SomaHimi.org
 තෙරුවන.ඕර්ග්
 Threegems.org
 Vidarshana.org
 Jeevithaya.org
 Thinkup.today
මූණු පොත
Title Horizontal Line Shadow Title Horizontal Line
අලුත්   ලිපි   රූප   වීඩියෝ   භාගත   ඇමතුම්
අලුත්   ලිපි   රූප   වීඩියෝ   භාගත   ඇමතුම්
සුවපත් වන්න 1

ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!

සුපර්මයින් ඉන්ටර්නැෂනල් සහ සිත් අරණ අධ්‍යක්‍ෂිකා — සමන්ති දේශප්‍රිය

ප්‍රකාශනය: 2015-03-19


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.

“නිරෝගී බව පරම සැපත බව” බුද්ධ දේශනාවේ පවා සඳහන්ව පවතිනවා. මොනතරම් සැප සම්පත් මැද හිටියත් කායික හෝ මානසික රෝගයකින් ඔබ පීඩා විඳිනවා නම් ඔබ වටා ඇති භෞතික සැප සම්පත්වල කිනම් සැපතක්‌ද? කෙතරම් ප්‍රණීත ආහාර පාන තිබුණත් ඔබට ඒවා භුක්‌ති විඳිය නොහැකි නම් සුවිසල් සුව පහසු යහන් තිබුණත් ඔබට නින්ද නොයනවා නම් ඔබට රිසි තැන ඇවිද යා නොහැකි නම් ඔබ කෙතරම් අසරණද?

කය මනස සහ සුවය


“සිත 1 — අතිපූජ්‍ය නාඋයනේ අරියධම්ම ස්වාමින් වහන්සේ.” වීඩියෝව නරඹන්න වීඩියෝවට ක්‍ලික්‍ කරන්න. සම්පුර්ණ වීඩියෝව මෙතන නරඹන්න >
සුවපත් සිරුරක්‌ තුළයි නිරෝගී මනසක්‌ තිබෙන්නේ. නිරෝගී මනසක්‌ ඇතිවිටයි සිරුර සුවපත් වන්නේ. ඔබ දැඩිව රෝගාතුරව සිටි අවස්‌ථාවක්‌ සිහිපත් කරන්න එම අවස්‌ථාවේදී ඔබ සිටියේ සතුටින්ද ඔබට සැහැල්ලුවෙන් සිනා සෙන්නට හැකිවුණාද? ඔබට දැනුනේ අසහනයක්‌ද? ඔබට දැඩි මානසික පීඩනයක්‌ දැනුණ අවස්‌ථාවලදී ඔබේ සිරුර ඊට ප්‍රතිචාර දැක්‌වූයේ කෙසේද? හිසරදය, කෑම අරුචිය, නින්ද නොයැම, ශරීර අප්‍රාණික බව වෙහෙසකර බව වැනි පීඩාවන් රැසක්‌ සිරුර තුළ ඇති වූ බව ඔබට මතකද? සුවපත්ව සිටින්නට ප්‍රාර්ථනා කරන ඔබ මේ සිත සහ කය අතර සම්බන්ධතාවය ගැන හොඳින් වටහා ගත යුතුයි.

විෂ

බොහෝ රෝග රැසකට මුල්වන්නේ සිරුර තුළට ඇතුළු වන විෂබීජ මෙන්ම සිරුර තුළ නිපදවන විෂ සහිත සංයෝගයි. රුධිරය තුළ, අන්ත්‍රය තුළ සහ අනිකුත් අභ්‍යන්තර අවයව ආශ්‍රිතව නිපදවන විෂ ඒවායේ අක්‍රමිකතාවන් සඳහා බලපානවා. එලෙසම මනස තුළ නිපදවන විෂ නිසා මිනිසකු මානසිකව සහ කායිකව රෝගාතුර වනවා. වෛරය, කෝපය, ක්‍රෝධය, අසහනය, ඊර්ෂ්‍යාව රාගය, තණ්‌හාව එකී මානසික විෂ ඝණයට අයත් වනවා. පූර්ණ සුවපත් වීමක්‌ සඳහා මනස තුළ මෙන්ම සිරුර තුළ ඇති විෂද අපද්‍රව්‍ය ද ඉවත් කළ යුතුයි.

