SomaHimi.org
 තෙරුවන.ඕර්ග්
 Threegems.org
 Vidarshana.org
 Jeevithaya.org
 Thinkup.today
මූණු පොත
Title Horizontal Line Shadow Title Horizontal Line
අලුත්   ලිපි   රූප   වීඩියෝ   භාගත   ඇමතුම්
අලුත්   ලිපි   රූප   වීඩියෝ   භාගත   ඇමතුම්
බුදුරජාණන් වහන්සේගේ ප්‍රාතිහාර්ය: අදේශනා ප්‍රාතිහාර්ය 1

ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!

වතුපොල සුගතවංශ හිමි විහාරාධිකාරි මහාබෝධි විහාරය කොක්කාවිල

ප්‍රකාශනය: 2015-02-25


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.

බුදුරජාණන් වහන්සේගේ ප්‍රාතිහාර්ය තුන් ආකාරය. එනම්. සෘධි ප්‍රාතිහාර්ය, අදේශනා ප්‍රාතිහාර්ය හා අනුශාසනා ප්‍රාතිහාර්ය යයි. මෙකී ප්‍රාතිහාර්යයන් පිළිබඳව මේ ආකාරයෙන්ම දන්වා වදාළ දේශනා සූත්‍ර පිටකයෙහි නෙයෙක් තැන් වලදි අපට හමුවෙයි.

දිනක් තථාගතයන් වහන්සේ සංගාරව නම් බමුණෙකුට වදාළ දේශනාවක් අපට අංගුත්තර නිකායෙහි හමුවෙයි. එහි දී මෙම ප්‍රාතිහාර්යන් පිළිබඳ දක්වා වඳාළ ආකාරය ඉතා පැහැදිළිය.

“තීණිඛො ඉමානි, බ්‍රාහ්මණ පාටිහාරියානි, තනමානි තීණි, ඉද්ධිපාටිහාරියං, ආදෙසනා පාටිහාරියං, අනුසාසනා පාටිහාරියං”


“බුදුරජාණන් වහන්සේ තුන්බෑ ජටිලයන් දමනය කිරීම 1 — පූජ්‍ය ගලිගමුවේ ඥානදීප ස්වාමින් වහන්සේ.” වීඩියෝව නරඹන්න වීඩියෝවට ක්‍ලික්‍ කරන්න. සම්පුර්ණ වීඩියෝව මෙතන නරඹන්න >
“බ්‍රාහ්මණය මේ ප්‍රාති හාර්යයන් ඇත්තේ තුනකි. ඒවා නම් සෘධි ප්‍රාතිහාර්ය, අදේශනා ප්‍රාතිහාර්ය හා අනුසාසනා ප්‍රාතිහාර්යයි යනු මෙහි අදහසයි.

මෙකී “ආදෙසනා පාටිහාරියං” යන වචනය පැහැදිලි කරන අටුවාචාරීන් වහන්සේ එය මෙසේ සඳහන් කරති.

“පරිස්ස චිත්ත ද්වාරං භුත්වා තතනං ආදේශනා පාටිහාරියං” අනුන්ගේ සිතහි ඇති දෙය දැන කීම ආදේශනා ප්‍රාතිහාර්යයි.

