SomaHimi.org
 තෙරුවන.ඕර්ග්
 Threegems.org
 Vidarshana.org
 Jeevithaya.org
 Thinkup.today
මූණු පොත
Title Horizontal Line Shadow Title Horizontal Line
අලුත්   ලිපි   රූප   වීඩියෝ   භාගත   ඇමතුම්
අලුත්   ලිපි   රූප   වීඩියෝ   භාගත   ඇමතුම්
සිතට සුව ගෙන දෙන වස්සාන සමය 1

ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!

හඹරන වෙහෙරහේන යෝගාශ්‍රමයේ මැල්ලවගෙදර සමණ ධම්ම හිමි

ප්‍රකාශනය: 2014-10-03 — අලුත් කිරීම: 2017-10-07

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස!

අනුජානාමි භික්ඛවේ වස්සානේ වස්සං උපගන්තුං


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.

බුදුරජාණන් වහන්සේ විසින් උපසපන් භික්ෂූන් වහන්සේට වස් වැසීම අනුමත කරමින් “මහණෙනි වස්සාන කාලයේ දී වස් වැසීමට අනුදනිමි” යනු ඉහත මාතෘකා පාඨයේ අදහසයි.

උපසම්පදා සියලු භික්ෂුන් වහන්සේ ඇසළ පොහොය දිනයෙන් පෙරවස් සමාදන්වීම ඇරඹුණා. වස් තුන් මාසය භික්ෂුන් වහන්සේට පමණක් නොව ගිහි පින්වතුන්ටද ඉතාමත් වැදගත් වටිනා කාල පරිච්ඡේදයක් වෙනවා. ඇසළ පොහොය දින දායක පින්වතුන් විහාරස්ථානයට යෝගාශ්‍රමයට හෝ ආරණ්‍ය සේනාසනයට පැමිණ දැහැත් වට්ටියක් පිළිගන්වා “ස්වාමිනි ඔබ වහන්සේලා මෙම වස් තුන් මාසය මෙම ස්ථානයේ වස් වාසය කරන සේක්වා. ඔබ වහන්සේලාට සිව් පසයෙන් උපස්ථාන කිරීමට අපි සැදී පැහැදී සිටිනවා” යනුවෙන් ප්‍රතිඥා දී වස් ආරාධනාව කළා. එම වස් ආරාධනාව බුද්ධ කාලයේ සිටම පැවත එන සිරිතක්. අතීතයේදී කණ්ඩායම් වශයෙන් එක්වන භික්ෂූන් වහන්සේ වස් කාලයේ වස් විසීමට සුදුසු ස්ථානයක් සොයා වඩිනව. ගම් දනව්වල පිරිස බොහෝවිට මෙය බලාපොරොත්තුව සිටිනව.


“ආනාපානසති භාවනාව 1 — පූජ්‍ය පිටිගල ගුණරතන ස්වාමින් වහන්සේ.” වීඩියෝව නරඹන්න වීඩියෝවට ක්‍ලික්‍ කරන්න. සම්පුර්ණ වීඩියෝව මෙතන නරඹන්න >
තම ගම් ප්‍රදේශයට පිණ්ඩපාතයේ වඩින භික්ෂූන් වහන්සේගෙන් තමන් වහන්සේ කිනම් ප්‍රදේශයකට වඩින්නේදැයි විමසනව. “අපි වස් විසීමට සුදුසු ස්ථානයක් සොයා වඩිනව” භික්ෂුන් වහන්සේලා පවසනව. “ස්වාමීනි ඔබ වහන්සේ කොහේවත් වඩින්න එපා. අපේ ගම් ප්‍රදේශයේ ඔබ වහන්සේට සුදුසු වනගත ප්‍රදේශ තියෙනවා. ස්වාමිනී ඔබ වහන්සේලා මෙහි වස් වසන්න. අපි ඔබ වහන්සේලාට සිව්පසයෙන් උපස්ථාන කරනව.” මෙහෙම කියල අර දායක පිරිස භික්ෂුන් වහන්සේ තම ගම් ප්‍රදේශයේ නේවාසිකාර ගන්නව.

