SomaHimi.org
 තෙරුවන.ඕර්ග්
 Threegems.org
 Vidarshana.org
 Jeevithaya.org
 Thinkup.today
මූණු පොත
Title Horizontal Line Shadow Title Horizontal Line
අලුත්   ලිපි   රූප   වීඩියෝ   භාගත   ඇමතුම්
අලුත්   ලිපි   රූප   වීඩියෝ   භාගත   ඇමතුම්
බුදු දහමෙන් කලාවට තහනමක් නැත 1

ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!

රසික විජයරත්න

ප්‍රකාශනය: 2016-10-28

මේ ලිපියෙන් ‘කලාවේ වේලාව’ > යන ලිපියට පිලිඋතුරැ දීමට අප බලාපොරොත්තු වෙමු.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.

මේ ලිපියේ මාතෘකාව ‘කලාවේ වේලාව’ යි. නමුත් ලංකාවේ අවරුදු 2550 තිස්සේ කලාවට කිසිම තහනමක් තිබුනේ නැත. බුදු දහමෙන් සැමදා තහනමක් තිබුනේ දුස්චරිතයටයි, කලාවට නොව. කලාව එකකි, දුස්චරිතය තව එකකි. ඒ දෙක පටලවගන්න එපා කියා අප කරුණාවෙන් ඉල්ලා සිටිමු. මේ ‘කලාවේ වේලාව’ ලිපියෙන් උත්සහ ගන්නේ කලාවට (කොහොමත් තිබුණු) අවස්තාවක් දීම නොවේ, දුස්චරිතයට කලාව හරහා අවස්තාවක් දීමයි. ඒ හෙයින් මේ ලිපියේ නියම මාතෘකාව විය යුත්තේ ‘දුස්චරිතය කලාවෙන් පෙන්වන වේලාව’ යනුවෙනි. මේ ලිපයට භාවිත කර ඇති රූපයෙනුත් පෙන්වා දක්වන්නේ දුස්චරිතයයි.

‘කලාවේ වේලාව’ ලිපියෙන්: “ඉතිං කාමයෙන් ආසක්ත වූවන්ට වනයක ඇති සුන්දරත්වයවත් විඳගන්න බැරි එකේ අනිත් දේවල් ගැන කවර කතාද?”


“රහතන් වහන්සේ 1 — අතිපූජ්‍ය ගංගොඩවිල සෝම හිමි.” වීඩියෝව නරඹන්න වීඩියෝවට ක්‍ලික්‍ කරන්න. සම්පුර්ණ වීඩියෝව මෙතන නරඹන්න >>
වනය සුන්දර තැනක් තමයි. නමුත් මිනුසුන් වනයට ගිහින් දුස්චරිතයේ යෙදෙනවානන් වනයේ තියෙන සුන්දරත්වය වැනසී යයි. රහතුන් වනයේ වාසය කරන්නේ උන්වහන්සේලා ක්ලේශ ධර්ම වලින් තොර නිසාය. උන්වහන්සේලා වනයට ඇලුම් කරන්නේ එම නිසාය. උන්වහන්සේලා වැඩ සිටින තැන් ඉතා සුන්දර වන්නේද මේ නික්ලේශී බව නිසාය. නමුත් කාමබෝඝී ගිහියන්ට වනයක වාසය කිරීම ඉතා අපහසුය. මේ ගිහියන්ගේ ක්ලේශ බහුලත්වය නිසාය. එවැනි පිරිසක් වනයේ වාසය කරන්න ගියහොත් ඒ ක්ලේශ නිසාම බියට, තැති ගැනීමට ලක් වන බව බුදුරජාණන් වහන්සේ වදාල සේක.

‘කලාවේ වේලාව’ ලිපියෙන්: “තමන් තමන්ගෙ අඩුව පිලිගන්නැතුව ඒක වහගන්න මම පිරිහුනේ අරය නිසාකියල අරයගෙ පිට පටවන්න සැදීපැහැදී ඉන්නවා. ඒකියන්නෙ තමන්ට අරවැඩ ටික කරගන්නත් ඕනෙ. එහි වගකීම පටවන්න කෙනෙක් නැතුව ඉඳල තියෙන්නෙ.”


