SomaHimi.org
 තෙරුවන.ඕර්ග්
 Threegems.org
 Vidarshana.org
 Jeevithaya.org
 Thinkup.today
මූණු පොත
Title Horizontal Line Shadow Title Horizontal Line
අලුත්   ලිපි   රූප   වීඩියෝ   භාගත   ඇමතුම්
අලුත්   ලිපි   රූප   වීඩියෝ   භාගත   ඇමතුම්
සසර පුරා අමිල සැපදෙන කඨින පින්කම 1

ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!

බුද්ධ ශ්‍රාවක භික්‍ෂු විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය ශාලාධිපති ශාස්ත්‍රපති අතලේ සුමන හිමි

ප්‍රකාශනය: 2014-10-12 — අලුත් කිරීම: 2017-10-13


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.

වප් පුන් පොහෝ දිනයෙන් වස්සාන ඍතුව අවසන් වෙයි. ඇසළ අවපෑළවිය දින වස්සානයේ පෙරවස් සමාදන් වූ භික්‍ෂූන් වහන්සේලා වප් පුන් පොහෝ දින පෙරවස් පවාරණය කළහ. අනතුරුව එළඹෙනුයේ කඨින චීවර මාසයයි. පුරා මාසයක් කඨින පින්කම් පැවැත්වීමට අවකාශ ඇත. මෙම මාසය ලොව පුරා බෞද්ධයෝ කඨින චීවර පූජාව පෙරටුකොට මහ පින්කම් කරති.

වස් විසූ භික්‍ෂූන් වහන්සේලාට පවාරණයෙන් අනතුරුව “කඨින” නමින් චීවරයක් ඇතිරීමට අනුදැන වදාළහ. භික්‍ෂුවගේ පහසු විහරණය පිළිබඳව නිරතුරුව සැළකිලිමත් වූ බුදුරදුන් කඨිනයක් ඇතිරීමට අනුදත්තේද ඒ සඳහාමය. පාවා නුවර වැසි භික්‍ෂූන් තිස් නමක් බුදුරදුන් වැඳීම සඳහා සැවැත්නුවර බලා පිටත් වූහ.අතර මඟ සාකේත නුවරදි වැසි සමය ආරම්භ වූ හෙයින් විනයෙහි පැනවීම අනුව උන්වහන්සේලා එහි වස් සමාදන් වූහ.


“ගිලෙම් ඔබේ ගුණ මූදේ (Devotional Song) 1 — ඩබ්ලිව්. ඩී. අමරදේව.” වීඩියෝව නරඹන්න වීඩියෝවට ක්‍ලික්‍ කරන්න. සම්පුර්ණ වීඩියෝව මෙතන නරඹන්න >>
වැසි සමය අවසන් වත්ම යළි බුදුරදුන් හමුවීමේ අභිලාශයෙන් මඟට වන් උන්වහන්සේලා අතර මඟදී මහ වැස්සට හසු වී පීඩාවට පත් වූහ. තෙත සහිත සිවුරු වලින් යුතුවම බුදුරදුන් වැඳ සිටි විට තුන් සිවුරට අතිරේක සිවුරක අවශ්‍යතාවය දැක වස් විසූ භික්‍ෂූන්ට “කඨින” නමින් සිවුරක් පිළිගැනීමට අවසර දුනි.

මහ පොළොව මෙන් අකම්පිත හෙයින්ද මහාමෙර මෙන් නොසැලෙන හෙයින්ද දියමන්තියක් මෙන් නොබිෙඳන හෙයින්ද මෙම චීවර පූජාව “කඨින” නමින් හැඳින්වේ. ආනිසංසයන්ගේ ඇති විපුල බවත්, සුවිශේෂි බවත් පදනම් කර ගනිමින් මෙලෙස හැඳින් වූවා නිසැකයි.

