SomaHimi.org
 තෙරුවන.ඕර්ග්
 Threegems.org
 Vidarshana.org
 Jeevithaya.org
 Thinkup.today
මූණු පොත
Title Horizontal Line Shadow Title Horizontal Line
අලුත්   ලිපි   රූප   වීඩියෝ   භාගත   ඇමතුම්
අලුත්   ලිපි   රූප   වීඩියෝ   භාගත   ඇමතුම්
පිළිවෙතෙහි යෙදූ සිත සිදු කරන යහපත 1

ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!

එස්. ඩී. රසිකා පි‍්‍රයදර්ශනී

ප්‍රකාශනය: 2015-10-09 — අලුත් කිරීම: 2018-10-12


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.

‘දූරං ගමං ඒක චරං
අසරීරං ගුහාසයං
යේ විත්තං සඤ්ඤ මෙස්සන්ති
මොක්ඛන්ති මාර බන්ධනා’

දුර ගමන් යන, තනිව හැසිරෙන ගුහාවක වෙසෙන සිත සංවරයෙහි පිහිටුවා ගත්විට මාර බැම්මෙන් මිදිය හැකි බව සම්බුද්ධ දර්ශනයෙහි සඳහන් වේ. පුද්ගලයා විසින් කරන කියන සෑම දෙයකටම මුල්වන සිත පුද්ගලයාගේ දුක — සැප තීරණය කරන බලවේගයකි. සිත මුල් වීමෙන් පුද්ගල ක්‍රියාකාරීත්වය සිදුවන බව බෞද්ධ ඉගැන්වීමයි.

මනෝ පුබ්බංගමා ධම්මා
මනෝ සෙට්ඨා මනෝමයා
මනසා චෙ පදුට්ඨෙන
භාසතිවා කරෝතිවා
තතෝනං දුක්ඛමංවේතී
චක්කංච වහතෝ පදං


“සිත 1 — අතිගරු මහා කම්මට්ඨානාචාර්ය නාඋයනේ අරියධම්ම නායක ස්වාමීන් වහන්සේ.” වීඩියෝව නරඹන්න වීඩියෝවට ක්‍ලික්‍ කරන්න. සම්පුර්ණ වීඩියෝව මෙතන නරඹන්න >
සියලු ක්‍රියාවන්ට සිත මූලික වෙයි. චෛතසික ධර්ම නැතහොත් සිතිවිලි සිත මුල් කොට ගෙන උපදියි. ලෝභ, ද්වේශ, මෝහ යන අකුසල වේතනාවන්ගෙන් යුක්තව අයහපත් සිතින් පුද්ගලයා සිදුකරන අයහපත් ක්‍රියාවන්ගේ දුක්ඛ විපාක ගැල බැඳි ගොනා පසුපස ඇදෙන කරත්ත රෝදය මෙන් පුද්ගලයා පසුපස පැමිණේ.

මනෝ පුබ්බංගමා ධම්මා
මනෝ සෙට්ඨා මනෝමයා
මනසා චෙ පසන්නේන
භාසති වා කරෝති වා
තතෝතං සුඛමංවේති
ඡායාව අනපායිනී

යනුවෙන් සඳහන් වන්නේ ආලෝභ , අදෝස, අමෝහ යන කුසල චේතනාවන්ගෙන් යුක්තව සිතේ උපදින යහපත් සිතිවිලි අනුව පුද්ගලයා සිදුකරන යහපත් ක්‍රියාවන්ගේ සුඛ විපාක තම සිරුර අතහැර නොයන සෙවනැල්ල සේ පුද්ගලයා පසුපස පැමිණෙන බවයි. ධම්මපදයෙහි සඳහන් ඉහත ගාථා ධර්ම අනුව පුද්ගලයාට දුක — සැප ගෙනදීමට සිත මූලික වන බව පෙනේ. ‘චිත්තං දන්තං සුඛා වහං’ යනුවෙන් දැක්වූයේ දමනය වූ සිත තමන්ට සැප ගෙනදෙන බවයි.

