SomaHimi.org
 තෙරුවන.ඕර්ග්
 Threegems.org
 Vidarshana.org
 Jeevithaya.org
 Thinkup.today
මූණු පොත
Title Horizontal Line Shadow Title Horizontal Line
අලුත්   ලිපි   රූප   වීඩියෝ   භාගත   ඇමතුම්
අලුත්   ලිපි   රූප   වීඩියෝ   භාගත   ඇමතුම්
සිත දමනය කරන දැහැමි පිළිවෙත 1

ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!

ශාස්ත්‍රපති අධිකරණ හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ප්‍රජා පාදක විශෝධන දෙපාර්තමේන්තුවේ උඩුබද්දාවේ අස්සජී හිමි

ප්‍රකාශනය: 2015-01-14


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.

කවරම හෝ සමාජයක් (society) නිර්මාණය වීමේ දී එහි කේන්ද්‍රීය (focus) සාධකය වන්නේ පුද්ගලයා ය (person). පුද්ගලයාගේ කායික දක්‍ෂත (physical skills) හා මානසික දක්‍ෂතා (mental skills) මත එකී සමාජයේ සමාජ සංවර්ධනය (social development) සමාජ ප්‍රගමනය (social progress) හා සමාජ ඒකාබද්ධතාවය (social solidarity) ගොඩනැංවේ. කායික දක්‍ෂතා හා මානසික දක්‍ෂතා පුද්ගලයා තුළ වර්ධනය වීමට (growth) කායික නිරෝගී බව හා මානසික නිරෝගී බව තිබිය යුතු ය. මෙම කායික හා මානසික නිරෝගී බව එකිනෙක මත රඳා පවතින (dependant) අතර, මින් මානසික නිරෝගී බව අතිශය වැදගත් සංසිද්ධියක් වේ. මානසික නිරෝගී බව ඇතිකර ගැනීම සඳහා සිත තුළ ගොඩනැඟෙන මනෝභාවයන් නිවැරැදිව හඳුනා ගැනීමක් සිදු කළ යුතු අතර, සෘණාත්මක (negatives) මනෝභාවයන් පාලනය කිරීම (control) ද කළ යුතු ය. එය ඉතා සංකීර්ණ (complex) ක්‍රියාකාරකමක් (activity) වේ. එසේ වූවත් පුද්ගල සංවර්ධනය හා සමාජ සංවර්ධනය උදෙසා එකී චිත්ත වේගයන් (emotions) පාලනය කිරීම සිදු කළ යුතුම ය. චිත්තවේග පාලනය සඳහා බුදු දහම නිර්දේශිත විධික්‍රමයන් (methodology) විමසා බැලීම මෙහි අරමුණයි.


“නිර්වාණ ස්වර්ණ ද්වාරයෙන් (Buddhist Song) 1 — සනත් නන්දසිර.” වීඩියෝව නරඹන්න වීඩියෝවට ක්‍ලික්‍ කරන්න. සම්පුර්ණ වීඩියෝව මෙතන නරඹන්න >>
බුදුන් වහන්සේගේ විග්‍රහය අනුව සිතිවිලි පාලනය කර ගැනීමට සිදු වන්නේ සිත කිළිටි කරන, සිත අපිරිසුදු කරන ධර්ම චිත්තාභ්‍යන්තරයෙහි ගොඩනැඟෙන හෙයිනි. උන්වහන්සේ පෙන්වා දෙන්නේ ආර්ය මාර්ගයට හා ඵලයට ප්‍රවිෂ්ට වූවන්ට හැර අනාර්ය තත්ත්වයෙහි සියලු දෙනාට සිතිවිලි පාලනය කිරීම ඉතා දුෂ්කර කාර්යයක් බවයි. ඒ සඳහා උත්සාහය (උට්ඨානමතෝ) එළඹ සිටි සිහිය (සතිමතෝ) හා ඉඳුරන් දමනය කර ගැනීම (සුඤ්ඤතස්සච), නුවණින් විමසා බැලීම (නිසම්ම කාරිනෝ) සහ දැහැමින් දිවි පැවැත්වීම (ධම්ම ජීවිනො) අප්‍රමාදීව සිදු කළ යුතු බවයි.