භික්ෂූන් වහන්සේලාට වස් වැසීම සඳහා “පන්නශාලා” නමින් හැඳින්වෙන කොළ අතු සෙවිලි කරන ලද තාවකාලික කුටි හදා දෙනව. මේ නිසංසල ප්‍රදේශවලට වී භික්ෂූන් වහන්සේ භාවනාවේ යෙදෙනව. බොහෝ අය මෙම වස්සාන කාලයේ මාර්ගඵල අවබෝධ කරගන්නව. ගිහි පිරිසද එම කාලයේදී භික්ෂුන් වහන්සේලාට උපස්ථානකර බොහෝ කුසල් රැස්කර ගන්නව. මාතිකා මාතාව වැනි කාන්තාවන් සංඝ උපස්ථානය කරමින් භාවනා කර හිත තැන්පත් කරගෙන අනාගාමි ඵලයට පවා පත්වූනා.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
ගිහි පින්වතුන් ආරාධනා කළත්, නොකළත් උපසම්පදා භික්ෂූන් වහන්සේ ඇසළ පොහොයට පසුදින “ඉමස්මිං විහාරේ ඉමං තෙමාසං වස්සං උපේමි” යනුවෙන් වාක්‍යය කියා වස් සමාදන් වෙනවා.

සියලු උපසපන් භික්ෂූන් වහන්සේ නමක්ම මෙම වස්සාන කාලයේ අධිෂ්ඨාන කරන්නේ (“සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්ජිකරණත්තාය”) සියලු දුක්ඛයන්ගෙන් නිදහස් වූ උතුම් වූ නිර්වාණ ධාතුව අවබෝධ කර ගැනීමයි. මේ නිසාම භික්ෂූන් වහන්සේ මෙම වස් කාලයේ තම ආවාස, විහාරස්ථානවල රැඳී තමන් වහන්සේලාගේ පාරමිදම් සපුරා ගැනීමට යුහුසුලු වෙනව.

බුද්ධ කාලයේ මෙන් අදද භික්ෂූන් වහන්සේ තමන් වහන්සේලාගේ වස් ජේදනය නොවීමට උපරිම පරිශ්‍රමය යොදනව. මෙය උන්වහන්සේලාගේ දැඩි වගකීමක් බවට පත්කරගත තිබෙනව. ආරණ්‍ය සේනාසනවාසී මෙන්ම යෝගාශ්‍රම භික්ෂූන් වහන්සේලා මෙම කාලය තුළ තමන් වහන්සේලාගේ පාරමී සපුරා ගැනීම සඳහා භාවනාවේ යෙදෙනව. අරණෙන් පිට යායුතු නොවැළැක්විය හැකි කරුණකට විනා අරනෙන් පිටවන්නෙ නැහැ. එසේම විහාරස්ථානවල භික්ෂූන් වහන්සේ මෙම වස් කාලය තුළ බෝධිපූජා, ධර්ම දේශනා, මෙන්ම භාවනා වැඩසටහන් පත්වනව. දායක පින්වතුන්ගේ සුබ සිද්ධිය සඳහාම භික්ෂූන් වහන්සේ ඇපකැප වී සිටිනව.


“නිවන 2 — පූජ්‍ය පිටිගල ගුණරතන ස්වාමින් වහන්සේ.” වීඩියෝව නරඹන්න වීඩියෝවට ක්‍ලික්‍ කරන්න. සම්පුර්ණ වීඩියෝව මෙතන නරඹන්න >
එක් ස්ථානයකදී වසරකට එක වරක් පමණක් කරන මෙම පුණ්‍ය ක්‍රියාව ගිහි පින්වතුන්ට ඉතාම අගනා ශ්‍රේෂ්ඨ අවස්ථාවක්. කුසල් රැස්කරගැනීමේ උල්පත මතු වූ අවස්ථාවක්. ගිහි පින්වතුන් මේ පුණ්‍ය අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට හිතට ගන්න ඕන. නැවත මෙවැනි අවස්ථාවක් ලබාගන්න තව අවුරුද්දක් ගත කරන්න වෙනව.

ශාන්තිනායක ලොව්තුරා බුදුරජාණන් වහන්සේ අවබෝධ කළ චතුරාර්ය සත්‍යධර්මය නොනැසී බබළන බුද්ධෝත්පාද කාලය ලැබී තිබෙනවා. සුපේක්ෂාකාමී ආර්ය සංඝරත්නය වැඩ සිටිනවා. ගරුතර මහා සංඝරත්නය වැඩ සිටින්නේ මේ පින්වතුන්ට ශාන්තිනායකයාණන් වහන්සේ අවබෝධ කර වදාළ ශ්‍රී සද්ධර්මය අවබෝධ කරදී සසර දුකින් එතෙරවීමේ මග පහදා දෙන්න. එනිසා මෙම වස් තුන් මාසය මේ පින්වතුන්ලාට ලුබුණු ස්වර්ණමය අවස්ථාවක් බව සිතන්න ඕන.

