SomaHimi.org
 තෙරුවන.ඕර්ග්
 Threegems.org
 Vidarshana.org
 Jeevithaya.org
 Thinkup.today
මූණු පොත
Title Horizontal Line Shadow Title Horizontal Line
අලුත්   ලිපි   රූප   වීඩියෝ   භාගත   ඇමතුම්
අලුත්   ලිපි   රූප   වීඩියෝ   භාගත   ඇමතුම්
රාහුල මහාශ්‍රාවකයන් වහන්සේ 1

ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!

සද්ධර්ම කීර්ති ශශ්‍රී ත්‍රිපිටකාචාර්ය දිවියාගහ යසස්සි නා හිමි

ප්‍රකාශනය: 2015-02-27


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.

බුදුරදුන්ගේ ශ්‍රාවකයන් අතර ශික්‍ෂාකාමිත්වයෙන් අග්‍ර වූ තනතුර රාහුල හිමියන්ට පිරිනැමූ බව සික්‍ඛාකාමානං යදිදං රාහුලෝ යන දේශනා පාඨයෙන් පෙන්වා දෙනවා. මේ රාහුල හිමිපාණන්ගේ අතීත චරිත කතාව ධාර්මිකවූත් ආදර්ශ සම්පන්න වූත්, අනුවේදනීය වූත් එකක් බව පැහැදිලිය. අතීතයේ වැඩ සිටි පදුමුත්තර බුදුරදුන්ගේ කාලයෙහි මහදන් පවත්වමින් සිටිය දී උපරේවත නම් කුඩා රහත් තෙරනමක් ඍද්ධි ප්‍රාතිහාර්ය පාන බව දැක සතුටට පත් වුණා. ඒ උපරේවත තෙරුන් පදුමුත්තර බුදුරදුන්ගේ ගිහි කාලයේ පුතනුවන් බව දැන තමන් ද මතු බුදු කෙනෙකුන්ගේ පුතෙකු බවට පත් වන්නට ඇත්නම් ඉතා හොඳය යි ප්‍රාර්ථනා කළා. ඒ අනුව නියත විවරණ ලබා අප ගෞතම බුදුරදුන් ලොව පහළ වූ කල්හි සිද්ධාර්ථ කුමාරයාණන්ගේ පුත් ව ඉපිද රාහුල නමින් ප්‍රසිද්ධ වූවා.

සිද්ධාර්ථ බෝසතුන් බුද්ධත්වයට පත්ව පිය රජතුමාගේ ආරාධනයෙන් කිඹුල්වත් පුරයට වැඩම වීමෙන් සත් වන දින විසි දහසක් පමණ භික්‍ෂූන් පිරිවරාගෙන රජවීදියේ බුදුරදුන් වඩද්දී යශෝධරා දේවිය තම රාහුල පුතණුවන් අමතා පියා සතු මහා ධනයක් ඇති බවත් එහි අයිතිය පුතණුවන්ට බවත් පවසා එය ඉල්ලා ගැනීමට පෙළඹවූවා. එවිට රාහුල කුමරුවන් තමාගේ පියා කවුදැයි විමසූ කල්හි සිය මැදිරියෙහි දොර ඇර සඟුන් පෙරමුණෙහි වැඩමවන බුදුරදුන් කුමරුවන්ගේ පියා බව ප්‍රකාශ කළා. මෙහිදී යසෝදරාවන් බුදුරදුන්ගේ ගුණ ප්‍රකාශ කළ ‘චක්ක වරංකිත රත්න සුපාදෝ’ ආදි වශයෙන් දැක්වෙන නරසීහ ගාථා ක්‍රමයට සමාන වූ වෙනත් වර්ණනීය ගාථා පන්තියක් බෞද්ධ සාහිත්‍යයෙහි නැති තරම්ය.