සිතිවිලි පාලනයකින් තොරව වරදවා තබන ලද සිත (මිච්ඡාපණීහිතං චිත්තං) සොරෙක් සොරෙකුට (දිසෝ දිසං) කරනා නපුරට වඩා බලවත් නපුරක් (පාපියෝ කරේ) කරන අතර, මනාකොට සිතිවිලි පාලනය කිරීම (සම්මා පණිහිතං ට්ත්තං) මවුපියන් හෝ වෙනත් ඥාතීන් සිදුකරන යහපතට වඩා උතුම් යහපතක් සිදු කරන බවත් බුදුන් වහන්සේ පෙන්වා දෙන සේක.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න. මෙවැනි වගු මෙතැනින් ලබා ගත හැක >>
එමෙන්ම උන්වහන්සේ සඳහන් කරන්නේ පරසතුරන් විසින් ආක්‍රමණය කළ නොහැකි සුරක්‍ෂිත නගරයක් මෙන්, කෙළෙස් සතුරන්ට ආක්‍රමණය කළ නොහැකි පාලනය කළ සිතක් නිර්මාණය කර ගැනීම තුළින් ජීවිතය ජයග්‍රහණය කළ හැකි බවයි. (නගරූපමං චිත්ත මිදං ඨපෙත්වා — ජිතංච රක්ඛේ)

සිතිවිලි පාලනය කර ගැනීමට නොහැකි වන්නේ සිත තුළ ගොඩනැඟෙන අදක්‍ෂතාවයන් නිසා ය. ධර්මයෙහි මේවා අකුසල මූල (අකුසලා ධම්මා) ලෙස දක්වයි. ක්ලේශ, ආසව, අනුසය ලෙස ද මේවා සමහර තැනක සඳහන් වේ. අකුසල මූල පුද්ගලයාගේ සිත ගිලන් කරවයි. රෝගී කරවයි. වරද සහගත කරවයි. ඒ නිසා සිත පාලනය කර ගැනීමට අපහසු වේ. පුද්ගලයා අක්‍රීය කරන මෙම මූල ධර්ම තුනක් ධර්මයේ සඳහන් වේ. එනම්,

01. ලෝභ

02. දෝෂ

03. මෝහ යනුවෙනි.

මෙම මූල ධර්ම හේතු සාධක කරගෙන විවිධ අදක්‍ෂතා සිත තුළ නිර්මාණය වේ. ඒවා 1500 දක්වා වර්ධනය විය හැකි ය.

සිත රෝගී කරන වරද සහගත කරන දුබලතා අඩුවීම නිසා සිත නිරෝගී බවට පත් වේ. වරදට පෙළඹීමේ ස්වභාවය නැතිවේ. ඒ අනුව සිත පාලනය කර ගැනීම දක්‍ෂතාවයකි. එබඳු දක්‍ෂතා 03 ක් පිළිබඳව ධර්මයේ සඳහන් වේ. ඒවා කුසල මූල (කුසලා ධම්මා) යනුවෙන් හඳුන්වයි. ඒවා නම්


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.

01. අලෝභ

02. අදෝස

03. අමෝහ යන්නයි.

මේවා බුදු දහමේ සඳහන් පරම නිෂ්ඨාව වන නිවන කරා පුද්ගලයා යොමු කරන අතර පුද්ගල මනසේ වර්ධනය කර ගත යුතු, දියුණු කරගත යුතු ධර්මතා ද වේ.

පංච නීවරණ ධර්ම, සතර ආශ්‍රව ධර්ම, දස සංයෝජන ධර්ම පුද්ගල සිත රෝගී කරනා ක්ලේශයන් ය. මේවා මනෝභාවයන් ලෙස ද, චිත්ත ආවේගයන් ලෙස ද හඳුන්වයි. මේවා තුළ පෙළඹීම ඇත. ඒ නිසා පාලනය කර ගැනීම අති දුෂ්කර වේ. සිත කිලිටි කරනා මෙම මනෝභාවයන් පුද්ගල සිතෙහි තැම්පත්ව තිබේ. එහි අවස්ථා 03 ක් හඳුනාගත හැකි ය. එනම්,

01. අනුසය අවස්ථාව — යම් සිද්ධියක් හෝ යම් කාරණයක් සිදුවනතුරු ක්ලේශයන් සැඟව පවත්නා අවස්ථාව.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න. මෙවැනි වගු මෙතැනින් ලබා ගත හැක >>

02. පරියුට්ඨාන අවස්ථාව — අරමුණක් ලද විගස කෙලෙස් නැගී සිටින අවස්ථාව. මෙම අවස්ථාව තුළ ක්ලේශයන් නැවත යටපත් වීම හෝ ඉදිරියට යාම සිදුවිය හැකි ය.

