SomaHimi.org
 තෙරුවන.ඕර්ග්
 Threegems.org
 Vidarshana.org
 Jeevithaya.org
 Thinkup.today
මූණු පොත
Title Horizontal Line Shadow Title Horizontal Line
අලුත්   ලිපි   රූප   වීඩියෝ   භාගත   ඇමතුම්
අලුත්   ලිපි   රූප   වීඩියෝ   භාගත   ඇමතුම්
දීර්ඝායුෂ ලැබීමට නම්... 1

ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!

ෂෙනලි සේනාරත්න

ප්‍රකාශනය: 2016-01-05


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.

ආයුෂය යන වචනය අප යොදාගනු ලබන්නේ ඒ පුද්ගලයාට ජීවත්වීමට ලැබී ඇති කාල වකවානුව හැඳින්වීම සඳහාය. ආයුෂය ප්‍රමාණිකව ගත්කල පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන අතර, කෙනෙකුගේ ආයුෂය ඔහු පෙර භවයන්හි කරන ලද කුසලාකුසල කර්මයන්ට අනුව තීරණය වන බව බුදු සමයේ පිළිගැනීමයි’ දිව්‍යලෝක හා බ්‍රහ්ම ලෝකයන්හි ආයුෂය කල්ප ගණන් දිගු වුවද ඊට සාපේක්‍ෂව මිනිස් ආයුෂය ඉතා අල්පය. “අප්පමිදං භික්‍ඛවේ මනුස්සානං ආයු” මහණෙනි මිනිසුන්ගේ ආයුෂය, ප්‍රමාණයෙන් අල්පය” යන බුදු වදනින් එය වඩාත් තහවුරු වේ. බුදුන් වහන්සේ ජීවමාන සමයේ දළ වශයෙන් මිනිස් ආයුෂය අවුරුදු 120 – 160 වැනි ප්‍රමාණයක පැවැති බව සඳහන් වේ. අග්‍ර උපස්ථායක ආනන්ද හාමුදුරුවෝ වැනි අය දීර්ඝායුෂ විඳි ශ්‍රාවකයන් වහන්සේලා අතරට ගැනේ. එහෙත් මිනිසා ගුණ ධර්මවලින් පිරිහෙන්න, පිරිහෙන්න මිනිස් ආයුෂය ක්‍රමයෙන් අවුරුදු 10 දක්වා අඩුවී යන බව කියවේ.

“දුල්ලබංච මනුස්සත්තං” යන බුදු වදනට අනුව මිනිසත් බව ඉතා දුර්ලභ වූවකි. එසේ, ලබන මිනිසත් බව යමෙකු නිවැරැදිව ප්‍රයෝජන ගන්නේනම් ඔහුට බුදු, පසේබුදු, මහරහතන් යන උත්තරීතර තත්ත්වයන්ට පවා පත්ව සසරින් නිදහස්වීමට හැකියාව ලැබෙනු ඇත. එහෙත් ඒ සඳහා මිනිසාට ලැබී ඇති කෙටි ආයුස ප්‍රමාණය අකාලයේ වියැකෙන්නට නොදී ඉන් උපරිම ලෙස ප්‍රයෝජන ගත යුතුය. එහෙත් ඇතැමුන් නොදන්නකම නිසා තමා ලද ආයුෂ ප්‍රමාණය නිරපරාදේ විනාශ කර ගනිති. මෙම ලිපියෙහි අරමුණ මිනිසා තම ආයුස ප්‍රමාණය අකාලයේ විනාශ කර ගැනීම පිණිස යොදාගනු ලබන වැරැදි පුරුදු කිහිපයක් ධර්මානුකූලව පැහැදිලි කිරීමයි.