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
අප ලියූ පලවෙනි “කලාකරුවන්ට ඇති සාමාජික වගකීම 1” ලිපියේ සටහන් කලේ වැරදි නිර්මාණ නිකුත් කළහොත් ඒවායින් වැරදි ආදර්ශ ගෙන මිනිසුන් නොමග යන බවයි. මෙය වැඩි වශයෙන් වන්නේ අපේ තරුණ පරපුරේ පිරිසටයි; මුන්ද ඔවුන් සැමවිටම ආදර්ශ ගන්නේ ඔවුන්ගේ වැඩිහිටියන්ගෙන් සහ නායකයන්ගෙන්ය. නැවත සඳහන් කරන්න වෙන්නේ එයමයි. කලාකරුවන් සමාජයේ සිටිනා එක්තරා නායක පිරිසකි. ඔවුන්ගෙන් සහ ඔවුන්ගේ නිර්මාණ වලින් ආදර්ශ ගන්නා බොහෝ පිරිසක් ඇත. ඒ හෙයින් ඔවුන්ගේ හැසිරීම සහ නිර්මාණ ධාර්මික විය යුතුය.

‘කලාවේ වේලාව’ ලිපියෙන්: “සමාජයේ ඇති අසහනය නිසාම තමා ඔය ගැන ඔච්චර කතා උනේ. සමාජය හොඳ නං, කිසිම ප්රශ්නයක් නැත්තං, ඔවැනි දෙයක් දැම්ම කියල ප්රශ්න ඇතිවෙන්න පුලුවංද?”

සමාජය හොඳ තැනක් කිව්වේ නැත. නමුත් සමාජය තව දුරටත් නරක් කරන්න දායක වෙන්න එපා කියන එකයි කියා සිටින්නේ.


“අපන්නක ප්‍රතිපදාව 1 — අතිපූජ්‍ය ගංගොඩවිල සෝම හිමි.” වීඩියෝව නරඹන්න වීඩියෝවට ක්‍ලික්‍ කරන්න. සම්පුර්ණ වීඩියෝව මෙතන නරඹන්න >>
ඕනෑම කෙනෙකුට මිනිසුන්ගේ කාමය වැරදි විදියට උත්සන්න වන විදියේ නිර්මාණ නිකුත් කර, සමාජය වනසා, වැඩි hits / likes ප්‍රමාණයක් (cheap & easy hits — නොවටිනා සහ පහසු hits; කිසිම වටිනාකමක් නැත) සහ වැඩියෙන් කතාබහට ලක් වෙන විදියට (cheap & easy attention — නොවටිනා සහ පහසු අවධානය; කිසිම වටිනාකමක් නැත) සලසා ගත හැක. ඕනෑම කෙනෙකුට තමාගේ වස්ත්‍ර ගලවාගෙන මහපාරේ ප්‍රසිද්ධියේ නිරුවතින් ඇවිදින්ට පුලවනි. ඔහුට හෝ ඇයට මෙයින් ලොකු අවධානමක් සහ බොහෝ වශයෙන් කතාවට ලක් වන්නට පුළුවනි. මෙයින් එදින ප්‍රව්රිතියටත් ඇතුල් විය හැක. නමුත් මේ අවධානයේ කිසිම වටිනාකමක් ඇත්ද? නියම දක්ෂතාවය ඇත්තේ වැරදි කාමයෙන් තොරව, ධර්මයට විරුද්ධ නොවන නිර්මාණ නිකුත් කර, සමාජයේ බොහෝ පිරිසකට සෙත සලසා, වැඩිහිටියන්ගෙන් සහ ප්‍රඥාවන්තයන්ගෙන් දොස් නොඅසා, වැඩි hits / likes ප්‍රමාණයක් (good hits — ඉමහත් වටිනාකමක් ඇත) සහ වැඩි වශයෙන් කතා බහට ලක්වීමයි (good attention — වටිනා අවධානය). මෙයයි සැබෑ දක්ෂතාවය වන්නේ. කලාකරුවන් වශයෙන් එවැනි වටිනා, ධර්මයට එකඟ වන, දක්ෂතාවයන් ගොඩනගාගන්නට උත්සහමත් විය යුතුය.