තථාගතයන් වහන්සේලාගේ ආදේශනා ප්‍රාතිහාර්ය සම්බුද්ධත්වයත් සමඟ ලැබෙන්නා වූ දෙයකි. ඇතැම් බාහිර ශාසනික වු අභිඥාලාභී උතුමන්ටද මේ හැකියාව ලබා ගත හැකි බැවින් බුදුවරුන්ගේ මෙකී ප්‍රාතිහාර්ය ස්‍රාවක සාධාරණය අනුන්ගේ සිත බලා කීම ආකාර කීපයකට කළ හැකි බව බුද්ධ දේශනාවෙහිම සඳහන්ව ඇත. නිමිති බලා උපකල්පනයෙන් කීම එක ක්‍රමයකි. මේ කාරණය සඳහා උදාහරණ කතාවක් මෙසේ ය. දිනක් රජකෙනෙක් තමන්ගේ දැතෙහි මුතු ඇට තුනක් සඟවාගන විත් පුරෝහිත බමුණා අමතා තමන්ගේ අතේ ඇති දේ ප්‍රකාශ කරන්න යැයි ඉල්ලා සිටියේ ය.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
එනවිට එම බමුණා වට පිට බැලූ විට හූනෙකු විසින් මැස්සෙකු අල්ලාගන්නට ගත් වෑයමත් අවසානයේ දී මැස්සා මිදී පලාගිය හැටිත් දැක “මිදුණා” යැයි යන අදහස ඇති “මුත්තා මහාරාජ” යනුවෙන් පිළිතුරු දුන්නේ ය. පාළි භාෂාවෙන් “මුත්තා” යන පදයෙන් “මිදුණා” යන තේරුමත් “මුතුය” යන තේරුමත් ඇත. එවිට රජු පෙරලා ඇසුවේ මුතු ඇට කීයක් ඇති දැයි කියාය. එවිට පුරෝහිත බමුණා නැවත වට පිට බැලූ විට කුකුළෙකු තුන් විටක් හඬ නැගීය “මහරජ තුණයි” යනු වෙන් බමුණු තෙම උත්තර දුන්නේ ය. නිමිත බලා කීම මේ ආකාරය.

තවද ඇතැම් කෙනෙක් මිනිසුන්ගේ හෝ නොමිනිසුන්ගේ (පීසාච, රජත ආදී) හෝ දෙවියන්ගේ හෝ ශබ්ද අසන අනුන්ගේ සිතෙහි ඇති දෙය කියති. දේව දත්ත තෙරුන් බුදුරජාණන් වහන්සේටත් සසුනටත් හානිකර කුමන්ත්‍රණයක් කිරීමට සිතූ විට උන් වහන්සේට එතුවක් පැවැති සෘද්ධි බල අතුරුදන්ව ගියේ ය. එම කාරණය දැනගත් දෙවිකෙනෙක් මේ ප්‍රවෘත්තිය මුගළන් හිමියන්ට සැළකර සිටියේ ය.

තවද නොයෙකුත් අවස්ථාවල බුදුරජාණන් වහන්සේට දෙවියන්ගෙන් යම් යම් ප්‍රවෘති ලැබුණේය. දෙවියන් හා සබඳතා පැවැත්විය හැකි උතුමන්ට මෙම හැකියාව ලැබේ.

යම් කෙනෙකුගේ සිතෙහි ඇතිවන විතර්කයන්ගේ ශබ්දය අසා ඒ අනුව සිතෙහි ඇත්තේ කුමක් දැයි කීම තවත් ක්‍රමයකි. මෙයත් කළ හැක්කේ සිත දියුණු කළ කෙනෙකුටමය. ඉතා තියුණු සමාධියකින් හෙබි කෙනෙකු මෙවැනි දේ කිරීමේ හැකියාව ලබති.

මේ ක්‍රමයන් හැර අවිතර්ක අවිචාර සමාධියට සමවැදුනු කෙනෙකුගේ සිත තමසිතින් පිරිසිඳ දැන කීමද ආදේශනා ප්‍රාතිහාර්යයයි. තථාගතයන් වහන්සේලා කෙනෙකුගේ ධ්‍යාන සිතක ඇති ගති ලක්ෂණ විණිවිද දකිති.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
මුගලන් ස්වාමීන් වහන්සේ වරක් ධ්‍යානයකට සමවැදුණාහ. එමෙන්ම ඒ අවස්ථාවෙහි තමන්ට ඇසුණු කුඤ්ච නාදයක් ද විය. මෙකි කාරණා දෙක න්‍යායාත්මකව පරස්පරය.

ධ්‍යානයට සම වැදි ඇති නම් මෙවැනි දෙයක් ඇසුනේ කෙසේ දැයි භික්ෂුහු විමසිළිමත් වුහ. එවිට ඒ කාරණය පැහැදිළි කරන බුදු රජාණන් වහන්සේ මුගලන් තෙරුන්ගේ ඒ සමාධිය දුර්වලව පැවැති බව දේශනා කළ සේක. මෙසේ බුදුරජාණන් වහන්සේලා ධ්‍යාන සිතක ඇති බල — දුබල කම් මනාකොට දැකීමේ හැකියාවෙන් යුත්තාහ.

