SomaHimi.org
 තෙරුවන.ඕර්ග්
 Threegems.org
 Vidarshana.org
 Jeevithaya.org
 Thinkup.today
මූණු පොත
Title Horizontal Line Shadow Title Horizontal Line
අලුත්   ලිපි   රූප   වීඩියෝ   භාගත   ඇමතුම්
අලුත්   ලිපි   රූප   වීඩියෝ   භාගත   ඇමතුම්
ලක්දිව බෞද්ධ ස්තූපයේ ආරම්භය, ව්‍යාප්තිය හා සංකේතාර්ථ 1

ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!

ශ්‍රී‍්‍ර ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ භාෂා අධ්‍යයන පීඨාධිපති කුඩා කටුවන්නාව ශ්‍රී‍්‍ර වර්ධනාරාම රාජ මහා විහාරාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උතුරාවල ධම්මරතන හිමි

ප්‍රකාශනය: 2014-08-16


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.

ලක්දිව ගෘහ නිර්මාණ ශිල්පයේ අසහාය අංගය ස්තූප යයි. ස්තූපයේ ආරම්භය පිළිබඳව විවිධ මතිමතාන්තර පවතී. ථූප, චේතිය, චෛත්‍යය ස්තූප දාගැබ හා වෙහෙර යනාදි නම්වලින් හැඳින්වෙන මෙම නිර්මාණය අග්නිදිග ආසියාවේත් හැම රටකම පාහේ දක්නට ලැබෙන්නකි.

බුද්ධාගම ආරම්භ වීමටත් පෙර පටන් ස්තූපය තිබූ බවට සාධක රැසකි. ඊජිප්තුව වැනි පැරණි ශිෂ්ටාචාර තිබූ රටවල මිය ගිය අයට ගරු කිරීම සඳහා කිසියම් ක්‍රමයක නිර්මාණ විශේෂයක් සකස් කොට තිබුණි. ස්තූපයන්ගේ මූලික අර්ථය ගොඩ ගැසූ පස්ගොඩැල්ල යන්නයි. මේ අනුව ස්තූපයේ මුල්ම ආරම්භය පාරාවෝ රජවරුන්ට ගරු කිරීම සඳහා ඔවුන්ගේ මෘත දේශ තැන්පත් කොට ඒ මතුපිට කිසියම් හැඩයකට ගොඩනැගිල්ලක් නිර්මාණය කිරීම ආදි කල්පිත සිරිතයි.

භාරතයේ වුවද බුදුරජාණන් වහන්සේට පෙර චක්‍රවර්ති රජවරුන්ට ගරු කිරීමට යම්කිසි ආකාරයකට චෛත්‍ය විශේෂයක් තිබෙන්නට ඇතැයි සිතීමට ඉඩ තිබේ. බුදුරජාණන් වහන්සේ හා සමකාලීන යයි සැලකෙන ජෛන මහාවීර ගේ ස්තූපයක් ජෛන ඇදහිල්ලට මුල් වීමෙන් අදත් ඉන්දියාවේ දක්නට ලැබේ.


“ආමිස, ප්‍රතිපත්ති පූජා සහ ස්තූප 1 — පූජ්‍ය මාලිම්බඩ පඤ්ඤාසාර ස්වාමින් වහන්සේ.” වීඩියෝව නරඹන්න වීඩියෝවට ක්‍ලික්‍ කරන්න. සම්පුර්ණ වීඩියෝව මෙතන නරඹන්න >
ඉන්දියාවෙන් ආරම්භ වී මේ ආකාරයට ව්‍යාප්ත වූ බෞද්ධ ස්තූපය අශෝක මහාධිරාජයාගේ ධර්ම දූත ව්‍යාපාරය නිසා තව තවත් ලොව පුරා පැතිර ගියේය. ඒ ඒ රටවලට ගිය ස්තූප එක එක ආකාරයට ඒ ඒ රටවල සංස්කෘතියට අනුව විවිධ වූ හැඩ තල ගනිමින් නිර්මාණය වී තිබේ. ලංකාවේ ස්තූප නිර්මාණයත් එලෙසම විය. භාරතයේ සාංචි හා භාරුත් ආදි ස්තූප ආකෘති සලකා බලන විට ප්‍රධාන කොටස් හතරකට බෙදා ඇත.