03. වීතික්කම අවස්ථාව — පරියුට්ඨාන අවස්ථාවෙන් නොනැවතී ප්‍රාණඝාතය ආදිය සිදු කොට දුසිල් බවට පුද්ගලයා පත්කරන අවස්ථාව.

සමාජීය ජීවිතය තුළ පුද්ගල මනස මෙම අවස්ථා 03 තුළ දෝලනය වීම නිරන්තරව සිදු වේ. ඒ නිසා චිත්තවේග පාලනය කිරීම සඳහා මෙම ක්ලේශ අවස්ථා 03 මනාව හඳුනාගත යුතු ය. තම සිතේ කෙලෙස් අවදි වන ආකාරය හා ඒවා ක්‍රියාත්මක වී තමාගේ මානසික සංහිදියාව බිඳ දමන ආකාරය වටහා ගත යුතු ය. එවිට වීතික්කම තත්ත්වයට පත්වීමට ඉඩ නොදී සිතිවිලි පාලනය කර ගැනීමට සමත් වේ.

මජ්ඣිම නිකායේ සල්ලේඛ සූත්‍රයේ පුද්ගල සන්තානය තුළ ගොඩනැඟෙනා මෙවැනි මනෝභාවයන් 44 ක් සඳහන් වේ. ඒ අතරින් බහුතරයක් පුද්ගල ප්‍රායෝගික ජීවිතය තුළ දැකගත හැකි චිත්තාවේගයන් ය. එනම්,

01. සැක ඇති බව (විචිකිච්ඡා)

02. ඊර්ෂ්‍යාවන්ත කම (ඉස්සා)

03. මසුරු බව (මච්ඡෙර)

04. කිපෙනසුළු බව (කෝධ)


“චිත්ත දමනය 1 — පූජ්‍ය නාවෙලගම අමිතදස්ස ස්වාමින් වහන්සේ.” වීඩියෝව නරඹන්න වීඩියෝවට ක්‍ලික්‍ කරන්න. සම්පුර්ණ වීඩියෝව මෙතන නරඹන්න >

05. එකට එක කිරීම (පලාස)

06. වංචාකාරකම (මායා)

07. අකීකරුකම (දුබ්බච)

08. මාන්න අධික බව (අතිමාන)

09. කුසීත බව (කුසීත)

10. ගුණමකු බව (මක්ඛ)

මෙවැනි මනෝභාව සිත තුළ ගොඩනැ‍ෙගන විට සිත රෝගී බවට, ගිලන් බවට පත්වේ. මේ නිසා එම ආවේග පාලනය කළ යුතු වේ. සුවිශේෂව ම පුද්ගලයා තුළ ගොඩනැඟෙන ප්‍රශ්න, ගැටලු වලට මූලික හේතුව වන්නේ මෙම ආවේග (කෙලෙස්) සිත තුළ ගොඩනැඟීමයි.

එයින් සිතේ ප්‍රභාස්වර බව නැතිවී යයි. ප්‍රශ්න, ගැටලු විසඳා ගැනීමට නම් සිත ප්‍රභාස්වර බවට පත්කර ගත යුතු වේ. මේ සඳහා සිතිවිලි පාලනය කර ගත යුතුම ය.