කෙසේ නමුදු මෙම ආදේශනා ප්‍රාතිහාර්යයයෙහි දොස් දකිමින් එය උසස් දෙයක් නොවන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක.

එහිදී උන්වහන්සේ පැහැදිළි කරන්නේ ඇතැම් අශ්‍රද්ධාවන්ත කෙනෙක් මේ ප්‍රාතිහාර්ය දැක එය “මණිකා” නම් ශ්‍රාස්ත්‍රයක් නිසා ලැබූ දෙයක් බව හඟිනු ඇති බවය. මෙම දේශනය දැක බුදුරජාණන් වහස්සේ මෙම ප්‍රාතිහාර්යයද බැහැර කළ සේක.

කෙසේ වුවද බුදුරජාණන් වහන්සේ මෙම ප්‍රාතිහාර්යයෙන් බොහෝ දෙනාට ධර්මාවබෝධයට මඟ පෑදු ආකාරයද ත්‍රිපිටක ධර්මය තුළ අපට හමුවේ. ඒ අතර ඉතාම විශ්මිත සිදු වීමක් වන්නේ බුද්දක නිකායේ සුත්ත නිපාතය නම් ග්‍රන්ථයෙහි ඇති පරායන වර්ගයේ ප්‍රවෘතියයි. වයසින් අවුරුදු එකසිය විස්සක් වූ ඛාවරීනම් බමුණුකෙනෙකු භාග්‍යවතුන් වහන්සේගේ සම්බුද්ධත්වය විමසා බැලීම සඳහා තම ප්‍රධාන ශිෂ්‍ය තාපසතුමාට ප්‍රශ්න පහක් උගැන්වූයේ ය.

එම ප්‍රශ්න අසන්නට යැයි කියා දුන්නේ වචනයෙන් නොව හිතෙන් ය. පසුව එය පිළිගත් ශිෂ්‍ය තාපස පූජිත නම් සෘෂිතුමා බුදන්හමුවෙහි එම ප්‍රශ්න මනසින්ම විමසූ විට බුදුරජාණන් වහන්සේ වචනයෙන් පිළිතුරු දුන් සේක.

ඒ ප්‍රශ්න මේවාය.

1. අවි ආචාරියන් වහන්සේගේ වයස කොපමණ ද?

2. ඔහුගේ ගෝත්‍රය කුමක්ද?


ප්‍රාතිහාර්ය. ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.

3. ඔහුගේ ශරීරයෙහි පිහිටා ඇති මහාපුරිස ලක්ෂණ මොනවාද?

4. ඔහු කොපමණ වේද මන්තර හදාරා ඇත් ද?

5. ශිෂ්‍යයන් කොපමණකට උගන්වනවාද?

බුදුරජාණන් වහන්සේ මෙම ප්‍රශ්න අජිතගේ මනසෙහි ඇති බව දැන ඊට ගැලපෙන පිළිතුරු ලබා දුන්සේක.

“ඔබගේ ගුරුවරයා වයසින් අවුරුදු එකසිය විස්සකි. ඔහු ගෝත්‍රයෙන් බාවරී ගෝත්‍රයට අයත්ය. ඔහුගේ ගතෙහි මහා පුරුෂ ලක්ෂණ තුනක් තිබේ. තුන් වේදයෙහි පරතෙරට ගොස් ඇත. ශිෂ්‍යයන් පන්සිය දෙනෙකුට උගන්වයි”

මේ කාරණයෙන් බුදුරජාණන් වහන්සේලා තුළ පවතින පරිච්ත්ත විජානන ඤාණය කෙතරම් ප්‍රභල දැයි සිතාගත හැකිය. බුදුරජාණන් වහන්සේලා මෙලෙස විනිවිද දකින්නේ මිනිසෙත් සත්ත්වයෙන් තුළ ඇති චිත්ත ප්‍රවෘතිය පමණක් නොවේ.

උන්වහන්සේලාට දෙවියන් බඹුන් වැනි ඕනෑම සත්ත්වයෙකුගේ මනස තම මනසින් දැකිය හැකිය. මේ හැකියාව නිසාද බුදුවරුන්ගේ දේශනාවන විවිධාකාර වී ඇත. ඒ ඒ පුද්ගලයන්ගේ මනෝභාවයන් දන්නා බුදුරජාණන් වහස්සේ ඒ ඒ පුද්ගලයාට හෝ පිරිසට ගැලපෙන පරිදි දේශනාව හැඩ ගස්වති. එනිසා එකම ධර්ම කාරණය ඇතුළත් දේශනා විවිධාකාර උපමා වලින් සැරසී ඇති ආකාරය අපට හමුවෙයි.

