SomaHimi.org
 තෙරුවන.ඕර්ග්
 Threegems.org
 Vidarshana.org
 Jeevithaya.org
 Thinkup.today
මූණු පොත
Title Horizontal Line Shadow Title Horizontal Line
අලුත්   ලිපි   රූප   වීඩියෝ   භාගත   ඇමතුම්
අලුත්   ලිපි   රූප   වීඩියෝ   භාගත   ඇමතුම්
සප්ත ආර්ය ධනය 1

ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!

ඌරුගමුවේ අස්සජී හිමි

ප්‍රකාශනය: 2015-01-06 — අලුත් කිරීම: 2018-11-23 ඉතිහාසය

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස!

සද්ධා ධනං සීල ධනං
හිරිඔත්තප්පියං ධනං
සුත ධනං ච චාගො ච
පඤ්ඤා මෙ සත්තමං ධනං

යස්ස එතෙ ධනා අත්ථි — ඉත්ථියා පුරිසස්ස ච
අදලිද්දොති තං ආහු — අමොසං තස්ස ජීවිතං


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.

මා මාතෘකා කරගත් ඉහත ගාථා දෙක සඳහන්ව තිබෙන්නේ සංඛිත්ත ධන සූත්‍රයෙහිය. එහි සරල අර්ථය නම් ‘සද්ධාව, සීලය, ලජ්ජාව, භය, ශ්‍රැතිය, පරිත්‍යාගය, ප්‍රඥාව යන මේවා සප්ත ආර්ය ධනය නම් වේ. මෙම ධන සම්පත්තීන් කිසියම් ස්ත්‍රියක් තුළ හෝ පුරුෂයෙක් තුළ පිහිටා තිබෙත් ද, ඔවුහු දිළින්දෝ නො වෙති. ඔවුන්ගේ ජීවිත හිස් ජීවිත නො වෙති’ යනුයි.

ධනය යන වචනය ඇසූ සැණින්ම අප මතකයට නැගෙනුයේ මිල මුදල්, ගේ දොර වතුපිටි, යාන වාහන ආදී දේ පිළිබඳව යි. එහෙත් ඉහත සඳහන් සප්ත ආර්ය ධනයට එම කිසිවක් ඇතුළත් නො වේ. එය ලෝකෝත්තර ධනය යි. මිල මුදල් යනාදිය ලෞකික ධනය යි. මෙම ලෞකික ධනය ඉතා සුලු වේලාවක් තුළ විනාශ වී යා හැකිය.

ගින්නෙන්, ජලයෙන් සොර සතුරන් අතට පත්වීමෙන් හෝ රාජසන්තක වීමෙන් යනාදී වශයෙන් එකී විනාශයට ඇති අවස්ථා බොහෝ ය. උදාහරණයක් ලෙස සුනාමි වැනි විපත්තින් හිදී විනාශයට පත් වී ගියේ මිනිසුන් ජීවිත කාලය පුරාවට ම රැස් කරගත් ලෞකික ධනයයි. එහෙත් ඉහත මාතෘකාවේ දැක්වූ ලෝකෝත්තර ධනය එවැනි ක්‍රම කිසිවකින් විනාශයට පත් කළ නොහැකිය.


“ශ්‍රද්ධා බලය 1 — පූජ්‍ය තල්ගමුවේ සුධීරනන්ද නායක ස්වාමින් වහන්සේ.” වීඩියෝව නරඹන්න වීඩියෝවට ක්‍ලික්‍ කරන්න. සම්පුර්ණ වීඩියෝව මෙතන නරඹන්න >
එසේ බැලූ කළ අප කෙතෙක් ආශාවෙන් රැස් කළ ද ලෞකික ධනය තාවකාලික දෙයක් බවත්, ලෝකෝත්තර ධනය තාවකාලික නොවන නිවන දක්වාම අඛණ්ඩව ගමන් කරන ස්ථිර ධනයක් බවත් අප වටහා ගත යුතු ය. දැන් ඒ එකින්එක පිළිබඳ කෙටියෙන් විමසා බලමු.

සද්ධාව

මෙය බෞද්ධ ජීවිතයේ පදනමයි. පුහුදුන් අප සිත් තුළ පවත්නේ ලෞකික සද්ධාවයි. සෝවාන් ආදී මාර්ගඵලලාභී උතුමන් තුළ පවත්නේ ලෝකෝත්තර සද්ධාවයි. ලෞකික වූ අපේ සද්ධාව “ඵල” සද්ධාව ලෙසත් දැක්වේ. ඵල යනු සෙලවීමයි. එනම් අප පුහුදුන් පුද්ගලයන් ගේ සද්ධාව විටෙක ඉතා ඉහළ මට්ටමක ද විටෙක මධ්‍යස්ථව ද, විටෙක ඉතා අඩුවෙන් ද පිහිටා තිබීමට අවකාශය තිබීම යි. එහෙත් ලෝකෝත්තර සද්ධාව අචල සද්ධාවකි. එය කිසිදාක නොසෙල් වී පවතියි. තෙරුවන් කෙරෙහි සිතෙහි ඇති කරගනු ලබන පැහැදීම ශ්‍රද්ධාව ලෙස කෙටියෙන් අර්ථ දැක්විය හැකියි.