‘කලාවේ වේලාව’ ලිපියෙන්: “මිනිත්තු කීපයක නිර්මාණයකින් බුද්ධාගම වැපසෙනවනං, බුදුන්වහන්සේටත් වැඩිය ඉරාජ් වැඩකාරයෙක්. බුද්ධභාෂිතයටත් වඩා ඉරාජ්ගෙ ගීතය ප්රභල ඇති එහෙනං”


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
මිනිත්තු කිහිපයක් නොව එක වචනයකින් අපට කෙනෙකු වෙනස් කල හැක. උදාහරණ වශයෙන් ‘මෛත්‍රීය, කරුණාව, දයාව’ වැනි වචන හොඳ පැත්තට ඉතා බලවත්ය. ඒ වගේම ‘ද්වේශය, ක්‍රෑරත්වය, වෛරය’ වැනි වචනත් එසේම ප්‍රභලය, නමුත් නරක පැත්තට. මෙයින් පැහැදිලි වන්නේ වචන බොහෝ ප්‍රභලයි, වචන වලිනේ එක මිනිසෙකු පමණක් නොව, මුළු සමාජයක් වුනත් වෙනස් කල හැකි බවයි. ඒ හෙයින් වචන පරිහරිනයේදී අප ඉතාමත් ප්‍රවේශම් විය යුතුය. සමාජය කොහොමත් යන්නේ වැරදි පැත්තට, ධර්මයට නොව අධර්මයටයි. මෙය ඉතා පහසුවෙන් වෙන දෙයක්ය. අපට වගකීමක් වශයෙන් ඇත්තේ හැකි පමණක් සමාජය ධර්මයට පොලොඹවීමයි.

‘කලාවේ වේලාව’ ලිපියෙන්: “ඇතැමුන් පවසන්නේ බුදුදහමට අනුව රුප බැලීම, චිත්‍රපට, සංගිතය, කලාව, fb වැනි දෑවලින් ඇස කන ආදියෙහි සංවරය අඩු වන බවයි. ඒනිසා කලාව මිනිසුන්ට අහිතකර බවත් එයින් වෙන්වී සිටිය යුතුබව ඔවුහු පවසති. නමුත් ඉන්ද්‍රිය භාවනා සූත්රයේ තබෙන්නේ ඊට හාත්පසින්ම වෙනස් දෙයකි.”

බුදුරජානන්වහන්සේ ධර්මය වදාලන්නේ යම්කිසි අවස්ථාවල කෙනෙක් අරුමුනුකර, ඔහුගේ සිත සහ සංසාරික පුරුදු සෘද්ධියෙන් විමසා, ඔහුටම ගැලපෙන අයුරින්, ඔහු නිවනට යොමු වන විදියටයි. ඒ ධර්ම කරුණු විශේෂයෙන් ඔහුටම අරමුණු කරපු ධර්ම කාරණාය; හැමෝටම, හැම තැනටම බොහෝ විට අදාල නැති විය හැක.


“අපන්නක ප්‍රතිපදාව 2 — අතිපූජ්‍ය ගංගොඩවිල සෝම හිමි.” වීඩියෝව නරඹන්න වීඩියෝවට ක්‍ලික්‍ කරන්න. සම්පුර්ණ වීඩියෝව මෙතන නරඹන්න >>
මෙවැනි ගැඹුරු ධර්ම කරුණු වැඩි වශයෙන් අදාල වන්නේ ධර්මය පරුදු කරන, භාවනාවේ නිරත වන, සිත වඩන සහ දියුණු කරන පිරිසකටය, සමාජයේ බහුලව සිටිනා, කාමයේ නිරතරව අලී ගැලී වාසය කරන පිරිසකට නොවේ. බුදුරජානන්වහන්සේ එවැනි ප්‍රගත ධර්ම කරුණු වලට අමතරව පංච සීලය වැනි සරල, නමුත් ඉතා වැදගත් ධර්ම කරුණු දේශනා කලේ එම නිසාය. පංච ශීලය සමාජයේ සිටිනා ඕනෑම කෙනෙකුට අනුගමනය කල හැකිය. කලාවෙන් පංච ශීල ප්‍රතිපදාවට පහර වදින නිර්මාණ නිකුත් කරන්නේ නම්, එයින් සමාජයට වන්නේ අනර්ථයක් පමණි.

