SomaHimi.org
 තෙරුවන.ඕර්ග්
 Threegems.org
 Vidarshana.org
 Jeevithaya.org
 Thinkup.today
මූණු පොත
Title Horizontal Line Shadow Title Horizontal Line
අලුත්   ලිපි   රූප   වීඩියෝ   භාගත   ඇමතුම්
අලුත්   ලිපි   රූප   වීඩියෝ   භාගත   ඇමතුම්
සත්පුරුෂ භාවය යනු කුමක්ද? 1

ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!

මාතලේ ධම්මකුසල හිමි

ප්‍රකාශනය: 2015-04-01

යො වෙ කතඤ්ඤු කතවේදි ධිරෝ
කළ්‍යාණ මිත්තා දළහ භත්ති ච හොති
දුක්ඛිතස්ස සක්කචවං කරොති කිච්චං
ස තාදිසං සප්පුරිසං වදාමි


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.

අද ධර්ම දේශනාවට මාතෘකාව මා යොදා ගත්තේ බෞද්ධ ජීවිතයක ප්‍රාථමික ගුණාංගයක් හඳුන්වා දීමටයි. එනම් සත්පුරුෂ භාවය හඳුන්වා දීමටයි. එය මෙලොව පරලොව වශයෙන් අපගේ ජීවිතය දියුණු කරගැනීමට අතිශයින් වැදගත් වන දුර්ලභ ගුණාංගයක්. මේ ලෝකේ මිනිස්සු වර්ග දෙකක් සිටිනවා. එක් කොටසක් අසත්පුරුෂයන්. අනෙක් කොටස සත්පුරුෂයන්. සත්පුරුෂ කියන වචනයෙන් අදහස් කරන්නේ, සාධු සම්මත යහපත් ගුණ ඇති තැනැත්තාය. අසත්පුරුෂයා තේරුම් කරදීමක් අවශ්‍ය වන්නේ නැත.

සත්පුරුෂයා විස්තර කරන විට අසත්පුරුෂයා කවරේදැයි වටහා ගත හැකිය. තථාගත දේශනාවට අනුව සත්පුරුෂ භාවය යනු මානුෂිකත්වයේ මූලික පියවරකි. සියලු ගුණ දරා සිටීමට ආධාර වන්නේ සත්පුරුෂ භාවයයි.


“නිවන 1 — පූජ්‍ය බොරැල්ලේ කොවිද ස්වාමින් වහන්සේ.” වීඩියෝව නරඹන්න වීඩියෝවට ක්‍ලික්‍ කරන්න. සම්පුර්ණ වීඩියෝව මෙතන නරඹන්න >
බෞද්ධ ජීවිතයක අප කාගේත් අරමුණ වන්නේ නිවනින් සැනසිල්ල ලැබීමයි. ඊට මෙහා සෝවාන් ආදී මග ඵල ලැබීමටයි. සාමාන්‍ය ගෘහස්ථ පුද්ගලයා ලෞකිකත්වය හා බැඳී සිටින සම්පූර්ණ වශයෙන් සිය ජීවිතය යෝගාවචර තත්ත්වයට පත්කර ගත්තෙකු හෝ මුළු හැකියාවටම ඒ සඳහා යොදාගත්තෙකු හෝ නොවේ. ව්‍යග්ඝපජ්ජ, සිගාලෝවාද ආදී සූත්‍ර දේශනාවල සාමාන්‍ය ගෘහස්ථ කාමභෝගී පුද්ගලයෙකුගේ ස්වරූපය දක්වන අයුරු ඔබේ මතකයට නංවා ගන්න.