අට මහා කුසල් නමින් පින්කම් අටක් අනුපිළිවෙලින් හඳුන්වා දී ඇත. එම පින්කම් අතර ප්‍රමුඛස්ථානය කඨින පින්කමට ලැබෙන අතර අටපිරිකර පූජාව ආවාස දානය, බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා විෂයෙහි ප්‍රත්‍යය පූජාව, ධර්මය ලියවීම, බුද්ධ ප්‍රතිමා ඉදිකිරීම, වැසිකිළි සෑදීම හා ළිං පොකුණු තැනවීම සෙසු පින්කම් වේ.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
කඨින පින්කමෙහි ආනිසංස ප්‍රකාශයේදී ප්‍රධාන මූලාශ්‍රය වන්නේ විපස්සී බුදුරදුන් දවස තෙමේ භික්‍ෂූන් වස් වසවා වැසි සමය තුළ සිවුපසයෙන් උපස්ථාන කර අවසානයේදී කඨින චීවර පූජාවක් කර එහි ආනිසංසයන් සසර පුරාවට විඳ අපගේ ගෞතම බුදුරදුන් දවස නාගිත නමින් හැඳින්වුන මහරහතන් වහන්සේගේ ප්‍රකාශනයක් වන නාගිත චරිතාපදානයයි.

සසර ජීවිතයේදි මනුෂ්‍ය දිව්‍ය, බ්‍රහ්ම ලෝකයන්හි සැපයයි, සැළකෙන යමක් වේද ඒ සියල්ල තමන් වහන්සේ විසින් විඳින ලද බව එහි ප්‍රකාශිතය. එතෙක් මෙතෙක් කිසිදු දුගතියකට නොගිය උන්වහන්සේ ශක්‍ර බ්‍රහ්ම චක්‍රවර්තී සම්පත් බොහෝ වාරයක් විඳින ලදහ. අවම කුලයන් නොඉපදුනහ. ආඪ්‍ය කුලයන්හිම ඉපදුනහ. ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥාවන් ගෙන් අනූන ජීවිත ලදහ. උපභෝග පරිභෝග වස්තූන් අතිමහත් ලෙස දුන් නමුත් ඒවා කඨින දානයේ ආනිසංසයෙන් කලාව (1/16) ක් තරම් හෝ නොවටින බවද ප්‍රකාශ කෙරුණි.


“කඨින චීවර පුණ්‍ය මහෝත්සවය Kathina Robes Offering Ceremony, Halambagaswawa, Sri Lanka 1.” වීඩියෝව නරඹන්න වීඩියෝවට ක්‍ලික්‍ කරන්න. සම්පුර්ණ වීඩියෝව මෙතන නරඹන්න >
කඨිනය වෙනුවෙන් ව්‍යාවෘත වීමේදී දරනු ලබන අතිමහත් කායික වාචසික මානසික ප්‍රයත්නයන්ගේ එකතුවෙන් මෙලෙස ඉමහත් ආනිසංසයක් ලැබීම සාධාරණය. ඉමහත් ප්‍රයත්නයෙන් කරන ලද්දෙහි ප්‍රතිඵලය ඉමහත්ය. කඨින පිළිබඳව පළමුව අවධානය යොමු වන්නේ වස් ආරාධනාවත් සමගය. අවසානයේ සිදුකෙරෙන කඨින පින්කම පිළිබඳව අපේක්‍ෂා සහගතව එය ඉලක්ක කර ගනිමින් වස්සානය පුරා විවිධාකාර පුද පෙළහර පවත්වති. සාදු නාද මධ්‍යයේ මහ පෙරහරින් කඨින වස්ත්‍රය වඩමවා එදිනම සැකසූ සිවුරින් එම පූජාව කෙරෙනුයේ සාමූහික ප්‍රයත්නයක ප්‍රතිඵලයක් වශයෙනි. මහත් වූ ශ්‍රද්ධාවකින් හැඟීම් බරව එහිලා අත හිත ගසන නිසාම මහ පිනක් ලැබීම අනිවාර්යය. ක්‍රියාවන්හිදි උපයුක්ත වන චේතනාත්මක ස්වභාවය මත ඒවායේ ගුණාත්මක බවෙහි ප්‍රමාණය තීරණය වන නිසා බොදුනුවෝ කඨින පින්කමෙන් ඉමහත් පිනක් ලබති.

සසර බිය ජනකය. සසරින් මිදීමටත් සසරදී යම් පමණ හෝ අස්වැසිල්ලක් ලබා ගැනීමටත් ඉවහල් වන පින්, කුසල් පිළිබඳවත් දුක්ඛදායි අනුභූතින්ට සාධක වන පව් අකුසල් පිළිබඳවත් නිර්දේශයක් ඇතුළත් වනුයේ සූත්‍ර පිටකයට අයත් දේශනාවන් හිය.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
විනය පිටකයේ ඇත්තේ භික්‍ෂූ භික්‍ෂූණින් වෙනුවෙන් පැන වූ නීති රීති හා සිරිත් විරිත් පිළිබඳ නිර්දේශයන් වේ. එහෙත් කඨින චීවරය පිළිබඳව පැවසෙනුයේ විනය පිටකයෙහිය. එය විනයෙහි දැක්වෙන එකම පින්කම සේ සැළකීමද වටී.

