SomaHimi.org
 තෙරුවන.ඕර්ග්
 Threegems.org
 Vidarshana.org
 Jeevithaya.org
 Thinkup.today
මූණු පොත
Title Horizontal Line Shadow Title Horizontal Line
අලුත්   ලිපි   රූප   වීඩියෝ   භාගත   ඇමතුම්
අලුත්   ලිපි   රූප   වීඩියෝ   භාගත   ඇමතුම්
බුදු ගුණ අනන්ත යි! 4

ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!

Dhamma Medicine

ප්‍රකාශනය: 2014-05-29


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.

46. සෝ භගවා ඉතිපි අප්පටිබද්ධචිත්තෝ :— කිසිවකට නො බැඳුනු සිතක් ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අප්පටිබද්ධචිත්ත’ වන සේක.

47. සෝ භගවා ඉතිපි අප්පහීනෝ :— දුරු නො වන ගුණ ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අප්පහීන’ වන සේක.

48. සෝ භගවා ඉතිපි අපණ්ණකෝ :— අවිරුද්ධ පිළිවෙතෙහි පිහිටි හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අපණ්ණක’ වන සේක.

49. සෝ භගවා ඉතිපි අපගබ්භෝ :— නැවත මව් කුසක නො නිඳන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අපගබ්භ’ වන සේක.

50. සෝ භගවා ඉතිපි අපරිඩය්හමානෝ :— කෙළෙස් ගින්නෙන් නො දැවෙන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අපරිඩය්හමාන’ වන සේක.

51. සෝ භගවා ඉතිපි අපචයෝ :— සංසාරය නො වඩන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අපචය’ වන සේක.

52. සෝ භගවා ඉතිපි අපරිහානධම්මෝ :— කිසි දිනෙක නො පිරිහෙන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අපරිහානධම්ම’ වන සේක.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
53. සෝ භගවා ඉතිපි අපචයගාමී :— සසර නො වැඩෙන මගෙහි වඩිනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අපචයගාමී’ වන සේක.

54. සෝ භගවා ඉතිපි අපරාජිතෝ :— මරුට නො පැරදුණු හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අපරාජිත’ වන සේක.

55. සෝ භගවා ඉතිපි අපචිතෝ :— තිලොවෙන් ම පිදුම් ලද හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අපචිත’ වන සේක.

56. සෝ භගවා ඉතිපි අපරිමිතදස්සී :— අපරිමිත දෑ දකිනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අපරිමිතදස්සී’ වන සේක.

57. සෝ භගවා ඉතිපි අපරිත්තෝ :— අල්ප නො වූ ගුණ ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අපරිත්ත’ වන සේක.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
58. සෝ භගවා ඉතිපි අප්පටිඝෝ :— ගැටීම දුරු කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අප්පටිඝ’ වන සේක.

59. සෝ භගවා ඉතිපි අපළාසී :— අන් අයගේ ගුණ නො ගරහන හෙයින් හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අපළාසී’ වන සේක.

60. සෝ භගවා ඉතිපි අපළායි :— කිසි දිනෙක මර යුධයෙන් පලා නොයනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අපළායි’ වන සේක.

ඔබ සැමට තෙරුවන් සරණයි!

උපුටා ගැනීම: http://dhammamedicine.net/buduguna-ananthai-04/

අදාළ:
බුදු ගුණ වන්දනාව 1 — පූජ්‍ය පාතේගම සුමනරතන ස්වාමින් වහන්සේ [වීඩියෝ]

බුදු ගුණ අනන්ත යි! 3

බුදු ගුණ අනන්ත යි! 5

දුර්ලභ Rare 1 [Pictures — External >>]

ඔබ සැමට තෙරුවන් සරණින් සුභ දවසක් වේවා! Wish You All A Good Day! [Pictures — External >>]
 
රාජසිංහ රජු දවස ඉදිකළ අලූත්ගම කන්දේ විහාරය 1

අපමණ පුද ලද බුදු හිමි ගුණ කඳ 1

තෙරුවන් ගුණ හඳුනා ගනිමු 1

අටවිසි බුදුරජාණන් වහන්සේලා ගැන දැන ගනිමු... 1

‘මම ලෝකයට අග්‍ර වෙමි’ සිංහ නාදය 1
 
අරහාදී බුදු ගුණ 1

තුන්ලෝ තතු ලෙස දත් ලෝකවිදූ බුදුගුණය 1

නමාමි බුද්ධං! 1

අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා 1

සියලු බුදුවරුන්ගේ අනුශාසනාව 1