SomaHimi.org
 තෙරුවන.ඕර්ග්
 Threegems.org
 Vidarshana.org
 Jeevithaya.org
 Thinkup.today
මූණු පොත
Title Horizontal Line Shadow Title Horizontal Line
අලුත්   ලිපි   රූප   වීඩියෝ   භාගත   ඇමතුම්
අලුත්   ලිපි   රූප   වීඩියෝ   භාගත   ඇමතුම්
බුදුරජාණන් වහන්සේගේ ප්‍රාතිහාර්ය: සෘද්ධි ප්‍රාතිහාර්ය 1

ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!

ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථ කාය¸සාධක සමිතියේ විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය මහඋඩවෙල ඤාණරතන හිමි

ප්‍රකාශනය: 2015-02-24


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.

බුදුරජාණන් වහන්සේගේ සත්ථා ගුණය හැඳින්වීමේදී ප්‍රාතිහාය¸ය පිළිබඳවද හැඳුන්වා ඇත. මෙයද උන්වහන්සේගේ එක් විශේෂ ලක්ෂණයකි. ප්‍රාතිහාර්යය පිළිබඳ හඳුන්වා ඇති එක් අවස්ථාවක් නම් ම:නි.යේ කේවට්ට සූත්‍රයේ කේවට්ට ගෘහපතියාට ප්‍රාතිහාර්ය, ආදේශන ප්‍රාතිහාර්ය, අනුශාසන ප්‍රාතිහාර්ය යන ප්‍රතිහාය¸ය තුනයි.

බදුරජාණන් වහන්සේ නාලන්දාවෙහි පාවාරික අම්බවනයෙහි වැඩවෙසෙද්දී. කේවට්ට නම් ගෘහපතියෙක් උන්වහන්සේ වෙත එලඹ, භික්ෂූන් වන්සේලා ලවා සෘද්ධි ප්‍රතිහාය¸ය දක්වන ලෙස ඉල්ලීමක් කළේය. එවිට නාලන්ද වැස්සෝ බුදුරදුන් හා භික්ෂූන් කෙරෙහි වඩාත් පහදින ලෙසද පැහැදිලි කළේය. බුදුරදුන් එය තුන් වතාවක්ම ප්‍රතික්ෂේප කළේය. අනතුරුව ඉහත සඳහන් ප්‍රාතිහාර්ය තුන පිළිබඳවද විස්තර කොට අනුශාසනා ප්‍රතිහාය¸ය වඩාත් අගය කොට ඇත.


“දන්නෝ බුදුන්ගේ (Sinhala Song).” වීඩියෝව නරඹන්න වීඩියෝවට ක්‍ලික්‍ කරන්න. සම්පුර්ණ වීඩියෝව මෙතන නරඹන්න >>
සෘද්ධි ප්‍රතිහාය¸ය යනු ධ්‍යාන වඩා අභිඥා ලැබ එහි බලයෙන් එක්කෙනෙකු බොහෝ දෙනෙකුන් වීම, නොයෙක් වෙස් ගැනීම, නොයෙක් රූපයන් මැවීම, අහසින් ගමන් කිරීම පොළොවෙන් ජලයෙහි මෙන් කිමිදීම. පොළෙවෙහි මෙන් ජලයෙහි ඇවිදීම, ආදි බොහේ දේ කිරීමයි.

ආදේශන ප්‍රාතාහාය¸ය යනු අන් අය සිතන දෑ කල්පනා කළ දෑ ප්‍රකාශ කිරීම, පරසිත් දන්නා නුවණින් අන්‍යයන්ගේ සියලු තොරතුරු ප්‍රකාශ කිරීමයි. මෙයද බුදුරදුන් බැහැර කොට ඇත්තේ “මණිකා” නම් විද්‍යාවක් ඇති බවත් භික්ෂූන් වහන්සේලා අන්‍යයන්ගේ සිත් තුල ඇති දෑ ප්‍රකාශ කිරීමෙන් උන්වහන්සේලාද “මණිකා” විද්‍යාව ඉගෙන එකසේ ප්‍රකාශ කරන බව අන්‍ය ජනයා කියනු ඇතැයි එය ප්‍රතික්ෂේප කොට ඇත. බුදුදහමද එයින් හෑල්ලුවට පත්වේ.