විනය ප්‍රඥප්තියක් මත නිර්දේශිත කඨිනයක් ඇතිරීම භික්‍ෂුව ආනිසංස පහක් ලැබීමට කරුණුවේ. එමෙන් විනය ප්‍රඥප්තින් ඉක්ම වීමේ අවස්ථා පහකින් නිදොස් වීමටද අවකාශ සැලසේ. (“පඤ්චානි සංස සහිතං — පඤ්ච දොස විවපජිතං”) නාගිත චරිතාපදානයෙහි දැක්වෙන අයුරින් සුවිශේෂ පින්ඵල ලැබීමට දායක පක්‍ෂයට අවස්ථාව ලැබෙන අතර ප්‍රතිග්‍රාහකයනටද උක්ත ආනිසංස ලැබීම විශේෂයකි.

දායකයාගේ දීමෙන් හා ප්‍රතිග්‍රාහකයාගේ පිළිගැනීමෙන් දානයක කරුණු සම්පූර්ණවේ. නමුත් කඨින දානයේ කටයුතු එලෙස නිමා නොවනු ඇත. එය සම්පූර්ණ වීමට කඨින චිවරයේ පැවරුම් ලද භික්‍ෂුව විසින් ඊට අදාළව කළයුතු විනය කර්ම රාශියක් ඇත.

පැරැණි සිවුරු උපුටා දැමීම, තම සිවුරේ කප් බින්දු තැබීම, එය අධිෂ්ඨාන කිරීම, සද්ධිවිහාරිකයනට කඨිනානුමෝදනාව හා චීවර අවිප්පවාසය නම් වූ සිවුර තමා සමීපයෙන් බැහැරව නොතැබීම ආදිය වේ.


“කඨින චීවර පූජාව, හෙනන්නේගල Kathina Robes Offering, Henannegala, Sri Lanka, November 2012.” වීඩියෝව නරඹන්න වීඩියෝවට ක්‍ලික්‍ කරන්න. සම්පුර්ණ වීඩියෝව මෙතන නරඹන්න >>
බෞද්ධයාගේ පුණ්‍යකාලය භික්‍ෂූන් වස් වසන වස් කාලයයි. සියලු විහාරස්ථානයන් කේන්ද්‍ර කරගෙන තෙරුවන් වෙනුවෙන් මල් පහන් ගිලන් පස ආදි පූජා පැවැත්වීම සෙත්පිරිත් සජ්ඣායනය, ධර්ම දේශනා ආදි වශයෙන් පෙළ ගැසෙන පින්කම් අවසානයේ සිදු කෙරෙන කඨින චීවර පූජාව දායක ප්‍රතිග්‍රාහක දෙපිරිසටම මහත් වූ පින් මහිමයක් උදා කරදෙන පින්කමකි.

ඔබ සැමට තෙරුවන් සරණයි!

උපුටා ගැනීම: http://www.lakehouse.lk/budusarana/2012/11/06/tmp.asp?ID=fea02

අදාළ:
ශතාධික කඨින පිංකම 1 — පූජ්‍ය කුකුල්පනේ සුදස්සී ස්වාමීන්වහන්සේ [වීඩියෝ]

The Kathina Ceremony and Its Meaning 1 [Articles — External >>]

සාදු! Sadhu! [Pictures — External >>]

මඳ මඳ වුවද කුසල් රැස් කරන නැණවතා පිනෙන් පිරේ 1

දන්දීම 1
 
සිතට සුව ගෙන දෙන වස්සාන සමය 1

නිකිණි පෝය 1

කඨින මහා පින්කම් ඇරැඹෙන අසිරිමත් වප් පොහොය 1

සිල්වතුන්ට දෙවියෝ ද ආසිරි පතති 1

දහමෙහි හැසිරීමෙන් සමාජ යහපත 1
 
සදහම් ඇස පහළ විය 1

අපමණ පුද ලද බුදු හිමි ගුණ කඳ 1

සියලු බුදුවරුන්ගේ අනුශාසනාව 1

සිවුරේ කතාව 1

අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා 1