SomaHimi.org
 තෙරුවන.ඕර්ග්
 Threegems.org
 Vidarshana.org
 Jeevithaya.org
 Thinkup.today
මූණු පොත
Title Horizontal Line Shadow Title Horizontal Line
අලුත්   ලිපි   රූප   වීඩියෝ   භාගත   ඇමතුම්
අලුත්   ලිපි   රූප   වීඩියෝ   භාගත   ඇමතුම්
තෙරුවන් ගුණ හඳුනා ගනිමු 1

ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!

මාවනැල්ල, වැලිගල්ල, උග්ගලේ ශ්‍රී ශෛලතලාරාමාධිකාරි කෑ / මාව / වෑගන්තලේ මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති ශාස්ත්‍රපති වදමල්දෙණියේ සෝමාලෝක හිමි

ප්‍රකාශනය: 2014-12-21


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස!

තස්මා හි පණ්ඩිතෝ පොසෝ
සම්පස්සං අත්ථමත්තනෝ
බුද්ධේ ධම්මේච සංඝේච
ධීරෝ සද්ධං නිවේසයේ
යෝ ධම්මචාරි කායේන
වාචාය උද චේතසා
ඉධේව නං පසංසන්ති
පෙච්ච සග්ගේ පමෝදතීති

— සං. නි. පබ්බතුපම සුන්ත

සැවැත් නුවර දෙව්රම් විහාරයේ දී ඉහත දැක්වෙන ගාථා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කොසොල් මහ රජතුමාට, මෙම ගාථාවල අදහස දිරිමත් නුවණැති පුද්ගලයා තමන්ගේ යහපත දැන තුණුරුවන් කෙරෙහි ශ්‍රද්ධාව උපදවාගෙන සිත, කය වචනයෙන් ධර්මයෙහි හැසිර මෙලොව ප්‍රශංසාව ලබා මෙලොවත්, සුගතියේත් සතුටු වෙන බවයි.


“බුදු ගුණ වන්දනාව 1 — පූජ්‍ය පානදුරේ අරියධම්ම ස්වාමින් වහන්සේ.” වීඩියෝව නරඹන්න වීඩියෝවට ක්‍ලික්‍ කරන්න. සම්පුර්ණ වීඩියෝව මෙතන නරඹන්න >
ත්‍රිවිධ රත්නය අතර පළමුවන රත්නය බුද්ධ රත්නයයි. චතුරාර්ය සත්‍යය තම නුවණින් අවබෝධ කර ගත් උතුමන් හඳුන්වනුයේ බුද්ධ නමින්. ඒ භාග්‍යවතුන් වහන්සේ මේ මේ කරුණුවලින් “අරහං” ආදි ගුණවලින් යුක්ත බව “ඉතිපි සෝ භගවා අරහං” පාඨය තුළින් හඳුනා ගන්නවා. එයින් සිදු වන්නේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වය පිළිගැනීමයි. “සද්දහති තථාගතස්ස බෝධිං” මෙසේ කරුණු මැනැවින් අධ්‍යයනය කර බුදුරජාණන් වහන්සේ කෙරෙහි පහදිනවා ද? විශ්වාසය ඇතිකර ගන්නවාද? එය සද්ධාවයි.

