SomaHimi.org
 තෙරුවන.ඕර්ග්
 Threegems.org
 Vidarshana.org
 Jeevithaya.org
 Thinkup.today
මූණු පොත
Title Horizontal Line Shadow Title Horizontal Line
අලුත්   ලිපි   රූප   වීඩියෝ   භාගත   ඇමතුම්
අලුත්   ලිපි   රූප   වීඩියෝ   භාගත   ඇමතුම්
චතුරාර්ය සත්‍යය සැනසුම ලබන මග 1

ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!

ප්‍රකාශනය: 2016-01-13

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස!

දුක්කං දුක්ඛ සමුප්පාදං
දුක්කස්ස ච අතික්කමං
අරියං අට්ඨංගිකං මග්ගං
දුක්ඛුප සමගාමිනං


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.

අද අධි ඇසළ පුරපසළොස්වක පොහොය දවසයි. ලිත් ක්‍රමය අනුව මෙම වසරේ ජුලි මාසයේ ඇසළ පුර පොහොය දෙකක් යෙදී ඇත. ඉන් පළමු පුර පොහොය අධි ඇසළ පුර පොහොය ලෙස භාවිතා කෙරෙයි. සිදුහත් බෝසතුන් මව්කුස පිළිසිඳ ගැනීම, සිදුහත් බෝසත් කුමරු ගිහිගෙය හැර පැවිදි වීම, බුදුරදුන්ගේ ප්‍රථම දම් දෙසුමවන දම්සක් පැවතුම් සූත්‍රය පස්වග මහණුන්ට දේශනා කිරීම යන සිදුවීම් සිහිපත් කරමින් ලෝකවාසී බොදු මහ ජනතාව අධි ඇසළ ‍පුර පොහොය සමරති.

අද ධර්ම දේශනාව සඳහා මා ඉහතින් මාතෘකා කරගත් ගාථා ධර්මයෙන් අර්ථවත් වන්නේ දුක, දුක ඇතිවීමට හේතුව, දුක නැති කිරීම, දුක නැති කිරීමේ මාර්ගය වූ ආර්ය අෂ්ඨාංගික මාර්ගය යන චතුරාර්ය සත්‍යය යමෙක් දනීද ඔහු දුක නැති කරගනී’ යන්නයි.


“සංසාර ගමනේ තණ්හා ආශා (Buddhist Song) 1 — ඩබ්ලිව්. ඩී. අමරදේව.” වීඩියෝව නරඹන්න වීඩියෝවට ක්‍ලික්‍ කරන්න. සම්පුර්ණ වීඩියෝව මෙතන නරඹන්න >>
බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍යය හා ආර්ය අෂ්ඨාංගික මාර්ගය පිළිබඳව පළමුවෙන් දේශනා කොට ඇත්තේ අද වන් දිනක පස්වග තවුසන්ට පැවැත්වූ දම්සක් පැවතුම් සූත්‍ර දේශනාවෙනි.

සිද්ධාර්ථ බෝසතුන් විසිනව වසරක් රජ මැඳුරේ පස්කම් සුවය විඳිමින් කල්ගෙවූ නමුත් ඒ තුළින් සැනසුමක් සොයාගත නොහැකි බව වටහා ගත්හ. අනතුරුව පැවිදිව වසර හයක් ශරීරයට දැඩි දුක් දෙමින් දුෂ්කර ක්‍රියා කළහ. ඒ තුළින් ද සැනසීම ලද නොහැකි බව අවබෝධ කරගත් බෝසතාණෝ මැදුම් පිළිවෙත හෙවත් මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කොට උතුම් බුද්ධත්වයට පත් වූහ.

බුදුරජාණන් වහන්සේ පස්වග තවුසන් උදෙසා දේශනා කළ ධම්මචක්කප්පවත්තන සූත්‍රය තුළින් දුක පිළිබඳවත් දුකට හේතුවත් දුක නැති කිරීමත් දුක නැති කරන මාර්ගය පිළිබඳවත් දේශනා කොට ඇත.

