SomaHimi.org
 තෙරුවන.ඕර්ග්
 Threegems.org
 Vidarshana.org
 Jeevithaya.org
 Thinkup.today
මූණු පොත
Title Horizontal Line Shadow Title Horizontal Line
අලුත්   ලිපි   රූප   වීඩියෝ   භාගත   ඇමතුම්
අලුත්   ලිපි   රූප   වීඩියෝ   භාගත   ඇමතුම්
බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනය පැවැත් වූ සාරානාත් පුදබිම 1

ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!

හිටපු සහකාර පුරා විද්‍යා අධ්‍යක්‍ෂ සිරිසමන් විජේතුංග

ප්‍රකාශනය: 2014-05-02 — අලුත් කිරීම: 2018-07-30


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.

බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනය වූ ‘ධම්ම චක්ක පවත්තන’ සූත්‍රය පස්වග මහණුන් වහන්සේලාට දේශනා කළේ ඉසිපතනාරාම පුද බිමේදීය. බුදුරජාණන් වහන්සේ හා සම්බන්ධ වූ පුද බිම් අතරේ තුන්වන පුද බිම වන්නේ ඉසිපතනාරාම යයි. බුදු දහමේ නිජබිම, ලෙසින් සැලකෙන්නේද මෙම පූජා භූමියයි. මේ පුද බිමෙහි බුද්ධ කාලයේදී බොහෝ ආගමික ගොඩනැගිලි තිබුණි.

බෝමැඩ අසළ සත්සතිය ගත කිරීමෙන් පසුව බුදුරජාණන් වහන්සේ බුද්ධගයාවේ සිට කිලෝමීටර් 250 පමණ දුරින් පිහිටි ඉසිපතනාරාමයට (මෙකල වාරානසී අසළ වූ සාරානාත්) බලා වැඩම කළ සේක.

ඉන්දියාවේ උත්තර ප්‍රදේශ්හි වාරානසි දිස්ත්‍රික්කයේ පිහිටි පුරාණ ඉසිපතනාරාමය (ඍෂි පතන හෙවත් මිගදාය) බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වන පරිදි කාශ්‍යප බුදුරජාණන් වහන්සේ උපන් ස්ථානය ලෙසින් සඳහන් වේ.

සාරානාත් පුදබිම, ඉන්දියාව. සම්පුර්ණ සිතියම මෙතන ඇත >>
නූතන යුගයේදි අනගාරික ධර්මපාල තුමාගේ උත්සාහය නිසා මෙම පුද බිම බෞද්ධයන්ගේ වැඳුම් පිදුම් කිරීමට සුදුසු ස්ථානය බවට පත් වුයේය.

ඉන්දියානු රජයේද අනුග්‍රහය ධර්මපාල තුමාට ඒ සදහා නොමඳව ලැබුණි. අනගාරික ධර්මපාල තුමාගේ ඒ සේවාව අගැයීම වෙනුවෙන් සාරානාත් හි ප්‍රධාන මාර්ගය අනගාරික ධර්මපාල මාවත නමින් ඉන්දියානු රජය විසින් නම් කරන ලදී.

බුදුරජාණන් වහන්සේ වඩින බව පස්වග මහණුන් වහන්සේලා දුටහ. දුෂ්කර ක්‍රියාවෙන් පසුව නැවත සුඛෝපභෝගී ජීවිතයක් ගත කිරීමට හුරු වූ සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ තමන් සොයා එන බව සිතා කිසිදු වතාවත් නොකර සිටිමු යැයි පස්වග මහණුන් වහන්සේලා කතිකා කරගත්හ. මේ පිළිබඳව අතිපූජ්‍ය බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහානායක හිමිපාණන් වහන්සේ මෙසේ සඳහන් කරති.

එහෙත් බුදුරජාණන් වහන්සේ ළංවත්ම ඔව්හු තමන් කැරැගත් කතිකායෙහි පිහිටා සිටින්නට නොහැකි වූහ. එක් තවුසෙක් පෙරමුණට ගොස් පාත්‍ර චීවර පිළිගත්තේය. එක් තවුසෙක් අසුන් පැනවීය. තවත් තවුසෙක් පා සේදීමට දිය ද පා පුටුවද පාද කථකලිකාව ද ගෙනවුත් ළං කොට තැබීය. භාග්‍යවතුන් වහන්සේද පැණ වූ ආසනයෙහි හිඳ පා සේදූ සේක. ඉන් පසු තවුසෝ බුදුරජාණන් වහන්සේට පෙර සේ තමනට සම කෙනෙකුට කථා කරන්නාක් මෙන් “ඇවැත්නි, ගෞතමයිනි,” කියා ආමන්ත්‍රණය කරන්නෝ


