SomaHimi.org
 තෙරුවන.ඕර්ග්
 Threegems.org
 Vidarshana.org
 Jeevithaya.org
 Thinkup.today
මූණු පොත
Title Horizontal Line Shadow Title Horizontal Line
අලුත්   ලිපි   රූප   වීඩියෝ   භාගත   ඇමතුම්
අලුත්   ලිපි   රූප   වීඩියෝ   භාගත   ඇමතුම්
දාන පාරමිතාව 1

ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!

පූජ්‍ය නාරද හිමි

ප්‍රකාශනය: 2015-01-12

Download “දාන පාරමිතාව 1”PDF File (1.02MB) >

Download “දාන පාරමිතාව 1”Pictures ZIP File (7.60MB) >


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.

දාන පාරමිතාව කොටස් වශයෙන් බෙදෙන හැටිද, බෝසතුන් දාන පාරමිතාව පිරූ හැටිද මේ ලිපියෙන් විස්තර වේ.

දාන පාරමිතාවගේ ලක්ෂණාදීහු කවරහ යත්? දානපාරමිතා තොමෝ (1) පරිත්‍යාග කිරීම ලක්ෂණ කොට හෙවත් සාමාන්‍ය ස්වභාව කොට ඇත්තීය. (2) දිය යතු වස්තුවෙහි ලෝභය දුරු කිරීම රස කොට හෙවත් කෘත්‍ය කොට ඇත්තීය. (3) වස්තුවෙහි නොඇලීම පච්චුපට්ඨාන කොට හෙවත් වැටැහෙන ආකාරය කොට ඇත්තීය. නොහොත් භවසම්පත් නිවන් සම්පත් පච්චුපට්ඨාන කොට හෙවත් ඵලය කොට ඇත්තීය. (4) පරිත්‍යාග කට යුතු වස්තුව පදට්ඨාන කොට හෙවත් ආසන්න කාරණය (ළංවම තිබිය යුතු හේතුව) කොට ඇත්තීය.

අප බෝසතුන් සසර වසන කල මෙකී දාන පාරමිතාව කෙසේ පුරන ලදද කිව හොත්: උන් වහන්සේගෙන් දන් නොලැබූ කෙනෙකුන් තුන් ලෙව්හිම සොයාගැනීම පවා දුර්ලභයයි කිව හැකිය. තවද: උන් වහන්සේගේ දාන පාරමිතාව පිළිබඳව ජිනාලංකාරයේ මෙසේ වර්ණනා කර තිබේ:


“පාරමිතා බල (Sinhala Song).” වීඩියෝව නරඹන්න වීඩියෝවට ක්‍ලික්‍ කරන්න. සම්පුර්ණ වීඩියෝව මෙතන නරඹන්න >>

“සෝ සාගරේ ජලධිකං රුධිරං අදාසි
භූමි පරාජිය සමංසමදාසි දානං
මේරුප්පමාණ මධිකංච සමෝලි සීසං
ඛේ තාරකාධිකතරං නයනං අදාසි.”

සාගරයෙහි ජලයට වඩා උන් වහන්සේ ලේ දන් දුන් සේක; පොළෝ පස් පරදවා ඇඟ මස් සහිත දන් දුන් සේක; මේරූ පර්වතයට වඩා උස් පමණට ඔටුනු සහිත හිස් දන් දුන් සේක; අහස්හි තරුවලට වඩා ඇස් දන් දුන් සේක.

බෝධිසත්ත්වයෝ වූකලි නිරන්තරයෙන් ම දානයෙහි නිරත වූවාහු වෙති; දීමට නිතොරම කැමැති වෙති; ඉල්ලීමට බොහෝ විට මැළි වෙති. වහන් සඟළක් හා පර්ණිච්ඡත්‍රයක් වුවමනා වී දොළොස් වසක්ම එය ස්වකීය දායක වූ රජු හට නොකී බව බ්‍රහ්මදත්ත ජාතකයේ සඳහන් වේ. එසේම යමක් දී මූඪයන් මෙන් ඊට ප්‍රත්‍යුපකාර බලාපොරොත්තු නොවෙති. යමක් තිබියදී කිසිවිටෙකත් නැතැයි නොකියති. යමකුට යමක් වුවමනායයි දැනගත හොත් නොඉල්වන ලදුවම එය සතුටින් දීමට සැරැසෙති. ඉල්ලූ විට කියනුම කවරේද?


