SomaHimi.org
 තෙරුවන.ඕර්ග්
 Threegems.org
 Vidarshana.org
 Jeevithaya.org
 Thinkup.today
මූණු පොත
Title Horizontal Line Shadow Title Horizontal Line
අලුත්   ලිපි   රූප   වීඩියෝ   භාගත   ඇමතුම්
අලුත්   ලිපි   රූප   වීඩියෝ   භාගත   ඇමතුම්
බුදුරජාණන් වහන්සේගේ ප්‍රාතිහාර්ය: අනුශාසනා ප්‍රාතිහාර්යය 1

ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!

ඒ . එම්. පේ‍්‍රමරත්න විශ්‍රාමික ගුරු උපදේශක

ප්‍රකාශනය: 2015-03-23


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.

අවවාද අනුශාසනා වශයෙන් එකිනෙකට ප්‍රතිබද්ධ වූ වචන දෙකක් අපට බොහෝ සෙයින් හුරු පුරුදු ය. නමුත් අරුත් වශයෙන් ඒ දෙකෙහි වෙනස් කම් ඇත. අවවාද යනු වරදක් කළ කෙනෙකුට එම වරද නැවත නොකරන ලෙසට දෙනු ලබන කල්‍යාණ උපදේශන වෙත්. අනුශාසනා යනු වරද වීමට පෙරාතුව, වරදකරණයට පුද්ගලයා ගෝචර වීමෙන් වළක්වා ලීම පිණිස, පූර්වභාගයෙහි දෙනු ලබන මාර්ගෝපදේශන වෙත්.

ප්‍රාතිහාර්ය යන වචනය අසෙන විට ම කිසියම් ආශ්චර්යවත්, මවිතය දනවන සුලු, ගුප්ත බලයක් සහිත සුවිශේෂී සිද්ධියක් පිළිබඳ අදහසක් අප තුළ ජනිත වෙයි.

මේ අනුව අනුශාසනා ප්‍රාතිහාර්යය පිළිබඳව වචනාර්ථ සහිත මූලික අදහසක් අපට ඇති කර ගත හැකිය. අනන්ත දුක් විඳිමින් භව ගමනක යෙදෙන සංසාරගත සත්ත්වයා දුකින් මුදා ඔසවා තැබීම පිණිස අනුශාසනා කිරීමේ ආශ්චර්යවත් බලශක්තියක් සම්මා සම්බුදු රජාණන් වහන්සේලා තුළ ඇත්තේ ය. එය උන් වහන්සේලා බැහැරින් ආරූඪ කරගත් ගුප්ත බලවේගයක් නොව තමන් විසින්ම භවාන්තරයක් තිස්සේ අනන්ත කැප කිරීම් මගින් උපදවා ගනුලැබූ අත්‍යන්ත ඵලයකි.


“ලෝක විදු බුදු ගුණය 1 — අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය නායක ස්වාමින් වහන්සේ.” වීඩියෝව නරඹන්න වීඩියෝවට ක්‍ලික්‍ කරන්න. සම්පුර්ණ වීඩියෝව මෙතන නරඹන්න >
සම්මා සම්බුදුවරයෙකු ලොව පහළ වනතුරු මේ හැකියාව සමස්ත විශ්වයෙහි කිසිම බ්‍රාහ්මයෙකුට, දෙවියෙකුට, මනුෂ්‍යයෙකුට පහළ නොවෙන්නේ ම ය. එනිසාම එය ප්‍රාතිහාර්ය පක්ෂයට ගැනේ. පසේ බුදුවරයාණන් වහන්සේ නමකට ද මේ හැකියාව නැත්තේ ය. මේ ගැන කථා කිරීමට හැකි වන්නේ ද බුද්ධෝත්පාද කාලයක පමණි.

ප්‍රාතිහාර්ය පක්‍ෂයෙන් කථා කරන විට, සෘද්ධි හා ආදේශනා යනුවෙන් දැක් වෙන්නා වූ අනන්ත බලශක්ති ද්වයක් සම්බුදුවරයන් වහන්සේ තුළ ඇතත්, උන්වහන්සේ ඉහත කී අවශ්‍යතා සත්ත්වයා අරබයා ඉටුකරලීම සඳහා අනුගමනය කරන්නේ අනුශාසනා ප්‍රාතිහාර්ය බල ශක්තිය ය. උන්වහන්සේ අගය කරන්නේ ද වර්ණනාකරන්නේ ද අනුශාසනා ධර්ම සන්නිවේදන පිළිවෙත මිස අනෙකක් නොවන බව බුද්ධ චරිතාප්‍රදානය මගින් මනාව ප්‍රකට වේ.