විමංසක සූත්‍රයට > අනුව බුදුරජාණන් වහන්සේ ගැන විමසා බලන ක්‍රම දෙකක් තිබෙනවා. පළමුවන කරුණ තථාගතයන් වහන්සේගේ ක්‍රියා පිළවෙල විමසා බලන ක්‍රම දෙකක් තිබෙනවා. පළමුවන කරුණ තථාගතයන් වහන්සේගේ ක්‍රියා පිළිවෙල විමසා බැලීම, දෙවැන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයත් තමන්ට අසන්නට ලැබෙන ධර්මයත් විමසා බැලීම.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
අසන්නට ලැබෙන වචන දකින්නට ලැබෙන ක්‍රියා කෙලෙස්වලින් යුක්ත ද කියා විමසීමේ දී උන්වහන්සේ ක්‍රියාවෙන් වගේම වචනයෙනුත් කිළිටි නැති බව වැටහේ නම් බුදුපියාණන් වහන්සේ පිළිගත යුතුයි. මේ අයුරින් “අරහං” ආදි බුදුගුණවලින් බුද්ධ රත්නයත්, “ස්වාක්ඛාත” ආදි දහම් ගුණ තුළින් ධර්ම රත්නයත් “සුපටිපන්න” ආදි සඟ ගුණවලින් සංඝරත්නයත් තමන්ට හඳුනාගන්න පුළුවන්. තුණුරුවන් මෙලෙස හඳුනා ගැනීම ආකාරවතී ශ්‍රද්ධාවයි. ශාසන මාර්ගයේ ආරම්භය ශ්‍රද්ධාව නිසා සද්ධා බීජං යනුවෙන් එය හඳුන්වනවා. ශ්‍රද්ධාව පවතින පුද්ගලයා තුළින් ලක්ෂණ තුනක් ඉස්මතු වෙනවා.

දස්සනකාමෝ සිලවතං
සද්ධම්මෝ සෝතුමිච්ඡති
වින්‍යෙය මච්ඡේර මලං
සවේ සද්ධෝති වුච්චති

සිල්වත් අය දකින්නත්, බණ අහන්නත්, ධර්මයට අනුගතව මසුරුකම් දුරැර පින් දහම්වල යෙදෙන්නටත් කැමැතියි. එවන් අය දස කුසල්වලත් නියැළෙනවා. පර පණ නැසීමෙන් වැළකී කාරුණික කෙනෙක් වෙන්න. සොරකම් කිරීමෙන් වැළකී අනුන්ගේ සම්පත් සුරකින්න, කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකී සදාචාර සම්පන්න වෙන්න. බොරු කීමෙන් වැළකී ඇත්ත කථා කරන්න. කේළාම් කීමෙන් වැළකී අනුන් සමගි කරවන කථා කරන්න. රළු වචනවලින් වැළකී මිහිරි වචන කථා කරන්න. හිස් වචනවලින් වැළකී අර්ථවත් වචන කථා කරන්න. දැඩි ලෝභයෙන් වැළකී පරිත්‍යාගශීලි වන්න.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
ද්වේශයෙන් වැළකී මෛත්‍රියෙන් ක්‍රියා කරන්න. වැරදි දැකීම්වලින් මිදී චතුරාර්ය සත්‍යයට අනුව නිවැරදි දැක්ම ඇති කර ගන්න උත්සාහවත් වෙනවා. එවන් අය හඳුන්වන්නේ ධර්මචාරි පුද්ගලයන් හැටියට ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ආජීව පාරිශුද්ධි සීලය, ප්‍රත්‍ය සන්නිස්ශ්‍රීත සීලය තුළින් සිල්වත් වෙනවා. යම් කිසි පුද්ගලයෙක් ඉඳුරන් සංවර කර ගන්නවා නම් ඒ පුද්ගලයාට පුළුවන් තුන්දොර පිරිසුදු කර ගන්න.

ඉන්දට්ඨෙන ඉන්ද්‍රියං – ඉන්දති පරමිස්සරියං කරෝතීති ඉන්ද්‍රියං

ඉඳුරන් කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම කියන අරමුණුවලට ප්‍රධානත්වය දරන නිසා ඇහ, කන, නාසය, දිව, ශරීරය, මනස යන ඉඳුරන් යම් තැනක ඇළෙනවා නම් එය හඳුන්වන්නේ අරමුණු වශයෙනි. “චක්ඛාදිනි ආගන්ත්වා එත්ථ රමන්තීති ආරම්මණාති” ඇහැ කියන්නේ අපට පෙනෙන ඇහැ නොවේ.

