SomaHimi.org
 තෙරුවන.ඕර්ග්
 Threegems.org
 Vidarshana.org
 Jeevithaya.org
 Thinkup.today
මූණු පොත
Title Horizontal Line Shadow Title Horizontal Line
අලුත්   ලිපි   රූප   වීඩියෝ   භාගත   ඇමතුම්
අලුත්   ලිපි   රූප   වීඩියෝ   භාගත   ඇමතුම්
පෝය දිනවල ඇති විශේෂත්වය

ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!

2014-07-09


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.

චන්ද්‍ර මාසයක පෝය නමින් අප හදුන්වන දින 4ක් ඇත.

  • මාසයේ 08 වන දිනය පුර අටවක පෝය.
  • මාසයේ 15 වන දිනය පසළොස්වක පෝය හෙවත් දෙපෝය.
  • මාසයේ 23 වන දිනය අව අටවක පෝය.
  • මාසයේ 30 වන දිනය අමාවක පෝය.

බෞද්ධයන් මේ හැම මාසයකම පසළොස්වකපෝය දිනය ඒ මාසයට අදාල සිංහල ලිතේ නමින් සමරනවා. එක් එක් පොහෝය දිනය බුදුන්වහන්සේ ගේ චරිතය හා බැදුනු සිද්ධි පිළිබඳ සම්බන්ධයි.

දුරුතු පුර පසළොස්වක පෝය

බුදුන් වහන්සේ උරුවෙල් දනව්වට වැඩම කොට උරුවෙල් කාශ්‍යාප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප යන තුන් බෑ ජටිලයන් දමනය කිරීම, බුද්ධත්වයෙන් නව වැනි මස බුදුරජාණන් වහන්සේ ප‍්‍රථම වරට ශ‍්‍රී ලංකාවේ මහියංගණයට වැඩම කිරීම, සුමන සමන් දෙවියන්ගේ ඉල්ලීමට අනුව කේශ ධාතු ප‍්‍රදානය කිරීම, කැලණි විහාරයේ වාර්ෂික පෙරහැර ආරම්භවීම සිදුවන අතර වන්දනාවේ යන සැදැහැවතුන් බොහෝ විට යන්නේ කැලණි විහාරයටයි.

නවම් පුර පසළොස්වක පෝය


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
ඒ කාලයේ බරණැස් නුවර බොහෝ සුවසේ ඇතිදැඩි වුණු යස කියලා තරුණ සිටු පුත්‍රයෙක් හිටියා. ඔහුට හේමන්ත, ගිම්හාන, වස්සාන සෘතු තුනට ප්‍රාසාද තුනක් තිබුණා. ඔහු වස්සාන කාලයේ තිබුණ ප්‍රාසාදයේ ඒ හාර මාසයම සුරූපි ස්ත්‍රීන් විසින් කරන නැටුම්, ගැයුම්, වාදන උපස්ථාන ආදිය ලබමින් සතුටින් කාලය ගත කළා. දිනක් මොහුට පංච කාම ගුණයන්ගෙන් ඉඳුරන් පිනවමින් ඉඳලා වේලාසනින්ම නින්ද ගියා. පරිවාර ජනයාත් එතැනම නින්දට වැටුණා. මුළු රාත්‍රිය පුරා තෙල් පහන් දැල්වෙමින් තිබෙනවා. යස කුලපුත්‍රයා වේලාසන අවදි වෙලා වටපිට බැලුවා. එක් ස්ත්‍රියකයේ අතේ වීණාව, තවත් ස්ත්‍රියකගේ බෙල්ලේ මිහිඟු බෙරය, තවත් ස්ත්‍රියකගේ අතේ බට නලාව, හැමෝගේම කෙස් අවුල් වෙලා, කටින් කුණු කෙළ වැගිරෙනවා. හීනෙන් නන් දොඩවනවා. යසකුල පුත්‍රයා දැක්කේ එතැන අමු සොහොනක් වගේ. ඔහුට කාමයන්ගේ ආදීනව වැටහුණා. කාමයන් ගැන කලකිරීමෙහි සිත පිහිටියා.