සීලය


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
කය වචනය දෙක සංවර කර ගැනීම සීලය ලෙස හඳුන්වා දිය හැකියි. ගිහි බෞද්ධයාගේ නිත්‍ය සීලය පංච සීලය යි. විශේෂ අවස්ථාවන් හිදී සමාදන් වන ඊට ඉහළ අධි සීලයන් පවතියි. පංච සීලයට වඩා අෂ්ටාංග සීලය ද ඊටත් වඩා දස සීලයද ක්‍රමයෙන් අධිසීල බවට පත්වේ. මෙම ක්‍රමයෙන් බැලූ කළ මේ සියල්ලටම වඩා අධිසීල බවට පත්වන්නේ භික්ෂු උපසම්පදා සීලය යි. එනම් චතුපාරිසුද්ධ සීලය යි. එහෙත් සප්ත ආර්ය ධනයෙහි දක්වා ඇත්තේ පංචසීලය ආදී ගිහි සැදැහවතුන් අනුගමනය කළ යුතු සීල ප්‍රතිපදාවන් පිළිබඳවයි.

හිරි

හිරි යනු ලජ්ජාවයි. මෙය දේව ධර්මයක් ලෙසද දැක්වෙයි. ලජ්ජාව යනුවෙන් මෙහි අදහස් කොට ඇත්තේ පවට ලජ්ජාවීම යි.

ඔත්තප්ප


“සීල දස්සන සම්පන්නං 1 — පූජ්‍ය කටුකුරුන්දේ ඥානානන්ද ස්වාමින් වහන්සේ.” වීඩියෝව නරඹන්න වීඩියෝවට ක්‍ලික්‍ කරන්න. සම්පුර්ණ වීඩියෝව මෙතන නරඹන්න >

දේව ධර්මයක් වන මෙමගින් අදහස් කොට ඇත්තේ භය යි. එනම් පවට බිය වීමයි. එයට කරුණු සතරක් ද පදනම් කරගත හැකිය.

1. අත්තානුවාද භය — “අකුසල් කළහොත් තම සිත තමාටම දොස් නගන්නේ ය” යන බියෙන් තුරන් වීම.

2. පරානුවාද භය — “අන්‍යයන්ගෙන් තමාට චෝදනා ලැබෙන්නේ ය” යන බියෙන් ඉන් තුරන්වීම.

3. දණ්ඩ භය — දඬුවමට බියෙන් ඉන් තුරන්වීම

4. දුග්ගති භය — දුගතියට බියෙන් ඉන් තුරන්වීම

සුත ධනය

“ශ්‍රැතිය ශ්‍රවණය කිරීමයි සුස්සුතා ලභතෙ පඤ්ඤං” යන පාඨයට අනුව ප්‍රඥාව දියුණු වන්නේ වැඩිපුර දේ ශ්‍රවණය කළ විටයි. පුරාතන අපගේ අධ්‍යාපන මාධ්‍යය වූයේ ද ශ්‍රැතිය යි. එමගින් බිහිවූවෝ බහුශ්‍රැතයෝ නම් වූහ.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.

චාග ධනය

තමා සන්තකව තිබෙන දෙයක් පරිත්‍යාග චේතනාවෙන් යුක්තව අන්‍යයන්ට දීමේ දී සිතේ ඇතිවන්නේ චාග චේතනාවයි. දන්දීම යනු එය යි.

ප්‍රඥා‍්‍ර

මෙමගින් අදහස් කරනුයේ විදර්ශනා ඤාණය දියුණු කරවා ගැනීමේ ක්‍රියා මාර්ගය යි. සසර දුක් ක්‍ෂය කිරීමෙන් නිවන් ලැබිය හැකිවන්නේ විදර්ශනා ඤාණය කෙමෙන් කෙමෙන් ප්‍රගුණ කර ගැනීමෙනි. එබැවින් නුවණ දියුණු කරවීම ද සප්ත ආර්ය ධනයෙහ් එක් කොටසකි.

මෙසේ මෙම සප්ත ආර්ය ධනයෙහි යුක්ත වූ යමෙක් වෙත්නම් එම ජීවිත කිසිදා හිස් ජීවිත නොවෙයි. ලෝකෝත්තර වශයෙන් ඔවුහු දිළින්දෝ ද නොවෙති. එබැවින් මෙම සප්තාර්ය ධනය එදිනෙදා ජීවිතයට එක්කරගෙන මෙලොව — පරලොව උභයාර්ථ සංසිද්ධිය සලස්වා ගැනීමට සැවොම උත්සුක විය යුත්තාහුය.

ඔබ සැමට තෙරුවන් සරණයි!

උපුටා ගැනීම: http://www.lakehouse.lk/budusarana/

අදාළ:
සප්ත ආර්ය ධනය 1 — පූජ්‍ය බොරැල්ලේ අතුල ස්වාමින් වහන්සේ [වීඩියෝ]

Anguttara Nikaya 7.6: Dhana Sutta: Treasure 1 [Thripitaka — External >>]

සාදු! Sadhu! [Pictures — External >>]

සැදැහැයෙන් ක්‍රියා කරමු 1

පව් — පින් 1
 
දානයෙහි අනුසස් 1

තිදොර සංවරය 1

දෙලොව දියුණුව 1

සෝතාපත්ති අංග සිහිකරමු (යෝනිසෝ මනසිකාරය)… 1

නිවන් මඟ ආලෝකමත් කරන මහා විතර්කයෝ 1
 
නිසල සිත ගෙනෙයි සෙත 1

ප්‍රඥාවයි — කරුණාවයි 1

අපමණ පුද ලද බුදු හිමි ගුණ කඳ 1

සියලු බුදුවරුන්ගේ අනුශාසනාව 1

අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා 1