SomaHimi.org
 තෙරුවන.ඕර්ග්
 Threegems.org
 Vidarshana.org
 Jeevithaya.org
 Thinkup.today
මූණු පොත
Title Horizontal Line Shadow Title Horizontal Line
අලුත්   ලිපි   රූප   වීඩියෝ   භාගත   ඇමතුම්
අලුත්   ලිපි   රූප   වීඩියෝ   භාගත   ඇමතුම්
බුදුන් වදාළ දහම් මඟ 1

ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!

හෝමාගම පුරාණ විහාරාධිකාරී, මාදෝවිට වජිර බුද්ධි හිමි

ප්‍රකාශනය: 2015-10-14 — අලුත් කිරීම: 2017-10-27


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.

ක්‍රි.පූ. සවැනි සියවසේ ලොව පහළවූ අසම සම ශාස්‌තෘවරයා ශ්‍රී සිද්ධාර්ථ ගෞතම බුදුන් වහන්සේ බව අවිවාදිතය.

ආමිස පූජාවෙන් මෙන්ම ප්‍රතිපත්ති පූජාවෙන්ද තිලොවග බුදුපියාණන් සැමරීම අප බුදුරදුන්ගේ ‘අහරං’ ගුණයට කරනු ලබන කදිම පූජෝපහාරයකි. මජ්‌ඣිම නිකායේ අරිය පරියේෂණ සූත්‍රය වාර්තා කරන අන්දමට එකල සිටි ජනතාව ගමන් කළ යුතු, ගමන් කරන මාවත බුදුරදුන් පළමුව අවබෝධ කරගත් සේක. පංචකාම සම්පත් වින්දනය කරමින් අධික සැප සම්පත් විහරණය කරමින් කාමසුඛල්ලිකානුයෝගය බහුල වශයෙන් බොහෝ දෙනෙක්‌ අනුගමනය කළහ. විමුක්‌තිය සොයමින් ක්‍රියා කළ තවත් පිරිසක්‌ එකල විසූ කීර්තිමත් නිගන්ඨ, තාපස, පරිබ්‍රාජක ආදී පිරිසගේ මෙහෙයවීමෙන් ගතට සිතට අධික කටුක දුක්‌ ගෙන දෙන විවිධ ව්‍රතවල, චර්යාවල නිරතවූ අතර, එය මූලික බුදුදහමේ ‘අත්තකිලමථානුයෝගය’ ලෙස අර්ථ දක්‌වා ඇත. මේවා සියල්ලම අන්තවාදී නිෂ්ඵල මාවත් ලෙස කල්පනා කළ ගෞතම බුදුරදුන් අන්තවලින් බැහැර මධ්‍යම ප්‍රතිපදාවේ ගමන් කළ යුතු බව දේශනා කළහ. විවිධ දෘෂ්ටිවලින් බැහැරව දාර්ශනික සිද්ධාන්ත ප්‍රත්‍යක්‍ෂ වන ලෙස කටයුතු කිරීම බුදුදහම අනුමත කර ඇත. (දිට්‌ඨිංච අනුපගම්ම සීලවා දස්‌සනේන සම්පන්නෝ) යන බුදුවදනින් එය ප්‍රත්‍යක්‍ෂ වේ. සීල, සමාධි, ප්‍රඥ යන ත්‍රිශික්‌ෂා කේන්ද්‍ර කරගත් බුදුදහම සීලයෙන් සමාධියටද, ඒ දෙකෙන්ම ප්‍ර්‍රඥවට අනුගත වෙමින් ආර්ය මාවතට ප්‍රවිෂ්ට විය යුතු අතර, සත්‍යය ඒ අයුරින් වටහා ගැනීම බෙහෙවින් අගය කළ සේක.

ගෞතම බුදුරදුන් අනුගමනය කර වදාළ ආර්ය දර්ශනයට පදනම් වූ පර්යේෂණ ක්‍රම දෙකක්‌ පිළිබඳව අරියපරියේසන සූත්‍රයේ සඳහන් වේ.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
1. අරිය පරියේෂණ 2. අනරිය පරියේෂණ.