චිත්ත සංවරය සඳහා උපයෝගී කර ගත හැකි ක්‍රමවේද (methods) රැසක් බුදුන් වහන්සේ විසින් අවධාරණය කර ඇත. එකී ක්‍රමවේද භාවිතයක් (practical) බවට පත්කර ගත් විට පුද්ගල මනස නිරෝගී කිරීම මෙන්ම සාමාන්‍ය සමාජීය ප්‍රශ්න රැසකට ද විසඳුම් ලබා දීමට හැකියාව ලැබේ.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
මජ්ඣිම නිකායේ අම්බලට්ඨික රාහුලෝවාද සූත්‍රයේ බුදුන්වහන්සේ පෙන්වා දෙන්නේ සිතට එන සෑම සිතුවිල්ලක් පිළිබඳව ම ප්‍රත්‍යවේක්‍ෂණය (පච්චචේක්ඛිත්වා) කළ යුතු බවයි. ප්‍රත්‍යවේක්‍ෂණය කළ යුතු විධික්‍රමයක් ද බුදුන් වහන්සේ එහිදී පෙන්වා දෙන සේක. එනම් සිත තුළ ඇතිවන මනෝ භාවය තමාට යහපතක් ගෙනදෙනවාද? අයහපතක් ගෙන දෙනවාද? අනුන්ට යහපතක් ගෙන දෙනවාද? අයහපතක් ගෙන දෙනවාද? යන්න විමර්ශනය කළ යුතු බවයි. එසේ විමසීමේ දී තමාට හා අනුන්ට (පුද්ගලයා — සමාජය) අයහපතක් ගෙන දෙන සිතිවිල්ලක් නම් එය පාලනය කර ගත යුතු බවයි. දිගින් දිගට වර්ධනය නොකළ යුතු බවයි. තමාට හා අනුන්ට (උභය පක්‍ෂයටම) යහපත ගෙනදේ නම් එම සිතුවිල්ල වර්ධනය කළ යුතු බවයි. මේ අනුව බුදුන්වහන්සේ සිතිවිලි පාලනයට ඉතා හොඳ මිනුම් දණ්ඩක් (measurement) අවධාරණය කරන සේක. මෙය අගනා මනෝ විද්‍යාත්මක ක්‍රමවේදයකි. (psychological method) ප්‍රත්‍යවේක්‍ෂණය මනෝ විද්‍යාවේ එන අන්තරාවලෝකනය (introspection) නැමැති සංකල්පය හා සම්බන්ධය. අන්තරාවලෝකනය නම් අභ්‍යන්තරයට එඹී බැලීමයි. ඒ අනුව මෙය හෘදය සාක්‍ෂියට එකඟව සිතිවිලි වල හොඳ නරක තීරණය කිරීමේ ක්‍රමවේදයක් ලෙස ද හැඳින්විය හැකි ය.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න. මෙවැනි වගු මෙතැනින් ලබා ගත හැක >>
පුද්ගලයා සමාජ සාමාජිකයන් සමඟ ගැටුම් ඇතිකර ගැනීම සඳහා බලපාන ප්‍රධානතම හේතු සාධකය වන්නේ සිත තුළ ගොඩනැඟෙන කෙලෙස් සහගත සිතිවිලි ය. සිතට එන කෙලෙස් සහගත සිතිවිලි නිවැරැදිව හඳුනා නොගැනීමත් ඒවා පාලනය කර ගැනීමට දැඩිව උත්සුක නොවීමත් නිසා නිරායාසයෙන් ඒවා ක්‍රියාත්මක වේ. එවිට පුද්ගල මානසික සමබරතාවය බිඳ වැටෙන අතර, විවිධාකාර ගැටලු නිර්මාණය වීමට පටන් ගනී. එදිනෙදා සමාජයේ විශේෂයෙන් පවුල් ඒකකය තුළ, කාර්යාලය තුළ, වෙළෙඳපොළ, දුම්රිය, බස්රිය ආදී ස්ථාන වල විවිධ ගැටුම් නිර්මාණය වී ඇත්තේ මේ නිසා ය. ආවේග පාලනය කිරීම තුළ හා නුවණින් කටයුතු කිරීම (යෝනිසෝමනසිකාර) මඟින් මෙම ගැටුම් රාශියක් සමථයකට පත්කර ගත හැකි වා මෙන්ම මානසික සංහිදියාවෙන් යුතු පුද්ගල පිරිසක් බිහිකර ගත හැකි ය.

පුද්ගල මනසෙහි නිසර්ගයෙන් ඇතිවන සිතිවිලි සමනය කර ගැනීම සඳහා ප්‍රායෝගිකව පුද්ගලයා ක්‍රියාත්මක කළ යුතු වැඩ පිළිවෙළක් මජ්ඣිම නිකායේ චිතක්ක සණ්ඨාන සූත්‍රයේ දැක්වේ. එහිදී පුද්ගලයා අනුගමනය කළ යුතු පියවර කිහිපයක් වේ.