ඇහෙන් රූප බලන්නවත්, කනෙන් ශබ්ද අසන්නවත්, නාසයෙන් ගඳ සුවඳ ලබන්නවත්, දිවෙන් රස විඳින්නවත්, කයට ස්පර්ශ ලබන්නවත් බැහැ.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
එහෙම නම් පංච ඉන්ද්‍රියන්ට අරමුණු සම්බන්ධ වන්නේ කොහොමද? සිතින් තමයි රූප බලන්නේ, “සබ්බං රූපං මනෝ විඤ්ඤෙය්‍යං” සිතෙන් තමයි ස්පර්ශය ලබන්නේ “සබ්බං ඵස්සං මනෝ විඤ්ඤෙය්‍යං” මෙම ඉඳුරන් යහපත් අරමුණු වල තබා තිදොරින් සංවර වීම අවශ්‍යයි.

බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලයේ වයස්ගත වූ බමුණන් පිරිසක් විවාහ ජීවිතය අත්හැරලා මහණ වුණා. ඒත් උන් වහන්සේලා ගෙපිළිවෙලින් පිඬු පිණිස වැඩම කළේ නැහැ. ගිහි කළ තමන් ඇසුරු කළ බිරින්දෑවරුන්ගේ නිවෙස්වලින් පමණයි දානය වැළඳුවේ. පසුව සියලු දෙනා වහන්සේ ම වැඩම කළේ ප්‍රධාන භික්ෂූන් වහන්සේගේ පෙර කල සිටි බිරිඳගේ නිවසට ඇයට, කටට රසට උයන්න පුළුවන්.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
ඒ නිසා එම කාන්තාව හැඳින් වූයේ “මධුරපාසිකා” නමින් හදිසියේ ම මෙම කාන්තාව මිය ගියා. ඇයගේ වියෝව විඳ දරා ගත නොහැකිව භික්ෂූන් වහන්සේලා ඇයගේ නිසල සිරුර ළඟ වැල පෙන්නට වුණා. එම සිද්ධිය මුල් කරගෙන එම භික්ෂූන් වහන්ේසලා කැඳවලා බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කළා.

වනං ජින්දථ මා රුක්ඛං
වනතෝ ජායතී භයං
ඡෙත්වා වනං ච වනථං ච
නිබ්බාණා හෝථ භික්ඛවෝ

මහණෙනි, කැලෑව කපන්න. හැබැයි ගස් කපන්න එපා. කෙලෙස් වනයෙන් බිය උපදවනවා. වනයත්, වන පථයත් දෙක ම කපලා සියලු කෙලෙස් මැඩ නිවන් ලබා ගන්න කියා විශාල වශයෙන් තියෙන මහ කැලෑව තමයි මෙතැනදී තෘෂ්ණාවට උපමා කළේ. සුළු වශයෙන් තියෙන කැලෑවට උපමා කළේ අඩු තණ්හාව, “වනථ” නමින් හැඳින් වූයේ එයයි.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
මෙම සියලු ම ආශාවන් දුරු කිරීම තමයි නිවන කියන්නේ “වාණං නික්ඛන්තන්තා නිබ්බාණං” මේ කරුණ මැනවින් අවබෝධ කරගත් උන්වහන්සේලා රහත් වුණා. පසිඳුරන් නිසි ලෙසට භාවිත කළොත් සැප ලැබෙන සැටිත්, එසේ සිදු නොකළොත් දුකට පත්වන සැටිත් මේ කථාවෙන් තේරුම් ගන්න ඔබට පුළුවන්.

මණිං මිගෝ පස්සන්තෝපි
තිණං ඛාදංව ගච්ඡති
ලද්ධං කාලෝ දුප්පඤ්ඤෝ
කාමං භුඤ්ඡංච ගච්ඡති


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
තද වැස්ස නිසා කඳු මුදුනෙන් කඩා හැළෙන ජල ධාරාවට හසු වී පස් යට තියෙන මැණික් ගල් සාරවත් තණ කොළ මතට වැටී තිබුණත් තණ කොළ අනුභව කරන මුවාට උගේ නාසය, තොල, දත්, පා, කොතැනක මැණික් ගල් ගැටුනත්, එහි වටිනාකමක් ඒ සතා දන්නේ නැහැ. අන්න ඒ වගේ තෙරුවන් කෙරෙහි කිසිම පැහැදීමක් නැති පස්කම්වලට හසුවී ක්‍රියා කරන අය. එබැවින් ඔබත් මේ ගැන සිහිපත් කර අනුවණ කමින් පසිඳුරන්ට ගොදුරු නොවී උතුම් මිනිස් ජීවිතය අර්ථසම්පන්න කර ගැනීමට ක්‍රියා කරන්න. එවිට ඔබට දෙව් මිනිස් නිවන් කියන තිවග සැප සම්පත් ලබා ගැනීමට හැකිවේවි.