මෙම ක්‍රම දෙක අත්හදාළ නිසා තමන් අවබෝධ කරගෙන ප්‍රඥ ඇසින් ලොවට අනුගත විය යුතු දහම් මාවත කුමක්‌දැයි උන්වහන්සේ අවබෝධ කර ගත්හ. ත්‍රිපිටක සාහිත්‍ය පුරාම විද්‍යමාන වන්නේ බුදුරදුන් අනුමත කර වදාළ පර්යේෂණ ක්‍රම දෙකක්‌ විශිෂ්ට ප්‍රතිඵල බව අමතක නොකළ යුතුය.

බොහෝ පිරිසක්‌ අනරිය පර්යේෂණයේ නිරත වූහ. ගෘහස්‌ථ ජනයා පමණක්‌ නොව එකල විසූ විවිධ ආගමික මුනිවරුද, විවිධ තපස්‌ චරියා ඔස්‌සේ යොමුවී තිබුණේ ආරිය පරියේෂණය සඳහා බව සිහිපත් කළ යුතුය. ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, දුක්‌ දොම්නස්‌වලට ගොදුරු වූ මිනිසා තවදුරටත් ඒවායේම ඇලෙමින් ගැලෙමින් ඇස, කණ, නාසය, දිව, ශරීරය යන පංචඉන්ද්‍රියන් පිනවමින් පංච කාම සම්පත්වලටම ගිජුවී ඒවායේම නිරතව ක්‍රියාකිරීම, සෙවීම, ඒ තුළින්ම විමුක්‌තිය සෙවීම අනරිය පර්යේෂණයයි. එය ආර්ය උතුමන්ට සත්‍ය ගවේෂකයන්ට නුසුදුසු පිළිවෙත බව අප බුදුරදුන් කීපවරක්‌ දේශනාකොට වදාළ සේක. එසේ නම් මෙහිදී ආර්ය මාවත සොයන පින්වත් ගිහි — පැවිදි ජනතාවට වඩා වැදගත් වන්නේ අනරිය පර්යේෂණය නොව ආර්ය පර්යේෂණය බව ප්‍රත්‍යක්‍ෂ විය යුතුය.


“සොයා පිළිසරණක් (Devotional Song) 1 — සුනිල් එදිරිසිංහ.” වීඩියෝව නරඹන්න වීඩියෝවට ක්‍ලික්‍ කරන්න. සම්පුර්ණ වීඩියෝව මෙතන නරඹන්න >>
පංචඉන්ද්‍රියන් පිනවීමේ ආදීනව දැක ඒවායෙන් මිදීම හෙවත් නිස්‌සරණය සෙවීමටත් ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේවවලට නිරතුරුව ගොදුරුවන හේතුවන සාධක සොයා ඒවායෙන් වැලැක්‌වීමේ, බැහැරවීමේ ක්‍රමවේදය සොයා බැලීම සසර දුකින් නිදහස්‌ වන ආකාරය ගවේෂණය කිරීමත් සසර දුක අවබෝධ පිණිස ඉවහල්වන ක්‍රමවේද සොයා බැලීමත් ආර්ය පරියේෂණය නම් වේ. බුදු, පසේබුදු, මහරහත් යන තුන්තරා බෝධිය, බෝධි ඥනය අවබෝධ කර ගත් උත්තම පිරිස ආර්ය පරියේෂණයේ නිරතවූවෝ වෙති. ශ්‍රී සිද්ධාර්ථ කුමාරයන් පවා මුල් කාලයේ ආර්ය පරියේෂණය සොයමින් එකල ප්‍රසිද්ධ ධ්‍යානලාභී මුනිවරුන් ලෙස ප්‍රසිද්ධව සිටි ආලාරකාලාම, උද්දකාරාම පුත්‍ර වැනි පිරිස්‌ සොයා ඔවුන්ගේ දහම් මාවත ප්‍රත්‍යක්‍ෂ කරන ලද්දේ ආර්ය — අනාර්ය දෙක සොයා බැලීම සොයා ගැනීම ඉතාම බැරෑරුම් දුෂ්කර කාර්යයක්‌ බව සිහිපත් කරමිනි.