යශෝධරා දේවියගේ උපදෙස් පරිදි බුදුරදුන් වෙත ගොස් ‘ස්වාමීනි ඔබ වහන්සේගේ සෙවණේ සිටීම හරිම සැපයි’ යන සුරතල් බස් ප්‍රකාශ කරමින් සිට ‘පියාගෙන් පුතුට උරම විය යුතු දායාද දෙනු මැනව’ යයි කියමින් පසු පස ගමන් කළේය. භික්‍ෂූන් වහන්සේ සමඟ නිග්‍රෝධාරාමයට වැඩම වූ බුදුරදුන් සැරියුත් හිමියන් අමතා ‘මේ කුමාරයාට මා සිරි මහා බෝ මුල දී ලැබූ සප්ත ආර්ය ධනය හිමිකර දෙන්න පැවිදි කරන්න’ යැයි නියම කළා.


“රාහුල රහතන් වහන්සේ වදාළ ගාථා.” වීඩියෝව නරඹන්න වීඩියෝවට ක්‍ලික්‍ කරන්න. සම්පුර්ණ වීඩියෝව මෙතන නරඹන්න >>
බුදුරදුන්ගේ නියමය පරිදි මුගලන් හිමියන් විසින් හිසකෙස් කපා සිවුරු පෙරවීමෙන් පසු මහා කාශ්‍යප හිමියන් ආචාර්ය කර සැරියුත් හිමියන් උපාධ්‍යාය බවට පත්ව රාහුල කුමාරයා බුදුසසුනෙහි පැවිදි කළා. රාජ භෝජන අනුභව කරමින් සිටි මේ කුමාරයා පිඩු සිඟා ලද දෙයින් යැපීමට පෙළඹීමත් රජමැදුර හැරදා ආරාමයක වාසයට යාමත්, රාජ සම්පත් පසෙක දා ලෝකෝත්තර සම්පත් වෙත ඇදී යාමත් බොහෝ අය සිතන අන්දමේ හදිසි සිදුවීමක් නොවෙයි.

පියමුතුරා බුදුරදුන්ගේ කාලයෙහි දිව්‍ය නාග රාජයෙක්ව පළමුව රාහුල කුමරුවන් මේ ප්‍රාර්ථනාව තැබුවා. තමා උසස් වූ බමුණු කුලයෙහි ඉපදීලා සියලු වස්තුව හැරදා මහණ දම් පිරීමට වනයට යද්දී තුන් හැවිරිදි බිලිඳෙක්ව බෝසතුන් සමඟ ගොස් පැවිද්ද ලබා මේ තත්ත්වය උදා කර ගැනීමට කටයුතු කළ බව පැහැදිලිව මක්කට ජාතකය පෙන්වා දෙනවා. අද්ධීන ජාතකයෙහි සියලු සැප හැර දා තපසට නික්මුණු විට සත් හැවිරිදි වයස් ගතව සිටි රාහුල කුමරුවන් තපස් රැකුමට වනගත වූ බව පෙන්වා දුන්නා. මඛාදේව ජාතකයෙහි හිසේ නර කෙසක් දැක රජය හැර ගොස් පැවිද්ද ලබා සිටිය දී රාජ්‍ය පාලනය කරමින් උපස්ථාන කළ මඛාදේව පුතණුවන් වූයෙක් මේ රාහුල කුමාරයා බව පැහැදිලියි. එපමණක් නොවෙයි. වෙස්සන්තර ජාතකයෙහි ජූජක බමුණාට බියෙන් දුවගොස් පොකුණේ සැඟවී සිටියත්, පුතේ ජාලිය යැයි ඇමතූ කල්හි පියාට කීකරුව අවුත් ඒ ගොරහැඩි රෞද්‍ර බමුණා අතට පත් කිරීමට අවස්ථාව ලබා දුන්නේත් මේ රාහුල කුමාරයා බව පැහැදිලියි. මෙවැනි දීර්ඝ කාලීන සබඳතාවක් තුළින් ගොඩනැඟුණු ප්‍රාර්ථනයක් අනුවයි රාහුල කුමරුවන්ගේ පැවිද්ද සිදු වූයේ.