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
එසේ වුවද කිසිවක් හට පීඩා වන අටියෙන් දන් දීමට කැමැති නොවෙති. එමෙන්ම අවැඩට හේතු වූ යමක් නිරවශේෂයෙන් නුවණින් තොරව නොදෙති. දීම හොඳ වුවත් උණ රෝගියකුට බත් දීම පාරමියක් නොවේ. මුදල් ලැබුව හොත් මත්පානය කරන්නේයයි සිතිය හමැකි අයකුට මුදල් දීම කරුණෝපාය කෞශල්‍යයෙන් පරිගෘහිත වූ (අරක්ගත්) දාන පාරමියක් නොවේ. දෙන දෑද පහන් සිතින් පි‍්‍රය වචනයෙන් යුක්තව බුදු බව හැර අන් කිසි ඵලයක් නොපතා ගෞරවයෙන් දෙති.

බෝධිසත්ත්වයෝ වනාහි බාහිර වස්තු දීමෙන් තෘප්තියට නොපැමිණ සිය අඟපසඟ වුවත්, සිය දිවි වුවත් පිදීමට කැමැති වෙති. වෙසතුරු අත්බව්හිදී අට අවුරුදු වයසැති බෝසත් ළදරුවා මෙසේ සිතීල.

“අහං බාහිර දානමේව දේමි, තං මං න පරිතෝසේති. අජ්ඣත්තික දානං දාතු කාමෝම්හි. සචේ මං කෝටි හදයං යාචෙය්‍ය උරං භින්දිත්වා හදයං නීහරිත්වා දදෙය්‍යං සචේ අක්ඛීනි යාචෙය්‍ය අක්ඛීනි උප්ඵාටෙත්වා දදෙය්‍යං සචේ සරීර මංසං යාචෙය්‍ය සකල සරීරතෝ මංසං ඡෙත්වා දදෙය්‍යන්ති.”


“දස පාරමිතා ධර්ම 1 — පුජ්‍ය මාකොළ නන්ද ස්වාමීන් වහන්සේ.” වීඩියෝව නරඹන්න වීඩියෝවට ක්‍ලික්‍ කරන්න. සම්පුර්ණ වීඩියෝව මෙතන නරඹන්න >
“මම ශරීරයෙන් පිටත්හි වූ බාහිර වස්තුම දන් දෙමි. එය මා සතුටු නොකැරේ. ශරීරයට අයත් අජ්ඣත්තික දානයක් දෙනු කැමැත්තෙමි. ඉදින් මගෙන් යමෙක් හෘදය ඉල්ලන්නේ නම් ළය පළා හදවත රැගෙන දෙන්නෙමි. ඉදින් ඇසි ඉල්ලන්නේ නම් ඇස් උපුටා දෙන්නෙමි. ඉදින් ඇඟ මස් ඉල්ලන්නේ සම් සකල ශරීරයෙන් මස් සිඳ දෙන්නෙමි” යනු එහි අර්ථයයි.

දාන තෙමේ දාන පාරමිතා, දාන උපපාරමිතා, දාන පරමාර්ථ පාරමිතා වශයෙන් ත්‍රිවිධ වේ.

තමන්ගේ සන්තානයෙහි පිටත් වූ පුතු භාර්යා ධන ආදි පණ ඇති වූද පණ නැති වූද වස්තූන් පිදීම දාන පාරමිතා නම් වේ. තමාගේ අඟපසඟ පිදීම දාන උපපාරමි නම් වේ. සිය දිවි පිදීම දාන පරමාර්ථ පාරමී නම් වේ. මේ චරියා පිටකට්ඨ කථා නය වේ. ජාතකට්ඨකථාවෙහි මීට විපර්ය්‍යස්තව පාරමී උප පාරමී ද්වය දක්වා තිබේ. සිය අඟ — පසඟ පිදීමට වඩා පුත්‍රදාරාවන් පිදීම, දුෂ්කර වන හෙයින් එසේ දක්වා තිබේයයි සිතිය හැකිය.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
පුත්‍ර භාර්යා ධන ආදිය පිදීම දාන පාරමී නම් වේ. මහා සුදස්සන, ශංඛ බ්‍රාහ්මණ, අකිත්ති, නිමි, කුම්මාසදණ්ඩ ජාතකාදීන්හි අප බෝසත් තෙමේ බොහෝ ධන වියදම් කොට මහ දන් දින, වෙසතුරු අත්බව්හි දූදරුවන් හා භාර්යාවන් දන් දින, ජාලිය හා කණ්හාජිනා නමැති ස්වකීය පි‍්‍රය ළදරුවන් බමුණු හට දන් දුන්නේ වී නමුදු පුත්‍ර ප්‍රේමය කොපමණ බලවත්දැයි කිව හොත් කඩුව රැගෙන බමුණා මරා දරුවන් ගෙන ඒමට සිතී. එහෙත් උපේක්ෂා වඩා නැවැත සිත පහදවාගත. ඒ අත්බව්හිම බමුණු වෙස් ගත් ශක්‍රයාට මද්දී දේවී නම් වූ පි‍්‍රය බිරින්දෑද සොම්නස් සිතින් දන් දී දාන පාරමිතාව මස්තකප්‍රාප්ත කරගත්තේය.