කලාවට බුදු දහමෙන් කිසිම තහනමක් නැත. තහනමක් ඇත්තේ වැරදි කාම සේවනයටයි. මේ දෙක පටලවගන්න එපා කියා අප නැවතත් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමු. කාමය ආසාව / කැමැත්ත (desire) හැටියට සඳහන් වෙනවානන්, කාමය (සිතේ කැමැත්තක්) ඇති කරන ලස්සන සහ ධර්මයට විරුද්ධ නොවන නිර්මාණ ගැන වැරද්දක් කිව නොහැකිය.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
අප ලස්සන දේ දකින්න (ඇස), ලස්සන සින්දු අසන්න (කන), හොඳ කෑම වේලක් කන්න (දිව), සුවඳ විලවුන් ගාන්න සහ ඉඹින්න (නාසය), හොඳ ස්පර්ශ විඳින්න (කය), මේ සියල්ලටම ආස කරනවා. මෙය කාම ආශාවයි; මෙය සෑම සත්වයෙකුටම පොදු ධර්මතාවයකි. මේවා ධාර්මිකව විඳීම ගිහියන්ට (පැවිද්දන්ට නොව) කැප දෙයකි; මෙහි කිසිම වරදක් නැත.

නමුත් වැරැද්ද ඇත්තේ වැරදි කාම සේවනයයි; අප ප්‍රතික්ෂේප කල යුත්තේ වැරදි කාම සෙවනයයි (පංච ශීලයේ තුන්වැනි සීලයට එරෙහි වන දේ). ඒ වගේම බුදු දහමේ කලාවට කිසිම තහනමක් නැත. බුදු දහමෙන් ප්‍රතික්ෂේප කරන්නේ වැරදි දේවල්ය; විශේෂයෙන් පන්සිල් පහ කැඩීම හෙවත් දුස්චරිතයයි. කලාවෙන් දුස්චරිතය ඔසවා තබනවානන්, ඒ කලාව බුදු දහමට එරෙහි එකකි. ඒ හෙයින් ඒ කලාව අප ප්‍රතික්ෂේප කල යුතුය. නමුත ධර්මයට එකඟ වන කලාව අප වැළඳ ගත යුතුය. ගිහියන් වශයෙන් ඒවායේ රස විඳීමේ කිසිම වරදක් නැත.


කලාවේ වේලාව

ප්‍රධාන ලිපිය >


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
එක්තරා රූපරචනයක් සම්බන්ධව පසුගිය දින කීපයේ විශාල සමාජ සංවාදයක් ඇතිවුණි. ඕනෑම අවස්ථාවකදී ලාංකිකයින්ගෙන් ඇසෙන "මේ මඟුල් නිසා ආගම, ජාතිය විනාශ වනවා" යන සුපුරුදු සටන් පාඨය එවිටද සජ්ජායනය වුණි. ඒනිසා අපි මේ කාරනය බුදුදහමින්ම පටන්ගමු.

● ඇතැමුන් පවසන්නේ බුදුදහමට අනුව රුප බැලීම, චිත්‍රපට, සංගිතය, කලාව, fb වැනි දෑවලින් ඇස කන ආදියෙහි සංවරය අඩු වන බවයි. ඒනිසා කලාව මිනිසුන්ට අහිතකර බවත් එයින් වෙන්වී සිටිය යුතුබව ඔවුහු පවසති. නමුත් ඉන්ද්‍රිය භාවනා සූත්රයේ තබෙන්නේ ඊට හාත්පසින්ම වෙනස් දෙයකි. එහි සංශිප්ත අදහස මෙසේය.

* ඇසින් රූප දකින්න, ..
* කනින් ශබ්ද අසන්න, ..
* නාසයෙන් ගඳසුවද ගන්න, ..
* දිවෙන් රස බලන්න, ..
* ශරීරයෙන් ස්පර්ශය ලබන්න, ..
* සිතට සිතුවිලි එන්න දෙන්න, ..