සමාජශීලි සත්ත්වයෙකු ලෙසින් ජීවිතය පවත්වාගෙන යන පුද්ගලයාට මුහුණදීමට සිදුවන හැළහැප්පීම් බොහෝ වෙයි. බහුතරයක් පුද්ගලයින් ආශාවන් නිසා ධනය රැස්කරමින් නිමක් නැති දුක්වැලක එතී පසුතැවිලි වන බව පෙනේ. පුද්ගලයා සිත දමනයෙන් තොරව සිදුකරගන්නා විනාශකාරී ක්‍රියා බහුලය.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
අවිවේකීව මිල මුදල් පසුපස දිවයන මිනිසා භයංකාර සංසාරය දිගු කර ගනී. දමනයෙන් තොර වූ සිතින්, පුද්ගලයින් සිදුකළ දූෂිත ක්‍රියාකාරකම් මාධ්‍යය මගින් හෙළිදරව් කෙරේ. ඇතැම් මවුපියන් අතර ඇතිවන රංඩු සරුවල් නිසා අනාථවන දූ දරුවන් හා සමහර මවුපියන්ට නොසලකා හරින දරුවන් සහ ඇතැම්විට නොකළ යුතු පංචවිධ දූෂ්චරිත වෙළෙඳාම්හි නිරතවන පිරිස් ද සමාජය තුළ වාසය කරනු ඇත. ඊට හේතුව මිනිස් සිත අයහපත් චේතනාවන්ගෙන් යුක්ත වීමයි.

තණ්හාවෙන් මුලා වී කටයුතු කරන පුද්ගලයා ආත්මාර්ථයම උදෙසා කටයුතු කරනු විනා පරාර්ථකාමී නොවේ. තණ්හාවෙන් පුද්ගලයා මුලාවට පත් වන්නේ අකුසල ධර්මයන්ගෙන් යුක්තව ක්‍රියාකරන විටයි. අයහපත් සිතිවිලි හටගත් සිත නිසා පුද්ගලයාගේ ඉන්ද්‍රියන් ද අයහපත් අකාරුණික ලෙසින් ක්‍රියාකාරී වෙයි.

ඉන්ද්‍රියානි මනුස්සානං
තාය අහිතාය ච
අරක්ඛිතානි අභිතාය
රක්ඛිතානි හිතාය ච’


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
යනුවෙන් දක්වා ඇත්තේ මිනිසාගේ සිරිත, අහිත පිණිස ඉන්ද්‍රියයන් බලපාන බවත් සිත දියුණු කොට එම ඉන්ද්‍රියය පාලනය කරගත්විට ඉන් පුද්ගලයාට යහපතක්ම සිදුවන බවයි. නොදියුණු සිතින් ඉන්ද්‍රිය පාලනයන් නොමැති වුවහොත් ඉන් අයහපතක්ම සිදුවෙයි.

සිත තරම් මුරණ්ඩු ධර්මතාවයක් මිහිපිට නැත. බෞද්ධ දර්ශනය තුළ සිත උපමා කරන්නේ කුළුමීමෙකුටයි. සිත තරමට සැලෙන, පෙරළෙන මැනිය නොහැකි අවබෝධ කර ගැනීමට අසීරු වෙනයම් දෙයක් දැකිය නොහැකිය. සම්මා සම්බුදු පියාණන් වහන්සේ උතුම් ලොවුතුරු බුද්ධ රාජ්‍යයට පත්වූයේ සිත දියුණු කළ හෙයිනි. පුද්ගලයාට ස්වකීය ජීවිතය අර්ථවත් කර ගැනීමට හෝ විනාශ කරගැනීමට ප්‍රධාන වන්නේ සිතයි.

අත්තනාව කතං පාපං
අත්ත නා සංකිලිස්සති
අත්ත නා අකතං පාපං
අත්තනාව විසුජ්ජති
සුද්ධී අසුද්ධි පච්චත්තං
නාඤ්ඤ මඤ්ඤෝ විසොධයේ


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
යනුවෙන් ධම්මපද පාලියෙහි විස්තර කර ඇත්තේ තමා විසින් කරනු ලබන අයහපත් පාපී ක්‍රියාවන් නිසා තමා කෙළෙසීමට පත්වන බවත්, පාපී ක්‍රියාවන් නොකිරීම නිසා තමා පිරිසුදු වන බවත්, කෙනෙකුගේ පිරිසුදුබව හෝ අපිරිසුදුබව අනෙකෙකුට කළ නොහැකි බවත්ය.

පුද්ගලයා පිරිසුදු වන්නේ යහපත් ක්‍රියා නැතිනම් කර්ම සිදුකිරීමෙනි. යහපත් කර්ම සිදුවන්නේ සිතිවිලි යහපත් වූ විටයි. තමන්ටත් අනුන්ටත් යහපතක් වන ක්‍රියාවන් නරක පහත් ක්‍රියා ලෙසත්, තමන්ටත්, අනුන්ටත් අයහපත පිණිස හේතුවන ක්‍රියා පාපී ක්‍රියා බවත් මනාව අවබෝධ කරගත් පුද්ගලයා යහපතටම තම සිත යොමු කිරීමට වෙහෙසෙයි.

