SomaHimi.org
 තෙරුවන.ඕර්ග්
 Threegems.org
 Vidarshana.org
 Jeevithaya.org
 Thinkup.today
මූණු පොත
Title Horizontal Line Shadow Title Horizontal Line
අලුත්   ලිපි   රූප   වීඩියෝ   භාගත   ඇමතුම්
අලුත්   ලිපි   රූප   වීඩියෝ   භාගත   ඇමතුම්
අප්‍රමාදය ආලෝකයේන් බබළයි 1

ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!

ගොඩකවෙල ශ්‍රී මහින්ද මහාවිහාර පරිවේනාධිපති කෝම්පිටියේ ශ්‍රී සුසීල හිමි

ප්‍රකාශනය: 2015-09-12 — අලුත් කිරීම: 2018-04-10

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස!

අප්පමාදෝ අමත පදං — පමාදෝ මච්චුනෝ පදං
අප්පමත්තා න මීයන්ති — යේ පමත්තා යථා මථා


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.

මිනිසාගේ ජීවිතය ඉතා වටිනා එකකි. එහි වටිනාකම රඳා පවතින්නේ අප්‍රමාදය මත ය. පමාවීම මළමිණියක් හා සමානය.

දිනක් සැවැත්නුවර ජේතවනාරාමයේදී එක්තරා බ්‍රාහ්මණයෙක් බුදුරජාණන් වහන්සේගෙන් අහනවා “ස්වාමීනී මොලොවටත් පරලොවටත් පිහිට වන එකම ධර්මයක් තිබේද?” කියලා. එහිදී බුදුරජාණන් වහන්සේ වදාළේ “අප්පමාදො ඛො බ්‍රාහ්මණ” ආදී වශයෙන් මිනිසාගේ දෙ ලොව යහපත ට එක ම ධර්මය අප්‍රමාදය බව පැහැදිලි කළ අයුරු අංගුත්තර නිකායේ අප්පමාද සූත්‍රයේ දක්නට ලැබේ.


“අප්‍රමාදය 1 — පූජ්‍ය පිටිගල ගුණරතන ස්වාමින් වහන්සේ.” වීඩියෝව නරඹන්න වීඩියෝවට ක්‍ලික්‍ කරන්න. සම්පුර්ණ වීඩියෝව මෙතන නරඹන්න >
මිනිසා ඇස්, කන් නාසාදී ඉන්ද්‍රියවලින් රස විඳ, විඳ සිටීම ප්‍රමාදය යි. ඒ අතර මුදල් සොය සොයා, භාණ්ඩ සොය සොයා ගොඩ ගසා ගැනීමට තරඟයක් දක්නට ලැබේ. මෙලෙස මේ මනුෂ්‍ය ආත්මය කන්න, අඳින්න, සෙවීමට පමණක්ම යොදා ගැනීම මෝඩකමකි. අවශ්‍ය වැදගත්ම දේට කාලය නොයොදා අනවශ්‍ය දේට කාලය වැඩිපුර යොදා ගැනීම බොහෝ දෙනාගේ පුරුද්දක් වී තිබේ. අවශ්‍ය කාරණයට, අවශ්‍ය වෙලාවට නොගොස් මුහුණ සෝදන්න, ආලේපන තවරන්න, ඇඳුම් තෝරන්න, සපත්තු පොලිෂ් කරන්න ආදී කටයුතුවලට අධිකව කාලය යෙදවීම ප්‍රමාදයකි.

එමගින් අරමුණට හෝ ඉලක්කයට යාමට හැකියාවක් නො ලැබේ. ප්‍රමාද වී සහභාගි වන සෑම දෙයක්ම අසාර්ථකය. වැදගත් දෙය අතපසු කර, නොවැදගත් දේ සඳහා කාලය යෙදවීම හොඳ පුරුද්දක් නොවේ.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
පරලොව ජීවිතයේ යහපත පිණිස, කෙලෙස් මල දුරු කිරීමට උත්සාහ කළ යුතුය. ඒ සඳහා අප්‍රමාදය අවශ්‍ය වේ. හැම සැපතකම මූලධර්මය අප්‍රමාදය යි. නිවන් දැකීමට අත්‍යවශ්‍ය ගුණයකි. දිව්‍ය, මනුස්ස භව දෙකේම පිරිහීමක් නැතිව නිවන් මඟට යා හැක්කේ අප්‍රමාදී අයට ය. ප්‍රමාදය මරණයට හේතු වන බව “පමාදෝ මච්චුනෝ පදං” යයි වදාළේ ඒ නිසාය.

මාගන්දියා විසින් සාමාවතී බිසව ඇතුළු පිරිස අමානුෂික පරිදි විනාශ කළාය. මාගන්දියා බුදුරදුන්ට ද වෛර කළා ය. ඒ නිසා නිතර බුදුන් වඳින්න, බණ අහන්න ගිය සාමාවතී ඇතුළු පිරිස ගිනිබත් කොට විනාශ කරනු ලැබුවාය. බුදුරජාණන් වහන්සේ වදාළේ මාගන්දියා ප්‍රමාද වූ බවයි. සාමාවතී ඇතුළු පිරිස අප්‍රමාදීව කටයුතු කළ නිසා පරලොව ද යහපත් කර ගත් බව වදාළහ. මේ නිසා මිනිසා පටු අරමුණු සඳහා වෛර කරමින්, පලි ගැනීමට මාන බලමින් සිටීම, කල් මැරීම ප්‍රමාදයකි. ඔවුනට නිවන් මඟ ඉතාම දුෂ්කර ය.