ඉපදීම, ලෙඩ වීම, මහළු වීම, මරණයට පත්වීම, කැමති දේ නොලැබිම, ප්‍රියයන්ගෙන් වෙන්වීම, අප්‍රියයන් හා එකතු වීමට සිදුවීම සාමාන්‍ය වශයෙන් වන දුකකි. එමෙන්ම ලෝකයේ වෙනස් වීම තුළින්ද දුක් ඇති වේ. මෙලෙස අපට දුක් ඇති වන්නේ පෙර ආත්මවල පටන් අප ඇතිකරගත් ආශාව හෙවත් තණ්හාව නිසයි.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
1. කාම තණ්හා, 2. භව තණ්හා, 3. විභව තණ්හා යන ත්‍රිවිධ තණ්හා අපගේ සංසාර ගමන දීර්ඝ කරයි. පස්කම් සැප විඳීමේ ආශාව නිසා සත්ව ඝාතනය, සොරකම, වැරදි කාම සේවනය, බොරුව, සුරාව, සූදුව ආදි දුෂ්චරිත ක්‍රියාවන්ට ඇබ්බැහි වෙයි. විවිධ ක්‍රම මඟින් පසිඳුරන් පිනවීමට යයි. එහි ඵලය තව තවත් දුකටම පත්වීමට සිදුවීමයි. විවිධ භව වල ඉපදීමට ආශා කරයි. තවත් සමහරු වෙනත් ආත්මවල නූපදින බව සිතා මේ ආත්මයේ ඇති තරම් හැකි තරම් සැප විඳීමට ගොස් දුකට හා පසු තැවිල්ලට පත් වේ.

ඉහත තත්ත්වය වටහාගත් පුද්ගලයා ආශාවන් දුරු කොට නිවන් මඟ සොයයි. එම පුද්ගලයා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරයි. යහපත් කල්පනාවෙන් යහපත් දැකීමෙන් යුතුව ක්‍රියා කරයි. යහපත් වචන කතා කරන පුද්ගලයෙකු වෙයි. පංච දුෂ්චරිතයෙන් ඈත් වී සුචරිත ක්‍රියාවල නියුතු වෙයි.

තමා කරන ගොවිතැන, වෙළෙඳාම, කර්මාන්ත ආදිය දැහැමි ලෙස සිදු කරයි. හැම විටම තම උත්සාහය අත් නොහරියි. තමාකරන සිතන යහපත් ක්‍රියාකාරකම් පිළිබඳ මනා සිහිබුද්ධියෙන් ක්‍රියා කරයි.


“ආර්ය අෂ්ටාංගික මාර්ගය 3 — පූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප ස්වාමින් වහන්සේ.” වීඩියෝව නරඹන්න වීඩියෝවට ක්‍ලික්‍ කරන්න. සම්පුර්ණ වීඩියෝව මෙතන නරඹන්න >
ඒ තුළින් එකඟ වූ මනසක් සිතක් ඇති කරගෙන මෙලොව දියුණුව හා පරලොව දියුණුව සලසා ගැනීම පමණක් නොව සියලු ආශාවන් දුරුකොට නිවන් සුවයද සලසා ගනී.

මෙලොව ජීවත්වන ඔබත් ජීවිතයේ යථාර්ථය වටහාගෙන අනුන්ගේ වැරදි බස් වලට හෝ කම් සැපයට ගිජු නොවී බුදුරදුන් දෙසූ දැහැමි ධර්ම මාර්ගයේ ගමන් කරන්න. එවිට ඔබත් මෙලොව ජීවිතයේ සැනසුම ලැබුවෙකු බවට පත් වේ. පරලොවදීද සැනසීම ලබයි. නිවන් සුවය සලසා ගැනීමටද ඔබට ඒ අනුව හැකියාව ලැබෙනු ඇත. එම නිසා ආශාවන් පසුපස හඹා නොයන්න. කෙළෙස් බැමි සිඳලන්න. හිසමත දරාගෙන සිටින තණ්හා ආශා පොදි බිමින් තබා බුදුරදුන් දෙසූ දහමින් සැනසුම් සුව විඳින්න.

ඔබ සැමට තෙරුවන් සරණයි!

උපුටා ගැනීම: /yanna/?thena=csath1

අදාළ:
චතුරාර්ය සත්‍යය 1 — අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය ස්වාමින් වහන්සේ [වීඩියෝ]

Four Noble Truths 1 [Articles — External >>]

ඔබ සැමට තෙරුවන් සරණයි! May The Triple Gem Bless You! [Pictures — External >>]

තෙරුවන් ගුණ හඳුනා ගනිමු 1

අප්‍රමාදය ආලෝකයේන් බබළයි 1
 
දන්දීම 1

ඇසළ පෝය දා උදා වූ මහා ප්‍රඥාව අනාත්ම දර්ශනය 1

භාග්‍යවතුන් වහන්සේ, සක්වල සහ අපි 1

දෙලොව දියුණුව 1

සෑම සුවඳකටම වඩා උතුම් සුවඳ 1
 
මාර්ග ආර්ය සත්‍යය 1

බණ ඇහුවොත් නිවන කිට්ටුවෙනවා If You Listen to (Learn) the Dhamma You Can Get Close to Nibbana 1

අපමණ පුද ලද බුදු හිමි ගුණ කඳ 1

සියලු බුදුවරුන්ගේ අනුශාසනාව 1

අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා 1