කරන කලට පව් මිහිරිය මී සේ සිතන අනුවණ පුද්ගලයා තම සිත දුසිරිතටම යොමුකරයි. ඔහු පාපයට නැඹුරුව කෙලෙස් ගින්නෙන් දැවි දැවී ජීවිතය පවත්වාගෙන යයි.

දිසො දිසං යං තං කයිරා
වෙරි වා පන වෙරිනං
මිචජා පණීහිතං චිත්තං
පාපියෝ තං තතො කරෙ


“චිත්ත දමනය 1 — පූජ්‍ය නාවෙලගම අමිතදස්ස ස්වාමින් වහන්සේ.” වීඩියෝව නරඹන්න වීඩියෝවට ක්‍ලික්‍ කරන්න. සම්පුර්ණ වීඩියෝව මෙතන නරඹන්න >
යනුවෙන් ධම්මපද පාලියෙහි දැක්වෙන්නේ පාපයට, වරදට බැඳී ඇති සිත සොර සතුරන් විසින් සිදුකරන නපුරටත් වඩා මහානපුරක් කරන බවයි. තමා හට සිදුකළ යම් අවැඩක් නිසා කෝපයට පත්වන සොරෙක් හෝ සතුරෙක් පුද්ගලයෙකුගෙන් පළිගැනීම උදෙසා ඔහුගේ අඹු දරු , දැසි දස් ආදීන්ට කරදර සිදු කරයි. ජීවිත විනාශ කරයි. වතුපිටි විනාශ කිරීම හෝ පැහැර ගැනීමක් සිදු කරයි. දසඅකුසල ධර්මයන්ට නතු වූ සිත පුද්ගලයාගේ මෙලොව, පරලොව දෙලොවම දුක ගෙන දේ. සිය දහස් ගණන් ජාතිවල සතර අපායෙහි දුක්ඛයන් උදාකරයි. සිතක් පාපයට යොමුවීමෙන් පුද්ගලයාට සිදුවන පීඩාව සොර සතුරන්ගෙන් සිදුවන පීඩාවටත් වඩා ඉතා බරපතල බව පෙනේ. සිත අකුසල චේතනාවෙන් යුක්ත වූ පුද්ගලයන්ට සැනසීමක් නැත. නිරතුරුවම අසහනයෙන් පසුතැවීමෙන්, අතෘප්තිමත් බවින් කාලය ගත කිරීමට සිදුවේ. පාපිෂ්ට කටයුතු වල නිරතවූවෙකු සැපයෙන් සුවෙන් කාලය ගතකරන බවක් බාහිර ලෝකයාට නෙත ගැටුනද මානසිකව ඔහු පීඩා රැසකින් ළතවන්නෙක් වේ. ඒ සියල්ලට හේතුව සංවරයෙන් තොරව ස්වකීය සිත හැසිරවීමයි. මනාව හික්මවනු ලැබූ සිත පුද්ගලයාට යහපතක්ම සිදුකරන බව බෞද්ධ දර්ශනය තුළ දැක්වෙන්නේ මෙසේ ය.

නතං මාතා පිතා කයිරා
අඤෙඤවාපි ච ඤාතකා
සම්මා පණීහිතං චිත්තං
සෙය්‍යසො නං තතො කරෝ’ති


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
යනුවෙන් දක්වා ඇත්තේ මනා පිළිවෙතෙහි යෙදූ සිත සිදුකරනු ලබන යහපත මවුපියන්ටත් සිදුකළ නොහැකි බවයි. මවුපියන් එක් භවයක් තුළ දරුවන් වෙනුවෙන් දායාද පවරා දෙමින් දරුවන්ගේ සියලු කාර්යය සිදුකරයි. ධ්‍යාන සම්පත්, ස්වර්ග සම්පත් ලබාදිය හැකි දෙමාපියන් මිහිපිට නොමැත. නමුත් කුසල ධර්මයන් තුළින් පෝෂණය වූ සිත මේ සියලු සම්පත් ලබා දෙන්නට සමත් ය. එහෙයින් මවුපියන් විසින් හා සෙසු නෑයන් විසින් ස්වකීය පුත්‍රාදීන්ට සිදුකරන යහපතට වඩා සුවිශාල යහපතක් දමනය වූ සිත සිදුකරයි.

