SomaHimi.org
 තෙරුවන.ඕර්ග්
 Threegems.org
 Vidarshana.org
 Jeevithaya.org
 Thinkup.today
මූණු පොත
Title Horizontal Line Shadow Title Horizontal Line
අලුත්   ලිපි   රූප   වීඩියෝ   භාගත   ඇමතුම්
අලුත්   ලිපි   රූප   වීඩියෝ   භාගත   ඇමතුම්
පාලි පොතෙන් බේතක්! 1

ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!

හසන්ත සමරසිංහ

ප්‍රකාශනය: 2014-11-13


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.

අපේ අටුවා — ටීකා පොත්වලින් හෙළි වන බලසම්පන්න ඖෂධයක් පිළිබඳ විස්තරයකි මේ.

පාලි පොත් භාවිතය අතීතයේ බොහෝ ආයුෂ ඇති ව ජීවත් වූ මිනිසුන්ගේ ක්‍රියා කලාප හා බෙහෙත්-හේත් ආදිය පිළිබඳ ව තතු දැනගැනීමට හැකි හොඳ ම ක්‍රමයකි. දීර්ඝායුෂ ඇති නීරෝගි බල සම්පන්න පුරුෂයන් බිහි කළ ඖෂධ රාශියක් පිළිබඳ ව තොරතුරු පාලි පොත-පතෙහි සඳහන් ය. ලෝණසෝවීරකය යනු එවැනි වටිනා ඖෂධ අතරින් එකකි.

වැලිවිටියේ සෝරත හිමියන් ශ්‍රී සුමඞ්ගල ශබ්දකෝෂයේ දී “ලෝණසෝවීරක” යන වචනයට අර්ථ සපයමින් සියලු ශස්‍ය වර්ග ඵලාඵල මත්ස්‍ය මාංස ඖෂධ වර්ග ආදිය එක් කොට ධාන්‍ය පාකයෙහි පිස තුන් අවුරුද්දක් ගත වූ, සියලු ලෙඩට හිත වූ බෙහෙතක්’ යනුවෙන් දක්වා ඇත.

ලෝණසෝවීරකය පිළිබඳ ව කරුණු දක්වන ටීකාව සඳහන් කරනුයේ මෙය නොයෙක් බෙහෙත්වලින් සකසන ලද මත්බවක් ඇති නො කරවන ආසවයක් වශයෙනි.


“දන්නෝ බුදුන්ගේ (Buddhist Song) 2 — කපිල සහ නෙලූ අදිකාරී.” වීඩියෝව නරඹන්න වීඩියෝවට ක්‍ලික්‍ කරන්න. සම්පුර්ණ වීඩියෝව මෙතන නරඹන්න >>
මෙහි “ආසව” යනු ඖෂධ වර්ග පල් කොට සාදන බෙහෙත් විශේෂ වේ (සාරත්ථදීපනී විනය ටීකාව හා ශ්‍රී සුමඞ්ගල ශබ්දකෝෂය).

ලෝණසෝවීරකය පිළිබඳ ව විනය පිටකයෙහි සඳහන් වන්නේ එවැනි කරුණු ය. මේ බෙහෙත පිළිබඳ වැඩි විස්තර සපයාගැනීමට අටුවාව පරිශීලනය කළ යුතු ය.