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
“ඇවැත්නි, ගෞතමයිනි, අපි ඒකාලයෙහි උරුවේලායෙහි වසන්නවෝ ඔබගේ පා සිවුරු ඔසවා ගෙන හැසුරුනෙමු. මුව දෝනා දිය දැහැටි පිළියෙල කොට දුනුමු. ඔබ වුසු පිරිවෙන ඇමැද්දමු. ඉන් පසු ඔබට පිළිවෙත් කළෝ කවුරුද අප ඔබ හැර දමා ගිය කළ අප ගැන යමක් සිතුණේ නැද්ද?” යන ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේ හා කථාවට පටන් ගත්හ.

පඑවිට භාග්‍යවතුන් වහන්සේ ඔවුන් අමතා “මහණෙනි! තථාගත වූ තැනැත්තාහුට ඇවැත්නි කියාත්, නම කියාත් ආමන්ත්‍රණය නොකරවු. මහණෙනි! තථාගත තෙම සියලු කෙළෙස් නැසුයෙකි. මනාකොට සියලු ධර්මයන් තෙමේම අවබෝධ කළ කෙනෙකි. මහණෙනි! කන්යොමු කරව් තථාගත වූ මා විසින් නිවන ලද්දේය. ඒ මම් යූෂ්මතුන්ට අනුශාසනා කරමි. දහම් දෙසයි. කුලපුතුන් ගිහිගේ හැරදමා නිසි සේ බඹසර රැකීමෙන් ලබන්නට බලාපොරොත්තු වන ඒ උතුම් රහත් බව මා අනුශාසනා පරිදි පිළිපැදීමෙන් යුෂ්මත්හු තුමූම ලබාගෙන වසවූ” යැයි වදාළ සේක.

ශාක්‍ය මුනින්දාවදානය හෙවත් සිද්ධාර්ථ ගෞතම බුද්ධ චරිතය — 1986 — පි. 81 — 82)


“දෙව්රම් වෙහෙරේ (Devotional Song) 1 — වික්ටර් රත්නායක.” වීඩියෝව නරඹන්න වීඩියෝවට ක්‍ලික්‍ කරන්න. සම්පුර්ණ වීඩියෝව මෙතන නරඹන්න >>
ඇසළ මස පුරපසළොස්වක දා බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාව පැවැත්වූයේ මෙම ඉසිපතනයේ මිගදායේ ය. මේ සමගම මහා සංඝරත්නය බිහි කිරීමේ පදනම ද බුදුරජාණන් වහන්සේ විසින් දමන ලදී.

කොණ්ඩඤ්ඤ , භද්දිය, වප්ප, මහානාම සහ අස්සජී යන පස්වග මහණුන් වහන්සේලා , බුදු සසුනේ ප්‍රථම ශ්‍රාවකයෝ පස්දෙනා වූහ. මෙම ප්‍රථම ධර්ම දේශනය පැවැත්වීමට පෙර බුදුරජාණන් වහන්සේට එම පරිබ්‍රාජකයින් පස්දෙනා බුදුසසුනට සම්බන්ධ වීමට පෙර) හමු වූ ස්ථානය අද දැකගත හැකිය.

ඉතිහාසය

සාරානාත්හි පුරාණ බෞද්ධ ගොඩනැගිලි වල නටබුන් රාශියක් දක්නට ලැබේ. මෙම නටබුන් අතර ස්තූප දෙකක් ආරාම සංකීර්ණය සහ ක්‍රිස්තු පූර්ව තුන්වැනි සියවසේදි අසෝක රජතුමා විසින් පිහිටුවන ලද අසෝක ස්තම්භය ද වේ.

මෙහි ඇති ආරාම සංකීර්ණයෙහි අත්තිවාරම් හා බිත්ති කොටස් ඉන්දියාවේ පුරාවිද්‍යා අධිකාරිය මගින් සංරක්‍ෂණය කර ඇත. බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කළ මූලගන්ධකුටි විහාරයද පිහිටියේ ;මම සංකීර්ණයේය.