01. වැරැදි හැඟීමක් පුද්ගල සිතේ ඇතිවන විට ප්‍රතිවිරුද්ධ සිතිවිලි මඟින් එය දුරු කිරීම.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න. මෙවැනි වගු මෙතැනින් ලබා ගත හැක >>
කාම, රාග, ද්වේෂ ආදී සිතිවිලි සිතෙහි ඇතිවන විට අසුබ සිතිවිලි හා මෛත්‍රී සහගත සිතිවිලි ගොඩනංවාගෙන වැරැදි සහගත සිතිවිලි පාලනය කළ යුතු ය. ඒවා සමනය කළ යුතු ය. මෙය පළමු පියවරයි.

02. උපන් වැරැදි සහගත සිතිවිල්ලෙහි ආදීනව සිතීම.

මෙම දෙවන පියවර අනුගමන කරන්නේ පළමු පියවර සාර්ථක කර ගැනීමට නොහැකි වූ විටයි. මෙහිදී “තමන්ට පහළ වූ වැරදි සහගත සිතිවිල්ල තමාට ජක් උපදවන්නේ ය. තමාගේ අයහපත පිණිස හේතු වන්නේ ය.” යනුවෙන් එහි අහිතකර ප්‍රතිඵල පිළිබඳව නුවණින් මෙනෙහි කළ යුතු ය. එසේ මෙනෙහි කර වැරැදි සහගත සිතිවිල්ල සමනය කළ යුතු ය.

03. උපන් වැරැදි සහගත සිතිවිල්ල අමතක කර දැමීම.

පහළ වන සිතිවිල්ල දිගින් දිගට සිහි නොකර සිටීම හෝ එය අමතක කර දැමීමට උත්සාහ කිරීම මෙහිදී කළ යුතු ය.ඒ තුළින් සිතිවිලි පාලනය කර ගැනීමට ක්‍රියාකළ යුතු ය.

04. උපන් වැරැදි සහගත සිතිවිල්ලේ මූලය සිහිකිරීම.

මෙය සිව්වන පියවරයි. මෙහිදී සිදු කරන්නේ කුමක් නිසා, කුමක් හේතු කරගෙන මෙම සිතුවිල්ල පහළ වූවාදැයි පිරික්සා බැලීමයි. එසේ පරීක්‍ෂා කර බලා එය සිතින් බැහැර කරලීමයි.

05. උපන් වැරැදි සහගත සිතිවිල්ල කායික හා මානසික අධිෂ්ඨාන ශක්තිය යොදා පාලනය කිරීම.


“මෛත්‍රී භාවනාව 2 — පූජ්‍ය ගලිගමුවේ ඥානදීප ස්වාමින් වහන්සේ.” වීඩියෝව නරඹන්න වීඩියෝවට ක්‍ලික්‍ කරන්න. සම්පුර්ණ වීඩියෝව මෙතන නරඹන්න >

මුල් පියවර 04 අසාර්ථක වූ විට අවසානයේ අනුගමනය කරන පියවරයි. මෙහිදී මානසික ශක්තිය මෙන්ම කායික ශක්තිය ද උපයෝගී කර ගැනීම විශේෂිතයි. සියලු ශක්තිය යොදවා කෙලෙස් දුරු කිරීම මෙහි අරමුණයි. මේ පිළිබඳව සූත්‍රයේ දැක්වෙන්නේ,

“යටි දතෙහි උඩුදත පිහිටුවා දිවෙන් තලුපෙළා වෙසෙසින්ම කුසල් සිතින් අකුසල් සිත මර්දනය කළ යුතු ය. පෙළිය යුතු ය. තැවිය යුතු ය. එසේ කරන කල්හි ඔහුට ලෝභ, ද්වේෂ, මෝහ සහගත වූ ලාමක අකුසල විතර්කයෝ පහව යත්. වැනසෙත්. සිය සන්තානයේම සිත පිහිටයි. මැනවින් තැම්පත් වේ. සමාධිගත වේ.” යනුවෙනි.

