SomaHimi.org
 තෙරුවන.ඕර්ග්
 Threegems.org
 Vidarshana.org
 Jeevithaya.org
 Thinkup.today
මූණු පොත
Title Horizontal Line Shadow Title Horizontal Line
අලුත්   ලිපි   රූප   වීඩියෝ   භාගත   ඇමතුම්
අලුත්   ලිපි   රූප   වීඩියෝ   භාගත   ඇමතුම්
සිත පාලනය 1

ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!

රේරුකානේ චන්දවිමල මහ නාහිමි

ප්‍රකාශනය: 2015-02-10


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.

සත්ත්වයකුට සිතය කයය කියා කොටස් දෙකක් ඇත්තේ ය. සිත නිසා කයත්, කය නිසා සිතත් පවතී. කයට දැනුමක් නැත. එබැවින් එය කිසි ක්‍රියාවක් නො කරයි. කයින් සිත පහ වුව හොත් එය දරකඩක් සේ තුබූ තැනක නිශ්චල ව තිබී කුණු වී යයි. මරණය කියනුයේ ද කයින් සිත පහ වීමට ය. සකල ක්‍රියාවන්ම සිදු කරන්නේ සිතය. කය ඒ සිතට වාසස්ථානයෙකි. වාහනයකි. ක්‍රියා කිරීමට උපකරණ රැසකි.

වඩුවකු කියත් නියන් මිටි ආදි උපකරණවලින් නොයෙක් ක්‍රියා කරයි. ඇස නමැති උපකරණයෙන් බලයි. කන නමැති උපකරණයෙන් අසයි. නාසය නමැති උපකරණයෙන් සුවඳ දුගඳ දැන ගනී. දිව නමැති උපකරණයෙන් රස විඳී. කය නමැති පහස විඳී. මුව නමැති උපකරණයෙන් කථා කරයි. ආහාර වළඳයි. පා නමැති උපකරණයෙන් ගමන් කරයි. අත නමැති උපකරණයෙන් නොයෙක් ක්‍රියාවන් කරයි. මරණින් පසු ශරීරය විනාශ වන නුමුත් ඒ ශරීරය ඇසුරු කොට පැවති චිත්ත පරම්පරාව නො නැසේ. එක් ශරීරයකින් ඉවත් වූ චිත්ත පරම්පරාව අන් සිරුරකට ආරූඪ වී පවතී.


“සංසාර ගමනේ තණ්හා ආශා (Buddhist Song) 1 — ඩබ්ලිව්. ඩී. අමරදේව.” වීඩියෝව නරඹන්න වීඩියෝවට ක්‍ලික්‍ කරන්න. සම්පුර්ණ වීඩියෝව මෙතන නරඹන්න >>
එයත් නැසුණු කල්හි අන් සිරුරකට ආරූඪ වේ. මෙසේ නිවනට පැමිණීම දක්වා චිත්ත පරම්පරාව නො සිඳී පවතී. මිනිසකු මැරී දෙව්ලොව උපදනා කල්හි මිනිස් ශරීරයෙන් කිසිවක් දෙව්ලොවට නො යයි. මළ මිනිසා ය, දෙවියා ය යන දෙදෙනා එක් පුද්ගලයෙකු වන්නේ දෙවියාගේ ශරීරයේ පවත්නා සිත මිනිස් සිරුරෙහි වූ චිත්ත පරම්පරාවට ම අයත් වන බැවිනි. මිනිසකු මැරී ප්‍රේත ව උපන් කල්හි ඒ දෙදෙනා එක් පුද්ගලයකු වන්නේ මිනිසාගේ සිත් පරම්පරාව ම ප්‍රේත ශරීරයට පැමිණීම නිසා ය. කය සේ ම සිතත් මරණයෙන් සිඳී යන්නේ නම් පුනර්භවයක් නො ලැබේ. කුශලාකුශල කර්මයන් කරන්නේ ද සිතිනි. ඒවා විපාක දෙන්නේ ද කර්මයන් කළ සිත් පරම්පරාවේ පැවැත්ම නිසා ය. මේ කරුණු අනුව සිත ම සත්ත්වයකුගේ ප්‍රධාන කොට්ඨාසය බව කිව යුතු ය. බුදුන් වහන්සේ විසින් ද මෙසේ වදාරා ඇත්තේ ය.