මානසික විවේකයක්‌


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
ඇතැම් රෝග සඳහා ප්‍රතිකාර කිරීමට පෙර සිරුර අභ්‍යන්තරයේ ඇති විෂ මූලක ඉවත් කිරීමට විවිධකාර විවේකයන් සිදු කරනවා. මනස තුළ ඇති විෂ ඉවත් කිරීමට මානසික විවේකයන් සිදු කළ යුතුයි. කල්ගත වූ නිදන්ගත මානසික අපද්‍රව්‍ය ඉවත් කිරීම පහසු දෙයක්‌ නම් නොවේ. ඒ සඳහා:

  • ආගමික ක්‍රමවේද
  • මානසික උපදේශන
  • හීලින් ප්‍රතිකාර
  • ආධ්‍යාත්මික අභ්‍යාස
  • ශ්වසන අභ්‍යාස
  • භාවනා

වැනි මානසික ප්‍රතිකාර ක්‍රම යොදා ගත හැකියි. මෙලෙස කරනු ලබන මානසික විවේකයකින් පසුව වේගවත්ව ඔබේ කායික සහ මානසික සුවපත්වීම ආරම්භ වනවා.

සුවයට සුවය

ආධ්‍යාත්මික තුවාල සුවපත් වූ පසු සිරුර මත ඇති බාහිර තුවාල වේගයෙන් සුවවීම ආරම්භ වෙනවා. පිළිකා වැනි දරුණු රෝගවල රෝග සෛල පවා වර්ධනය වීම අඩාල වනවා. සිත් අරණට ගොඩවදින ඇතැමුන් අතර චර්ම රෝග, දද, කුෂ්ඨ වලින් දීර්ඝ කාලීනව පිඩා විඳින අය සිටිනවා.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
නමුත් නිසි මානසික විවේකයකින් පසුව ඒවා ඉතා ඉක්‌මනින් සුවපත් වන අයුරු අපූරුයි. ඔබේ අධ්‍යාත්මය පැසවන විට සම මතුපිට ද පැසවනවා. ඒ නිසා ඔබ පළමුව ආධ්‍යාත්මිකව සුවපත් විය යුතුයි.

ඖෂධීය විශ්වාසය

ඔබ සුවපත් වන බව ඔබ විශ්වාස කරන විට සුවපත්වීම ඇරඹෙනවා. “මම මොහොතින් මොහොත සුවපත් වෙමින් සිටිමි” යන සරල වගන්තියක්‌ නිතර සිහිපත් කිරීමෙන් ඔබට විශ්වාසය ගොඩ නඟා ගත හැකියි. රෝගයකින් පීඩා විඳින විට එහි වේදනාව ඉක්‌මවා යන තරමේ විශ්වාසයක්‌ ඔබ තුළ ගොඩ නඟා ගත යුතුයි. ඔබ ගන්නා වෛද්‍ය ප්‍රතිකාර සහ ඖෂධ සමඟ විශ්වාසය ද මිශ්‍ර කරන්න. එය ඔබගේ සිරුරේ ප්‍රතිශක්‌තිය ඉහළ නංවාවි. ඔබගේ රෝගී තත්ත්වය කෙතරම් පීඩාකාරී වුවත් එය තාවකාලික බවත්, සුවපත්වීම සිරුරේ ස්‌වභාවය බවත් විශ්වාස කරන්න.

රෝග ආකර්ෂණය කර නොගන්න


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
නිතර රෝග පිළිබඳ කතා කරමින් තමා තුළ රෝගී ලක්‌ෂණ ඇද්දැයි සැක කරමින් රෝග සම්බන්ධ ලිපි සහ පත පොත කියවමින් රෝගී මනසක්‌ නිර්මාණය කළ විට ඔබ කැමැති ඕනෑම රෝගයක්‌ ආකර්ෂණය කරගත හැකියි. එනිසා සුවය සහ සුවපත් බව ගැන පමණක්‌ කතා කරන්න, සිතන්න, කියවන්න.