බුදුරජාණන් වහන්සේ විසින් සැරියුත් මුගලන් අග‍්‍ර ශ‍්‍රාවකයන් වහන්සේලා පත්කර ගැනීම, බුදුරජාණන් වහන්සේ ප‍්‍රථම වරට සංඝයා වහන්සේ රැස් කරවා සංඝ සම්මේලනයක් පැවැත්වීම, භික්ෂූන් වහන්සේට ඕවාද ප‍්‍රාතිමෝක්ෂය දේශනා කිරීම, බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාරය අත්හැරීම නවම් පෝය දා සිදු වූ වැදගත් කරුණුයි.

මැදින් පුර පසළොස්වක පෝය

බුද්ධත්වයෙන් පසු බුදුරජාණන් වහන්සේ පළමුවරට ස්වකීය නෑයන් බැලීමට කිඹුල්වතට පැමිණීමට ගමන් ආරම්භ කිරීම මැදින් පෝය දින සිදු විය.

බක් පුර පසළොස්වක පෝය


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
බුදුරජාණන් වහන්සේ දෙවන වරට ලංකාවේ නාගදීපයට වැඩියෙ බක් පෝය දිනයි. මැණික් පුටුවට යුද්ධයකට එළඹුනු චූලෝදර මහෝදර නා රජුන් සමගි කරවීම ද එදින සිදුවිය.

වෙසක් පුර පසළොස්වක පෝය

ලෝකවාසී සියලු බෞද්ධයිනට අති ශ්‍රේෂ්ඨ දිනය වෙසක් පෝය දිනයයි. බුදුරජාණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම, පිරිනිවන්පෑම යන තෙමඟුල මෙම පෝය දිනයේදී සිදුවිය. ඊට අමතරව වෙසක් පෝය දින සිදු වූ වැදගත් සිදුවීම් ලෙස, කිඹුල්වත් නුවරදී සුදොවුන් රජු ඇතුළු නෑදෑ පිරිස ඉදිරියේ යමාමහ පෙළහර පෑම, බුද්ධත්වයෙන් අටවන වර්ෂයේ දී තුන්වන වරට බුදුරජාණන් වහන්සේ ලක්දිව කැළණියට වැඩම කිරීම, සුමන සමන් දෙවියන්‍ ගේ ආරාධනයෙන් සමනල කන්ද මුදුනේ ශ්‍රී පාදය පිහිට විම, විජය ඇතුළු සත් සියයක් පිරිස ලංකාවට ගොඩබැසීම, රුවන්වැලි මහා සෑයේ ඉදිකිරීම් කටයුතු නැකතට ආරම්භ කිරීම ආදිය වෙනවා. සිරිපා වන්දනාවේ යෙදෙන අවසාන පෝයත් වෙසක් පෝය දිනයයි. කැලණියට හා අනුරාධපුරයට වන්දනාවේ යාමත් මෙදිනට සිදු කරනවා.

පොසොන් පුර පසළොස්වක පෝය


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
වෙසක් පෝ දිනය මෙන්ම, ශ‍්‍රී ලාංකික අපට වැදගත්ම පෝය දිනයකි. මිහිඳු හිමියන් ප‍්‍රමුඛ ධර්ම දූත කණ්ඩායම දඹදිව සිට මිහින්තලයට වැඩම කොට දෙවන පෑතිස් රජු ඇතුළු පිරිසට “චුල්ල හත්ථි පදෝපම” සූත‍්‍රයෙන් දහම් දෙසා ලක්දිව බුදු සසුන ස්ථාපිත කළේ පොසොන් පෝය දිනයේදීය. භණ්ඩුක කුමරු පවිදිවීම හා උපසම්පදාව ලැබීම ද මෙදින සිදු විය. පොසොන් පෝය දිනයේ වැඩිවශයෙන්ම අනුරාධපුරය හා මිහින්තලය වන්දනාමාන කරනු ලබයි.