කාමභෝගී යන වචනයෙන් අදහස් කරන්නේ විවාහ වී දූදරුවන්ගේ සෙනෙහස විඳිමින් සතුටින් ගෘහ සම්පත් භුක්ති විඳින්නාටය. සම්පත් ඉබේටම ගලා එන්නේ නැත. වෙර වීරියෙන්, නුවණ යෙදීමෙන් සම්පත් නිෂ්පාදනයක් කරන්නේ නම් පමණක් භුක්ති විඳිය හැකිය. ඒ සඳහා මහත් වෑයමක් ගත යුතුය. මේ මහන්සිය නිසාම ඇතැම් කෙනෙක් පැවිදි බව අල්ප දෙයක් ලෙසත්, ගිහිකම බොහොම දුෂ්කර දෙයක් ලෙසත් සිතති. කතා කරති. ලියති. ඒ ඒ අයට වැටහෙන තරමින් සිතා ගැනීමයි ඒ.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
ගිහි හෝ වේවා පැවිදි හෝ වේවා කාගේත් අරමුණ විය යුත්තේ සම්පත් භුක්ති විඳිමින් සසර දික්කර ගැනීම නොව නිවනින් සැනසිල්ල උදාකර ගැනීමටයි. එබැවින් නිවන් මඟට ප්‍රවේශ වීමෙන් වඩා කවරක් දුෂ්කර දැයි සිතිය යුතුය. ඇතැමෙකුට ඒ සඳහා ආරම්භක පියවරක් තැබීම පහසු නැත. එකින් එක අවසන් නොවුණු ප්‍රශ්න සාගරයේ රැළි නැඟෙන්නාක් මෙන් නැගී එයි. මේවායෙන් සම්පත් භුක්ති විඳින්නා ඒවාට ගිජුවන්නා දියඹට ඇදී යයි. මේ නිසා තමයි කාටත් නිවැරදි දැක්මක් ජීවිතය හා තම සන්තකයත් පරිභෝජන රටාව පිළිබඳවත් ඇතිවිය යුත්තේ අප ජීවත් වන්නේ කැඩෙන බිඳෙන වැනසෙන මියෙන ලොවක බව වටහා ගන්නාවූ තැනැත්තා ඥානවන්තයායි. නැණවතා නිතර ජීවිත නවෝදයක් අපේක්‍ෂා කරයි. තමන්ට ලැබුණු ජීවිතය නිවනට යොමු වූ ධර්ම මාර්ගයකට යොමු කිරීමට උත්සාහ දරයි. එවැනි පුද්ගලයන් සත් පුරුෂයන් ලෙස දැක්වේ.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
සත් පුරුෂයා යනු කවර කෙනෙක් දැයි තෝරා දීමට කරන ලද දේශනා රාශියක් ම අංගුත්තර නිකායේ පංචම පණ්ණාසකයේ සප්පුරිස වග්ගයේ විස්තර වේ. සූත්‍ර දේශනාවන්හි අන්තර්ගතයන් අනුව මහරහතන් වහන්සේ නමකට සත් පුරුෂ යන වචනය යෙදිය හැකිව තිබුණත් මේ ශාසනයේ ළාබාලම ධර්ම ගරුකයා සත් පුරුෂයා යැයි කීම නිවැරදිය.

“කතමෝ ච භික්ඛවේ සප්පුරිසො එකචේචා පාණාතිපාතා පටිවිරතො හොති අදින්නාදානා පටිවිරතො හොති කාමෙසු මිච්ඡා චාරා පටිවිරතො හොති මුසාවාද පටිවිරතො හොති සුරාමෙරය මජ්ජපමාදට්ඨානා පටිවිරතො හොති අයං වුච්චති භික්ඛවේ සප්පුරිසො”

මේ සප්පුරිස සූත්‍රයේ සත්පුරුෂයා යනු කවරෙක්දැයි කරන ලද සඳහනකි. මේ අනුව අද අප කථා කරන පංචසීල ප්‍රතිපදාවෙන් යුත් පුද්ගලයා සත්පුරුෂයාය. පංච සීලය යනු කුමක්ද? මිනිසාගේ ප්‍රකෘති වටිනාකම රැකෙන ආචාර ධර්ම පහක් එයින් කියවෙතැයි කිවහොත් එය නිවැරදිය.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
කුරු ධර්ම ජාතකයේ කුරු ධර්මය ලෙස හඳුන්වා දෙන්නේ පංච ශීලයයි. එය ඉතා පෞරාණික කතාවකි. අප මහබෝසතුන්ගේ පාරමිතා පුරණ සමය දක්වා දිවෙන කතාවෙකි එය. එම කතාවේ කඩ නොකොට පංච ශීලය රකින්නන් අතර සිටි එක්තරා වෛශ්‍යාවක ගැන ද සඳහන් වී ඇත. ප්‍රකෘති ගුණාංග වශයෙන් පංචශීල පිළිවෙත කෙරෙහි සමාජය කවර ආකල්පයක් දැරී දැයි එයින් පැහැදිලි වෙයි. සමාජයක සාමුහිකත්වයටත් මිනිස් සමාජයේ පියවි බවටත් මේ සිල්පහ අතිශයින් වැදගත් වේ.