එහෙත් අනුශාසනයෙහි පිහිටුවීමට උචිත නොවන අවස්ථාවලදීත්, මානයෙන් සැකයෙන් අගතිගාමී සිත් ඇති පිරිස් හමුවේදීත් අන් කිසිවෙකුටත් දමනය කළ නොහැකි සැඩ පරුෂ ගති ඇති සත්ත්වයන් දමනය කිරීම සඳහාත් සෘද්ධි හා ආදේශන ප්‍රාතිහාර්ය දැක් වූ අවස්ථා කිහිපයක් පමණක් බුදු සිරිතෙහි ඇතුළත්ව දක්නට ඇත.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
අභිඥා පාදක ධ්‍යාන මගින් පෑ යමක මහා ප්‍රාතිහාර්යය, දිව්‍ය මනුෂ්‍ය බ්‍රග්ම සතර අපාගත සත්ත්වයින් එකිනෙකාට පෙනෙන්නට සලස්වන ලෝක විවරණ ආදේශන ප්‍රාතිහාර්යය වැනි අවස්ථා ඊට උදාහරණ ලෙස දැක් විය හැකිය. මෙහි දී අප සාකච්ඡා කරන්නේ සියලු බුදුවරයන් වහන්සේලා අනු ගමනය කරන, අගය කරන ධර්ම සන්නිවේදන පිළිවෙත වන අනුශාසනා ප්‍රාතිහාර්ය පක්ෂය ගැන ය.

සම්මා සම්බුදුවරයාණන් වහන්සේ ලොව පහළ වන්නේ වෙනත් බ්‍රහ්මයෙකුට, දෙවියෙකුට, මනුෂ්‍යයෙකුට කළ නොහැකි බුද්ධ කෘත්‍ය දෙකක් ඉටු කිරීම සඳහා ය. එසේ පහළ වීම ධර්ම නියාම ධර්මතාවයකි. ඉන් පළමු වැන්න, සත්ත්වයා දුගතිගාමී හෙවත් සතර අපාගත නොවී ඔසවා තැබීමට ය.

දෙවැන්න අනවරත භව ගමනක යෙදෙන සංසාරගත සත්ත්වයා එයින් මුදා ලීම හෙවත් භවගමන කෙළෙවර කිරීමෙන් ලබන පරම නිෂ්ටාව වන නිර්වානය ක්‍ෂාත් සාත් කර ගැනීම සඳහා පවතින ඒකායන මාර්ගය (ආර්ය අෂ්ටාංගික මාර්ගය) විවෘත කර දීමට ය.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
පළමුවැන්න උදා කර නොගත් සත්ත්වයාට දෙවැන්න නොයෙදේ. මේ අනුව ලෞකික ලෝකෝත්තර උභය පක්ෂයන් හි අර්ථ සිද්ධිය උදෙසා ධර්මය දේශනා කිරීම සම්මා සම්බුදුවරයාණන් වහන්සේ තුළ ඇති අසම ශක්තියකි. බල ධර්මයකි. එය අනුශාසනා ප්‍රාතිහාර්යයි.