බුදුන් වහන්සේ පෙන්වා දෙන මෙම පියවර සිත තුළ පුරුදු පුහුණු කළ යුතු ය. එවිට සිතිවිල්ලක් පහළ වන සෑම අවස්ථාවකදීම එය යහපත් ද අයහපත් ද, තමාට හිතකර ද අහිතකර ද යන්න ක්‍ෂ්ණිකව වටහා ගැනීමට හැකියාවක් ලැබේ. එයින් තම සිතිවිලි පාලනය කර ගැනීමේ විභවතාව පුද්ගල මනස තුළ නිරායාසයෙන් ගොඩනැංවේ.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න. මෙවැනි වගු මෙතැනින් ලබා ගත හැක >>
පුද්ගල සිත පෙළෙමින් පුද්ගල චර්යාවට අසීමිත බලපෑමක් කරන චිත්තාවේගයන් රැසක් මජ්ඣිම නිකායේ වත්ථූපම සූත්‍රයේ සඳහන් වේ. එහිදී බුදුන් වහන්සේ පෙන්වා දෙන්නේ “යම්සේ කිළිටි අපවිත්‍ර වූ වස්ත්‍රයක් වර්ණ ගන්වන කෙනෙක් ඊට නිල්, රතු, මදටිය යන මේ කුමන වර්ණයක් යෙදුවත් එය දුර්වර්ණ මෙන්ම අපිරිසුදු වර්ණ වූවක් වන්නාසේම අපවිත්‍ර සිතකින් ද ලබන්නේ දුගතියක් ම පමණි” යනුවෙනි.

අභිජ්ඣා (විෂම ලෝභය), ව්‍යාපාද (අනුන්නැසීමට ඇති තරහ), කෝධ (ක්‍රෝධය), උපනාහ (බද්ධ වෛරය), මක්ඛ (ගුණමකු බව), පලාස (එකට එක කිරීම), ඉස්සා (ඊර්ෂ්‍යාව) ආදී සිත කෙලසන මනෝභාවයන් 16 ක් මෙම සූත්‍රයේ දැක්වෙන අතර, ඒවා පාලනය කිරීමේ උපක්‍රමයන් ද සඳහන් වේ. එහිදී අනුගමනය කළ යුතු පළමු ක්‍රියාමාර්ගය නම් බුදුන්වහන්සේගේ අසීමිත ගුණස්කන්ධය, ධර්මයෙහි ගුණ, සංඝරත්නයේ ගුණ, අචලව තම සිතේ පිහිටුවා ගැනීමයි. එසේ පිහිටුවා ගත් විට සිත ප්‍රසන්න භාවයට පත්වේ. සතුටට පත්වේ. සතුටු වූ තැනැත්තා තමන්ට හා අනුන්ට හානිකර සිතිවිලි තම සිත තුළ ඇති කර නොගනී. එමෙන්ම යථාර්ථවත්ව ලෝකය තේරුම් ගැනීමේ හැකියාව ද ලබා ගනී. එයින් සිතේ ඇතිවන වැරැදි සහගත සිතිවිලි සමනය වේ. යහපත් සිතිවිලි වර්ධනය වේ. මෙම මානසික වෙනස වත්ථූපම සූත්‍රයේ සඳහන් වන්නේ මේ ආකාරයටයි.

කෙලෙස් ඉවත් වී බැහැර වී මිදී ප්‍රහීණ වී දුරු වූ පසු මම බුදුන් කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්ත වෙමි කියා ගුණ දැන පැහැදීමෙන් ලබන සොම්නස (අත්ථවේදය) ලබයි. සොම්නසින් උපදින ඥානය (ධම්ම වේදය) ලබයි. ප්‍රමෝදය ලබයි. ප්‍රමුදිත වූවහුට පී‍්‍රතිය උපදී. පී‍්‍රති සිත් ඇත්තහුගේ කය සංසිඳෙයි. සංසුන් කය ඇත්තා සැප විදී. සැපවිදින්නහුගේ සිත සමාධි ගත වේ. යනුවෙනි.

එසේම අයහපත් සිතිවිලි පාලනය සඳහා සිත තුළ මෛත්‍රීය සහගත සිතිවිලි උපදවාගත යුතු බව ද වත්ථුපම සූත්‍රයේ දැක්වේ. ඒ සඳහා අසීමිත මෙත් සහගත සිතිවිලි ඇතිකර ගත යුතු ය. “මවක් තම එකම දරුවාට දක්වන මෛත්‍රිය මෙන් උඩ යට ආදී සියලු දිසාවන්ට අයත් සත්වයන්ට මෙත් වැඩිය යුතු ය.” මෙත් සහගත සිතිවිලි සිත තුළ වගාකර ගැනීමෙන් කෙලෙස් විෂබීජයන්ට සිත තුළ රෝපණය වීමේ අවස්ථාව අහිමි වේ.