විනය අටුවාවෙහි දැක්වෙන අන්දමට ලෝණසෝවීරකය යනු සියලු රසයන්ගේ එකතුවෙන් සාදන බෙහෙතකි. ඒ අනුව අරළු, බුළු, නෙල්ලි යන වර්ග තුන තම්බා ගෙන එයට අපරණ්ණ යනුවෙන් හැඳින්වෙන ගොඩ ගොවිතැනින් ලැබෙන මුං, මෑ, කොල්ලු ආදි සියලු ධාන්‍ය වර්ග, සප්තවිධ ධාන්‍ය වශයෙන් සලකනු ලබන ඇල්, වී, යව, තණ, අමු, වර හා තිරිඟු යන වර්ග සතෙන් පිළියෙල කළ බත්, කෙසෙල් ගෙඩි ආදි සියලු ගෙඩි වර්ග, වේවැල්, වැටකේ, දුනුකේ ආදි සියලු බොඩ වර්ග, මස් හා මාළු කැබලි, මී පැණි, උක් පැණි, සහිඳ ලුණු ආදිය, කටුක (කුළු බඩු වර්ග විය හැකි ය) බෙහෙත් ආදිය දමා සැළි මුව වටා මැටියෙන් බැඳ අවුරුදු එකක්, දෙකක් හෝ තුනක් තැබිය යුතු ය. එය පැසුණු විට දඹ යුෂ පැහැයෙන් යුතු වේ (සමන්තපාසාදිකා විනය අටුවාව).


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
ලෝණසෝවීරකයේ ගුණ පිළිබඳ ව ද සමන්තපාසාදිකා විනය අටුවාවෙහි කරුණු දක්වා ඇත. ඒ අනුව මෙම ඖෂධය වාත රෝග, කාස රෝග, කුෂ්ඨ රෝග, පාණ්ඩු රෝග, භගන්දරා රෝග යනාදියට පථ්‍ය වූවකි.

මෙහි වාත රෝග යනු ප්‍රාණ, උදාන, සමාන, ව්‍යාන, ආපාන යන වාතයෙන් ඇති වන රෝග පහ යි. මෙවන් වාත රෝග මෙපමණ යැ යි කියා දැක්විය නොහැකි බව ද සඳහන් වේ. කාස රෝග යනු කැස්ස යි. කුෂ්ඨ රෝග යනු ශරීරයේ සිවිය, ලේ, සම ආදිය දූෂණය වීමෙන් ඇති වන කැසීම් ආදිය යි. එවැනි කුෂ්ඨ රෝග දහ අටක් පිළිබඳ ව සඳහන් වේ. පාණ්ඩු රෝග යනු ධාතු කිපී ශාරීරික ශක්තිය, වර්ණය ආදිය ක්ෂය වීම යි. භගන්දරා ආබාධය ගුදයත් ලිංගයත් අතර පෙදෙසේ ඇති වී පිපිරී යන බුබුළ ගුද මාර්ගය දක්වා ගමන් කිරීමෙන් හට ගනී. (චරක සංහිතාව). මෙම භගන්දරා රෝගය නිසා ලේ වහනය වන බව ද කියැවේ.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
බිම්බිසාර මහ රජුට මෙම රෝග වැලඳුණි. ලේ වහනය වීම නිසා සළු ලෙයින් වැකුණු අතර එය දුටු බිසෝවරු “රජුට ඔසප් පැමිණියේ ය, රජු ළඟ දී ම වදන්නේ ය” යනුවෙන් කියා විහිළු කළෝ ය. මෙයින් අධික පීඩාවට පත් රජු ජීවක වෛද්‍යවරයා වෙතින් ප්‍රතිකාර ගෙන සුවපත් විය. (මහාවග්ගපාළි).

ලෝණසෝවීරකය යනු මෙවන් දරුණු රෝගවලට පවා නිර්දේශිත ඖෂධයකි.

“භුත්තානඤ්ච උත්තරපානං භත්තජීරණකභේසජ්ජං තාදිසං නත්ථි. තං පනේතං භික්ඛූනං පච්ඡාභත්තම්පි වට්ටති, ගිලානානං පාකතිකමේව, අගිලානානං පන උදකසම්භින්නං පානපරිභෝගේනාති.”