අනුශාසනා ප්‍රාතිහාය¸ය යනු : මෙසේ කල්පනා කරව්, මෙසේ කල්පනා නොකරව්, මෙසේ මෙනෙහි කරව්, මෙසේ මෙනෙහි නොකරව්, මේවා දුරුකරව්, මේවා වඩව්, උපදවා ගනිව්, කුසල් කරව්, අකුසල් බැහැර කරව්, පින් කරව්, පව් බැහැර කරව්, ආදී වශයෙන් අනුශාසනා කිරීම අනුශාසනා ප්‍රාතිහාය්‍යයයි. මෙම අනුශාසනා ප්‍රාතිහාර්ය භික්ෂූනට කරන ලෙස අනුමත කොට ඇත.

සෘද්ධි ප්‍රාතිහාර්ය


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
සෘද්ධි ප්‍රාතිහාර්ය ය “ගන්ධාරී” විද්‍යාව දන්නා කෙනෙකුට කළ හැකි බැවින් බුදුරදුන් ප්‍රතික්ෂේප කර ඇති අතර අගදේශන ප්‍රාතිහාර්යයය “මණිකා” විද්‍යාව දත් අයටද කළහැකි බැවින් ප්‍රතික්ෂේප කොට ඇත.

බුදුරජාණන් වහන්සේ ඇතැම් අවස්ථාවල සෘද්ධි ප්‍රාතිහාර්යය ය ද ඉදිරිපත්කොට ඇති අතර සෘද්ධි බල ඇත්තන් අතුරින් අග තනතුරු ලැබූ මුගලන් හිමි වැනි අයට කරන ලෙසද අනුබල දී ඇත. එමෙන්ම බුදුරජාණන් වහන්සේලාටම සීමා වූ උන්වහන්සේලාටම කළහැකි ප්‍රාතිහාය¸ය වශයෙන් යමක මහා ප්‍රාතිහාය්‍යය හැඳින්විය හැකිය.

බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වී දින හතක් ගියතැන දෙවියන්ට ඇතිවූ සැකය දුරුකිරීමට යමක ප්‍රාතිහාය්‍යය පවත්වා ඇත. එසේම තීර්ථකයන්ගේ අභියෝගය පිළිගෙන අඹඋයනේදී ද, තම ඤාතීන්ගේ සැකය දුරුකිරීමට කිඹුල්වත් නුවරදීද යමක මහා ප්‍රාතිහාය¸ය පවත්වා ඇති අවස්ථා තුනක් පිළිබඳ බෞද්ධ සාහිත්‍යයයෙහි සඳහන් වේ. මෙය ලොව්තුරා බුදුවරුන්ට පමණක් ලැබෙන විශේෂ ඤාණයක් වශයෙන් ද සැලකේ. සමාපත්ති දෙකකට එකවිට වේගයෙන් සමවැදීම මෙම පෙළහරේ ස්වභාවය යි.

තේජෝ කසිගයට හා අපෝ කසින සමාපත්ති වලට වේගයෙන් සමවදිමින් ශරීරයෙන් එක් පැත්තකින් ගින්දරත්, අනෙක් පැත්තෙන් ජලයත් පිටකිරීම යමා මහ පෙළහරයි. දෙකක් එකවිට කිරීම මෙහි අර්ථයයි.


“බුදු ගුණ වන්දනාව 1 — පූජ්‍ය පානදුරේ අරියධම්ම ස්වාමින් වහන්සේ.” වීඩියෝව නරඹන්න වීඩියෝවට ක්‍ලික්‍ කරන්න. සම්පුර්ණ වීඩියෝව මෙතන නරඹන්න >
ධ්‍යාන ලැබූ පමණින්ම සෘද්ධි ප්‍රාතිහාය්‍යය පැවැත්විය නොහැකිය. අට්ට සම්පත්ති හා අභිඥා ලබාගත යුතුය. එසේම රහත් වූ පමණින්ද ප්‍රාතිහාය්‍යය කළ නොහැකිය. සෘද්ධි ප්‍රතිහාය¸ය කළහැකි තත්ත්වයට සමාපත්ති දියුණු කරගත් පුද්ගලයෝම ඒවා කිරීමට සමත් වෙති. එමෙන්ම පංචවශීතාවන්ද දියුණු කරගත යුතුය. එනම් ආවජ්ජන, සමාපජ්ජන අධිෂ්ඨාන, වූට්ඨාන, පච්ච වෙක්ඛණ යනුයි. වසිනා හෙවත් වසී යනු රිසිසේ යටත්කොට ගෙන පවත්වන්නට සමර්ථ බවයි.