අත් පා ඇස් ආදි ස්වකීය ශරීරාවයව වුවමනා ජනයන්ට පිදීම දාන උපපාරමී නමි. සිවි ජාතකය ඊට නිදර්ශනයකි. මේ අත්බව්හි අප බෝසත්හුගේ දානාධ්‍යාශය කොපමණ බලවත්ව පැවැත්තේද කිව හොත්: උන් වහන්සේ ස්වකීය ඇස් උපුටා දන් දුන් සේක.


“සුමනා සූත්‍රය 1 — අතිපූජ්‍ය නාඋයනේ අරියධම්ම ස්වාමින් වහන්සේ.” වීඩියෝව නරඹන්න වීඩියෝවට ක්‍ලික්‍ කරන්න. සම්පුර්ණ වීඩියෝව මෙතන නරඹන්න >
ස්වකීය ජීවිතය පිදීම දාන පරමාර්ථ පාරමී නම් වේ. බණ පදයක් අසනු පිණිස අප බෝසතාණන් සිය දිවි පුදන්නට සැරසුණු බව දහම්සොඬ කථායෙන් පෙනේ. ව්‍යාඝී‍්‍ර ජාතකයෙහිද අප බෝසතාණන් දුකට පත් වූ කොටිදෙනක හා සාගින්නෙන් පෙළෙන පැටවුන් තිදෙනකු නිසා ප්‍රපාතයකින් වැටී සිය දිවි පිදූ බව සඳහන් වේ.

සස ජාතකයෙන්ද බෝසතුන්ගේ පරමාර්ථ පාරමිතාව මොනවට අවබෝධ වේ.

පෙර එක් කලෙක අප බෝසතාණෝ සස (හා) යෝනියෙහි ඉපිද වඳුරෙක, සිවලෙක, මස්කාවෙක යන යහළුවන් තිදෙනකුන් සමඟ වනයෙහි වූසූහ. මොහු සතර දෙන තැනින් තැන ගොස් ගොදුරු සොයමින් කා දස දවසකට වරක් එක තැනකට පැමිණ මිහිරි කථා කෙරෙති. සාවාණෝ “දන් දෙව, සිල් රකුව, පෙහෙවස් වස” යි නිතොරම අවවාද කෙරෙති. දිනක් සාවාණෝ පුන්සඳ දැක සෙට පොහො දින යයි දැන “හෙට පොහො දින හෙයින් සිල් රකුව, සිල්වත්ව සිට දුන් දනෙහි විපාක මහත. එහෙයින් තමා සමීපයට පැමිණි යමෙක් ඇත් නම් තමන් ලත් අහරින් යමක් දෙව” යි අවවාද කළහ.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න. මෙවැනි වගු මෙතැනින් ලබා ගත හැක >>
යහළුවෝ තිදෙනද එම ඔවා පිළිගෙන අහර පිණිස යමක් සපයාගෙන පොහෝ දින සිල් ඉටාගෙන උන්හ. සාවාණෝත් හී තණ ස්වල්පයක් සපයා සිල් මෙනෙහි කෙරෙමින් හුන්නාහු “ඉඳින් අද මා සමීපයට යාචකයකු පැමිණිය හොත් ඇඟ මස් ඔවුන්ට දන් දෙමි” ඉටාගත්හ. ඔහුගේ ශීල තෙජසින් ශක්‍රයාගේ පාණ්ඩුකම්බල ශෛලාසනය හුණු විය. මේ කිමෙක්දෝහෝයි සක්දෙව් තෙමේ බලන්නේ ඒ කාරණය දැක, බෝසතාණන් පරීක්ෂා කෙරෙමී සිතා බමුණු වෙස් ගෙන පළමුව මස්කාවා සමීපයට ගියේය.

“බමුණ, කුමක් නිසා පැමිණියේදැ?” යි මස්කාවා ඇසී.

”මිතුර, යන්තම් ආහාරයක් ලදින් නම් මමත් නුඹ වහන්සේ සේම පෙහෙවස් රකින්නෙමැ”යි කීය. එවිට මස්කාවා තමන් සපයාගත් රේමසුන් සත්දෙන දීමට කැමැති විය.

එහෙත් සක්දෙව් තෙමේ “දැන් උදෑසනය, පසුව එමි” කියා සිවලා සමීපයට ගියේය. සිවලාද තමා සොයාගත් කරවල මසුන් දෙන්නෙකු හා පැලහූ ගොයකු හා දී ගෙඩියක් දීමට කැමැති විය.