පරමාර්ථයක් නැති අයට ද ඉලක්කයක් නැත. ජීවිතේම සොයනවා පමණකි. කළ දෙයක් නැත. ළමයි රට පුරාම පුද්ගලික පන්තිවලට යති. ඔවුහු මහමඟට අධික ලෙස කාලය වැය කරති. ඉන්පසු සමහරු විභාගය ද අවසානයේ අසමත් වී දුක් වෙති. සමහරු මුළු ජීවිතේම ගෙවල් තනති. ජීවිතේ විඳීමක් නැත. ඉදිකිරීම්, වැවීම්, ගොඩගැසීම් සඳහා මුළු දිවියම වැය කරති.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
පිනකට, දහමකට යොමු වීමකට හෝ තම දරුවන් සමඟ සතුටුවීමට ඔවුන්ට වෙලාවක් නැත. නගරයට ගිය මිනිසා නගරයේ ලතැවෙයි. නගරයේ කඩයක ඇති රූපවාහිනියක ක්‍රිකට් තරගයක් තිබුණහොත් තමන් පැමිණියේ කුමකටදැ යි සියල්ල අමතක වී ඒ දෙස බලා සිටී. ගෙදර දොර අවශ්‍යතා හා එදිනට නියමිත වැඩ සියල්ල අමතකය. මේ ප්‍රමාද වන හැටිය. ඒ ප්‍රමාදය පිටුපස ඇත්තේ පිරිහීම ය.

මේ නිසා බුදුරජාණන් වහන්සේ වදාළේ “අප්පමාදෝ අමත පදං” යනුවෙන්. අප්‍රමාදය අමෘතයක් බඳුවූ නිවනට හේතු වන බවයි. සුසිරිත්වලට, කුශලයට පමා නොවිය යුතුය. මෙ ලොව දියුණුව සඳහා උත්සාහය, කැපවීම, අවංක බව ආදිය අවශ්‍යය ය. මෙම ගති ලක්‍ෂණ ඇති පුද්ගලයා මෙලොව ජීවිතය ජය ගනී.

“සබ්බා තා කූටංගමා කූට නින්නා සමෝ සරණා” “වහලක මුදුන හෙවත් කැණිමඬල කුඩා ලී කැබැල්ලකින් මුළු වහලයම දරා සිටී.” එබඳු පරිදි සම්මා දිට්ඨි ආදී සියලු ධර්මවල මූලික දහම අප්‍රමාදය යි.

“බබ්බ ජලායකෝ බබ්බජං ලායිත්වා”

තණකොළ කපන අයෙක් තණකොළ එක් මිටක් අතට ගන්නා සේ සියලු කුසල් එක් මිටියකට ගන්නේ අප්‍රමාදයෙනි.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
“අම්බ පිණ්ඩියා වට්ඨච්ඡින්නාය” අඹ ඉත්තක සියලු අඹ ගෙඩි රැඳී සිටින නටුව මෙන් සියල්ල රැඳී ඇත්තේ අප්‍රමාදය තුළිනි. සියලු කුසල් ඒ තුළ තිබේ.

“යේ කේචි කුඩ්ඩරාජානෝ සබ්බේ තේ රඤ්ඤෝ චක්කවත්තිස්ස අනුයුත්තා භවන්ති”

කොපමණ කුඩා රජවරු සිටියත් ඔවුන් චක්‍රවර්ති රජුට යටත් ය. අප්‍රමාදය සියලු කුසල්වලට යටත් ය.

අහසේ තරු දහසක් තිබුණ ද එක් පුන් සඳ බබළයි. දානාදී සියලු පින්කම් අතර අප්‍රමාදය ආලෝකයෙන් බබළයි.

මෙම උපමා දේශන තුළින් අපට පැහැදිලි වන්නේ මිනිසාගේ උභයාර්ථයම සලසන මූලික දහම අප්‍රමාදය බවයි.

ඔබ සැමට තෙරුවන් සරණයි!

අදාළ:
අප්‍රමාදය 2 — පූජ්‍ය දික්වැල්ලේ උපතිස්ස ස්වාමින් වහන්සේ [වීඩියෝ]

සාදු! Sadu (Sadhu)! [Pictures — External >>]

සැදැහැයෙන් ක්‍රියා කරමු 1

පව් — පින් 1

ජීවිතාලෝකය 1
 
සෑම සුවඳකටම වඩා උතුම් සුවඳ 1

ආලෝකයෙන් ආලෝකයට 1

සිත පාලනය 1

දහමෙහි හැසිරීමෙන් සමාජ යහපත 1

නොපමා දනන් හට ප්‍රඥා වැඩෙයි හැම විට 1
 
සසර කතරේ අතරමං නොවන්නට 1

අරි අටගි මග 1

අපමණ පුද ලද බුදු හිමි ගුණ කඳ 1

සියලු බුදුවරුන්ගේ අනුශාසනාව 1

අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා 1