1. ආවජ්ජන : යනු කැමති යම්තැනක කැමති යම් ධ්‍යානාංගයක් කැමති තාක් කල් ආවර්ජනය කිරීමෙහි සමර්ථ බවයි. ඒ සඳහා ලැසි නොවන හෙවත් ප්‍රමාද නොවන බවයි. කම්මැලි නොවන බවයි.

2. සමාපජ්න, යනු කැමති යම් තැනක කැමැති යම් ධ්‍යානාංගයකට කැමැති තාක් කල් සමවැදීමෙහි සමර්ථ බවයි. ඒ සඳහා ලැසි නොවන බවයි.

3. අධිෂ්ඨාන යනු කැමැති යම්තැනක කැමැති යම් ධ්‍යානාංගයක් කැමැති තාක් කල් අධිෂ්ඨාන කිරීමෙහි සමර්ථ බවයි. අධිෂ්ඨානයෙහි ලැසි නොවන බවයි.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.

4. වුට්ඨාන :— යනු කැමති යම්තැනක සමවැදුණු කැමති යම් ධ්‍යානංගයකින් කැමති කාලයක, වෙලාවක නැගී සිටීමෙහි සමර්ථ බවයි. නැගී සිටීමෙහි ලැසි නොවන බවයි.

5. පච්චවෙක්ඛණ යනු කැමති යම් තැනක කැමති යම් ධ්‍යානංගයක් කැමති යම් කාලයක් ප්‍රත්‍යවේක්ෂා කිරීමෙහි හෙවත් මෙනෙහි කිරීමෙහි සමර්ථ බවයි. ඒ සඳහා ලැසි නොවන බවයි. කම්මැලි නොවන බවයි.

මෙම විස්තරයන්ට අමතරව පංච විධවසී පිළිබඳ විශුද්ධි මාර්ගයෙහි කසින නිර්දේශයෙන් බලාගත හැකිය.

බුදුරජාණන් වහන්සේ තුන්බෑ ජටිලයන් දමනය කිරීම සඳහා සෘද්ධි ප්‍රාතිහාර්යන් කළ බව මහා වග්ග පාලියෙහි සඳහන් වේ. බුදුරදුන් උරුවේල කාශ්‍යපගේ අසපුවට වැඩම කොට නවාතැන් ඉල්ලූ විට ගිනිහල් ගෙයි පමණක් ඉඩ ඇති බවත්, එහි චණ්ඩ වූ සෘද්ධි ඇති වහා පැතිරෙණ විෂ ඇති දරුණු විෂ ඇති නාරජෙක් ඇති බවත් ඔහුගෙන් බේරීමට කිසිවෙකුටත් නොහැකි බවත් උරුවේල කාශ්‍යප ප්‍රකාශ කොට සිටියේය. බුදුරදුන් ඒවායින් මට කම් නැති බවත් එහි වැඩ සිටීමට අවසරය පමණක් දෙන ලෙසත් ඉල්ලා සිටියේය.

එවිට අවසර දුන්නේය. උන්වහන්සේ ගිනි හල් ගෙට වැඩම කොට තණ ඇතිරිය එලා කය සෘජුකොට හිඳ පලඟ බැඳ සිහිය එලවා වැඩහුන් සේක. එකල්හි නාග තෙමේ කෝපාවිෂ්ටව විෂ දූමයන් පිටකළේය. බුදුරදුන් ඊටත් වැඩියෙන් විෂ දූමයන් පිට කළ සේක. එකල්හි නාගයා දුමත් සමග ගිනි පිට කෙළේය.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
භාග්‍යවතුන් වහන්සේද තේජෝ ධාතුවට සමවැද ඊටත් වැඩි ගින්නක් පිට කළ සේක. මෙහිදී ගිනිහල්ගෙය ඇවිල ගන්නාසේ පෙනෙයි. ජටිලයෝ මෙය දැක මනා රූ සපුවත් ඇති මහා ශ්‍රමණතෙමේ සෘද්ධිමත් නාගයාගේ ග්‍රහණයට හසුවී විනාශ වෙතැයි සිතූහ.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ රූ ඇවෑමෙන් නාගයාගේ තෙද අභිබවා පාත්‍රයෙහි බහා ගෙනවුත් උරුවේල කාශ්‍යපයා හට දැක්වූහ. එහිදී ඔහු “යමෙක් සිය තෙදින් චණ්ඩ වූ සෘද්ධි ඇති නාරජුගේ හෙද නසන්නේද, ඒ මහා ශ්‍රමණතෙමේ මහත් සෘද්ධි ඇත්තේමය. මහත් ආනුභාව ඇත්තේමය. එහෙත් මා මෙන් රහත් නොවෙම යැයි” සිතීය.