ඕ හටද හෙතෙමේ යට කී ලෙස කියා වඳුරා සමීපයට ගියේය. වඳුරාද තමන් ලත් මී අඹ ගෙඩිය පිදීමට කැමැති විය. එහෙත් සක්දෙව් යට කී පරිදි එයද පිළිකෙව් කොට, සාවාණන් සමීපයට එළඹ ආහාරයක් ඉල්වී.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න. මෙවැනි වගු මෙතැනින් ලබා ගත හැක >>
සිත් පරිදි දිවි පිදීමට ඉතා දුර්ලභ ප්‍රස්තාවක් ලත් සාවාණෝ මහත් සතුටට පැමිණ “බමුණ, අහර සොයා මා සමීපයට පැමිණි ගමන ඉතා යහපත. පෙර නුදුන් — විරූ දනක් අද මම තොපට දෙමි. තොපි දර කඩා රැස් කොට ගිනිගොඩක් මොළවා — පියා මට කියව. මම ගිනි මැදට පැමිණ මා දිවි තොපට පුදමි. මා ඇඟ මස් පැසී ගිය කල අනුභව කොටසිල් රකුවයි ඉත සිතින්” කීහ.

සක්දෙව් තෙමේද තමාගේ ආනුභාවයෙන් ගිනි ගොඩක් මොළවා — පියා සාවාණන් හට දැන්වීය.

සාවාණෝත් නහා පිරිසිදු වී, “හීන් වූ යම් සත්ත්ව කෙනෙක් ඇත්නම්” ඔවුහු නො මියෙත්වා! යි සිතා තුන්විටක් කිලිපොළා — පියා දිවි පුදන අටියෙන්ම කිසිම පැකිළීමක් නොමැතිව ගිනි මැදට පැන්නාහ. ශ්‍රක්‍රානුභාවයෙන් රෝම කූපයෙකුද නොදැවී.

තිරිසන් වුවත් දානයෙන් පරතෙරට පැමිණි සස පණ්ඩිතයන්ගේ ආශ්චර්යය දුටු සක්දෙව් රජ තෙමේ බෝසතාණන්ගේ ගුණ මහිමය නොමැකී මේ කප මුළුල්ලේ පවතීවායි සඳ මඬලෙහි සස ලපය ඇන්දේය.

අප බෝසතාණන්ගේ දාන පරමාර්ථ පාරමිය මේ ජාතකයෙහි මුදුන්පත් විය. එහෙයින්ම ලොවුතුරා බුද්ධත්වයට පැමිණ මෙසේ වදාරන ලදි:

“භික්ඛාය උපගතං දිස්වා
සකත්තානං පරිච්චජිං
දානේන මේ සමෝ නත්ථි
ඒසා මේ දාන පාරමි.”


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.

භික්ෂා පිණිස සමීපයට එළඹි බමුණන් දැක ස්වකීය ජීවිතය පරිත්‍යාග කළෙමි. දානයෙන් මට සම වූවෙක් නැත. මෝ තොමෝ මාගේ දාන පාරමී නමි.

Download “දාන පාරමිතාව 1”PDF File (1.02MB) >

Download “දාන පාරමිතාව 1”Pictures ZIP File (7.60MB) >

ඔබ සැමට තෙරුවන් සරණයි!

උපුටා ගැනීම: http://www.namaskara.lk/?sid=article&dt=2014/11&id=2014/11/npg79_0

උපුටා ගැනීම: http://www.ariyamagga.org/buddhist-books/charts-pdf-books/

උපුටා ගැනීම: http://www.ariyamagga.org/wp-content/ariyamagga%20content/Charts/

උපුටා ගැනීම: http://TheBuddhism.lk

අදාළ:
දාන පරමත්ත පාරමිතාව 1 — අතිපූජ්‍ය නාඋයනේ අරියධම්ම ස්වාමින් වහන්සේ [වීඩියෝ]

දස පෙරුම් දම් 1

දස පෙරුම් දම් 2

ශීල පාරමිතාව 1

සුභ උදෑසනක් වේවා! Wish You A Good Morning! [Pictures — External >>]
 
තෙරුවන් ගුණ හඳුනා ගනිමු 1

බෝධිපූජාවෙන් නියම අනුසස් ලැබීමට නම්... 1

දානයෙහි අනුසස් 1

ජීවිතාලෝකය 1

අපමණ පුද ලද බුදු හිමි ගුණ කඳ 1
 
අටවිසි බුදුරජාණන් වහන්සේලා ගැන දැන ගනිමු...

තුන්ලෝ තතු ලෙස දත් ලෝකවිදූ බුදුගුණය 1

බුදු ගුණ අනන්ත යි! 1

සියලු බුදුවරුන්ගේ අනුශාසනාව 1

අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා 1