හතින් සඳහන් කළ ප්‍රාතිහාර්යයන් අතුරින් අනුශාසනා ප්‍රාතිහාර්යයම උතුම් බව බුදු රජාණන් වහනසේ දේශනා කළ සේක. මෙතරම් සෘධි බල ඇති මෙතරම් පැහැදිළිව අනුන් සිත විනිවිද දකින ප්‍රඥාවක් ඇති බුදුවරු ඒවා පිළිබඳ එතරම් තැකීමක් නොකිරීම පිළිබඳව එක අතකින් අපට හැගී යන්නේ උන්වහන්සේලාගේ අධිගම අල්පේච්ඡ තාවයයි.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
ඒ නිසා විවිධාකාර මායාකාරී වූද, ප්‍රෝඩාකාරී වූද මිත්‍යාවන් පසුපස හබායන අය භාග්‍යවතුන් වහන්සේගේ මේ ආකල්ප මනාව සිතට ගත යුතුව ඇත. ලෝකයේ ඇති දුර්ලභ වූ සියළු දේ මිනිසාට ආශ්චර්යයකි.

කවුරුන් හෝ තුළ පවත්නා සෘධි බල ආදී දෙයට අප වහ වැටෙන්නේ එබැවිනි. එනමුදු වඩා වැදගත් දෙය හා වටිනාදෙය වන්නේ ජීවිතාව බෝධය ලබා ගැනීමයි. ඒ සඳහා සම්මාසම්බුදුවරු විශ්වාසය තබන්නේත් බහුල කොට යොදාගන්නේත් අනුශාසනා ප්‍රාතිහාර්යයි. තමන් අතකින් එය තථාගතයන් වහන්සේලාගේ බුද්ධ කෘත්‍යයද වන්නේ ය.

ඔබ සැමට තෙරුවන් සරණයි!

උපුටා ගැනීම: http://www.dinamina.lk/2009/12/02/_art.asp?fn=a0912022

උපුටා ගැනීම: http://www.ariyamagga.org/buddhist-books/charts-pdf-books/

උපුටා ගැනීම: http://www.ariyamagga.org/wp-content/ariyamagga%20content/Charts/

උපුටා ගැනීම: https://www.facebook.com/pages/%E0%B7%83%E0%B6%AD%E0%B6%BB-%E0%B6%85%E0%B6%B4%E0%B7%8F%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B8%E0%B7%92%E0%B6%AF%E0%B7%93%E0%B6%B8-%E0%B6%8B%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8F/227762307426177

උපුටා ගැනීම: https://www.facebook.com/lokawalokanaya.page

අදාළ:
The Miracle of Telepathy 1 [Thripitaka — External >>]

බුදුරජාණන් වහන්සේගේ ප්‍රාතිහාර්ය: සෘද්ධි ප්‍රාතිහාර්ය 1

බුදුරජාණන් වහන්සේගේ ප්‍රාතිහාර්ය: අනුශාසනා ප්‍රාතිහාර්යය 1

ඔබ සැමට තෙරුවන් සරණයි! May The Triple Gem Bless You! [Pictures — External >>]

අපමණ පුද ලද බුදු හිමි ගුණ කඳ 1
 
ලොවට උතුම් තුන්සරණ 1

තුන්ලෝ තතු ලෙස දත් ලෝකවිදූ බුදුගුණය 1

සියලු බුදුවරුන්ගේ අනුශාසනාව 1

ප්‍රඥාවෙන් අග්‍ර අග්‍රශ්‍රාවක සැරියුත් හාමුදුරුවෝ 1

මුගලන් මහරහතන් වහන්සේ 1
 
අනුරුද්ධ තෙරුන්ගේ කථා වස්තුව 1

චුල්ලපන්ථක මහ රහතන් වහන්සේ 1

අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා 1

පාලි පොතෙන් බේතක්! 1

සිල්වතුන්ට දෙවියෝ ද ආසිරි පතති 1