චිත්තේන නීයති ලෝකෝ — චිත්තේන පරිකස්සති
චිත්තස්ස ඒකධම්මස්ස — සබ්බේව වසමන්වගූ


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.

— දේවතා සංයුත්ත

“සත්ත්වයා සිතින් ඒ ඒ භවයට ඒ ඒ තත්ත්වයට ගෙන යනු ලැබේ. සිතින් ඒ මේ අත අදිනු ලැබේ. එක ධර්මයක් වූ සිතෙහි වයසට සියලු සත්ත්වයෝ ම ගියෝ ය” යනු එහි තේරුම ය.

සත්ත්වයනට සුවදුක් ලැබෙන්නේ ඔවුන්ගේ සිත් පැවති ආකාරයේ සැටියට ය. එබැවින් සැප කැමති, දුක් නො කැමති සෑම දෙනා විසින් ම සිත ගැන දැනුමක් ඇති කර ගත යුතුය. සිත පාලනය කර ගත යුතු ය.

“පභස්සරමිදං භික්ඛවේ චිත්තං” යි වදාරා ඇති පරිදි සත්ත්වයාගේ සිත ප්‍රකෘතියෙන් පිරිසුදු ය. මඩ දැලි කෙළ සෙම් සොටු මල මූත්‍ර ආදිය එක් වීමෙන් ශුද්ධ ජලය අපවිත්‍ර වන්නාක් මෙන් රාගාදි පාප ධර්මයන් එකතු වීමෙන් පිරිසුදු සිත කිලිටි වේ. කුණු වේ. සිත කිලිටි වූ කල්හි ඒ පුද්ගලයා හට තමාට විය හැකි අර්ථානර්ථයන් නො දැනෙන්නේ ය. අනුන්ට විය හැකි අර්ථානර්ථයන් ද නො දැනෙන්නේ ය. කළ යුත්ත නො කළ යුත්ත නො දැනෙන්නේ ය. කිලිටි වූ සිතෙන් කිසි කලෙක යහපතක් සිදු නො කෙරේ. කෙරෙතොත් කෙරෙන්නේ තමාට හා අන්‍යයන්ට නපුරක් වන දෙයක් පමණෙකි. කිලිටි නො වන පරිදි සිත ආරක්‍ෂා කර නො ගත් පුද්ගලයෝ දුකින් දුකට ම පත් වෙති. එබැවින් මහාකාරුණික වූ භාග්‍යවතුන් වහන්සේ විසින් සිත ආරක්‍ෂා කර ගැනීම සඳහා බොහෝ අනුශාසනයන් කර ඇත්තේ ය. අනේකාකාරයෙන් නොයෙක් උපමා දක්වමින් අනුශාසනා කර ඇත්තේ ය. ඉන් කීපයක් මෙසේ ය:—

දිසො දීසං යන්තං කයිරා — වෙරිවා පන වෙරිනං
මිච්ඡා පණිහිතං චිත්තං — පාපියොනං තතො කරෙ


“වත්ථූපම සූත්‍රය 1 — පූජ්‍ය මිරහවත්තේ පඥ්ඥාසිරි ස්වාමින් වහන්සේ.” වීඩියෝව නරඹන්න වීඩියෝවට ක්‍ලික්‍ කරන්න. සම්පුර්ණ වීඩියෝව මෙතන නරඹන්න >
අනුන්ගේ වස්තුව පැහැර ගන්නා සොරෙක් ඔහුගේ වස්තුව පැහැර ගන්නා සොරකු හමුවූ විට, ඒ සොරාට යම් බඳු නපුරක් කෙරේ ද, තමාට අනර්ථ කරන සතුරකු මුණ ගැසුණු තැනැත්තකු විසින් ඒ සතුරාට යම්බදු නපුරක් කෙරේ ද, එයට වඩා මහත් නපුරක් නො මනා සිත් ඇති පුද්ගලයාට ඒ සිත කරන්නේ ය.

න තං මාතාපිතා කයිරා — අඤ්ඥේ වා පිච ඤාතකා
සම්මා පණිහිතං චිත්තං — සෙය්‍යසො නං තතො කරෙ

— ධම්මපද චිත්තවග්ග

පුද්ගලයකුට කිළිටි වන්නට නො දී මනා කොට තබා ගන්නා ලද සිත යම් යහපතක් සිදු කෙරේ ද එපමණ යහපතක් ඔහුට මා — පියෝ ද නෑයෝ ද නො කරන්නාහ. කිරීමට සමත් නො වන්නා හ.