අණතුරුව උරුවේල කාශ්‍යප දමනය කිරීමට විවිධ සෘද්ධි ප්‍රාතිහාය්‍යය දැක්වූ බවත් ඉන් පසු බුදුරදුන් කෙරෙහි උරුවේල කාශ්‍යප, නදී කාශ්‍යප, ගයාකාශ්‍යප යන තුන් බෑ ජටිලයෝම බුදුරඳුන් හා ධර්මය සරණ ගොස් සිය දාහක් පමණ පිරිස සසුන් ගතව රහත් වූ බව මහාවග්ග පාලියෙහි සඳහන් වේ.

තවද සෘද්ධි ප්‍රාතිහාය්‍යයක් පාන්නට සාගත තෙරුන්ට උපදෙස් දුන් අවස්ථාවක් පිළිබඳ මහාවග්ග පාලියෙහි පස්වග චම්මක්ඛන්‍ධකයෙහි සඳහන් වේ.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
බුදුරජාණන් වහන්සේ රජගහනුවර සමීපයෙහි ගිජුකුලු වර්වතයෙහි වැඩවසන අවස්ථාවේ සාගත තෙරුන් උන්වහන්සේට උපස්ථාන කරයි. ඒ අවස්ථාවේ අවට ප්‍රදේශවාසී ගම් ප්‍රධානීන් අසූ දහසක් පමණ බුදුරදුන් බැහැදැකීමට පැමිණියහ.

සාගත තෙරුන් ඔවුන් ඉදිරියට වැඩමකොට කරුණු විචාරා බුදුරදුන් බැහැදැකීමට බව දැන ඔව්න්ට මොහොතක් නවතින්න යැයි කියා එතනම සඳකඩ පහණෙහි ගිලී භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ මතුවී එම පුවත ප්‍රකාශ කළ සේක.

භාග්‍යවතුන් වහන්සේ ආරාධනාව පිළිගෙන “එමෙස් නම් වෙහෙර පිටුපස ආසනයක් පනවන්න” යැයි කීහ. සාගත තෙරනුවෝ අසුනක් ගෙන බුදුරදුන් ඉදිරියේ පොළොවෙහි ගිලී අසූදාහසක් ගම් ප්‍රධානීන් ඉදිරියේ ඇති සඳකඩ පහණින් මතු වී අසුන් පැනවූහ. බුදුරදුන් වැඩම කොට අසුන් ගත්හ. සාගත තෙරුන්ගේ සෘද්ධීන් දැකගත් අසූදහසක් ගම් ප්‍රධානීන් බුදුරදුන්ට ආචාර නොකළහ. සාගත තෙරුන් ගැනම සැලකූහ. ඒ බව තම සිතින් දැනගත් භාග්‍යවතුන් වහන්සේ සාගත තෙරුන් ඇමතූහ. “සාගත බොහෝ වූ පෙළහර දක්වව්” “එසේය ස්වාමීනි” පිළිතුරු දී අහසට නැග අහසෙහි සිට සක්මන්ද කරයි.

සිටීමද කරයි. සයනය ද කරයි. දුම්ද පිට කරයි. දිලිසෙන්නේද වෙයි. අතුරුදහන්ද වෙයි.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
ඉන් පසු සාගත තෙරුන් වහන්සේ අහස්කුසින් බැස, පෙළහර දක්වා භාග්‍යවතුන් වහන්සේගේ දෙපාමුල වැඳ වැටී “ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මාගේ ශාස්තෘවන සේක. මම ශ්‍රාවක වෙමිය” තුන් වතාවක් ප්‍රකාශ කර සිටියහ. ඉක්බිති අසූදහසක් ගම් ප්‍රධානීන්ගේ එම ආශ්චර්්‍යය දැක පුදුමව භාග්‍යවතුන් වහන්සේ සමාකොට ගෙන උන්වහන්සේට හිසින් වැන්දාහ. භාග්‍යවතුන් වහන්සේ ඔව්න්ට පිළිවෙල ධර්මදේශනා කළ සේක. මෙම පුවතින් දැනගත් හැක්කේ සෘද්ධි ප්‍රාතිහාය්‍යය පෑමට ඇතැම් අවස්ථාවලදී ශ්‍රාවකයන්ටද ඉඩදී ඇති බවයි.