ලෝකය තුළ අයහපත් දෙය, අමිහිරිදෙය, ඉතා සුන්දර වේශයකින් විද්‍යාමාන වෙයි. පාපය, වරද තුළ පවත්නා බාහිර මිහිරිබවට, සුන්දර බවට සත්ත්වයින් මුලාවෙමින් තම තමන්ටම අනර්ථයන් සිදු කරගනී.

අසතං සාත රූපෙන
පිය රූපෙන අප්පියං


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
යනුවෙන් බුදුරදුුන් දේශනා කළේ නිවැරැදි යහපත් දෙයෙහි පවත්නා බාහිර කටුක අමිහිරි ස්වභාවය නිසා නිරායාසයෙන් කෙලෙස්බර සත්ත්්වයාගේ සිත සුන්දරව, මිහිරිව පෙනෙන අයහපත් දෙයට යොමුවන බවයි. යහපත ලෝකය තුළ අමිහිරි, දුෂ්කර ලෙස පැවතුනද පුද්ගලයාගේ සැප විහරණය උදෙසා හේතුවන්නේ එයයි. කෙළෙසුන්ගෙන් බර වූ සත්වයින්ගේ සිත් නිරතුරුවම කෙලෙස් වැඩිකර ගැනීමට මිස අඩුකර ගැන්මට නොපෙළඹේ.

කෙලෙස් අඩුකර ගැනීමට නම් යහපත් සිහියෙන් ක්‍රියා කළ යුතුය. ජීවිතයේ පවිත්‍රතාවය ඇතිවන්නේ එවිටයි.

පුද්ගලයාට තම ඉන්ද්‍රියන් සංවර කරගත හැක්කේ සිත සංවර කර ගැනීමෙනි. තම තමන් රුචි කරන අරමුණු ඔස්සේම අයාලේ යන සිත හික්මවා ගැනීම තමාටත් සමාජයටත් සුවයක් ළඟාකර දෙයි. තම සිතට කෙලෙස් මූලයන්ගෙන් අපිරිසුදු වීමට ඉඩ නොතබා කුසල, මූලයන්ගෙන් පිරිසුදු කර ගැනීමට නිරතුරුවම ක්‍රියාකිරීම පුද්ගලයාගේ දෙලොවෙහිම සුවයට හේතුවෙයි.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
අංගුත්තර නිකායේ අනුධූපම සූත්‍රයේ දැක්වෙන්නේ අධ්‍යාත්මික අංශය මතක කොට මෙලොව අභිවෘද්ධිය උදෙසා කටයුතු කරන පුද්ගලයා එකැස් ඇත්තෙකු වන බවයි.

පුද්ගලයාට සාර්ථක ජීවිතයක් මෙන්ම සැනසිලිදායක ජීවිතයක් පවත්වාගෙන යා හැක්කේ ඉඳුරන් සංවර කර ගැනීමෙනි. පුද්ගලයා විසින් ස්වකීය ඉඳුරන් සංවරකර ගැනීමට නම් සිත සංවර කර ගැනීම අනිවාර්යය වේ. දමනය වූ සිත දමනය වූ ඉන්ද්‍රිය ක්‍රියාකාරීත්වයක් ඇති කරයි. දමනය වූ සිත පුද්ගලයාටත් සමාජයටත් යහපතක්ම සිදු කරනු ඇත.

ඔබ සැමට තෙරුවන් සරණයි!

උපුටා ගැනීම: http://www.lakehouse.lk/budusarana/

අදාළ:
චිත්ත වර්ගය, ධම්මපදය 1 — පූජ්‍ය මැදගොඩ අභයතිස්ස ස්වාමින් වහන්සේ [වීඩියෝ]

Dhammapada Verse 1 — Cakkhupalatthera Vatthu 1 [Thripitaka — External >>]

සාදු! Sadhu! [Pictures — External >>]

අප්‍රමාදය ආලෝකයේන් බබළයි 1

පින් පව් නොහඳුනන්නාට ආගම දහම සිහිවන්නේ ගත වාරු නැතිවූදාටයි 1
 
දානය සත්පුරුෂ වන්නේ කෙසේද? 1

සිල්වතුන්ට දෙවියෝ ද ආසිරි පතති 1

දහමෙහි හැසිරීමෙන් සමාජ යහපත 1

සිත දමනය කරන දැහැමි පිළිවෙත 1

සිහිය පිහිටුවන අරමුණු හා විශ්වාසයේ වැදගත්කම 1
 
සමථ – විපස්සනා භාවනා 1

මාර්ග ආර්ය සත්‍යය 1

අපමණ පුද ලද බුදු හිමි ගුණ කඳ 1

සියලු බුදුවරුන්ගේ අනුශාසනාව 1

අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා 1