ඇසළ පුර පසළොස්වක පෝය

බෝසතාණන් වහන්සේ මවු කුස පිළිසිඳ ගැනීම, මහාභිනිෂ්ක‍්‍රමණය ප‍්‍රථම ධර්ම දේශනාව වූ “ධම්ම චක්ක පවත්තන සූත‍්‍රය” පස්වග තවුසන් උදෙසා දේශනා කිරීම යන වැදගත් කරුණු සිදු වූයේ ඇසළ පෝය දිනයි. මීට අමතරව,රාහුල කුමරුගේ උපත සිදුවීම, තීර්ථකයන්ගේ මානය බිඳීම සඳහා ගණ්ධබ්බ රුක් මූලයෙ දී මහා පෙළහර පෑම, කීර්ති ශ‍්‍රී රාජසිංහ රජු කල සියම් රටින් උපාලි තෙරුන් ඇතුළු පිරිස ගෙන්වා ලංකාවේ උපසම්පදාව යළි ඇති කිරීමත් ඇසළ පෝය දිනක දී සිදු වී ඇත. අපේ විහාරස්ථානවල වැඩ වෙසෙන භික්ෂූන් වහන්සේලා පෙර වස් විසීම සිදු කරන්නේත් මෙදිනයි. එමෙන්ම අපට ඉතා වැදගත් සංස්කෘතික උත්සවයක් වැනි වූ මහනුවර දළදා පෙරහැරත්, කතරගම , රත්නපුර, ඇම්බැක්කේ, දෙවිනුවර, අලුත් නුවර පෙරහැරත් ඇසළ මාසය තුළ දී ආරම්භ කරනු ලබයි.

මාතෘ දිව්‍ය රාජයා ප්‍රමුඛ දෙවියන්ට දෙව්ලොවට වැඩමවා ගැඹුරු වු අභිධර්මය දේශණා කොට ඇත්තේද,බුදු පරිණිර්වාරනයෙන් පසු මහා කාශ්‍යප මහරහතුන් වහන්සේ ධර්ම සංගායනාවක් කළ යුතු යැයි තීරණය කිරිමද මෙම පෝය දිනයේදි සිදුව ඇත.

නිකිණි පුර පසළොස්වක පෝය


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
ආනන්ද හිමියන් රහත් භාවයට පත්වීම,අජාසත් රජුගේ දායකත්වයෙන් රජගහ නුවර දී ප‍්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීම,බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතුව නිදන් කර සේරුවිල මංගල චෛත්‍යරාජයා තැනීම ආරම්භ කිරීම, පෙර වස් මඟ හැරි ගිය භික්ෂූන් වහන්සේලා පසුවස් සමාදන්වීම නිකිණි පෝය දින වැදගත් සිදුවීම් වේ. නිකිණි පෝය දා සේරුවිල වන්දනාවේ යාම ද සිදු කෙරේ.

බිනර පසළොස්වක පෝය

මෙහෙණි සසුන ආරම්භවූ පෝය දිනය ලෙස ‍බිනර පෝය දිනය සඳහන් වේ. බුදුන් වහන්සේගේ සුළු මව මහා ප්‍රජාපතී ගෝතමී දේවිය බුදුරදුන්ගෙන් පැවිදි බව තෙවරක් ඉල්ලාද එය ලබාදීමට එකඟ නොවූ හෙයින්, බුදු සසුනේ පැවිදිවූ ආර්ය කුමාරවරු 500කගේ බිරින්දෑවරු සමඟ හිස මුඩු කර කසාවතින් සැරසී බුදුරජාණන් වස්කාලයේ වැඩසිටි කූඨාගාර ශාලාවවෙත පැමිණියෝය. අග්‍ර උපස්ථායක ආනන්ද හිමියන්ට මෙම පිරිස තම ඉල්ලීම පවසා සිටි අතර, ආනන්ද හිමියෝ බුදුරදුන් වෙත ගොස් ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මහාප්‍රජාපතී ගෞතමී තොමෝ පන්සියයක් බිසෝවරුන් පිරිවරා මෙහි පැමිණ බුදුරදුන් වහන්සේ ස්ත්‍රීන්ට පැවිද්ද නො දෙත් යි අඬ අඬා දොරටුව සමීපයෙහි සිටින්නී ය. ස්වාමීනි, ස්ත්‍රීහු බුද්ධ ශාසනයෙහි අනගාරික වූ පැවිද්ද ලබත් නම් මැනවැයි අයැද සිටියහ. එම ඉල්ලීමද තෙවරක් ප්‍රතික්ෂේප කර නැවත බලවත් පෙරැත්තය නිසා මහා ප්‍රජාපතී ගෞතමිය ප්‍රධාන කාන්තාවන්ට සසුන් දොර විවෘත විය. මෙහිදී පෙර සිටි බුදුවරුන්ගේ ශ්‍රාවිකාවන් පිළිපැදූ අෂ්ට ගරු ධර්ම මොවුන්ටද අදාල බවට මෙහිදී තීරණයවිය. ධූතාංග සමාදානය සිදු කිරීම,සේරුවිල වාර්ෂික පිංකම් පැවත්වීම, බිනර පෝය දින වන්දනාකරුවන් විශේෂයෙන්ම වැඳ පුදා ගැනීමට යන්නේ මහියංගණයටයි.