“ධම්ම චක්ක පවත්තන සූත්‍ර සජ්ජායනාව Dhammacakkappavattana Sutta Chanting 1.” වීඩියෝව නරඹන්න වීඩියෝවට ක්‍ලික්‍ කරන්න. සම්පුර්ණ වීඩියෝව මෙතන නරඹන්න >
පුරාණ කාලයේ දී භාරත දේශයේ අනෙකුත් බෞද්ධ පුදබිම් වලට මෙන්ම සාරානාත් පුද බිමටද ක්‍රිස්තු පූර්ව තුන්වැනි සියවසේ දී අසෝක රජතුමා (ක්‍රි.පූ. 250 දී) පැමිණ මෙහි බෞද්ධ ගොඩනැගිලි ඉදි කළේය. එයින් මෙහිදී දැක ගත හැකි එකක් නම් ධර්මරාජික ස්තූපය යි. යමෙක් ස්තුපය ද අසෝක ස්තම්භය ද (සිංහයින් සතර දෙනා සහිත) අසෝක රජුගේ අනුග්‍රහයෙන් නිම කරන ලදී. සාරානාත්හි අසෝක ස්තම්භයේ එම ස්තම්භ ශීර්ෂය (LION CAPITAC) නූතන ඉන්දියාවේ රාජ්‍ය ලාංඡනය ලෙසින් භාවිතා වේ. එහි ඇති ධර්ම චක්‍රය ඉන්දියාවේ ජාතික කොඩියේ ලාංඡනයට ඇතුළත් කර තිබේ.

කඅසෝකර රජතුමාට පසුව භාරතයේද එයින් පිට දේශවලද බුද්ධාගම දියුණූ කළ තවත් රජකෙනෙක් වූ කනිෂ්ක රජතුමා විසින්ද ක්‍රිස්තුවර්ෂ 120 දී පමණ සාරානාත්හි ආරාම — විහාර බවට සාක්‍ෂි හමුවී ඇත.

රතු වැලි ගලින් නිර්මාණය කර ඇති විශාල බෝධි සත්ව හිටි පිළිමය හා එම ඡත්‍රය කනිශ්ක රජුගේ අනුග්‍රහයෙන් නිර්මාණය කර ඇත. කනිෂ්ක රජුගේ අභිශේකයෙන් තුන්වැනි වර්ෂයේ දී මථුරා පුද බිමෙහි සිටි බල නමැති තෙරුන් වහන්සේ විසින් ඒ බෝධි සත්ව පිළිමය නිර්මාණය කර ඇති බව සඳහන් වේ.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
ඉන් පසුව එළඹි භාරතයේ මූර්ති කලාවේ සහ සාහිත්‍යයේ ස්වර්ණමය යුගය වූ ගුප්ත රජවරුන්ගේ රාජ්‍ය කාලවලදී (ක්‍රි.ව. 4 — 6 තෙක්) සාරානාත්හි ඉතා විශිෂ්ට බුදු පිළිමයක් වු ධර්ම චක්‍ර මුද්‍රාවෙන් යුක්ත හිඳි බුදු පිළිමය නිර්මාණ කර ඇත.

ක්‍රි.ව. 414 සිට 455 තෙක් රජ කළ ගුප්ත රජ කෙනෙකු වු කුටාරගුප්ත රජුගේ පරිත්‍යාගයක් බව එහි සඳහන් ශිලා ලේඛනයකින් ඔප්පු වෙයි. ගුප්ත රජවරුන් වු දෙවැනි කුමාරගුප්ත (ක්‍රි.ව. 473) සහ බුද්ධගුප්ත (ක්‍රි.ව. 476) ගේ ශිලා ලේඛන දෙකක්ද සාරානාත් පුද බිමෙන් සොයා ගෙන ඇත. ගුප්ත අධිරාජ්‍යයේ අවසාන කාලයේ රජ වූ බුද්ධ ගුප්ත සහ නරසිංහ ගුප්ත (බාලාදිනය) යන රජවරුන්ගේ අනුග්‍රහය බුද්ධාගමට ලැබී ඇති බව සාරානාත් පුද බිමෙන් හෙළිවේ.

භාරත දේශයේ සාංචාරය සඳහා පැමිණි චීන ජාතික ෆාහියන් හිමියන් ක්‍රි.ව. 399 — 414 කාලයේදී සාරානාත්හි දාගැබ් හතරක්ද සංඝයා වහන්සේලා සඳහා වූ සංඝාරාම දෙකක්ද දුටු බව උන් වහන්සේගේ වාර්තාවල සඳහන් කර ඇත.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
උන් වහන්සේගේ පැමිණීමෙන් පසු කාලයේදී උතුරු ඉන්දියානු ආක්‍රමණිකයින් විසින් සාරානාත් පුද බිම විනාශයට පත්වී ඇත. භාරත දේශයේ අවසාන බෞද්ධ රජතුමා වූ හර්ෂ (ක්‍රි.ව. 606 — 647) බුදු සසුන ඉන්දියාවේ දියුණූ කිරීමට ඉමහත් සේවාවක් ඉටු කළේය.