සමතිත්තිකං අනවසෙසකං
තෙලපත්තං යථා පරිහරෙය්‍ය
එවං සචිත්ත මනුරක්ඛෙ
පත්ථයානො දිසං අගත පුබ්බං


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.

— ජාතික පාලි

මුවවිට දක්වා තෙල් පිරවූ පාත්‍රයක් තෙල් නො ඉසිරෙන සේ සිහියෙන් ගෙන යන්නාක් මෙන් කිසි කලෙක නො ගිය තැන වූ නිවනට යනු කැමති තැනැත්තේ තමාගේ සිත කිලිටි නො වන සේ සිහියෙන් ආරක්‍ෂා කරගන්නේ ය.

සිත කිලිටි කරන නරක් කරන තවන අකුශල පාක්ෂික චෛතසික ධර්මයෝ කිලේස නම් වෙති කෙලෙස්, ක්ලේශ යන මේවා ද ඒවාට කියන නම් ය. එක්දහස් පන්සියයක් ලෙස ගණන් ගෙන ඇති කෙලෙස් සියල්ල විභාග වශයෙන් දක්වා ඇති යම්කිසි එක් සූත්‍රධර්මයක් නැත්තේ ය. එබැවින් කෙලෙසුන්ගේ ගණන අඩුවැඩි නැති ව හරියට ම දැක්වීම අපහසු ය. එක්දහස් පන්සියය යන මේ ගණන සාමාන්‍ය ගණනෙකි.

සිත කිලිටි කරන ධර්ම සියල්ල තථාගතයන් වහන්සේ විසින් දේශනය කර ඇත්තේ ක්ලේශ යන නාමයෙන් ම නොවේ. උපක්කිලේස කිලේස අංගණ චේතොඛිල ආසව ඕඝ යෝග නීවරණාදී නොයෙක් නම් වලින් සූත්‍ර පිටකයෙහි හා අභිධර්ම පිටකයෙහි නොයෙක් තැන්වල නොයෙක් සූත්‍රවල සිත කිලිටි කරන ධර්ම, දේශනය කර ඇත්තේය.


අකුසල් සිත් දොළොස. ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න. මෙවැනි වගු මෙතැනින් ලබා ගත හැක >>
එක් දහස් පන්සියය යන ගණන කියන්නේ ඒවා ක්ලේශ යන නමින් එකතු කර ගැනීමෙනි. ආචාර්වරයන් විසින් කෙලෙස් එක්දහස් පන්සියය දක්වන ක්‍රම කීපයක් ඇත්තේ ය.

ඔබ සැමට තෙරුවන් සරණයි!

උපුටා ගැනීම: http://www.lakehouse.lk/alokoudapadi/2014/01/01/_art.asp?fn=a1401012

උපුටා ගැනීම: http://www.ariyamagga.org/buddhist-books/charts-pdf-books/

උපුටා ගැනීම: http://www.ariyamagga.org/wp-content/ariyamagga%20content/Charts/

උපුටා ගැනීම: https://www.facebook.com/pages/Ama-Dam-Vila-%E0%B6%85%E0%B6%B8%E0%B7%8F-%E0%B6%AF%E0%B6%B8%E0%B7%8A-%E0%B7%80%E0%B7%92%E0%B6%BD/714932545279118

අදාළ:
සිත 1 — අතිපූජ්‍ය නාඋයනේ අරියධම්ම ස්වාමින් වහන්සේ [වීඩියෝ]

සිත ප්‍රභාස්වරයි The Mind is Bright 1 [Pictures — External >>]

ඔබ සැමට සුභ දවසක් වේවා! Wish You All A Good Day! [Pictures — External >>]

පව් — පින් 1

සත්වයාට දායාද වන කර්මය 1
 
දෙලොව දියුණුව 1

සිල්වතුන්ට දෙවියෝ ද ආසිරි පතති 1

මනස සනසන පිරිත් සුතුර 1

නිසල සිත ගෙනෙයි සෙත 1

සිත දමනය කරන දැහැමි පිළිවෙත 1
 
භාග්‍යවතුන් වහන්සේ, සක්වල සහ අපි 1

ශාන්ත ප්‍රණීත නිවන් සුවය 1

අපමණ පුද ලද බුදු හිමි ගුණ කඳ 1

සියලු බුදුවරුන්ගේ අනුශාසනාව 1

අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා 1