කලකිනි බුදු කෙනෙකුන් උපදින්නේ
දුකකිනි මිනිසත් බව ලැබගන්නේ
මෙදෙකිනි මෙසසර දුක් දුරලන්නේ
සුදනෙනි කිම වීරිය නොකරන්නේ


නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස!

47. වීමංසන සූත්‍රය

ලිපිය >

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේ පිඩු සිටුහු විසින් කරවනලද ජෙතවන නම් විහාහයෙහි වැඩ වාසය කරති. එකල්හි භාග්‍යවතුන් වහන්සේ "මහණෙනි" යි භික්ෂුන්ට කථා කළහ. "ස්වාමීන්වහන්ස"යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

"මහණෙනි, පරසිත් නොදන්නාවූ විමසන භික්ෂුව විසින් තථාගතයන් වහන්සේ සම්‍යක් සම්බුද්ධද? නැද්ද?යි දැනගනු සඳහා තථාගතයන් වහන්සේ පිළිබදව විමසා බැලිය යුතුය."

"ස්වාමිනී, අපගේ ධර්මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇත්තාහ. භාග්‍යව්තුන් වහන්සේ වෙතින් පහළ වන්නාහ, භාග්‍යව්තුන් වහන්සේ පිළිසරණ කොට ඇත්තාහ. ස්වාමීනි, මේ වචනයෙහි අර්ථයද භාග්‍යවතුන් වහන්සේටම වැටහේවා, භාග්‍යවතුන් වහනසේගෙන් අසා භික්ෂූහු දරන්නාහුය." "මහණෙනි, එසේවීනම් අසව්, මනාකොට මෙනෙහි කරව, කියන්නෙමි." "එසේය, ස්වාමීනි" යි ඒ භික්ෂූහු භාග්‍යව්තුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ.

2. "මහණෙනි, පරසිත් නොදන්නාවූ, විමසන්නාවූ භික්ෂුව විසින් ධර්ම දෙකක් පිළිබදව සර්වඥයන් වහන්සේ පරීක්ෂා කටයුතුයි. (එනම්) ඇසින් හා කණින් (දැකීමෙන් හා ඇසීමෙන්) දතයුතු ධර්මයන්හිය. ඇසින් හා කණින් දතයතුවූ ක්ලෙශ සහගත යම් ධර්ම වෙත්නම්, ඒ ධර්ම තථාගතයන් වහන්සේට ඇද්ද නැද්දැයි විසිය යුතුය. ඒ මේ කාරණය විමසන්නාවූ ශික්ෂුවමෙසේ දැන ගනියි. (එනම්) ඇසින් හා කණින් (දැකීමෙන් හා ඇසීමෙන්) දතයුතුවූ කෙලෙස් සහගත ධර්ම තථාගතයන් වහන්සේට නැත කියාය. යම් විටෙක එසේ විමසා බලන්නේ ඇසින් හා කණින් දතයුතු වූ, කෙලෙස් සහගත ධර්ම තථාගතයන් වහන්සේට නැතැයි දකීද, ඉක්බිති තවදුරටත් විමසා බලන්නේය. ඇසින් හා කණින් දතයුතුවූ මිශ්‍රවූ යම් ධර්ම (කලකදී හොද, කලකදී නරක ක්‍රියා හා වචන) වෙත්නම් ඒවා තථාගතයන් වහන්සේට ඇද්ද නැද්දැයි පරීක්ෂා කරන්නේය. ඒ කාරණය පරීක්ෂා කරන්නාවූ භික්ෂුව මෙසේ දැන ගනියි. (එනම්) මිශ්‍රවූ යම් ධර්ම වෙත්නම් ඒ ධර්ම තථාගතයන් වහන්නේට නැත කියාය. යම් විටෙක එසේ පරීක්ෂා කරන්නේ හොද නරක මිශ්‍ර ධර්ම තථාගතයන් වහන්සේට නැතැයි දැන ගනීද, ඉක්බිති තවදුරටත් සෝදිසි කරන්නේය.