අප සාමාන්‍යයෙන් තිරිසන් සතුන් අපට වඩා පහත් ජීවිත ඇති අය ලෙස සැලකීමට පුරුදුව සිටිමු. ඒ උනත් සමහර තිරිසනුන් හොඳ යහගුණ උපතින් ගෙනා අතර සමහරුනට පුරුදු කළ හැකිය. ගවයා කාගේත් උපහාසයට පත්වූ සතෙකි. ගොනා කියන වචනය ඇහෙන විටම අප සිතන්නේ ලොව සිටින මෝඩම සතා ලෙසයි. ඒත් පියවි ගතියක් ලෙස අනුන්ගේ ජීවිත උදුරාගත්තේ නෑ නේද? අන්සතු දේ සොරා ගැනීමකුත් නෑ නේද? දුරාචාරයක් ඇත්තෙම නෑ. වචන භාවිතයක් ඌ ළඟ නැතත් ඌ උගේ වරිගයා මුලා කරන්නේ නෑනේ. මත්පැන් පානයකුත් නෑ. එහෙනම් අහිංසක ගොනා හොඳම සිල්වතා වෙන්ට ඕනෑ. ඒවා ඔක්කොම උගේ ප්‍රකෘති ගති.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
මිනිසාටත් පියවි ගති ඇති පස් පව්වලින් ඈත් වෙන්ට බැරි ඇයි? හොඳටම පුළුවන්. නමුත් නොකරන්නේ රාග ද්වේශ මෝහාදියෙන් කිලිටි වෙච්ච සිත නිසයි. ඒ සිත හොඳ දේට ඉඩ දෙනවා අඩුයි. එහෙම නැත්නම් එක් එක් අයට ජීවත් වීමට තියෙන අයිතිය අප උදුරා ගන්නේ කුමක් නිසාද? අපේ ආහාර නිසා. ආධිපත්‍ය නිසා. කෲරකම නිසා. අනික් අයගේ හෝ සතුන් ගේ ජීවිතවලට අප තර්ජනය කළ යුතුද? හානි කළ යුතුද? පාණාතිපාතා වේරමණි කියන ශික්ෂාවෙන් උගන්වන්නේ තවත් ජීවිත සුරක්‍ෂිත භාවය නේද? කෙනෙකු ජීවත් වීම සඳහා උපයාගත් — සපයාගත් දේ උදුරා ගැනීමට බලයෙන් ගැනීමට අපට අයිතියක් නැත. සමාජයේ සංවරය වැනසීමට කාටවත් අයිතියක් නැත.

ඒ තුළින් ගෘහ සාමය, විශ්වාසය පලුදු වී බිය සැක සමාජය තුළ පැතිරෙනවා නොවේද? වචන වැරදි විදියට පාවිච්චි කරමින් සමාජය බිය ගැන්වීමට හෝ මුලාකිරීමට හෝ අනෙකාගේ මනස දූෂණය කිරීම නේද හතර වෙනි කරුණෙන් කියවෙන්නේ.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
ඒවා නැති කිරීමට කිසිවෙකුටත් ඉඩක් නැත. නොයෙක් සණ්ඩු අඩ දබර ඇති කරමින් — මදයට හා ප්‍රමාදයට හේතුවන මත්පැන් භාවිතය අපේම අවශ්‍යතාවක් නම් උපන්දාම ඒවා කටේ ගාන්ට ඕනෑ.