රාහුල කුමරුවන් පැවිදි කළ බව දැනගත් සුදොවුන් රජතුමා වහා බුදුරදුන් වෙත පැමිණ දරු සෙනෙහස මේ ශරීරයේ සෑම තැනකම පැතිරී ගිය එකක්.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
ඒ නිසා මවුපියන්ගේ අවසරයක් නැතිව දරුවන් පැවිදි කරන්න එපා යයි, කඳුළු සළමින් බැගෑපත්ව ඉල්ලා සිටියා. පියාගේ ඉල්ලීම පිළිගත් බුදුරදුන් මෙතැන් පටන් දරුවන් පැවිදි කිරීම සඳහා මවුපියන්ගේ අවසර ගත යුතු යැයි නියම කළා.

පැවිදි වූ රාහුල කුමරුවන්ට අවවාද පිණිස අම්බලට්ඨික රාහුලෝ වාද සූත්‍රය වැනි දේශනා රාශියක් බුදුරදුන් පවත්වා තිබෙනවා. බුදුරදුන්ගේ අවවාද නිසි ලෙස පිළිගත් රාහුල හිමියන් දිනපතා අලුයම නැගිට වැලි දෝතක් ගෙන උඩ දමා අද මෙහි වැලි කැට ගණනට අවවාද ලැබේවායි පැතුවා. මළු ඇමද පිරිසුදු කළ පසු සමහර භික්‍ෂූන් මළුවට කසළ දැමූ පසු මහත් ඉවසීමෙන් නැවතත් ඒ මළු සුද්ද කිරිමට තරම් නිහතමානි වුණා. එක් දිනක් රාත්‍රි ආරාමයේ වැඩ සිටීමට අවස්ථාව නොලැබුණෙන් බුදුරදුන් පරිභෝග කළ වැසිකිළියේ රැය ගත කිරීමට තරම් විනය ගරුක වුණා. අන්ධ වනයෙහි දී බුදුරදුන් දේශනා කළ චූල රාහුලෝවාද සූත්‍රය අසා රහත් භාවයට පත් වූ මේ රාහුල හිමියන්ගේ චරිතය ලොකු කුඩා සෑම දෙනාටම ආදර්ශයක් පමණක් නොව සැනසීම ලබා ගැනීමට ද හේතුවක් වෙනවා.

ඔබ සැමට තෙරුවන් සරණයි!

උපුටා ගැනීම: http://www.lakehouse.lk/budusarana/2012/09/29/tmp.asp?ID=fea04

උපුටා ගැනීම: https://www.facebook.com/ramaniyaarana

අදාළ:
රාහුල මහාශ්‍රාවකයන් වහන්සේ 1 — පූජ්‍ය ගලිගමුවේ ඥානදීප ස්වාමින් වහන්සේ [වීඩියෝ]

Arahant (Arahat) Rahula 1 [Articles — External >>]

නිවන Nibbana 1 [Pictures — External >>]

ඔබ සැමට තෙරුවන් සරණයි! May The Triple Gem Bless You! [Pictures — External >>]

අපමණ පුද ලද බුදු හිමි ගුණ කඳ 1
 
අටවිසි බුදුරජාණන් වහන්සේලා ගැන දැන ගනිමු... 1

ශ්‍රද්ධාවෙන් තෙරුවන් සරණ යාම 1

ප්‍රඥාවෙන් අග්‍ර අග්‍රශ්‍රාවක සැරියුත් හාමුදුරුවෝ 1

මුගලන් මහරහතන් වහන්සේ 1

මහා කාශ්‍යප මහරහතන් වහන්සේ 1
 
පින්වත් මහණෙනි, ලෝකානුකම්පාව පිණිස චාරිකාවෙහි වඩින්න 1

සසුන දිලුණේ යෞවනය නිසාමය 1

සිවුරේ කතාව 1

ලක්දිව වැඩ සිටි අන්තිම මහ රහතන් වහන්සේ මලියදේව හිමියන් ද? 1

අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා 1