කර්මය සහ රෝග

කර්මය කියන්නේ ක්‍රියාවට, ඔබ මේ භවයේ හෝ පෙර භවයේ කරන ලද අපවිත්‍ර හෝ නුසුදුසු ක්‍රියාවල ප්‍රතිඵලය ලෙස ඔබට ඇතැම් රෝග දායාද විය හැකියි. දැඩි ක්‍රෝධය හෝ වෛරය ප්‍රගුණ කළ ඔබට ඇදුම රෝගයත්, සත්ව හිංසනයේ යෙදුණ ඔබට ශාරීරික විකෘතිතා, අංශභාගය වැනි රෝගත්, අධික කෑදරකම නිසා සියල්ල තනිව භුක්‌ති විඳි ඔබට ආහාර සඳහා විවිධ අසාත්මිකතා, ආහාර මාර්ගය ආශ්‍රිත විවිධ අසාමාන්‍යතා ආදියත් අනුන්ට නිතරම සිත් වේදනා ගෙන දුන් ඔබට මානසික පීඩාත් ආදි වශයෙන් ඔබේ ක්‍රියාවන්ට ප්‍රතිඵල ලෙස විවිධ රෝගයන් ත්‍යාග ලෙස ලැබිය හැකියි. (එඩ්ගා කේසි මැනිවෙන්ෂන් නම් කෘතිය කියවන්න.) ඔබේ ක්‍රියාවන් පිරිසිදු කරගත් විට සහ ඔබ පීඩා විඳින රෝගයට අදාළ ඔබේ ක්‍රියාවන්ට ප්‍රතිවිරුද්ධ යහපත් ක්‍රියාවන්හි යෙදීමෙන් ඔබට රෝගවලට ගොදුරු වීමෙන් වැළකීමට සහ රෝගවලින් ඉක්‌මන් සුවය ලැබීමට හැකිවනු ඇත.

  • ආගමානුකූල ආධ්‍යාත්මික ජීවන ක්‍රමයකට හුරුවීම.
  • සැම විටම ස්‌වාභාවික පෝෂණීය හා නිර්මාංශ ආහාර මත යෑපීම.
  • නිවැරදි ජීවන පුරුදුවලට අනුකූල වීම.
  • මානසික ගැටලු නිsරාකරණය කර ගැනීම.
  • බාහිර සහ අභ්‍යන්තර පවිත්‍රතාව පවත්වාගෙන යැම.
  • සුවපත් බව විශ්වාස කිරීම සහ අගය කිරීම.
  • ඔබට නිරෝගී බව සම්ප්‍රේෂණය කෙරෙන කායික සහ මානසිකව නිරෝගී මිනිසුන් ඇසුරු කිරීම තුළින් සුවපත් විය හැක.
  • සෑම විටම රෝගීවීම වැළැක්‌වීම සුවපත් කිරීමට වඩා වැදගත්ය. එසේම පහසුය.

ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
සටහන — ශාලිකා තිලක්‍ෂණී

ඔබ සැමට තෙරුවන් සරණයි!

උපුටා ගැනීම: http://www.divaina.com/2013/01/13/meewitha03.html

අදාළ:
මානසික නිරෝගී කම 1 — පූජ්‍ය කොටපොල අමරකීර්ති ස්වාමින් වහන්සේ [වීඩියෝ]

A Buddhist Approach to Mental Health 1 [Articles — External >>]

ඔබ සැමට තෙරුවන් සරණයි! May The Triple Gem Bless You! [Pictures — External >>]

පින් සිතක මහිමය 1

සත්වයාට දායාද වන කර්මය 1
 
පාලි පොතෙන් බේතක්! 1

සෑම සුවඳකටම වඩා උතුම් සුවඳ 1

සිත පාලනය 1

නිසල සිත ගෙනෙයි සෙත 1

ප්‍රඥාවයි — කරුණාවයි 1
 
මෛත්‍රී භාවනාව 1

එදිනෙදා ජීවිතයට විපස්සනා භාවනාව 1

අපමණ පුද ලද බුදු හිමි ගුණ කඳ 1

සියලු බුදුවරුන්ගේ අනුශාසනාව 1

අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා 1