ක්‍රිස්තු වර්ෂ 638 දී පුරාණ භාරත දේශයට පැමිණි තවත් චීන භික්‍ෂූන් වහන්සේ වූ හියුංෂාං හිමියන් විසින් සාරානාත්හි ධමෙක් ස්තූපය, ධර්මරාජිකස්තූපය සහ අසෝක ස්තම්භය දුටු බව උන්වහන්සේගේ වාර්තාවල සඳහන් කර ඇත.

ක්‍රි.ව. 1017 දී මොහමඩ් සෂ්නි නම් මුස්ලිම් රජුගේ හමුදාව විසින් සාරානාත්හි පුද බිම විනාශයට පත් වූයේය. එහෙත් පාල රාජවංශික රජවරුන් විසින් එම විනාශයට පත් වූ විහාර ආරාම සංරක්‍ෂණය කළ බව පාල රජවරුන්ගේ ශිලා ලේඛණ වලින්ම පැහැදිලි වේ.

ක්‍රි.ව. 1026 දී මහීපාල රජුගේ වාර්තාවලට අනුව සස්තිරපාල සහ වසන්තපාල යන සොහොයුරන් විසින් ධර්ම රාජික සහ ධර්ම චක්‍ර ස්තූප සංරක්‍ෂණය කරවූ බව හෙළිවේ.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
යමෙක් ස්තූපයට නැගෙනහිර දෙස තිබූ හමු වූ ශීලාලේඛන කැබලි හතරක සඳහන් පරිදි ක්‍රි.ව. එකොළොස්වන සියවස තෙක්ම සාරානාත් පුද බිම සැදැහැවතුන්ගේ වැදුම් පිදුම් වලට භාජනය වූ පුදබිමක් ලෙසින් පැවතුණි.

ගෝවින්ද චන්ද්‍ර (ක්‍රි.ව. 1114 — 1154) බිසව වූ කුමාරදේවි විසින් සාරානාත්හි ධර්මරාජික ජින විහාර නමින් විහාරයක් කරවන ලදී. එයින් පසු අවුරුදු 600 ක්ම සාරානාත් පුද බිම අභාවයට ගියේය.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.

ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.

ඔබ සැමට තෙරුවන් සරණයි!

උපුටා ගැනීම: https://www.facebook.com/Niwemu-%E0%B6%B1%E0%B7%92%E0%B7%99%E0%B7%80%E0%B6%B8%E0%B7%94-1436813073197276/

අදාළ:
ධම්ම චක්ක පවත්තන සූත්‍රය 1 — පූජ්‍ය මාන්කඩවල සුදස්සන ස්වාමීන් වහන්සේ [වීඩියෝ]

Sarnath 1 [Articles — External >>]

සුභ දවසක් වේවා! Have A Blessed Day! [Pictures — External >>]

දඹදිව දී යළි පණ ලැබූ දම්‍පල් මෙහෙවර 1

සැඟවුණු මිගදාය ලොවට ගෙනෙන ඉන්දීය පුරා විද්‍යාඥවරිය 1
 
දඹදිව උතුම් බුද්ධ භූමි වන්දනා කරමු 1

ඇසළ පෝය දා උදා වූ මහා ප්‍රඥාව අනාත්ම දර්ශනය 1

ලොවට සද්ධර්මය පහළ වූ දිනය 1

ලක්දිව බෞද්ධ ස්තූපයේ ආරම්භය, ව්‍යාප්තිය හා සංකේතාර්ථ 1

අපමණ පුද ලද බුදු හිමි ගුණ කඳ 1
 
සියලු බුදුවරුන්ගේ අනුශාසනාව 1

අඤ්ඤාකොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේ 1

පින්වත් මහණෙනි, ලෝකානුකම්පාව පිණිස චාරිකාවෙහි වඩින්න 1

බුදුදහමේ ව්‍යාප්තියට සහ පුනර්ජීවනයට දිවි කැප කළ ධර්මපාල උතුමාණෝ 1

අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා 1