“වඳිමි සුගත සාක්‍ය සිංහ (Buddhist Song) 1 — ඩබ්ලිව්. ඩී. අමරදේව.” වීඩියෝව නරඹන්න වීඩියෝවට ක්‍ලික්‍ කරන්න. සම්පුර්ණ වීඩියෝව මෙතන නරඹන්න >>
අංගුත්තර නිකායේ පඤ්චක නිපාතයේ ද්විතීය අනායුස්ස සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පුද්ගලයාගේ ආයුෂයට හිතකර නොවන කරුණු 05 ක් පෙන්වා වදාළහ. මහණෙනි අනායුෂය (ආයු හිත නොවූ) ධර්ම පසෙකි. එනම්,

01. අසප්පායකාරී හොති (අසත්ප්‍රායකාරී වෙයි)

02. සප්පායෙ මත්තං න ජානාති. (සත්ප්‍රායයෙහි මාත්‍රා නොදනී)

03. අපරිනතභොජි ච හොති (ගත් අහර නොදිරූ කල්හි අනුභව කරයි)

04. දුස්සීලොච (දුස්සීලද වේ)

05. පාපමිත්තොච (පවිටු මිතුරන් ඇතියේ ද චේ)

යන ඒවාය. මෙම කරුණු තරමක් විග්‍රහාත්මකව පහත ලෙස විමසා බලමු.

01. අසප්පායකාරී හොති


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
ආහාරයෙහි පවත්නා හිතකර අහිත කර බව පදනම් කරගෙන එය සප්පාය, අසප්පාය යනුවෙන් ප්‍රධාන කොටස් දෙකකට බෙදේ. ආයුර්වේදයේ දී පථ්‍ය, අපත්‍ය යනුවෙන් ප්‍රධාන කොටස් දෙකකට බෙදේ. ආයුර්වේදයේ දී පථ්‍ය, අපථ්‍ය යනුවෙන් හඳුන්වන්නේ ද මෙයමය. ඒ අනුව සප්පාය ආහාර යනු ශරීරයට හිතකර ආහාර වන අතර, අසප්පාය ආහාර යනු සිරුරට අහිතකර ආහාරයි. කෙනෙකුට අහිතකර ආහාරය තව අයකුට හිතකර විය හැකියි. එහෙත් පොදුවේ ගත්කල අසප්පාය ආහාර යනු පුද්ගලයාගේ සෞඛ්‍ය තත්ත්වය පහත හෙලන විෂ සහිත ආහාරපානයි. මෙවැනි ආහාර පාන ගැනීම පුද්ගල ආයුෂය; ප්‍රමාණයෙන් අවම වීම පිණිස හේතුවන බව බුදුරජාණන් වහන්සේ දක්වති.

අසප්පාය ආහාර පරිභෝජනය අද පවත්නා බොහෝ රෝගවලට හේතුව බව වෛද්‍යවරුන්ගේ මතයයි. එදා පැවැති සරල ආහාර රටාවෙන් වෙන්වීම ද මේ කෙරෙහි බලපාන එක් හේතුවකි. පිරිසිදු ධාන්‍යයෙන් හා එළවලු, පලතුරු වලින් යැපී කය වෙහෙසවා වැඩ කළ ආදී මුතුන් මිත්තෝ ගතින් මෙන්ම සිතින්ද නිරෝගී වූහ. ආයුෂය ද උපරිම ලෙස වින්දනය කළහ. එහෙත් තරගකාරී රටාවකට සියල්ල පරිවර්තනය වී ඇති අද දවස තුළ ගොවීන්ට පවා කෘමි නාශක භාවිතය, රසායනික පොහොර භාවිතය වැනි දේ වලින් වෙන්වී සිටිය නොහැකි තත්ත්වයක් ඇතිවී පවතී. ගෙවත්තෙන් ගනු ලබන ආහාර හා ස්වභාවික ආහාර පාන හැරුණුකොට අපි ගන්නා සෑම ආහාර පානයකම පාහේ යම් යම් රසායනික ද්‍රව්‍ය අඩංගුව පවතී. දීර්ඝකාලීනව එවැනි ආහාර පරිභෝජනය කිරීමෙන් අකාලයේ රෝගීන් වී ආයුෂය අවම මට්ටමක දී මියයන්නට සිදුවනු ඇත. පාන් පිටි, ක්‍ෂණික ආහාර, පැණි බීම, අධික ලුණු සහිත ආහාර, සීනි අධික ආහාර යන ඒවාද අද පවත්නා බොහෝ ලෙඩ රෝගවලට හේතු වන අසප්පාය ආහාරයෝ බව වෛද්‍යවරු පෙන්වා දෙති.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
මෙම සූත්‍රය තුළදී බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනු ලබන්නේ අප හැකි තරම් අසප්පාය ආහාරයෙන් මිදී ඒ වෙනුවට සප්පාය ආහාර පරිභෝජනය කිරීම තුළින් ආයුෂය අකාලයේ වියැකෙන්නට නොදී ය උපරිමයෙන් වින්දනය කළ හැකි වන බවයි. එහෙයින් අප හැකි තරම් සරල ගෙවතු වගාවට හුරුවී පිරිසිදු එළවලු, පළතුරු පරිභෝජනයටත් ස්වාභාවික ආහාර පරිභෝජනයටත් හුරුවීම ඉතා වටී.