තමන් ඉතා අමාරුවෙන් සොයාගත් අවබෝධ කරගත් ධර්මය ආර්ය පරියේෂණය ඉතාම සියුම් බවත්, අවබෝධ කරගැනීම අමාරු දුෂ්කර කාර්යයක්‌ බවත් තර්කයට විෂය නොවන බවත් බුද්ධියට ගෝචර බවත්, ප්‍රඥවන්තයන්ගේ ප්‍රඥ නෙතට පෙනෙන බවත්, විෂය වන බවත් මජ්‌ඣිම නිකායේ අරිය පරියේෂණ සූත්‍රය සහිත තවත් සූත්‍ර ගණනාවක සඳහන් වේ. ගෞතම බුදුරදුන්ගේ ධර්මය හෙවත් සම්බුදු දහම තාම නිර්මලය ලොව ඇති තතු මැනවින් ප්‍රත්‍යක්‍ෂ, ඒ අනුව වදාළ පිලිවෙතක්‌ බුදුදහම තුළ අන්තර්ගත වේ.


“ආර්ය අෂ්ටාංගික මාර්ගය 4 — පූජ්‍ය මිරහවත්තේ පඥ්ඥාසිරි ස්වාමින් වහන්සේ.” වීඩියෝව නරඹන්න වීඩියෝවට ක්‍ලික්‍ කරන්න. සම්පුර්ණ වීඩියෝව මෙතන නරඹන්න >
දාන, සීල, භාවනා යන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන් අභිවර්ධනය වන සේ මෙම දහම් මාවත පනවා ඇත. දහම් දෙසීමේදී පවා දාන, කථා, සීල කථා, ස්‌වර්ග කථා, කාම වස්‌තුන්ගේ ආදීනවය, පංච ඉන්ද්‍රියන් පිනවීමෙන් වැළකීම, නික්‌මීමේ ආනිසංස ක්‍රමානුකූව දේශනා කරමින් නිවැරැදි ක්‍රම ඔස්‌සේ මනා ලෙස මෙම දහම් මාවත දේශනා කොට ඇත. ‘ස්‌වාක්‌ඛාත’ යන දහම් ගුණ අර්ථය ප්‍රකට වන ලෙසම සම්බුදු දහම දේශනාකොට ඇත.

ත්‍රිපිටකාගත බොහෝ සූත්‍රවල සඳහන් වන්නේ සම්බුදු දහම ‘ආදී කල්‍යාණං, මඡ්ධ කල්‍යාණං පරියෝසාන කල්‍යාණං’ ආදී වශයෙනි. මුල, මැද, අග යහපත් මෙම දහම් මාවතේ ගමන් කිරීම බ්‍රහ්මචරියාවේ නිරතවීමකි. විමුක්‌ති සාධනයට මාවත විවර කර ගැනීමකි. එකම දුක වූ සසර දුකද එකම බර වූ සසර බරද නිදහස්‌ කර ගැනීමකි. බ්‍රහ්මචරියාව යනු ශේ්‍රෂ්ඨ හැසිරීම වේ. ශ්‍රේෂ්ඨ චරියාව වේ. සීල, සමාධි, ප්‍රඥ යන ත්‍රිශික්‌ෂා පූර්ණය වන මනා ක්‍රමවේදය වේ.