ඒවා හොඳයි නං හොඳයි කියන්න. නරකයි නං නරකයි කියන්න. කැමති අකමැති ලෙසත් දකින්න. හැබැයි අකමැති දේ ප්රතික්ෂේප කරන්නත් එපා, කැමති දේ නැවත නැවත ප්රාර්ථනා කරන්නත් එපා. මීට අමතරව බාහිය සූත්‍රය, ප්රථම ආහුනෙයිය සූත්ර වල ඇත්තේද මෙම අදහසමය.

ඔබ දුටුවාද මෙහි "රුප, ශබ්ද ආදිය ප්රතික්ෂේප කරන්න" කියා කියා තිබෙනවා. මෙහි ඇත්තේ මේ සියල්ල තුල ජීවත්වන ප්රායෝගික ක්රමයක් නොවේද? රූප, සංගීතය, කලාව, fb, ප්රතික්ෂේප කිරීම බුද්ධාගම නම්, අන්ධයො, බීරෝ, වැද්දො ගෝත්‍රිකයො, සත්තු, අපටවඩා බෞද්ධයෝ විය යුතුය.

● (දැන් කියයි එහෙනං කලාව ප්රශ්නයක් නෑ .. හැබැයි කාලාවයි කාමයයි කියන්නෙ දෙකක් කියල.) ඒකටත් බුද්ධාගමෙන්ම උත්තරයක් දෙන්නං.

රමණීයානි අරන්යානණි - යත්ත න රමති ජනෝ වීතරාගා රමෙස්සන්ති - නතේ කාම ගවේසිනෝ (* වනන්තරේ හරි සුන්දරයි නමුත් එහි සෞන්දර්ය හරියටම රමනය කරන්න පුලුවන් කාමය පිරිච්ච වුවන් නොවේ වීතරාගීන්)

ඉතිං කාමයෙන් ආසක්ත වූවන්ට වනයක ඇති සුන්දරත්වයවත් විඳගන්න බැරි එකේ අනිත් දේවල් ගැන කවර කතාද? ඉරාජ්ගෙ පැත්තට හැරුනත් කියන්න වෙන්නෙ ඔය ටික තමා. හිතේ වල්කම හිරකරගෙන බැලුවාම හැමදේම පේන්නෙ වල් විදිහට තමා.

තමන් තමන්ගෙ අඩුව පිලිගන්නැතුව ඒක වහගන්න මම පිරිහුනේ අරය නිසාකියල අරයගෙ පිට පටවන්න සැදීපැහැදී ඉන්නවා. ඒකියන්නෙ තමන්ට අරවැඩ ටික කරගන්නත් ඕනෙ. එහි වගකීම පටවන්න කෙනෙක් නැතුව ඉඳල තියෙන්නෙ. අනික නිර්මාණයකින් මාව නොමඟ යනවනං මගෙ ඇති හොඳේ මොකද්ද? ඕන කෙනෙකුට මාව අහුවෙනවා. ඒකියන්නෙ මට දර්ශනයක් නෑ කියන එකනෙ.

● (දැන් කියයි :මාවනං එහෙම නොමඟ යවන්න බෑ. නමුත් සමාජය නොමඟ යනව" කියල.) වීනාඩි කීපයක නිර්මාණයකින් සමාජය නොමඟ යවන්න පුලුවන්නං ඒ සමාජයේ ඇති හොඳේ මොකද්ද? ඉරාජ් හෙලුව පෙන්නව්වොත් ඕං අපි නරක් උනා. හෙලුව පෙන්නන් නැත්තං අපි හොඳ ළමයි. "ඉරාජ් තමා අපිව නරක් කලේ අපි නැත්තං හරිම හොදට ජීවත් උනා". මොන සාපයක්ද මේක. සමාජයේ ඇති අසහනය නිසාම තමා ඔය ගැන ඔච්චර කතා උනේ. සමාජය හොඳ නං, කිසිම ප්රශ්නයක් නැත්තං, ඔවැනි දෙයක් දැම්ම කියල ප්රශ්න ඇතිවෙන්න පුලුවංද? එහෙනං ඕකත් අනිත් නිර්මාණ වගේ සාමාන්‍ය එකක්. මෙච්චර කතාවෙන්නෑ ඔය ගැන. සාමාන්‍යයි.

