SomaHimi.org
 තෙරුවන.ඕර්ග්
 Threegems.org
 Vidarshana.org
 Jeevithaya.org
 Thinkup.today
මූණු පොත
Title Horizontal Line Shadow Title Horizontal Line
අලුත්   ලිපි   රූප   වීඩියෝ   භාගත   ඇමතුම්
අලුත්   ලිපි   රූප   වීඩියෝ   භාගත   ඇමතුම්
අරහාදී බුදු ගුණ 1

ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!

මංජු අබේසේකර

ප්‍රකාශනය: 2014-05-24 — අලුත් කිරීම: 2018-10-20

ඉතිපිසෝ භගවා... ආදී වසයෙන් බුදුගුණ ගාථාව කියා බුදුන් වැඳීම බොදුනුවන්ගේ සිරිතයි.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
මේ පාලියෙන් කියන්නෙ අරහාදී බුදගුණයි. ගාථාව පුරුද්දෙන් කිව්වත් එහි අරුත නොදන්න අයත් එමට ඇති. හෙල බසින් මේ ගාථාව කියන්න පුලුවනි නම් එහිත් වැදගත් කමෙකි. බුදුන්වහන්සේ දහම් දෙසූ බස මගධයයි (පාලි බස). එයින් බැහරව, ගාථා සූත්‍ර, පහසුව සහ පොදු දැනුම පිණිස, වෙනත් බාසා වෙත පරිවර්තනය කිරීමෙන් ඒ අනර්ඝ ඉපැරණි මගධය තවදුරටත් අමතකවී අපෙන් ඈත්වෙනු ඇතැයි සිතීමද සාධාරණය. මගධය රැක ගැනීම නිර්මල බොදු දහමේ අනාගත සුරැකුම් සාධකයකි. සියලු බොදුනුවන්ගේ යුතුකමෙකි.

මහ නෙත් පා මුළ වීදාගම මෛත්‍රිය මහා නායක හාමුදුරුවො රචිත බුදුගුණ අලංකාරයෙ ‘අරහාදී බුදගුණ’ පිලිබද කවි පංතියක් හෙලයෙන්ම ලියැවිලා. පහසුවෙන්ම කට පාඩමට ගත හැකි ඒ කවි කිහිපය උපුටා දක්වමි.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
පාලි ගාථාවන් හා සමගාමී ලෙස මෙම කව් භාවිත කරන්නේ නම් එහි අරුත් මනසට වඩාත් හොදින් ගෝචර වෙනු ඇතැයි සිතමි.

රහසත් පව් නොකො
කෙලෙසරයනුත් දුරු කො
නිසි වුයෙන් පුද
අරහ යැයි නම කියති මුනිඳු



තුන් කල්හිම පැවැ
පදරුත් සියල් ලොව ඇ
අතැඹුල සෙ දැනග
එයින් සම්මා සම්බුදුන යෙ
ති
ති
ති
ති

විද්දෑ නැණ අට
පසළොස් සරණ ගුණය
ඇතියෙන් එ මුනි ස
පිරුනු විජ්ජාචරණ නම් ල



යහපත් කොට ඇතැ
සුන්දර තැනට සැපත
සොඳුරු බස් පුව තැ
කියති එ මුනි රජුට සුගතැ
යි
යි
යි
යි

තුන් ලොව තතු ලෙස
දැනගෙන නොදත් මෙලොව
දෙසුයෙන් නිසි ලෙස
ලෝකවිදූ යැයි කියති මුනිදු



හැම ගුණයෙන් න
සම වැඩි සතෙකු ඇම
දියතෙහි නැති ස
අනුත්තර යයි කියති මුනි
ඳා
දා
ඳා
ඳා


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.

බඹ සුර යකුන් ත
දමනය කර තමන් ල
සෙත් දී මුනිදු ස
පුරිසදම්සාරථී නම් ල



බව කතරින් එතෙ
ලනුයෙන් සතන් ඇමව
තිලෝගුරු මුනිව
වීය සත්තා නමින් පුවත



සියුසස් සිය නැණි
දැන දැන්වීය කුළුණි
දුරලයි අනුවණි
බුදු නම් වීය ගුණ පමණි
න්
න්
න්
න්

බෙදුයෙන් දහම් ක
බජනය කාලෙන් ගුණ ක
බග දහමින් සස
බැවින් බගවත් වීය මුනි ස



ඔබ සැමට තෙරුවන් සරණයි!

උපුටා ගැනීම: /yanna/?thena=arahan1

අදාළ:
අරහන් බුදු ගුණය 1 — පුජ්‍ය උයන්වත්තේ ඤාණාලෝක නායක ස්වාමීන්වහන්සේ [වීඩියෝ]

අරහන් බුදු ගුණය Arahan Buddha Quality 1 [Pictures — External >>]

The Coming Lord Buddha - Ariya Metteyya 3 [Articles — External >>]

ඔබ සැමට තෙරුවන් සරණයි! May The Triple Gem Bless You! [Pictures — External >>]

අපමණ පුද ලද බුදු හිමි ගුණ කඳ 1
 
අටවිසි බුදුරජාණන් වහන්සේලා ගැන දැන ගනිමු... 1

‘මම ලෝකයට අග්‍ර වෙමි’ සිංහ නාදය 1

තුන්ලෝ තතු ලෙස දත් ලෝකවිදූ බුදුගුණය 1

බුදු ගුණ අනන්ත යි! 1

බුදුරජාණන් වහන්සේගේ ප්‍රාතිහාර්ය: අනුශාසනා ප්‍රාතිහාර්යය 1
 
දඹදිව උතුම් බුද්ධ භූමි වන්දනා කරමු 1

දස පෙරුම් දම් 1

දාන පාරමිතාව 1

සියලු බුදුවරුන්ගේ අනුශාසනාව 1

අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා 1