සම්බුදු දහම ගැන සඳහන් ගුණ සය අතර ‘ඒහි පස්‌සික’ ගුණය ඉතා වැදගත් වේ. ‘එන්න බලන්න, දකිනන් මෙම ශ්‍රේෂ්ඨ ධර්මය වළාකුළුවලින් නික්‌මුණු පූර්ණ චන්ද්‍ර මණ්‌ඩලය මෙන්’ යෑයි එය අටුවාචාරීහු අර්ථ විවරණය කර ඇත. (විගත වලාහකේ අකාසේ පුණ්‌ණ චන්ද මණ්‌ඩලෝ විය) යනුවෙන් එය සඳහන් වේ. සම්බුදු දහම ප්‍රඥවන්තයන් සඳහා දේශිත ධර්මයකි. ප්‍රඥවටම විෂය වූවකි.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
රාග, දෝෂ, මෝහාදී අකුසල මූලධර්මවලට ඇලෙමින් කම්රසයම පුබුදු කරවන මනසට මෙම ශ්‍රේෂ්ඨ දහම රුචි නොවේ. විරාගී චරණය සහ විරාගී දර්ශනය පදනම් කරගත් සම්බුදු දහම තුළ කුසල මූලධර්ම ඉස්‌මතු වන සාධකවලට වැඩි තැනක්‌ හිමිවේ. අකුසල මූලධර්ම නිසා පුද්ගල මනස පිරිහේ. කුසල මූලධර්ම නිසා පුද්ගල චර්යාව සංවර්ධනය වේ. මේ නිසා අලෝභ, අදෝස, අමෝහ යන කුසල මූලධර්ම ගැන බුදුදහමේ විශේෂ තැනක්‌ හිමිවේ.

කුසල මූලධර්ම නිසා සම්මා දිට්‌ඨිය උදාවේ. නිවැරැදි දැකීම නිවැරැදි දර්ශනය පිණිස උපකාරී වේ. බුද්ධ කාලීන සමාජයේ බොහෝ පිරිස්‌ මිච්ඡා දෘෂ්ටිය හෙවත් වැරැදි දැකීමට අනුකූලව ජීවත්වූ නිසා ගෞතම බුදුරදුන්ට පළමු ආර්ය මාවත ලෙස සම්මා දිට්‌ඨිය ගැන පහදාදීමට සිදුවිය. වැරැදි දැකීම නිසා වැරැදි සිතුම් පැතුම් නිසා අනාර්ය පර්යේෂණයම මූලික කරගෙන ජිවත්වූ පිරිස නිවැරැදි දැක්‌ම ඔස්‌සේ ආර්ය පර්යේෂණය පිළිබඳ ග්‍රහණය කරවීමට හැකි විය. සම්මා දිට්‌ඨිය ත්‍රිශික්‌ෂාවේ මූලික පදනම වූ ප්‍රඥවේ සුවිශේෂී අංගය විය. ප්‍රඥා දර්ශනය කරා ගමන් කරවීම ආර්ය පර්යේෂණය පදනම වේ. බුද්ධිය විකසිත කිරීම හා බුද්ධියේ අග්‍රඵලය සම්මා සම්බුද්ධත්වයට පත්වීම බව අමතක නොකළ යුතුය. මෙම මනුෂ්‍ය ඉතිහාසයේ උත්තරීතර ප්‍රඥ දර්ශකය සම්බුදු රදුන් ලබා ගත් අවබෝධකරගත් සම්මා සම්බුද්ධත්වය බව ලෝවැසි බුද්ධිමත් ප්‍රජාව අද පිළිගෙන ඇත.


“බෝසතාණන් වහන්සේ 1 — පූජ්‍ය පොල්පිතිමුකලානේ පඥ්ඥාසිරි ස්වාමින් වහන්සේ.” වීඩියෝව නරඹන්න වීඩියෝවට ක්‍ලික්‍ කරන්න. සම්පුර්ණ වීඩියෝව මෙතන නරඹන්න >
බුදුන් වදාළ දහම් මාවත නෛර්යාණික වේ. එය වරින් වර කලින් කල වෙනස්‌ නොවේ. ත්‍රිලක්‌ෂණ ධර්මය මුළු ලොවටම උරුමය සජීව, අජීව සියල්ල වෙනස්‌ වේ. අනිත්‍ය වේ. දුක ඒවා තුළ අන්තර්ගත වේ. සදාකාලික වශයෙන් ගත හැකි නොවේ. ඒ නිසා අනාත්ම වේ. මෙම ත්‍රිලක්‌ෂණ ධර්මය පදනම් කරගත් සම්බුදු දහම තුළ දේශනා කර ඇත්තේ ලොව පවතින ස්‌වභාවික තත්ත්වයයි. එය පරමාර්ථය සත්‍යයට විෂය වූවකි. ධර්මය කියවා, ශ්‍රවනය කරවා, සාකච්ඡා කරවා යළි යළිත් ධර්මය ප්‍රගුණ කර අවබෝධ කර ගත යුතුය.

