SomaHimi.org
 තෙරුවන.ඕර්ග්
 Threegems.org
 Vidarshana.org
 Jeevithaya.org
 Thinkup.today
මූණු පොත
Title Horizontal Line Shadow Title Horizontal Line
අලුත්   ලිපි   රූප   වීඩියෝ   භාගත   ඇමතුම්
අලුත්   ලිපි   රූප   වීඩියෝ   භාගත   ඇමතුම්
මහාමායා දේවිය දු‍ටු ඒ සුන්දර, විස්මිත සිහිනය

2014-01-27

අප බොහෝදෙනෙක දනුයේ මහාමායා දේවිය දු‍ටු සිහිනයේ අවසාන කොටස වන සුදු ඇත් පැටවා කුසට ඇතුලු වීම පිලිබදව නේද? අප ඒ විස්මිත සිහිනය දැනගනිමු. එය එය අපගේ ශ්‍රද්ධාව වැඩිවීමටද හේතු වේවි.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
අපගේ ගෞතම බුදු රජානන් වහන්සේ මීට වසර 2635 පෙර තුසිත දිව්‍ය ලොව සිටියේය. සුදුසු කාලය එලබීමත් සමග දෙවිවරු විසින් උන්වහන්සේට මනුලොව උත්පත්තියට ආරාධනා කලේය. "මහා වීරයානෙනි, මව් කුසක උපදින සේක්වා.දෙවියන් සහිත ලොකයාව එතෙර කරමින් අම නිවන අවබෝධ කරන සේක්වා" ලෙස ආරාධනා කරන් ලදි.

එය පිලිගත් අප බෝසතුන් ඊට සුදුසු විශේෂිත වූ කාරනා 5ක් ගැන විලෝකන බැලීමක් සිදුකරයි. එය සියලු බුදුවරුන් වහන්සේලා මව් කුස පිලිසිද ගැනීමට පෙර එය බලයි. ඒ මිනිසුන සත්‍යය සොයන කාලයක් විය යුතුයි. බුද්ධිමත් මිනිසුන් සිටින කාලයක් විය යුතුයි. ඒ කාලය එකල පැමින තිබුනේය. එය කාලය බැලීමයි.

සියලුම බුදුවරුන් පහල වනුයේ ජම්බුද්ධීපයේය. සියලු පසේ බුදුවරුන් ද බෝසත් වරුන්ද පහල වනුයේද ජම්බුද්ධීපයේය. එය බුද්ධ විශයකි.එය දීපය බැලීමයි.

උපදින දේශය මධ්‍යය දේශයයි. ඒ හිමාල පර්වතයට පහල නැගෙන හිර ප්‍රදේශයේ සැවෙත් නුවර, බුද්ධගයාව, බරණැස වගේ ප්‍රදේශ අයත් වේ. එය දේශය බැලීමයි.

සියලුම බුදුවරුන් පහල වනුයේ කුල දෙකක පමනි. ඒ බ්‍රාහ්මන කුලයේ හෝ ක්ෂත්‍රිය කුලයේ පමනි. ඊට අදාල කුලයත් තිබෙන බව දක්නට ලැබුනි. එය කුලය බැලීමයි.

උත්පත්තිය සදහා සුදුසු මවක් සිටීදැයි බැලුවා. ඒ මවට ආයුෂ තිබිය යුත්තේ දරු කුස පිලිසිද ගත් පසු මාස 10 යි දවස් 7 පමනි. ඒක ධර්මතාවක්. මෙම මව ස්භාවයෙන්ම සිල්වත් මවකි.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
මවත් ඒ වනවිට මිනිස් ලොව ඉපදී ඇති බැවින් ඇසල පොහොය දිනයේ මෙලෙස මව් කුස පිලිසිද ගන්නා ලදි.

මහා මායා දේවිය ඇසල පොහොය දවසේ යහනාවේ නිදා සිටින විට විස්මිත සිහිනයක් දු‍ටුවා.

චාතුම් මහා රාජික දෙව්ලොව සිටින සතර වරම් දෙවිවරු දේව ආභරණ වලින සැරසී ඇවිත් බිසවුන් වහන්ස නිදා සිටි යහන හතර පැත්තෙන් අල්ලාගෙන ආකාසයෙන් ‍රැගෙන ගොස් හිමාලයේ රිදී පර්වතයක පසේ බුදුවරුන් වහන්සේලා විවේකීව වැඩ සිටින මංජුසක නැමති රුක්ෂය පාමුල යහන තිබ්බා. පසුව සතර වරම් දෙවිවරුන්ගේ බිසවුන් වහන්සේලා පැමින අනෝතප්ත විලට ගෙන ගොස් නහවා දිව්‍ය සලු වලින් සරසලා නැවත යහනාවේ හාන්සිකලේය. නැවත සතර වරම් දෙවිවරු පැමින යහනාව රත්තරම් පාට ගල් තලාවකට ‍රැගෙන ගොස් තැබුවා.

බිසවුන් වහන්සේ දකුනු ඇලයෙන් හානිසි වෙලා ඉන්නවා.ඈතින් සුදු ඇත් පැටියෙක් සිදු නෙලුමක් සොඩින් ගෙන තුන් වතාවක් බිසවුන් වහන්සේ වටා පැදකුනු කර දකුනු ඇලයෙන් කුසට ඇතුල් වුනෙය.

ඒ සමගම බිසවුන් වහන්සේට ඇහැරුනේය.

මෙලෙස තමා අපගේ බුදු පියානන් වහන්සේ මිනිස් ලොවට ආවේ.අප දැන්වත් උන්වහන්සේ ගැන විස්මිත මේ විස්තර, උන්වහන්සේගේ ඒ ධර්මය ගැන දැන ගත යුතුයි නේද? අප සරණ ගිය බුදු රජානන් වහන්සේ ගැන ඒ විස්මිත විස්තර දැන ගනිමු. එය අපගේ ශ්‍රද්ධාව වැඩිවීමට හේතු වේවි.

තෙරුවන් සරනයි..!

උපුටා ගැනීම: http://jiwitaya.blogspot.com.au/2011/12/blog-post_27.html

අදාළ:
'මම ලෝකයට අග්‍ර වෙමි' සිංහ නාදය

ලොව උතුම් ම බිරිය ඇය යි

සිල්වතුන්ට දෙවියෝ ද ආසිරි පතති 3