SomaHimi.org
 තෙරුවන.ඕර්ග්
 Threegems.org
 Vidarshana.org
 Jeevithaya.org
 Thinkup.today
මූණු පොත
Title Horizontal Line Shadow Title Horizontal Line
අලුත්   ලිපි   රූප   වීඩියෝ   භාගත   ඇමතුම්
අලුත්   ලිපි   රූප   වීඩියෝ   භාගත   ඇමතුම්
කලාකරුවන්ට ඇති සාමාජික වගකීම 1

ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!

රසික විජයරත්න

ප්‍රකාශනය: 2016-09-30


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.

අප කරනා සියලු දෙයම දහමට එකඟ විය යුතුය. එසේ නොවේනම් ඒ කරනා දෙයේ වටිනාකමක් නැත. කලාවත් මෙයට අයිති දෙයකි. අප කලාව ගතහොත්, කලාවෙන් කරන නිර්මාණ ධර්මයට විරුද්ධනම් ඒවා නොකළ යුතුය. මෙතන වැඩි වශයෙන් කියවෙන්නේ සීලය ගැනය. යම්කිසි නිර්මාණයක් දුස්චරිතය ඔසවා තබනවානම්, දුස්චරිතය හොඳයි කියා පෙන්වනවානම්, දුස්චරිතයට පොළඹවනවානම්, ඒ නිර්මාණය ධර්මයට විරුද්ධ එකකි. ඒ හෙයින් එවැනි නිර්මාණ අප ප්‍රතික්ෂේප කල යුතුය.

කලාකරුවන් සමාජයේ සිටිනා එක්තරා නායක පිරිසකි. ඔවුන්ගෙන් ආදර්ශ ගන්නා බොහෝ පිරිසක්, විශේෂයෙන් තරුණයන් අතර, සිටී. ඔවුන් කතා කරන රටාව, හැසිරෙන රටාව, අඳින රටාව, මේ සියලු දේ, සමාජයේ බොහෝ දෙනෙක්, විශේෂයෙන් තරුණ පරපුරේ අය, බලා සිටී.


“ප්‍රේතයෙක්ව උපන් මහණෙක් 1 — පූජ්‍ය සන්නස්ගම බුද්ධප්‍රිය ස්වාමින් වහන්සේ.” වීඩියෝව නරඹන්න වීඩියෝවට ක්‍ලික්‍ කරන්න. සම්පුර්ණ වීඩියෝව මෙතන නරඹන්න >
ඒ හෙයින් කලාකරුවන්ට ඔවුන්ගේ නිර්මාණ, හැසිරීම, සහ චර්යාව ධාර්මික ලෙස පවත්වාගෙන යාමට ඉමහත් වග කීමක් තිබේ. එවිටයි ඔවුන්ගේ කලාවත්, නිර්මාණවලටත් නියම වටිනාකමක් දිය හැක්කේ.

එහෙම නොකොළොත් පිරිහීමට පත් වෙන්නේ අපේම සමාජයයි සංස්කෘතියයි. ඒ වන්නේ තරුණ පරපුර වැරදි ආදර්ශ අරගෙන දුශ්චරිතයේ යෙදී නොමග යාම නිසාය. කලාකරුවන් වශයෙන් ධර්මයට විරුද්ධ වන නිර්මාණ නිකුත් කරනවානම්, එය මුළු සමාජයටම කරන මහා අනර්ථයකි. මෙය විශේෂයෙන් ඉදිරියට එන තරුණ පරපුරට ඉමහත් පාඩුවකි.

සිංහල සංස්කෘතිය බුද්ධ ධර්මය පදනම් කොට ගොඩ නැගුනු එකකි. ඒ හෙයින් වැඩි වශයෙන් සිංහල සංස්කෘතියේ ඇත්තේ ගුනවත්, සාරවත් දේවල්ය. පිට රට වල සංස්කෘති වලින් අපට ගන්න බොහෝ වටිනා දේ තිබේ. ඒ වගේම අපේ සංස්කෘතියට හානි කරන දේද තිබේ. අප ඒවා තෝරා බේරා, විශේෂයෙන් පංචශීල ප්‍රතිපදාවට එකඟ වෙනවාද නැද්ද කියා විමසා ඒවා වැළඳ ගත් හෝ ප්‍රතික්ෂේප කල යුතුය. බුද්ධ ධර්මයට එරෙහිනම්, අප ඒවා ප්‍රතික්ෂේප කල යුතුය.

දුස්සීලයෙන්, දුස්චරිතයෙන් සහ වැරදි දෙයන් මිදී, අපි සමාජයටත්, තරුණ පරපුරටත් නියම ආදර්ශයක් දෙමු.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.

ඔබ සැමට තෙරුවන් සරණයි!

වැඩි විස්තර: https://www.facebook.com/rasikaw

අදාළ:
The Social Responsibility of Artists 1 [Articles — External >>]

ඔබ සැමට තෙරුවන් සරණයි! May The Triple Gem Bless You! [Pictures — External >>]

සැදැහැයෙන් ක්‍රියා කරමු 1

දන්දීම 1

ආලෝකයෙන් ආලෝකයට 1
 
තිදොර සංවරය 1

දෙලොව දියුණුව 1

සියලු කරදර දුරු කරන කරණීය මෙත්ත සූත්‍ර යන්ත්‍රය 1

නොපමා දනන් හට ප්‍රඥා වැඩෙයි හැම විට 1

ශාන්ත ප්‍රණීත නිවන් සුවය 1
 
අපමණ පුද ලද බුදු හිමි ගුණ කඳ 1

සියලු බුදුවරුන්ගේ අනුශාසනාව 1

සසුන දිලුණේ යෞවනය නිසාමය 1

දුටුගැමුණු රජතුමා 1

අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා 1