තවද චූල පන්ථක කථාපුවතින් උන්වහන්සේගේ සෘද්ධි ප්‍රාතිහාය¸ය පිළිබඳ සඳහන් වේ. තම ගුරුවරයාද, සහෝදරයාද වූ මහා පන්ථක තෙරුන් චූලපන්ථක හිමියන්ට ගාථාවක් පාඩම් කරවීමට උත්සාහ කිරීමේදී මාස හතරකදී වත් එය පාඩම් කරවීමට නොහැකි විය. අනතුරුව චූලපන්ථක හිමියන්ට සිවුරු හැර ගෙදර යන්න කීහ.

උන්වහන්සේ හඬ හඬා විහාර දොරකඩ සිටියදී බුදුරදුන් විස්තර විචාරා සෘද්ධියෙන් සුදු රෙදිකඩක් මවා “රජො හරණං, රජෝ හරණං” යනුවෙන් භාවනාවට අරමුණක් දුන්හ. එම අරමුණෙහිම සිත යොදවා භාවනා කරගෙන යන විට සුදු රෙදිකඩ කිලිටි වන ආකාරය දැක ශරීරයට සිත යොමා ශාරීරයේ දෙතිස් කුණපයන් පිළිබඳ විදර්ශන වඩා සිව් කෙලෙසුන් නසා රහත් බව ලැබූහ. අර්ථ, ධර්ම, නිරුක්ති, පිටිභාන යන සිව් පිළිසිිඹියාද ලබූහ. මනෝමය කායයන් මවන්නන් අතුරින් අගතණතුරු ලැබූහ. මනෝමය සෘද්ධි හා සෘද්ධි විධඥාණය ලැබූහ. තමා මෙන් දහසක් දෙනා මැවීමේ හැකියාවක් උන්වහන්සේට තිබිණ.


අපාය. ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න. මෙවැනි වගු මෙතැනින් ලබා ගත හැක >>
අග්‍රශ්‍රාවක වූ මුගලන් මහරහතන් වහන්සේ සෘද්ධිමතුන් අතරින් අගතනතුරු ලැබූහ. උන්වහන්සේ සෘද්ධියෙන් දෙව්ලොවටත්, නරකය නැමති අපාවලටත් වැඩම කොට ඒවායෙහි කර්මඵල විඳින සත්වයා හා දෙවියන් පිළිබඳ මනුස්සයාට ප්‍රකාශ කරන බව බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වේ. එසේම මසුරු සිටානන් දමනය කිරීමට භාග්‍යවතුන් වහන්සේ උපදෙස් දී දමනය කළ අයුරු විස්තර වේ.

තවද අග්‍රශ්‍රාවක වූ සැරියුත් මහරහතන් වහන්සේට කාය දැවිල්ලක් හටගත් අවස්ථාවේ එයට බෙහෙතක් වශයෙන් නෙලුම් අල හා නෙලුඹු දැලි සොයාගෙන ඒමට සිදුවිය.

එහිදී මහ මුගලන් තෙරුණුවෝ වක්කළ අහක් දික් කරන කාලයක් තුළ ජේතවනයෙන් අතුරුදහන්ව මන්දාකිනී පොකුණු ඉවුරෙහි පහළ වී එම බෙහෙත් ගෙනවුත් සාදා දුන්හ. රෝගය සන්සිදුනේය.