වප් පුර පසළොස්වක පෝය


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
බුදුරජාණන් වහන්සේ තව්තිසා දෙව් ලොවින් දඹදිව සංකස්ස පුරයට වැඩම කිරීම,මහා පවාරණය සිදු කිරීම, ශ‍්‍රී මහා බෝධි ශාඛාවක් ඉල්ලා අරිට්ඨ කුමරු ඇතුළු පිරිස දඹදිව ධර්මාශෝක රජු වෙත පිටත්ව යාම, අරිට්ඨ මහ රහතන් වහන්සේ විසින් ථූපාරාමයේ දී විනය පිටකය සංගායනා කිරීම වැනි කරුණු වප් පුර පසළොස්වක පෝය දින සිදු විය. අපේ බොහෝ විහාරස්ථානවල වස් අවසානයේ දී කඨින චීවර පූජා කිරීම ආරම්භ වන්නේත් මෙම පෝය දිනයේදීයි.

ඉල් පුර පසළොස්වක පෝය

ලෝකවාසීන්ට සෙත සලසනු වස් ප‍්‍රථම රහතන් වහන්සේලා සැට නම ධර්ම දූත සේවය සඳහා පිටත්ව යාම, අග‍්‍ර ශ‍්‍රාවක සැරියුත් තෙරණුවන් පිරිනිවන් පෑම ඉල් පෝය දින සිදු විය. එමෙන්ම කඨින චීවර පූජා කළ හැකි අවසාන පෝයත් ඉල් පෝයයි.

උඳුවප් පුර පසළොස්වක පෝය

සංඝමිත්තා මහ රහත් මෙහෙණිය ශ‍්‍රී මහා බෝධි දකුණු ශාකාව ද රැගෙන ලංකාවට වැඩම කරවීම, ලක්දිව මෙහෙණි සසුන ආරම්භවීම උදුවප් පෝය දිනයෙ දී සිදු විය. උඳුවප් පෝය දිනයටත් වැඩි වශයෙන් වන්දනාවේ යන්නේ අනුරාධපුරයටයි. ශ්‍රිපාදය වන්දනා මාන කිරිමේ සමය ඇ‍රඹෙන්නේද උඳුවප් පුර පසළොස්වක පෝය දිනයෙනි.

ඔබ සැමට තෙරුවන් සරණයි!

උපුටා ගැනීම: http://bit.ly/1qfgnnL

අදාළ:
අසිරිමත් බක් පෝය 1

බුදුහිමියන් උපන් බිමට වැඩම කළ මැදින් පොහොය 1

බුදුරදුන් මහියංගණයට වැඩම වු පින්බර දුරුතු පොහොය 1

සිරිලකට සිරිමහ බෝ සමිඳු වැඩම වූ අසිරිමත් උඳුවප් පොහොය 1

මෙත් බෝසත් විවරණය සිදු වු ඉල් පොහොය 1
 
කඨින මහා පින්කම් ඇරැඹෙන අසිරිමත් වප් පොහොය 1

භික්ෂුණී සමාජය ආරම්භ වූ බිනර පොහොය 1

නිකිණි පෝය 1

ඇසළ පෝය දා උදා වූ මහා ප්‍රඥාව අනාත්ම දර්ශනය 1

අද පොසොන් පුර පසළොස්වක පොහොය දිනයයි 1
 
පින්බර නවම් පොහොය 1

සැරියුත් මහ රහතන් වහන්සේ 1

අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා 1