එක දිනකින් මාසයකින්, වර්ෂයකින් සම්බුදු දහම වටහාගත නොහැකිය. ආර්ය මාවත ගැඹුරුය. එහි හරය අප වටහාගත යුතුය. ශ්‍රද්ධාව උපදවා ගත යුතුය. එය ප්‍රඥව සමග බද්ධවන ආකාරවතී ශ්‍රද්ධාව කරා ගමන් කරවිය යුතුය. වහාම ධර්මය අවබෝධ කරගත හැකි උද්ඝටිතඥ පිරිස්‌ මේ කාලයේ දුර්ලභය. සම්බුදු දහම් මඟකට, ජීවිතයට අත්වැලක්‌ කරගත් තරමට දිනෙන් දින ධර්ම ඥනය සංවර්ධනය කර ගත හැකිය.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
චතුරාර්ය සත්‍යය සම්බුදු දහමේ පදනම වේ. දුක, දුකට හේතුව වූ තෘෂ්ණාව, දුකින් මිදීම නම් වූ නිවන සඳහා පිළිවෙත් පිරිය යුතු ආර්ය අෂ්ටාංගික මාර්ගය එහි අන්තර්ගත වේ. සීල, සමාධි, ප්‍රඥ යන ත්‍රිශික්‌ෂාව අරිඅටඟිමගේ පදනමයි. ඒ තුළ සංසාර හා නිර්වාණය පිළිබඳ වූ ආර්ය පර්යේෂණ මාවත විවර කර ඇත. පංචසීල ප්‍රතිපදාව දියුණු කර ගනිමින් අල්පේච්ඡ සුභර සැහැල්ලු ජීවිත මාවතකට අප නිරතුරු ප්‍රවිෂ්ට වීමෙන් සම්බුදුරදුන් වදාළ දහම් මඟ හෙළි කරගත හැකිය.

ඔබ සැමට තෙරුවන් සරණයි!

උපුටා ගැනීම: http://divaina.com/images/bud02june/bud11.html

උපුටා ගැනීම: https://www.facebook.com/dumindabandara88

සූත්‍රය: http://www.thripitakaya.org/tipitakaya/Index/39?s=125

අදාළ:
අරියපරියෙසන සූත්‍රය 1 — පූජ්‍ය දොළොස්වල උදිතදීර ස්වාමීන් වහන්සේ [වීඩියෝ]

Summary of Majhima Nikaya 26: Ariyapariyesana Sutta: The Noble Search 1 [Thripitaka — External >>]

සාදු! Sadhu! [Pictures — External >>]

ශ්‍රද්ධාවෙන් තෙරුවන් සරණ යාම 1

අප්‍රමාදය ආලෝකයේන් බබළයි 1
 
පින් පව් නොහඳුනන්නාට ආගම දහම සිහිවන්නේ ගත වාරු නැතිවූදාටයි 1

දානය සත්පුරුෂ වන්නේ කෙසේද? 1

සිල්වතුන්ට දෙවියෝ ද ආසිරි පතති 1

සිත දමනය කරන දැහැමි පිළිවෙත 1

සිහිය පිහිටුවන අරමුණු හා විශ්වාසයේ වැදගත්කම 1
 
සමථ – විපස්සනා භාවනා 1

මාර්ග ආර්ය සත්‍යය 1

අපමණ පුද ලද බුදු හිමි ගුණ කඳ 1

සියලු බුදුවරුන්ගේ අනුශාසනාව 1

අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා 1