තවද කදිරවණරේවත හිමිපාණන් වහන්සේ වැඩ වාසය කළේ ආරන්‍යයෙහි ය. ගසක් මූුලය, භික්ෂූන් වහන්සේලාට උන්වහන්සේ බැහැදැකීමට සිත් පහළ වී ඒ බව බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කොට භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ පෙරටු කොට එම ආරණ්‍යයට වැඩම කළහ. ඒ බව දැනගත් රේවත හිමිපාණෝ බුදුරදුන් ඇතුළු සියලු භික්ෂූන් වහන්සේලා පිරිසට වැඩසිටීමට අංග සම්පූර්ණ කිසිම අඩුපාඩුවක් නැති දර්ශණීය ආරාමයක් මැවූහ. දෙවියෝද පැමිණ භාග්‍යවතුන් වහන්සේ ප්‍රධාන භික්ෂූ පිරිසට ඇප උපස්ථාන කළහ. දන් දුන්හ.


බුදුන් වහන්සේගේ ඥාන ප්‍රහේද. ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න. මෙවැනි වගු මෙතැනින් ලබා ගත හැක >>
කීප දිනක් වැඩසිට ආපසු වඩින විටදී පෘථජ්ජන භික්ෂූන්ට රේවත තෙරුන් පිළිබඳ කල කිරීමක් ඇති වූහ. උන්වහන්සේ දර්ශනීය ආරාමයක සැපසේ ජීවත් වන බව සිතමින් අවලාද කියන්නට වූහ. මෙය දැනගත් බුදුරදුන් එම භික්ෂූන්ගේ පාත්‍රා හා සිව්රු වැනි භාණ්ඩ අමතක වීමට අදිෂ්ඨාන කළහ.

ඒ අනුව භික්ෂූන්ගේ එක් එක් භාණ්ඩ අමතක වූ බව බුදුරදුන්ට ප්‍රකාශකොට ඒවා ගෙන ඒමට ආපසු රේවත තෙරණුවෝ සිටි තැනට වැඩම කිරීමේදී පෙර පැවති ආරාමය සොයාගැනීමට නොහැකි වූහ. රේවත හිමි ගසක් මුල බවඅන් වඩමින් හුන්හ. ඒ අවස්ථාවේ රේවත හිමියන් එම ආරාමය මවා ඇති එකක් බව අවබෝධ කරගත් භික්ෂූන් රේවත හිමියන්ගෙන් සමාව ගෙන ආපසු වැඩියහ.

මේ ආදී කරුණු අනුව බුදුරජාණන් වහන්සේ සැරියුත්, මුගලන්, රේවත, ආදී කොට ඇති අභිඥාලාභී, අට්ඨසමාපත්ති උපදවා ගත් සෘෂිවරු පවා සෘද්ධි ප්‍රාතිහාය¸ය දක්වා ඇති බව සඳහන් කළ හැකිය.

ඔබ සැමට තෙරුවන් සරණයි!

උපුටා ගැනීම: http://www.dinamina.lk/2009/12/02/_art.asp?fn=a0912021

උපුටා ගැනීම: http://www.ariyamagga.org/buddhist-books/charts-pdf-books/

උපුටා ගැනීම: http://www.ariyamagga.org/wp-content/ariyamagga%20content/Charts/

අදාළ:
බුදුරජාණන් වහන්සේ තුන්බෑ ජටිලයන් දමනය කිරීම 1 — පූජ්‍ය ගලිගමුවේ ඥානදීප ස්වාමින් වහන්සේ [වීඩියෝ]

The Miracle of Psychic Power 1 [Thripitaka — External >>]

බුදුරජාණන් වහන්සේගේ ප්‍රාතිහාර්ය: අදේශනා ප්‍රාතිහාර්ය 1

බුදුරජාණන් වහන්සේගේ ප්‍රාතිහාර්ය: අනුශාසනා ප්‍රාතිහාර්යය 1

ඔබ සැමට තෙරුවන් සරණයි! May The Triple Gem Bless You! [Pictures — External >>]
 
අපමණ පුද ලද බුදු හිමි ගුණ කඳ 1

දාන පාරමිතාව 1

තුන්ලෝ තතු ලෙස දත් ලෝකවිදූ බුදුගුණය 1

සියලු බුදුවරුන්ගේ අනුශාසනාව 1

ප්‍රඥාවෙන් අග්‍ර අග්‍රශ්‍රාවක සැරියුත් හාමුදුරුවෝ 1
 
මුගලන් මහරහතන් වහන්සේ 1

අනුරුද්ධ තෙරුන්ගේ කථා වස්තුව 1

චුල්ලපන්ථක මහ රහතන් වහන්සේ 1

අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා 1

භාග්‍යවතුන් වහන්සේ, සක්වල සහ අපි 1