3. "ඇසින් හා කණින් දතයුතු වූ යම් පිරිසිදු (කෙලෙස් රහිත´ ධර්ම කෙනෙක් වෙත්නම් ඒවා තථාගතයන් වහන්සේට ඇද්ද නැද්දැයි විමසා බලන්නේය. ඒ කාරණය පරීක්ෂා කරන භික්ෂුව මෙසේ දැන ගැනියි. (එනම්) පිරිසිදුවූ (කෙලෙස්´ රහිත) යම් ධර්ම වෙත්නම් ඒ ධර්ම තථාගතයන් වහන්සේට ඇත කියාය. යම් විටෙක එසේ පරීක්ෂා කරන්නේ තපිරිසිදු වූ ධර්ම තථාගතයන් වහන්සේට ඇතැයි දැන ගනීද ඉක්බිති තවදුරටත් පරීක්ෂා කරන්නේය.

"මේ පින්වත් තෙමේ (බුදන් වහන්සේ) බොහෝ කලක් මුථල්ලෙහි මේ කුසල ධර්මයෙන් යුක්ත වූයේද නැතහොත් සුලු කාලයක් තුළ එයින් යුක්ත වූයේදැයි පරිකෂා කරන්නේය. ඒ මේ කාරණය පරීක්ෂා කරන භික්ෂුව මෙසේ දැන ගනියි. (එනම්) මේ පින්වත් තෙමේ බොහෝ කලක් මුථල්ලෙහි මේ කුසල ධර්මයෙන් යුක්ත වූයේය. සුලු කාලයක් තුළ නොවේ කියාය. යම් විටෙක එසේ පරීක්ෂා කරන්නේ මේ පින්වත් තෙමේ බොහෝ කාලයක් මුථල්ලෙහි මේ කුසල ධර්මයෙන් යුක්ත වූයේය. සුලු කාලයක් තුළ නොවේ යැයි දැන ගනීද, ඉක්බිති තවදුරටත් පරීක්ෂා කරන්නේය.

4. "මේ පින්වත් භික්ෂුව ප්‍රසිද්ධ බවට පැමිණියේය. පිරිවර ආදී යසසට පැමිණියේය. ඔහුට මේ ලෝකයෙහි යම් යම් දොස් ඇත්දැයි පරීක්ෂා කරන්නේය. මහණෙනි, මේශාසනයෙහි (භින්ඹෂුව) යම්තාක් ප්‍රසිද්ධ බවට නොපැමිණියේ වේද,පරිවාර සම්පත්තියටනොපැමිණියේද, ඒතාක් ඔහුට යම් යම් දෝෂයෝ ඇති නෙවෙත්. "මහණෙනි, යම් තැනක පටන් මහණතෙම ප්‍රසිද්ධයට පැමිණියේද, පිරිවරආදි සම්පත්තියට පැමිණියේද, එවිට ඔහුට මේ ලෝකයෙහි යම් යම් දෝෂයෝ ඇතිවෙත්. ඒ මේ කාරණය පරීක්ෂා කරන්නේ මෙසේ දනියි.මේ ආයුෂ්මත් භික්ෂු තෙමේ ප්‍රසිද්ධ බවට පැමිණියේය. පිරිවර ආදී සම්පත්තියට පැමිණියේය. ඔහුට මෙහි යම් යම් දෝෂ නැතැයි කියාය. යම්විටෙක එසේ පරීක්ෂා කරන්නේ මෙසේ දනීද, මේ ආයුෂ්මත් භික්ෂු තෙමේ ප්‍රසිද්ධ බවට පැමිණියහ. පිරිවර ආදී සම්පත්තියටපැමිණියේය. මේ ලෝකයෙහි ඔහුට යම් යම් දෝෂයෝ නැතැයි දැන ගනීද, ඉක්බිති තවදුරටත් පරීක්ෂා කරන්නේය.

