ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා! අරුණඩේල් විජේරත්න ඉන්දියාවේ සිට - ජේ. වීරසේකර 2014-07-05 බෞද්ධ ඉතිහාසයේ මුල්තැන්හිලා සැලකෙන සිදුවීම් රැසක් බිහිකළ බරණැස, ඉසිපතන මිගදාය පුණ්‍ය භූමියෙහි කැණීම් කටයුතු ඉන්දීය මධ්‍යම රජය යටතේ මෙම දිනවල සිදු කෙරෙන බව එහි කැණීම් කටයුතු භාර පුරාවිද්යාඥවරිය වන මනීෂා සිං පවසා සිටියාය. ඇය මෙම තොරතුරු හෙළිකළේ මිගදාය පින් බිමෙහි කැණීම් කටයුතු පිළිබඳ විමසීමක් කළ අවස්ථාවේදීය. ලෝක ඉතිහාසය තුළ බලහත්කාර ලෙස සඟවා තැබීමට ඇතැමුන් උත්සාහ දැරූ, සහ තවමත් දරනු ලබන බෞද්ධ ඉතිහාසය වර්තමාන ලෝකය හමුවට පුරාවිද්‍යා සාක්ෂි සහිතව ගෙන ඒම සහ ඒවා සංරක්ෂණය කර නැවත පිහිටුවාලීම මෙම වැඩපිළිවෙළේ ඒකායන ප්‍රාර්ථනය බවද පවසා සිටි ඇය, අදින් ආරම්භ කරනු ලැබූ මෙම කැණීම් කටයුතු පියවරෙන් පියවර මුළු මිගදාය බෞද්ධ පින්බිම පුරා ව්‍යාප්ත කරන බවද පවසා සිටියාය.මෙම කොටසේ සිදු කෙරෙන කැණීම් කටයුතුවල මූලික අරමුණ වනුයේ මිගදාය පින්බිම හා බැඳී පවතින බෞද්ධ සිදුවීම් රැස පිළිබඳ නිවැරැදි කාල නිර්ණයක් කිරීම බවත් එය නිවැරැදිව තහවුරු කරගත් පසු අදාළ සිදුවීම් පිළිබඳ වෙන වෙනම කැණීම් කටයුතු සිදු කරන බවක් ඇය කියා සිටියාය. මේ වන විට පිහිටි පොළෝ මට්ටමින් අඩි තුනක් පමණ යටට කැණීම් කළ බවත්, එහිදී බිඳී ගිය යම් යම් මැටි කොටස් හමුවූ බවක්, මේවා සියල්ල පිරිසුදු කර වැඩිදුර පර්යේෂණ සඳහා සුරක්ෂිතව භාරදෙන බවත් පවසා සිටි ඇය, එතුළින් බෞද්ධ ඉතිහාසය එකල පැවැති සමාජයීය වටපිටාව, බුදුන් දවස සිදුවීම් සියල්ල ඉතිහාසයේ ලියැවී ඇති පරිදි තහවුරු විය හැකි බව බෞද්ධ ඉතිහාසය සම්බන්ධ කළ වෙනත් කැණීම්වලින් සනාථ වන බවද පවසා සිටියාය.මුළු ලොවම මහත් අමන්දානන්දයට පත් කළ ගෞතම බුදුන් වහන්සේ සම්බන්ධ ගෞරවනීය කටයුත්තකට දායක වීමට තමනට ඉඩකඩ ලැබීම තම ජීවිතයේ අමතක නොවන වටිනා අවස්ථාවක් බව පවසා සිටි ඇය, තවමත් ඉන්දීය මාධ්‍යවලට පවා ඇස නොගැටුණු මෙම කැණීම් කටයුතු ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් විසින් ලෝකයාට හෙළිදරව් කිරීමට පියවර ගැනීම ගැන මුළු ඉන්දියාවම සතුටු වන බව ඇය අවසන් වශයෙන් පවසා සිටියාය. ඔබ සැමට තෙරුවන් සරණයි! උපුටා ගැනීම: http://www.mawbima.lk/86-53403-news-detail.html
|