2. සප්පායෙ මත්තං න ජානාති

සප්පාය ආහාර වුවද ගත යුත්තේ මාත්‍රාව දැනගෙනය. ශරීරයේ සංයුතිය, කුසේ ප්‍රමාණය ආදිය සලකා බලා කෙනෙකු ආහාර ගත යුතුය. එසේ නොමැතිව ආශාව නිසා දකින දකින හැම ආහාරයක්ම පමණ නොදැන ගනු ලබන්නේ නම් එය සෞඛ්‍යයට, ආයුෂයට අහිත පිණිස බලපානු ලබයි.

“භෝජනම්හි ච මත්තඤ්ඤුං” භෝජනයේ පමණ දැනගන්නැයි බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන් වහන්සේට නිතර සිහිපත් කර දුන්හ. එයට හේතුව අධික ආහාරය කුසීතකමට සේම සෞඛ්‍යය තත්ත්වයේ පරිහානිය සඳහා ද හේතුවන නිසාය. සංයුත් සඟියේ ද්‍රොණපාක සූත්‍රයට අනුව දිනක් කොසොල් රජු අධික ලෙස ආහාර ගෙන විහාරයට පැමිණියා. ඉහින් කනින් දාඩිය දමමින් බලවත් අපහසුතාවයෙන් යුතුව සිටි රජු දුටු බුදුරජාණන් වහන්සේ ඊට හේතුව අධික ආහාරය බව දැන මෙසේ වදාළා.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.

මනුජස්ස සදා සතීමතො
මත්තං ජානතො ලදධ භොජනෙ
තනු තස්ස භවන්ති වේදනා
සනිකං ජිරති ආයුපාලයන්ති

“හැම කල්හි සිහි ඇති, ලද භෝජනයෙහි ප්‍රමාණය දන්නා ඒ මිනිසාගේ දුක්ඛ වේදනාවෝ තුනීවෙත් වැළඳූ ආහාර සෙමෙන් දිරයි. ආයුෂ රක්නේය” යනුවෙනි.

මෙකී අවවාදයට අනුව ක්‍රමානුකූල ආහාර රටාවකට හුරුව රජු පසුව සුවපත් වූ බව සඳහන්වේ. ඒ අනුව රස තෘෂ්ණාවට ලොල් වී අධික ලෙස ආහාර පාන පරිභෝජනය කිරීම නිසා අප සතු වටිනා ආයුෂ ප්‍රමාණය නිරපරාදේ ගෙවීයන බව පෙනේ. එහෙයින් බුදුරජාණන් වහන්සේ වදාරනු ලබන්නේ අඩක් කුස පිරී ගිය කල ආහාර ගැනීම නවතා කුසේ ඉතිරි අඩ ජලයෙන් පුරවා ගන්නා ලෙසයි. එවිට කය සැහැල්ලු වේ. සෙමෙන් ආහාර දිරවයි. එසේම එය ආයුෂයාගේ ද හිත පිණිස හේතුවන්නක් බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙති.

03. අපරිනත භොජීව හොති

ගත් ආහාරය දිරවන්නට මත්තෙන් නැවත නැවත ආහාර ගැනීම ද ආයුෂයාගේ පරිහානිය පිණිස බලපානු ලබන කාරණයක් බව බුදුරජාණන් වහන්සේ වදාරති. ඇතමුන් කාක්කන් සේ නොනවත්වා ආහාර ගනී. ජීර්ණ පද්ධතියට කිසිම විවේකයක් ලබා දෙන්නේ නැත. එහෙත් එවැනි අක්‍රමවත් ආහාර ගැනීමේ ක්‍රම අපේ ජීවිත වලට අහිත පිණිස පවතින බව සිහි තබා ගත යුතුය.