මේ වස්තු තුන් මාසය කුලවත් ගිහි පින්වතුන් මස් මංශ අනුභයෙන් වැළකීම කෙතරම් වටිනවද? මස් මාංශ අනුභව නොකරනවානම් එය සතකු මරණයෙන් නිදහස් කිරීමේ අභය දානයක්.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
වස් තුන් මාසය තුළ නිතර විහාරස්ථානයට යන්න. භික්ෂුන් වහන්සේ හමු වී ධර්මාවාද ලබා ගන්න. ඔබේ සිත කරුණා මෛත්‍රියෙන් පිරුණ බුදු කුටියක් බවට පත් කර ගන්න.

වක්කලී ස්වාමින්වහන්සේට බුදුරජාණන් වහන්සේ දුන් අවවාදය මේ වස් කාලයේ ඔබ හොඳට හිතට ගන්න.

කිං තේ වක්කලි ඉමිනාපුතිකායේන දිට්ඨෙන
යෝ ඛෝ වක්කලි ධම්මං පස්සති — සෝ මං පස්සති
යෝමං පස්සති සෝ ධම්මං පස්සති
ධම්මංහි වක්කලි පස්සන්තො මං පස්සති

“වක්කලි මේ කුණු ශරීරය දෙස බලා සිටීමෙන් ඔබට ඇති ඵලය කුමක්ද? යමෙක් ධර්මය දකීනම් ඔහු මා දකින්නේය. යමෙක් මා දකින්නේ නම් ඔහු ධර්මය දකින්නේය. වක්කලී ධර්මය දකින කෙනා තමයි මා දකින්නේ.” යන්න බුද්ධ අවවාදය විය.

එනිසා මෙම වස් කාලයේ ධර්මය තුළින්ම බුදුරජාණන් වහන්සේ දැකීමට උත්සාහ ගන්න. හැකිතරම් විහාරස්ථනවලට සම්බන්ධ වන්න. බෝධිපූජා බුද්ධ පූජාවලට සහභාගි වී බුදුරජාණන් වහන්සේගේ අනන්ත බුදුගුණ මෙනෙහි කරන්න.


“මෛත්‍රී භාවනාව 2 — පූජ්‍ය ගලිගමුවේ ඥානදීප ස්වාමින් වහන්සේ.” වීඩියෝව නරඹන්න වීඩියෝවට ක්‍ලික්‍ කරන්න. සම්පුර්ණ වීඩියෝව මෙතන නරඹන්න >
නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් ඔබේ හදවතට බුදුරජාණන් වහන්සේ සමීප කර ගන්න. භාවනාවට හිත යොමු කරන්න. භාවනාව තුළින් ඔබේ විසිරෙන සිත සන්සුන් කරගන්න. මේ වස් කාලයේ ඔබට ලබාගත හැකි ඒ මාහැඟි දායාදය භුක්තිවිදීමට අදිටන් කර ගන්න. ශාන්තිනායක ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ඔබේ සිතින් දැක දැක දෙලොව සැනසීම උදාකර ගන්න. එනිසා මෙම වස් කාලයේ දී විශේෂයෙන් විහාරස්ථානයේ ඇසුර ලබා ගරුතර මහා සංඝ රත්නයේ ඔවදන් පිළිපැද ජීවිතයේ සදා සැනසීම උදාකර ගන්න.

ඔබ සැමට තෙරුවන් සරණයි!

උපුටා ගැනීම: http://www.lakehouse.lk/budusarana/2011/08/28/tmp.asp?ID=vision01

අදාළ:
වස්සාන සමය 1 — පූජ්‍ය බණ්ඩාරවෙල අමිතානන්ද ස්වාමීන් වහන්සේ [වීඩියෝ]

Vassa 1 [Articles — External >>]

ඔබ සැමට තෙරුවන් සරණයි! May The Triple Gem Bless You! [Pictures — External >>]

ඇසළ පෝය දා උදා වූ මහා ප්‍රඥාව අනාත්ම දර්ශනය 1

බෝධිපූජාවෙන් නියම අනුසස් ලැබීමට නම්... 1
 
මඳ මඳ වුවද කුසල් රැස් කරන නැණවතා පිනෙන් පිරේ 1

දන්දීම 1

සෑම සුවඳකටම වඩා උතුම් සුවඳ 1

මෛත්‍රී භාවනාව 1

අපමණ පුද ලද බුදු හිමි ගුණ කඳ 1
 
දස පෙරුම් දම් 1

සියලු බුදුවරුන්ගේ අනුශාසනාව 1

සසර පුරා අමිල සැපදෙන කඨින පින්කම 1

සිවුරේ කතාව 1

අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා 1