සියල්ල අවබෝධ කරගත් බුදුරජාණන් වහන්සේ ශාස්තෲවරයෙකි, ගුරුවරයෙකි, මාර්ගෝපදේශකයෙකි, අනුශාසකවරයෙකි, (සත්ථා දේව මනුස්සානං) ඉහත කී අපේක්ෂා එකක්වත් බාහිර හෝ අභ්‍යන්තර සෘද්ධිමය බලයකින් ඉටු කරගත නොහැකි බව උන්වහන්සේගේ ම භාෂිතයෙන් දැක්වෙන්නේ “තුම්හේ හි කිත්තං ආතප්පං — අක්ඛාතාරෝ තථාගත” යනුවෙනි. බුදුවරු මග පෙන්වන්නෝ පමණක් වෙත් තමන්ගේ විමුක්තිය තමා තුළින්ම තමා විසින්ම උපදවා ගත යුතුවෙයි.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
ඒ සඳහා අනුගමනය කළ යුතු ඒකායන මාර්ගය සීල සමාධි ප්‍රඥා යන ත්‍රී ශික්‍ෂාවෙන් සමන්නාගත ආර්ය අෂ්ටාංගික මාර්ගය යි. මේ නිසා සියලු බුදුවරයාණන් වහන්සේලාගේ අනුශාසනය වන්නේ “සබ්බ පාපස්ස — අකරණං...” ගාථාවෙන් ප්‍රකාශ කෙරෙන සියලු වැරැදි ක්‍රියාවන් අපහරණය කිරීමත් ස්වකීය උභය විමුක්තිය පිණිස කුසල් දහම් වඩා ගැනීමත්, සත්‍යාවබෝධයෙන් අනුෂය ආසය කෙළෙස් කිළිටි විද්වංශනය කොට චිත්ත පාරිශුද්ධිය ලබා ගැනීමත් යන කාරණා වෙත්. එම ප්‍රාති මෝක්ෂ දේශනාවේ ම තුන් වැනි ගාථාවෙන් ද ප්‍රකාශ කරනු ලබන්නේ, උපවාද නොකිරීම (අනුපවාදෝ), හිංසනයෙන් වැළකීම (අනුපඝාතෝ), ප්‍රාතිමෝක්ෂ සීල රක්ෂණය (පාතිමොක්ඛේ ච සංවරෝ), භෝජනයෙහි මාත්‍රඥතාවය දැනීම (මත්තඤ්ඤුතාච භත්තස්මිං) විවේක සෙනසුනක වැසීම (පන්තංච සේනාසනං), අෂ්ට සමාපත්තීන් වැඩීමෙහි වීර්ය වන්ත වීම (අධි චිත්තේ ච ආයෝගෝ) බුදු වරුන්ගේ අනුශාසනය බව යි.


“තෙරුවන් වන්දනාව.” වීඩියෝව නරඹන්න වීඩියෝවට ක්‍ලික්‍ කරන්න. සම්පුර්ණ වීඩියෝව මෙතන නරඹන්න >>
උන් වහන්සේගේ අනුශාසනය අකාලිකය. ප්‍රකාශ කළ ධර්මයක් ඒකාන්තයෙන් ඉෂ්ට සිද්ධ වන නිසා උන් වහන්සේ තථාගත වෙත්. එයද උන්වහන්සේ ගේ අනුශාසනා බල ශක්තියකි.

තවද උන්වහන්සේ දේශනා කළ ආර්යධර්මය මනුෂ්‍යයා ගේ විධිමත් අවබෝධය පිණිස, ගුරු මුෂ්ටි නොතබා, ත්‍රිකෝටි කළ්‍යාණ පාරිශුද්ධත්වයෙන් යුතුව මනා කොට අර්ථ ධර්ම නිරුක්ති වශයෙන් බෙදා දක්වා වදාරා ඇත. එය උන්වහන්සේගේ භගවා ගුණයේ විශිෂ්ටත්වයයි. එසේ දේශනා කළ නිසා අවබෝධ භාග්‍යය ලැබූ අප්‍රමාණ දෙව් මිනිස් සමූහයා සංසාර නිරෝධන ක්‍ෂාක්සාත් කර ගත්හ. උන් වහන්සේ ගේ අනුශාසනා ප්‍රාතිහාර්ය බල ශක්තියේ මහත්භාවය එපමණකින්ම තේරුම් ගත හැකි ය.

ගෞතම බුදුරජාණන් වහන්සේ පිරිනිවී ශත වර්ෂ විසි පහක් ඉක්මවා ගිය මෙකලද ඒ ප්‍රාතිහාර්ය බල ශක්තිය එලෙසම පවතී. ත්‍රිපිටක ධර්මය ලෙස පවතින්නේ ඒ අනුශාසනා ප්‍රාතිහාර්ය ඵලයයි.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
එහෙත් එය මත සිට අතුරු ප්‍රාතිහාර්ය පාමින් තම අභිමතයන්ට අනුව ඒ පෙළ දහමට විවිධ අර්ථ කථන දෙන අයද අද දක්නට ලැබේ.