● (දැන් කියයි බුද්ධාගමට අනුව මේව අකැපයි කියල. මීට අදාල විස්තරයක් උඩත් ඇති.) මිනිත්තු කීපයක නිර්මාණයකින් බුද්ධාගම වැපසෙනවනං, බුදුන්වහන්සේටත් වැඩිය ඉරාජ් වැඩකාරයෙක්. බුද්ධභාෂිතයටත් වඩා ඉරාජ්ගෙ ගීතය ප්රභල ඇති එහෙනං.

මේකට ලඟින් යන සිද්ධියක් "සක්කපඤ්හ සූත්රයේ" සඳහන් වෙනවා. පංචසික කියල ගන්ධර්වයෙක් තමන්ගෙ පෙම්වතිය වන සූර්යචර්වාසි ගැන ශෘංගාරාත්මක කාම වර්නනාවක් බුදුන්වහන්සේ ඉදිරිපිට ගායනය කලා. එවිට බුදුන් පැවසුවේ ඔබේ හඬ, තනුව ගීතය, සංගීතය, සියල්ල අපූරුවට ගැලපුනා යනුවෙනි. කාමයෙන් තොර කලාව රසවිඳීම ගැනත්, කලාව බුද්ධාගමට අකැපයි යන ගෝත්‍රික වාදි අදහස් වලට කදිම පිලිතුරක් මෙම සූත්‍රයෙන් සපයයි.

● සමහර විට ඉරාජ් මෙම ගීතයෙන් බලාපොරොත්තු වන්න ඇත්තේ තමන්ගේ මමත්ව හා ආත්ම පරිපූරණත්ව අවශ්‍යතා විය හැකිය. නමුත් අප විරුද්ධ වන්නේ මේ සියල්ල මිනුම් කරන එකම ක්රමය ලෙස ආගම හා ජාතිය යොදාගැනීමය. එසේ කරන්නෙ අපට විකල්පයක්/ දර්ශනයක් නැති සාපයටය. කෙසේ හෝ මෙයින් බිඳුනේ පුරුෂාධිපත්‍යයේ හා ලාංකික අනන්‍යතාවයේ එක් රාමුවකි. නිර්මාණ සිදුවිය යුතුය. ඒවායේ ගුනදොස් විචාරාත්මක විය යුතු අතර ඒවාට තර්ජනය කිරීම, විලාප තැබීම මඟින් පෙනෙන්නේ අපගේ ප්රාථමික මානසිකත්වයයි.

ඔබ සැමට තෙරුවන් සරණයි!

කර්තෘ: https://www.facebook.com/rasikaw

වැඩි විස්තර: https://www.facebook.com/dedaruma/photos/a.1325770604122571.1073741828.1325762624123369/1325770590789239/?type=3

උපුටා ගැනීම: https://www.facebook.com/Dhammapadaya-134337433248207/

අදාළ:
ඉන්ද්‍රිය භාවනාව 1 — පූජ්‍ය කුකුල්පනේ සුදස්සී ස්වාමීන් වහන්සේ [වීඩියෝ]

පංච දුෂ්චරිතවයේ ආදීනව The Drawbacks of Immorality 1 [Pictures — External >>]

කලාකරුවන්ට ඇති සාමාජික වගකීම 1

ඔබ සැමට තෙරුවන් සරණයි! May The Triple Gem Bless You! [Pictures — External >>]

අප්‍රමාදය ආලෝකයේන් බබළයි 1
 
සැදැහැයෙන් ක්‍රියා කරමු 1

තෙරුවන් ගුණ හඳුනා ගනිමු 1

දන්දීම 1

තිදොර සංවරය 1

නිවනට පිවිසෙන දොරටුව 1
 
අපමණ පුද ලද බුදු හිමි ගුණ කඳ 1

බුදුරජාණන් වහන්සේගේ ප්‍රාතිහාර්ය: සෘද්ධි ප්‍රාතිහාර්ය 1

බුදුරජාණන් වහන්සේගේ ප්‍රාතිහාර්ය: අනුශාසනා ප්‍රාතිහාර්යය 1

සියලු බුදුවරුන්ගේ අනුශාසනාව 1

අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා 1