“සීල දස්සන සම්පන්නං 1 — පූජ්‍ය කටුකුරුන්දේ ඥානානන්ද ස්වාමින් වහන්සේ.” වීඩියෝව නරඹන්න වීඩියෝවට ක්‍ලික්‍ කරන්න. සම්පුර්ණ වීඩියෝව මෙතන නරඹන්න >

ප්‍රධාන ආහාරවේල ජීර්ණ පද්ධතිය තුළ දිරවීම සඳහා සාමාන්‍යයෙන් පැය 04 ක් පමණ ගත වන බව කියැවේ. එහෙයින් ඒ කාලය ඉක්මයන්නට මත්තෙන් සරල ආහාරයක් හැර තවත් එවැනි ප්‍රධාන ආහාර වේලක් ගැනීම නුසුදුසුය. මෙසේ දිරවීමට අවශ්‍ය කාල පරාසය තමා ක්‍රමානුකූලව ආහාර ගැනීම ශරීරයේ සුවපහසුව පිණිසත් ආයුෂයාගේ හිත පිණිසත් හේතුවන බව බුදුරජාණන් වහන්සේ වදාරති.

ආහාර මැනවින් දිරවීම සඳහා නිසි ව්‍යායාමයක් අවශ්‍යය. බුදුරජාණන් වහන්සේ සක්මන් භාවනාව හා වතාවත් වැනි අංග භික්‍ෂුන්ට අනුදැන ඇත්තේ මෙම අවශ්‍යතාව ද සලකාගෙනය. එහෙත් සියල්ල යන්ත්‍රාකාරයට හසුවෙමින් පවත්නා අද දවස තුළ මිනිසාට ව්‍යායාමයට ලැබෙන්නේ අඩු අවස්ථාවකි. ඒ නිසා අප මෙහිදී අවධානයට ගත යුත්තේ ව්‍යායාමයද අප ජීවිතවලට පුරුදුකරගත යුතු බවයි.

වයස අසූවේදී පවා “හියෝකුජේ” නම් චීන සෙන් ඇදුරුතුමා මහන්සි වී වැඩ කළේය. උන්වහන්සේ උදලු ගෑම, අතු ගෑම, ගස් කප්පාදු කිරීම ආදී සියල්ල කඩිසරව කළහ. තම වයසක ගුරුතුමා මහන්සි වී වැඩ කිරීම නිසා දුකට පත් ශිෂ්‍යයෝ වැඩ නොකරන ලෙස උන්වහන්සේගෙන් ඉල්ලා සිටියද ඇදුරු හිමි ඊට ඇහුම්කන් නුදුන්නේය. බැරිම තැන ගෝලයෝ ගුරුතුමාගේ ආයුධ සැඟවීමට තීරණය කළහ.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
උපකරණ සැඟවූ දින සිට ගුරුතුමා කෑම නොගත්තේය. දින කිහිපයක් ගත විය. ගුරුතුමා ප්‍රතිපත්තිය අත් නොහළේය. එදින ගුරුතුමා උපකරණ ගෙන මහන්සිවී වැඩ කළේය. ආහාරද අනුභව කළේය. හවස තම ශිෂ්‍යයන් රැස් කළ ඇදුරුතුමා වැඩ නොකළොත් කෑම කන්න අයිතියක් නෑ” යි ප්‍රකාශ කළේය.

4. දුස්සීලොච

දුසිල්වත් බවද ආයුෂයාගේ පරිහානිය පිණිස බලපානු ලබන තවත් එක් හේතුවකි. ශීලය යනු කය, වචන දෙකේ සංවරයයි. ගිහි හෝ වේවා පැවිදි හෝ වේවා අප කවුරුත් යම් ශීලයක පිහිටා හික්මීමක් ඇතිකරගත යුතුය. බුදු දහමට අනුව ශීල ප්‍රතිපදාව පටන් ගනුයේ පංච ශීලයෙනි.