මේ එකක් වත් අපේ ප්‍රකෘති උවමනාවන් නොවේ. පංච ශීලය කියා අප පිළිගන්නා වූ මේ ප්‍රතිපත්ති පහ ඇත්ත වශයෙන්ම මිනිහාට උරුම වූ පොදු මූලික ප්‍රකෘති ලක්ෂණ පහක් සත්පුරුෂ යනු මෙබඳු තමාත් අනෙකාත් විනාශ වන දුෂ්ප්‍රතිපත්තිවලින් ඈත්වන පුද්ගලයාය. විශේෂයෙන්ම මේ පිළිවෙත් පහ විශේෂ වූ වැඩපිළිවෙළක් ලෙස ආයාසයෙන් ආරක්‍ෂා කළ යුතු දෙයක් නොව මනුෂ්‍යත්වයට උරුම වූ පියවි ධර්මතා ලෙස වටහා ගැනීම අවශ්‍යය.

සත්පුරුෂභාවය තුළට ප්‍රවේශ වී එයින් සිය ජීවිත තුළ ගුණ ධර්ම විකාශනය කළ යුතු ආකාරය සත්පුරුෂ ධර්මයන්හි තවදුරටත් විස්තර වන බව සලකන්න. මා විසින් මාතෘකා කළ ගාථාවේ සත්පුරුෂයාගේ ගති ලක්ෂණ ඉදිරිපත් කොට ඇත්තේ යම් කිසි පුද්ගලයෙක් කළගුණ හඳුනයිද ඒවාට ප්‍රති උපකාර කරයිද? ධෛර්ය සම්පන්නද, කළණ මිතුරන් ඇත්තේද ඇසුරු කරන්නන් දැඩි බැඳියාවකින් ඇසුරු කරයිද විපතට පත් වූවන්ට සහන සැලසීම සකසා කරයිද එබඳු තැනැත්තා සත්පුරුෂයෙකු ලෙස විස්තර කිරීම සඳහාය.

කෘතඥතාව හා කෘතවේදීත්වය ඉතා දුර්ලභ ගුණ වශයෙන් සඳහන් වන අයුරු “කතඤ්ඤු කතවේදි පුග්ගලො දුල්ලහො ලෝකස්මිං” යන පාඨයෙන් පෙනෙයි. කෙනෙකුට කරන ලද උපහාර තේරුම් ගැනීම, මතක තබා ගැනීම ඒ අනුව ඉඩ ලද ෂටක ප්‍රති උපකාර කිරීම කළ යුතුම ක්‍රියා නොව මෙයින් අප හට කියා දෙන්නේ ඒවා ඉටු කිරීම සාධු සම්මත ගුණ බව පමණයි. අනෙක නියම සත් පුරුෂයෙකු තවත් උදව්වක් කරන්නේ ඔහුගෙන් නැවත උදව් බලාපොරොත්තුවෙන් නොවේ.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
බුදු සිරිතෙහි බෝසතුන් මේ උතුම් මානුෂීය ගුණයන්ගෙන් ශෝභාමත් වූ බව අපි දනිමු. තමාට බුදු වීමට සෙවන දුන් බෝධීන් වහන්සේ හැර නොපියා ගොස් බෝධීන් වහන්සේට අනිමිස ලෝචනයෙන් පූජා කළ බුදුරජාණන් වහන්සේ එවන් පූජාවක් කළේ එය බෝධීන් වහන්සේට අවශ්‍ය වූ නිසා නොවේ.

ඇතැම් විටක සාමාන්‍ය පුහුදුන් පුද්ගලයන් අවශ්‍ය වූ විට පවා තමාට උදව්වක් කළ කෙනෙකුට ප්‍රති උපකාරයක් කිරීමට මැලිවනු පෙනේ.