චිත්තාවේගය පාලනය කිරීම සඳහා බුදුන්වහන්සේ නිර්දේශිත ක්‍රමෝපායන් රැසක් විවිධ සූත්‍ර වල අන්තර්ග වී ඇත. පිඩුකොට ගත් සමස්ත බුදුදහමේ ම අන්තර්ගත වන්නේ එකී ක්‍රම ශිල්පයන් ය.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.

(Techniqes) එය ඉතා සංක්‍ෂිප්තව බුදුන් වහන්සේ වදාළේ, “සචිත්තපරියෝදපනං” යනුවෙනි. මෙම ක්‍රම ශිල්ප පිළිබඳව අනුමාන සූත්‍රය, සබ්බාසව සූත්‍රය, ද්වේධා විතක්ක සූත්‍රය, සල්ලේඛ සූත්‍රය ආදී සූත්‍ර රැසක කරුණු ගණනාවක් ම අන්තර්ගත වී තිබේ.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
මේ ආකාරයට පුද්ගල සන්තානය තුළ ගොඩනැඟෙන ක්ලේෂයන් පාලනය සඳහා බුදුන් වහන්සේ දක්වා ඇති මෙම විධික්‍රමයන් පුද්ගලයා අනුගමනය කළ යුතු ය. ඒවා පිළිබඳ දැනුම (knowledge) පමණක් ප්‍රමාණවත් නොවේ. බුදුන් වහන්සේගේ ධර්මයේ ඇති සුවිශේෂතාවය නම් දැනුම පමණක් ලබා නොදීමයි. දැනුම තුළින් යහපත් ආකල්ප (attitudes) වර්ධනයක් ද සිදු කර ගත යුතු ය. ඉන් පසු කුසලතා (skills) දියුණුකරගත යුතු ය. මෙම චිත්තාවේගයන් පාලනය කිරීමේ කුසලතා තම තමා තුළ පුද්ගල කේන්ද්‍රීයව වර්ධනය කරගත යුතු ය. එයින් මානසික නිරෝගී භාවය ගොඩනංවාගත යුතු ය. මානසික නිරෝගී භාවයකින් තොරව නිවන් සාධනය අපේක්‍ෂා කිරීම ඵල රහිත ය. එම නිසා මෙලොව පරලොව ඵලදායී කර ගැනීම සඳහා සහ නිවන් ප්‍රත්‍යක්‍ෂ කර ගැනීම සඳහා චිත්තාවේග පාලනය කිරීමට අප්‍රමාදව නිරන්තර උත්සාහයක යෙදිය යුතු ය.

ඔබ සැමට තෙරුවන් සරණයි!

උපුටා ගැනීම: http://www.lakehouse.lk/budusarana/2009/10/17/tmp.asp?ID=vision04

උපුටා ගැනීම: http://www.ariyamagga.org/buddhist-books/charts-pdf-books/

උපුටා ගැනීම: http://www.ariyamagga.org/wp-content/ariyamagga%20content/Charts/

වැඩි විස්තර: http://thripitakaya.org

අදාළ:
වත්ථූපම සූත්‍රය 1 — පූජ්‍ය මිරහවත්තේ පඥ්ඥාසිරි ස්වාමින් වහන්සේ [වීඩියෝ]

Majjhima Nikaya 7: Vatthupama Sutta: The Simile of the Cloth 1 [Thripitaka — External >>]

මනාව පිහිට ලද සිත A Well-Established Mind 1 [Pictures — External >>]

ඔබ සැමට තෙරුවන් සරණයි! May The Triple Gem Bless You! [Pictures — External >>]

සැදැහැයෙන් ක්‍රියා කරමු 1
 
පින් සිතක මහිමය 1

මනස සනසන පිරිත් සුතුර 1

නිසල සිත ගෙනෙයි සෙත 1

ප්‍රඥාවයි — කරුණාවයි 1

මෛත්‍රී භාවනාව 1
 
නිවනට පිවිසෙන දොරටුව 1

ශාන්ත ප්‍රණීත නිවන් සුවය 1

අපමණ පුද ලද බුදු හිමි ගුණ කඳ 1

සියලු බුදුවරුන්ගේ අනුශාසනාව 1

අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා 1