"මේ ආයුෂ්මත් තෙම නීතිය වූයේද, මේ ආයුෂ්මත් තෙම භයින් යුක්ත වූයේ නොවේද, රාගය නැති කිරීමෙන් පහවූ රාග ඇති බැවින් කාමයන් සේවනය නොකරන්නේද? කියා පරීක්ෂා ක්රන්නේය. ඒ මේ කාරණය පරීක්ෂා කරන්නේ මෙසේ දනියි. මේ ආයුෂ්මත් තෙමෙ නිර්භය වූයේය. භයින් යුක්තවූයේ නොවෙයි, පහවූ රාග ඇති බැවින් කාමයන් සේවය නොකරයි. (කියා දැන ගනීයි) මහණෙනි, අන්‍යයෝ ඒ භික්ෂුවගෙන් මෙසේ විචාරන්නාහුය. ´මේ පින්වත් තෙමේ නිර්භය වූයේ, භයින් යුක්ත වූයේ නොවෙයි, රාගය නැති කිරීමෙන් මහවූ රාග ඇත ිබැවින් කාමයන් සේවය නොකරයි කියා කියන්නට ආයුෂ්මතුන්හට ඇති කාරණයෝ කවරහුද? අනුමාන කල්පනා කවරහුදැ´යි (අසන්නාහුය) මහණෙනි, මනාකොට ප්‍රකාශ නරන්නාවූ ඒ මහණ තෙම මෙසේ ප්‍රකාශ කරන්නේය. ´මේ ආයුෂ්මත් තෙමේ සමූහයා අතරෙහි වාසය කරන්නේ හෝ වේද, තනිව වාසය කරන්නේ හෝ වෙයිද, එහි මේ මනාව පිළිපදින පුද්ගලයෝ වෙත්ද, නොමනාව පිළිපදින පුද්ගලයෝ වෙත්ද, සමූහයා පිරිවරා සිටින පුද්ගලයෝ වෙත්ද, මේ ්ආයුෂ්මත් තෙමෙ, ඒ ඒ කාරණය නිසා ඒ ඒ පුද්ගලයාට අවමන් නොකරයි. ´මම නිර්භය වෙමි. මම භයින් යුක්තවූයේ නොවෙමි. රාගය නැති කිරීමෙන් පහවූ රාග ඇති බැවින් කාමයන් සේවනය නොකරමි´යි යන මේ කාරණය භාග්‍යවතුන් වහන්සේ වෙතින්ම අසන ලදී. භාග්‍යවතුන් වහන්සේ හමුවෙන් පිළිගන්නා ලදී.

5. "මහණෙනි, එහිලා, ඇසින් හා කණින් දතයුතු යම් ලාමක ධර්මකෙනෙක් වෙත්ද,ඔහු තථාගතයන් වහන්සේට ඇද්ද නැද්දැයි තථාගතයන් වහන්සේගෙන්ම ඇසිය යුතුය. ප්‍රකාශ කරන්නාවූ තථාගත තෙම මෙසේ ප්‍රකාශ කරන්නේය.