බුද්ධානුශාසනා තුළ පුද්ගලාවබෝධය පිණිස පෙළ ගැසුනු විශ්මිත ක්‍රමවේදයක් ඇත. බුද්ධ කාලයේ උපන් උද්ඝටිතඤ්ඤු අය උන්වහන්සේගේ දහම් කරුණක් ඇසූ පමණින් ම මගඑල ලාභීහු වූහ. ධර්ම භාග්‍යය ලත් අනෙක් අය උන්වහන්සේ ධර්මානුශාසනා පරිදි ප්‍රතිපදාවෙහි පිහිටා, අවසානයේ ත්‍රිලක්ෂණ සංඛ්‍යාත අවබෝධයද, ඉදප්පච්චයතා න්‍යාය ධර්මය අනුව වූ පටිච්ච සමුප්පාද ධර්මාවබෝධය ද ලබා අධිගමන ලාභීන් වූහ.

එවැනි බොහෝ අය වෙත බුදු රජාණන් වහන්සේ ධර්මය දේශනා කළේ අනුපිළිවෙළින් දාන කථා, සීල කථා, සග්ග කථා, ආදීනව කථා, නෙක්ඛම්ම කථා ආදී නය පිළිවෙළකටය. අවසානයේ සාමුක්කංසික ගැඹුරු දේශනා කොට අවශ්‍ය ඉලක්කය සපුරා ගැනීමට අනුශාසනා කළහ. බුදු මග සිත ප්‍රධාන කොට දේශිත දහමකි. සථ්‍යාවබෝධය පිණිස පුද්ගලයාගේ සන්තානය අනු පිළිවෙළකට සකස් කිරීම සම්මා සම්බුදුවරයෙකුට සුවිශේෂ බල ශක්තියකි.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
බුදුරජාණන් වහන්සේ ගේ ධර්මය ඒහි පස්සිකය. ඕපනයිකය. එහි ඒකාධිකාරී හෝ විධායක ලක්ෂණ නැත. මහා පරිනිබ්බාන සූත්‍රයේ දැක්වෙන සතර මහෝපදේශ මගින්ද ඒ බව මනාව ප්‍රකට කරයි.

ඛුද්දක නිකාය ගත ධම්ම පදය කියවන විට පුද්ගලයාට ධර්මය අවබෝධ කරවීම පිණිස අප ජීවත් වන පරිසරයෙන් උපමා රූපක ගෙන දක්වා ඇති ආකාරය විශ්මය ජනකය. ගෞතම බුදුරජාණන් වහන්සේ හතලිස් පස් වසරක් පුරා කළ අනුපමේය මෙහෙවර තුළින් සැබැවින්ම ප්‍රකට වන්නේ උන්වහන්සේ ගේ අනුශාසනා ප්‍රාතිහාර්යම ය. දුප්පත් පොහොසත්, කුලීන, කුලහීන ආදී සියලු ලෞකික තත්ත්වයන්ගෙන් බුද්ධානුශාසනා නිරපේක්‍ෂය.

ඔබ සැමට තෙරුවන් සරණයි!

උපුටා ගැනීම: http://www.dinamina.lk/2009/12/02/_art.asp?fn=a0912024

උපුටා ගැනීම: http://mahamevnawa.lk

අදාළ:
සත්තා දේව මනුස්සානම් බුදු ගුණය 1 — පූජ්‍ය පොල්පිතිමුකලානේ පඥ්ඥාසිරි ස්වාමින් වහන්සේ [වීඩියෝ]

The Miracle of Instruction 1 [Thripitaka — External >>]

බුදුරජාණන් වහන්සේගේ ප්‍රාතිහාර්ය: සෘද්ධි ප්‍රාතිහාර්ය 1

බුදුරජාණන් වහන්සේගේ ප්‍රාතිහාර්ය: අදේශනා ප්‍රාතිහාර්ය 1

ඔබ සැමට තෙරුවන් සරණයි! May The Triple Gem Bless You! [Pictures — External >>]
 
අපමණ පුද ලද බුදු හිමි ගුණ කඳ 1

තෙරුවන් ගුණ හඳුනා ගනිමු 1

තුන්ලෝ තතු ලෙස දත් ලෝකවිදූ බුදුගුණය 1

සියලු බුදුවරුන්ගේ අනුශාසනාව 1

අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා 1
 
භාග්‍යවතුන් වහන්සේ, සක්වල සහ අපි 1

ඇසළ පෝය දා උදා වූ මහා ප්‍රඥාව අනාත්ම දර්ශනය 1

සිල්වතුන්ට දෙවියෝ ද ආසිරි පතති 1

සිත පාලනය 1

එදිනෙදා ජීවිතයට විපස්සනා භාවනාව 1