මෙම ඖෂධය රෝග ඇත්තන්ට ම පමණක් පානයට නිර්දිෂ්ට වූවක් නො වේ. සාමාන්‍ය මිනිසුන්ට ද ජීර්ණක බෙහෙතක් වශයෙන් ගත හැකි ය. ආහාර ගැනීමෙන් පසු ව ලෝණසෝවීරකය පානය කිරීමෙන් ආහාර මැනවින් දිරවයි. අනුභව කළ ආහාරය දිරවන එබඳු වෙනත් බෙහෙතක් නම් නැත.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
එය භික්ෂූන්ට පසුබත් කාලයෙහි (පසුබත් කාලය යනු සාමාන්‍යයෙන් දානය වැළඳූ පසු එනම් මධ්‍යාහ්න 12.00 පමණේ සිට සවස 06.00 පමණ දක්වා කාලය යි) දවළඳන්නට වටියි. ගිලනුන් විසින් මෙම බෙහෙත ගන්නා විට බෙහෙත ඇති ආකාරයෙන් ම ද, නොගිලන් සාමාන්‍ය මිනිසුන් ගන්නා විට ජලය මිශ්‍ර කොට ද ගත යුතු ය. (සමන්තපාසාදිකා විනයට්ඨකථාව).

පෙරදිග අතීත මිනිසුන් විසින් භාවිත කළ මෙම ඖෂධ විෂ රහිත ය; බටහිර බෙහෙත් මෙන් ලෙඩක් නැති ව පානය කළ කල්හි අමුතු රෝග උත්පාදනයක් ද නො වෙයි. කවරදා පානය කළ ද ශරීරයට යහපතක් ම ඇති කරවයි.

ථේරවාදි පාලි ධර්ම ග්‍රන්ථයන්හි එන සැඟවුණු මෙවැනි වටිනා ඖෂධ පිළිබඳ ව නුවණැත්තෝ දැනුවත් වෙත්වා! ඒ මගින් දිගාසිරි සුව සැප විඳීමට පෙලඹෙත්වා!


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.

ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.

(පාරාජිකපාළි, මහාවග්ගපාළි, සමන්තපාසාදිකා විනයට්ඨකථාව, සාරත්ථදීපනී විනය ටීකාව, චරකසංහිතාව හා ශ්‍රී සුමඞ්ගල ශබ්දකෝෂය යන කෘති ඇසුරු කැරිණි)

ඔබ සැමට තෙරුවන් සරණයි!

උපුටා ගැනීම: http://www.namaskara.lk/?sid=article&dt=2014/10&id=2014/10/npg88_0

උපුටා ගැනීම: https://www.facebook.com/sinhalawedakama

උපුටා ගැනීම: https://www.facebook.com/MAHAMEGHA

උපුටා ගැනීම: https://www.facebook.com/oththukaru

උපුටා ගැනීම: https://www.facebook.com/ColourfulHeartsindworld

අදාළ:
අභිධර්මය යනු බුද්ධ දේශනාවක්ද? 1 — අතිගරු නාඋයනේ අරියධම්ම නායක ස්වාමීන් වහන්සේ [වීඩියෝ]

The Tipitaka — The Pali Canon 1 [Articles — External >>]

ඔබ සැමට තෙරුවන් සරණයි! May The Triple Gem Bless You! [Pictures — External >>]

බෝධිපූජාවෙන් නියම අනුසස් ලැබීමට නම්... 1

දානයෙහි අනුසස් 1
 
ආලෝකයෙන් ආලෝකයට 1

මනස සනසන පිරිත් සුතුර 1

මංගල සූත්‍රය පිරිත් නූලට සීමා කරන්න එපා! 1

සුවපත් වන්න 1

දුක දුරු කරගෙන සැප උදාකර ගැනීම පිණිසයි 1
 
අපමණ පුද ලද බුදු හිමි ගුණ කඳ 1

සියලු බුදුවරුන්ගේ අනුශාසනාව 1

වත්මන් තරුණ භික්‍ෂුවගේ ශාසනික හා සමාජ මෙහෙවර පිළිබඳ විමර්ශනයක් 1

සසුන දිලුණේ යෞවනය නිසාමය 1

අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා 1