"ඇසින් හා කණින් දතයුතුවූ යම් කෙලෙස් සහිත ධර්මයෝ වෙද්ද, ඒ ධර්මයෝ තථාගතයන් වහන්සේට නැත. ඇසින් හා කණින් දතයුතුවූ යම් මිශ්‍රවූ ධර්මයෝ වෙද්ද, ඒ ධර්මයෝ තථාගතයන් වහන්සේට ඇද්ද නැද්දැයි (තථාගතයන් වහන්සේ ගෙන් ඇසිය යුතුය.) ප්‍රකාශ කරන්නාවූ තථාගත තෙම මෙසේ ප්‍රකාශ මෙසේ ප්‍රකාශ කරන්න්ෙය. ඇසින් හා කණින් දතයුතුවූ යම් මිශ්‍රවූ ධර්මයෝ වේද, ඒ ධර්මයෝ තථාගතයන් වහන්සේට නැත.´ (කියාය.) ඇසින් හා කණින් දතයුතුවූ යම් පිරිසිදුවූ ධර්මයෝ වෙද්ද, ඒ ධර්මයෝ තථාගතයන් වහන්සේට ඇද්ද, නැද්දැයි (තථාගතයන් වහන්සේ ගෙන්මඇසිය යුතුයි) ප්‍රකාශ කරන්නාවූ, තථාගත තෙම මෙසේ ප්‍රකාශ කරන්නේය. ´ඇසින් හා කණින් දතයුතුවූ පිරිසිදුවූ යම් ධර්මයෝ වෙද්ද, ඒ ධර්මයෝ තථාගතයන් කෙරෙහි වෙති´ (කියාය.) මම මේ ආජීවාෂ්ටමක ශීලය මාර්ගකොට ඇත්තේ වෙමි. මේ ආජීවාෂ්ටමක ශීලය ගොචර කොට ඇත්තේ වෙමි. ඒ පිරිසිදු හීලයෙන් තෘෂ්ණා සහිත නොවෙමි. මහණෙනි, මෙසේ නියන්නාවූ ශාස්තෲන් වහන්සේ කරා ශ්‍රාවක තෙම, බණ ඇසීම පිණිස යන්නට සුදුසුය. ශාස්තෲන් වහන්සේ ඔහුට අතිශයින් ශ්‍රෙෂ්ඨවූ, අතිශයින් ප්‍රණීත වූ කුසලාකුසල ධර්ම විභාග සහිත වූ, ධර්මය දේශනා කරති. මහණෙනි, ශාස්තෲන්වහන්සේ භික්ෂුවහට අතිශියන් ශ්‍රෙෂ්ඨවූ, අතිශයින් ප්‍රණීතවූ කුසලාකුසල විපාක විභාග සහිත වූ, ධර්මය යම් යම් ආකාරයකින් දේසනා කෙරේද, ඒ ඒ ආකාරයෙන් හෙතෙම ඒ දේශනාකළ ධර්මය දැන ඒ ධර්මයන් අතුරෙන් එක් ධර්මයක් දැන, ධර්මයන්හි නිෂ්ඨාවට පැමිණෙයි. භාග්‍යවතුන් වහන්සේ සියල්ල මනාව තෙමේම අවබෝධ කළ උත්තමයායි කියාද, භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය මනාව ප්‍රකාශ කරනලදයයි කියාද, ආර්ය සංතෙම මනාව පිළිපන්නේයයි කියාද, ශාස්තෲන් වහන්සේ කෙරෙහි පහදයි.

6. "මහණෙනි, අන්‍යයෝ ඒ භික්ෂුවගෙන් මෙසේ විචාරන්නාහුය. (එනම්) " ආයුෂ්මත් තෙමේ, භාග්‍යවතුන් වහන්සේ සම්‍යක් සම්බුද්ධය, භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය මනාකොට ප්‍රකාශ කරන ලද්දේය. සංතෙම මනාව පිළිපන්නේය යි මෙසේ කියන්නෙහිය. ආයුෂ්මත්හටඑසේ කීමට ඇති අනුමාන කල්පනා කවරහුද? මහණෙනි, මනා කොට, ප්‍රකාශ කරන්නාවූ, මහතෙම මෙසේ කියන්නේය.