සප්තවන සූත්‍රයේදී සත්පුරුෂයෙකු ළඟ නිරතුරුව පවත්නා ගුණ ධර්ම හතක් සඳහන් කොට තිබේ. තම මව්පියන් පෝෂණය, වැඩිහිටියන්ට ගරු කිරීම, පි‍්‍රය මනාප මෘදු වචන කීම, සමාජය භේද කරන කේලාම් බසින් ඉවත් වීම, මසුරුකම දුරලීම, සත්‍ය වචන භාවිතය, මෛත්‍රි සහගත වීම යන කරුණු සතයි ඒ. මඝ මාණවක සිය මිතුරන් සමග නිරතුරුව මේ ගුණ ධර්ම පිළිපදිමින් සිට මරණින් පසු දෙව්ලොව උපත ලද බව දැක්වේ.

මේ කරුණු අනුව ඔබත් වටහා ගත යුතු දෙය ඔබේ ජීවිතයට ප්‍රයෝජනයක් වීමට නම් වහාම කළ යුතු දෙය සත්පුරුෂ ධර්මතා ජීවිතයට සමීප කරගැනීමය. නුවණින් මෙහා ලෞකිකත්වය තුළ ඉඳ අපට සතුටු විය හැක්කේ සත්පුරුෂ භාවය අප තුළ රෝපණය වන්නේ නම් පමණි. හැම ගුණ ධර්මයක් රඳා සිටීමට ආධාර වන්නේ තමා ගුණවතෙකු වූ විටය.

එබැවින් අදම කළ යුතු මුල්ම කාරිය වන්නේ සැදැහැයෙන් තුනුරුවන් සරණ ගිය කෙනෙකු ලෙස පිහිටා නිවැරදිව සිතන්නටත්, නිවැරදිව කතා කරන්නටත්, නිවැරදිව ක්‍රියා කරන්නටත්ය.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
පුහු තර්ක විතර්කවලට මැදි වූ සමාජය හැම මානුෂීය වටිනාකමක්ම පහත හෙළන සමාජයක ඔබ කොටස්කරුවෙකු වෙනවාද, එසේ නොමැතිව ඔබ ජීවිතයටත් වටිනාකමක් දී පෞරුෂය දියුණු කොට සදාචාර සම්පන්න බව පිළිගෙන යුක්ති ගරුක ධර්ම ගරුක පිළිවෙතකට නැඹුරු වනවාදැයි ඔබ නුවණින් මෙනෙහි කරන්න. එවිට ඔබට ම වැටහේවි අසත්පුරුෂයෙකු ලෙස වසර ගණනාවක් ජීවත්වනවාට වඩා සත්පුරුෂයෙකු ලෙසින් දවසක් හෝ ජීවත්වීම වඩා වටිනා බව. එය ඔබගේ සසර ගමනේ නිමාවේ අඩිතාලම වනු ඇත.

ඔබ සැමට තෙරුවන් සරණයි!

උපුටා ගැනීම: http://www.dinamina.lk/2012/07/11/_art.asp?fn=a12070116

අදාළ:
සත්පුරුෂ සූත්‍රය 1 — පූජ්‍ය කහගොල්ලේ සෝමවන්ස නායක ස්වාමින් වහන්සේ [වීඩියෝ]

How to be Reborn as Sakkha, the King of Gods (Devas) 1-1 [Articles — External >>]

ඔබ සැමට තෙරුවන් සරණයි! May The Triple Gem Bless You! [Pictures — External >>]

ජීවිතය බබළවන වටිනා සම්පත් 1

පින් සිතක මහිමය 1
 
ගෙදර බුදුන් පුදන්නේ මෙහෙමයි 1

දෙලොව දියුණුව 1

දහමෙහි හැසිරීමෙන් සමාජ යහපත 1

නිසල සිත ගෙනෙයි සෙත 1

සියලු කරදර දුරු කරන කරණීය මෙත්ත සූත්‍ර යන්ත්‍රය 1
 
නොපමා දනන් හට ප්‍රඥා වැඩෙයි හැම විට 1

දෙවි බඹුන් වෙසෙන ලෝක 1

අපමණ පුද ලද බුදු හිමි ගුණ කඳ 1

සියලු බුදුවරුන්ගේ අනුශාසනාව 1

අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා 1