ප්‍රාණගාතය කරන්නන් මරණින් මත්තේ අල්පායුෂ්ව උපත ලබන බව මජ්ඣිම නිකායේ චුල්ලකම්ම විභංග සූත්‍රයේ සඳහන් වේ. එසේම ප්‍රාණ ඝාතය කරන්නන් මෙන්ම සොරකම් කරන, බොරු, කේලම් කියන කාමයෙහි වරදවා හැසිරෙන සියලු දෙනාම නිතර සිටිනුයේ බියෙන් හා සැකයෙනි. ලේ ධාතුව අපිරිසිදුව අකාලේ රෝගීන් වී එවැන්නෝ ඉක්මණින් ජීවිත වලින් ද සමුගනිති. මත් වතුර පානය ද ආයුෂයාගේ පරිහානියට ඍජුවම බලපානු ලබන කාරණයකි. අද වෛද්‍යවරුන් පෙන්නා දෙන්නේ පිළිකා, අක්මාව ඉදිමීම, සිරෝසිස්, ක්‍ෂය රෝගය, දියවැඩියාව, අපස්මාරය වැනි රෝග වලට ප්‍රධාන හේතුව මත් වතුර, දුම් වැටි පානය කිරීම බවයි. එහෙයින් සිල්වත් පිරිසිදු ජීවිතයක් ගත කිරීම ආයුෂයාගේ හිත පිණිස පවත්නා බව සිහි තබා ගත යුතුය.

5. පාපමිත්තො ච


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
පාප මිත්‍ර සේවනය ද ආයුෂයාගේ පරිහානිය පිණිස බලපානු ලබන හේතුවකි. යම් තැනක බාලයෙක් සිටීද එතැන දශ අකුසලයක්, දුගතියක් පවතින බව අංගුත්තර නිකායේ දැක්වේ. බාල ඇසුර නිසා ප්‍රාණඝාතය, සොරකම, කාම මිථ්‍යාචාරය, සුරාව, සූදුව වැනි නොමනා ක්‍රියාකාරකම්වලට යොමුවී සෞඛ්‍යයෙන්ද පිරිහී අකාලයේ ආයුෂ ප්‍රමාණය ද විනාශ කර ගනී. එහෙයින් අප පාපමිත්‍ර සේවනයෙන් ඈත් වී කල්‍යාණ මිත්‍රයන් ඇසුරට යොමුවිය යුතුය. එය ආයුෂයාගේ හිත පිණිස බලපාන්නක් බවට පත්වනු ඇත.

බුදුරජාණන් වහන්සේ අනායුස්ස සූත්‍ර දේශනාවේදී වදාළ පුද්ගල ආයුෂයට අහිත ජීවිතය පවත්නා එකී කරුණු දෙස විමසා බලා ඒවායින් ඈත්වී ඒ වෙනුවට සප්පාය ආහාර අනුභවය, සප්පාය අහරේ පමණ දැන ගැනීම, ගත් ආහාර ජීර්ණය වන තෙක් සිට ආහාර ගැනීම, සිල්වත් වීම හා කල්‍යාණ මිත්‍ර ආශ්‍රය යන ගුණාංගයන් ඇතිකර ගැනීම තුළින් අපටද ආයුෂය මනාසේ පවත්වා ගත හැකිවනු ඇත.

ඔබ සැමට තෙරුවන් සරණයි!

උපුටා ගැනීම: http://www.lakehouse.lk/alokoudapadi/2014/06/18/_art.asp?fn=a14061815

උපුටා ගැනීම: https://www.facebook.com/SJGHSriLanka/

උපුටා ගැනීම: https://www.facebook.com/shraddhatv/

අදාළ:
අඩු වයසින් නොව දීර්ඝායුෂ විද මියයන්නේ කෙසේද? 1 — පූජ්‍ය බොරැල්ලේ කොවිද ස්වාමින් වහන්සේ [වීඩියෝ]

Buddhist Meditation and Health 1 [Articles — External >>]

ඔබ සැමට තෙරුවන් සරණයි! May The Triple Gem Bless You! [Pictures — External >>]

පව් — පින් 1

පාලි පොතෙන් බේතක්! 1
 
සුවපත් වන්න 1

සිල්වතුන්ට දෙවියෝ ද ආසිරි පතති 1

දෙලොව දියුණුව 1

දහමෙහි හැසිරීමෙන් සමාජ යහපත 1

සිත පාලනය 1
 
මාර්ග ආර්ය සත්‍යය 1

සදහම් ඇස පහළ විය 1

අපමණ පුද ලද බුදු හිමි ගුණ කඳ 1

සියලු බුදුවරුන්ගේ අනුශාසනාව 1

අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා 1