ඇවැත්ති, මෙහි මම ධර්මශ්‍රවණය පිණිස භාග්‍යවතුන්වහන්සේ යම් තැනෙක්හිද, එතැනට ගියෙමි. භාග්‍යවතුන් වහන්සේ ඒමට අතිශියන් ශ්‍රෙෂ්ඨවූ අතිශයින් ප්‍රණීත විූ කුසලාකුසල ධර්ම විභාග සහිත වූ, ධර්මය දෙශනා කරන සේක. ඇවැත්නි, යම් යම් ආකාරයකින් භාග්‍යවතුන් වහන්සේ අතිශ්‍රෙෂ්ෂ්ඨවූ, අතිශයින් ප්‍රණීත වූ, කුසාලකුසල ධර්ම විභාග විපාක දැක්වීම සහිතවූ, ධර්මය දේශනා කරත්ද, ඒ ඒ පරිද්දෙන් මම ඒ දේශනා කළ ධර්මය දැන, ඒ ධර්ම අතුරෙන් එක්තරා ධර්මයක් දැන ධර්මයන්හි නිමාවට පැමිණියෙමි. භාග්‍යවතුන් වහන්සේ සම්‍යක් සම්බුද්ධය භාග්‍යවතුන් වහන්නේ විසින් ධර්මය මනාව ප්‍රකාශ කරනලදී. සංතෙම, මනාව පිළිපන්නේයයි ශාස්තෘන්වහන්සේ කෙරෙහි පැහැදුනෙමියි, (කියන්නේය.)

"මහණෙනි, යම් කිසිවෙකුට, ශාස්තෲන්වහන්සේ පරීක්ෂා කරන මේ ක්‍රමවලින්, මේ පදවලින්, මේ ව්‍යඤ්ජනවලින් තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව පිහිටියාද, (සෝවාන් මාර්ගයට පැමිණීම් වශයෙන්) හටගත් මුල් ඇත්තීද, මහණෙනි, යම් ශ්‍රද්ධාව වනාහි කරුණු සොයා පිළිගත් හෙයින් කරුණු සහිතයයිද සෝවාන් මාර්ගය මුල්කොට ඇත්තීයයිද, ස්ථීරයයිද, ශ්‍රමණයෙකු විසින් හෝ බමුණෙකු විසින් හෝ දෙවියෙකු විසින් හෝ මාරයෙකු විසින් හෝ බ්‍රහ්මයෙකු විසින් හෝ ලෝකයෙහි කිසිවෙකු විසින් හෝ පැහැරගත නොහැකියයිද කියනු ලැබේ. මහණෙනි, මෙසේ වනාහි, තථාගතයන් වහන්සේ පිළිබද ඇති සැටියෙන් කරුණු සෙවීම වෙයි. මෙසේ වනාහි, තථාගතතෙම, ඇති සිටියෙන් මනාව පරීක්ෂා කරන ලද්දේවේ"යයි වදාළහ.

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. සතුටු සිත් ඇති ඒ භික්ෂුහු භාග්‍යවතුන් වහන්සේගේ දෙශනාව සතුටින් පිළිගත්හ.

හත්වෙිවූ විමංසක සූත්‍රය නිමි. (5 — 7)

ඔබ සැමට තෙරුවන් සරණයි!

උපුටා ගැනීම: http://www.lakehouse.lk/budusarana/2014/11/29/tmp.asp?ID=vision01

සූත්‍රය: https://dahamsithum.wordpress.com/2012/09/10/47-%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%82%E0%B7%83%E0%B6%B1-%E0%B7%83%E0%B7%96%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA/

උපුටා ගැනීම: https://www.facebook.com/ramaniyaarana

අදාළ:
වීමංසක සූත්‍රය 1 — පූජ්‍ය කන්දෙගෙදර විමලධම්ම ස්වාමින් වහන්සේ [වීඩියෝ]

May All Beings be Happy and Well! 1 [Pictures — External >>]

ඔබ සැමට තෙරුවන් සරණයි! May The Triple Gem Bless You! [Pictures — External >>]

ලොවට උතුම් තුන්සරණ 1

සැදැහැයෙන් ක්‍රියා කරමු 1
 
ශ්‍රද්ධාවෙන් තෙරුවන් සරණ යාම 1

පව් — පින් 1

දානයෙහි අනුසස් 1

තිදොර සංවරය 1

සැම සත වෙත මෙත් සිත පතුරවමු 1
 
ශාන්ත ප්‍රණීත නිවන් සුවය 1

අපමණ පුද ලද බුදු හිමි ගුණ කඳ 1

සියලු බුදුවරුන්ගේ අනුශාසනාව 1

සසුන දිලුණේ යෞවනය නිසාමය 1

අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා 1