SomaHimi.org
 තෙරුවන.ඕර්ග්
 Threegems.org
 Vidarshana.org
 Jeevithaya.org
 Thinkup.today
මූණු පොත
Title Horizontal Line Shadow Title Horizontal Line
අලුත්   ලිපි   රූප   වීඩියෝ   භාගත   ඇමතුම්
අලුත්   ලිපි   රූප   වීඩියෝ   භාගත   ඇමතුම්
බුදු ගුණ අනන්ත යි! 1

ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!

Dhamma Medicine

ප්‍රකාශනය: 2014-05-25


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.

01. සෝ භගවා ඉතිපි අකම්පිතෝ :— කිසිවකට ත් කම්පා නො වන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අකම්පිත’ වන සේක.

02. සෝ භගවා ඉතිපි අකංඛෝ :— සැකයෙන් තොර වූ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අකංඛ’ වන සේක.

03. සෝ භගවා ඉතිපි අකප්පියෝ :— තෘෂ්ණා සංකල්පනාවන් නො කරන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අකප්පිය’ වන සේක.

04. සෝ භගවා ඉතිපි අකතඤ්ඤූ :— කිසිවකින් සකස් නො කළ අකත නම් වූ නිර්වාණය දැන ගත් හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අකතඤ්ඤූ’ වන සේක.

05. සෝ භගවා ඉතිපි අකථංකථී :— කෙසේ ද, කෙසේ ද, යනුවෙන් ඇතිවෙන විමති නො මැති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අකථංකථී’ වන සේක.

06. සෝ භගවා ඉතිපි අකන්ටකෝ :— කෙලෙස් කටු දුරු කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අකන්ටක’ වන සේක.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
07. සෝ භගවා ඉතිපි අකාමකාමී :— කාමයන් නො පතන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අකාමකාමී’ වන සේක.

08. සෝ භගවා ඉතිපි අකාචෝ :— කෙළෙස් පටල නැති හෙයින් ද, නුසුදුසු කර්ම නො කරන හෙයින් ද ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අකාච’ වන සේක.

09. සෝ භගවා ඉතිපි අකිරියවාදී :— ළාමක වූ පාපී අකුසල් නො කිරීමට දහම් දෙසනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අකිරියවාදී’ වන සේක.

10. සෝ භගවා ඉතිපි අකිඤ්චනෝ :— කිඤ්චන නම් වූ රාග, ද්වේශ, මෝහ දුරු කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අකිඤ්චන’ වන සේක.

11. සෝ භගවා ඉතිපි අකුතෝභයෝ :— කිසි තැනක බියක් නැති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අකුතෝභය’ වන සේක.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
12. සෝ භගවා ඉතිපි අකුක්කුචෝ :— කුකුස් නො කරන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අකුක්කුච’ වන සේක.

13. සෝ භගවා ඉතිපි අකුහෝ :— කුහක කම් නැති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අකුහ’ වන සේක.

14. සෝ භගවා ඉතිපි අකුසීතවුත්තී :— කුසීත පැවතුම් නැති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අකුසීතවුත්තී’ වන සේක.

15. සෝ භගවා ඉතිපි අකේටුභිනෝ :— කෛරාටික ගති නොමැති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අකේටුභින’ වන සේක.

ඔබ සැමට තෙරුවන් සරණයි!

උපුටා ගැනීම: http://dhammamedicine.net/buduguna-ananthai-01/

අදාළ:
බුදු ගුණ අනන්ත යි! 2

බුදු රුව දැකීම Seeing the Lord Buddha 1 [Pictures — External >>]

ඔබ සැමට තෙරුවන් සරණයි! May The Triple Gem Bless You! [Pictures — External >>]

අපමණ පුද ලද බුදු හිමි ගුණ කඳ 1

තෙරුවන් ගුණ හඳුනා ගනිමු 1
 
‘මම ලෝකයට අග්‍ර වෙමි’ සිංහ නාදය 1

අරහාදී බුදු ගුණ 1

තුන්ලෝ තතු ලෙස දත් ලෝකවිදූ බුදුගුණය 1

නමාමි බුද්ධං! 1

බුදු හාමුදුරුවන් දවස ගෙවූ හැටි... 1
 
දස පෙරුම් දම් 1

අටවිසි බුදුරජාණන් වහන්සේලා ගැන දැන ගනිමු... 1

අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා 1

සියලු බුදුවරුන්ගේ අනුශාසනාව 1

විශ්මය දනවන කළුතර මහා සෑය 1