ්‍යාන තලය නේවසඤ්ඤා නාසඤ්ඤායතනය ලෙස හැඳින්වේ. එතෙකින් අරූප ධ්‍යාන තල හතරක්‌ සමග අෂ්ටඵල සමාපත්ති ධ්‍යාන තල නිමාවට පත් වේ.

බුදුරජාණන් වහන්සේ ලොව පහළවීමට පෙර සිටි මහා යෝගීන්ට මෙහි ධ්‍යාන තලෙන් එහාට සිත රැගෙන යැමට නොහැකි විය. තථාගතයන් වහන්සේ මෙම අෂ්ඨපල සමාපත්තිවලින් එහා තලය වන ලෝකෝත්තර තලය තුළ සියලුම සඤ්ඤාවලින් තොරවූ සඤ්ඤානිරෝධිත නිර්වාණ ධාතුවට සිත රැගෙන යැම අමාමහ නිවන හෙවත් අරහත් භූමිය වන්නේය.

ඔබ සැමට තෙරුවන් සරණයි!

උපුටා ගැනීම: http://divaina.com/images/bud23june/bud18.html

අදාළ:
සතර ධ්‍යාන 1 - අතිපූජ්‍ය දන්කන්දේ ධම්මරතන ස්වාමීන්වහන්සේ [වීඩියෝ]

ධ්‍යාන [රූප]

සෑම සුවඳකටම වඩා උතුම් සුවඳ

ත්‍රිවිධ ශික්ෂාවෙන් සංයුක්ත වූ නිර්වාන මාර්ගය

සෝතාපත්ති අංග සිහිකරමු (යෝනිසෝ මනසිකාරය)…
 
නිසල සිත ගෙනෙයි සෙත

මෛත්‍රී භාවනාව

චිත්ත දමනය 1 - නාවෙලගම අමිතදස්ස හිමි [වීඩියෝ]

සීලානුස්සති භාවනාව 1 - පූජ්‍ය කුකුල්පනේ සුදස්සී හිමි [වීඩියෝ]

බුද්ධානුස්සති භාවනාව 1 - පූජ්‍ය කුකුල්පනේ සුදස්සී හිමි [වීඩියෝ]
 
අපමණ පුද ලද බුදු හිමි ගුණ කඳ