1. මේධිය — පදනම
2. ගර්භය — අහස
3. හර්මිකාව — දිව්‍යලෝක
4. ඡත්‍රය — ඡත්‍ර එසවීමට සුදුසු බව

1. මේධිය — මේධිය නමින් හඳුන්වනු ලබන්නේ ස්තූපයක අත්තිවාරම හෙවත් පදනම යි.මේ පදනම ස්තූපයෙන් හරි අඩක් පොළව යටට ඇති බව කියයි. ලෝකයෙන් අඩක්සයුරේ ගිලී ඇති බව මෙයින් අදහස් කෙරේ.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
2. ගර්භය — ගර්භයෙන් අන්තරීක්‍ෂය හෙවත් අහස නිරූපණය කරයි. ආකාසේ අර්ධ කවාකාර ආකෘතිය ගර්භය සඳහා ගෙන ඇත. විශ්වය පිහිටා ඇත්තේ අවකාශයේ යි. බුදු, පසේ බුදු, මහ රහත් හා සක්විති උතුමන්ගේ විශ්ව නායකත්වය දැක්වීම ගර්භයෙන් සිදු කර ඇතැයි සිතිය හැකිය.

3. හර්මිකාව — හර්මිකාව වශයෙන් හඳුන්වන්නේ හතරැස් කොටුවයි. එයින් දිව්‍ය ලෝකය දක්වන බව කියයි.

4. ඡත්‍රය — දෙවියන් ඡත්‍ර එසවීමට සුදුස්සන් බව කියවේ. බුදු, පසේ බුදු, මහ රහත් උතුමෝ දෙවි මිනිසුන් අතර ශ්‍රේෂ්ඨත්වයට පත් වූහ. එනිසා ඡත්‍ර එසවීමට ඔවුහු සුදුස්සෝ වෙති. බුදුරජාණන් වහන්සේගේ විශ්ව නායකත්වය විදහා පෑමට ඡත්‍රය සංකේතවත් කරගත්තේ යැයි සිතිය හැකිය.

ලංකා චෛත්‍ය ඉතිහාසය සොයා බලන විට දැනට සොයාගෙන ඇති පුරා විද්‍යා තොරතුරු අනුව මුලින් ම සෑදුන ලෙස සලකන්නේ අනුරාධපුර ථූපාරාමයයි. සාහිත්‍යාගත තොරතුරු අනුවත් බෞද්ධ පුරාවෘත්ත අනුවත් මීට වඩා පැරණි ස්තූප දෙකක් ගැන කියවේ. ඉන් එකක් නම් බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනේදී සමන් දිව්‍ය රාජයා විසින් ලද කේශ ධාතු තැන්පත් කොට කරන ලදැයි සැලකෙන මහියංගන ස්තූපයයි.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
දෙවැන්න තපස්සු, භල්ලුක වෙළෙඳ දෙබෑයන් ඒ ලද කේශ ධාතු තැන්පත් කොට ඉදි කළ තිරියාය (ගිරිහඬු සෑය) ස්තූපයයි. මිහිඳු මහ රහතන් වහන්සේගේ ධාතු තැන්පත් කොට උත්තිය රජතුමා මිහින්තලයේ අම්භස්ථල චෛත්‍යය ඉදි කළ බව සඳහන් වේ. මහ සෑය, ඉඳිකටු සෑය, කන්ඨක සෑය වැනි ස්තූප ඊට පසු වරින් වර මිහින්තලයේ ඉදි වූ ස්තූප බව පෙනේ. ස්තූප නිර්මාණය අතින් වැදගත්ම රජතුමා වන්නේ දුටුගැමුණු රජතුමායි. මෙතුමා රුවන්වැලි මහා සෑය වර්ණනා කිරීම සඳහා විශාල පරිශ්‍රමයක් දරා ඇත. දුටුගැමුණු රජතුමාට චෛත්‍යයේ වැඩ නිමවන තුරු ජීවත්වීමට නොහැකි විය. එතුමා සතරැස් කොටුව දක්වා පමණි වැඩ නිම කළේ, ඉතිරි කොටස් නිම කරන ලද්දේ සද්ධාතිස්ස රජතුමා විසිනි.

මහා ස්තූප ආරම්භය දුටුගැමුණු රජුගෙන් සිදුවිණි. ලෝකයේ විශාලම චෛත්‍යය රුවන්වැලි සෑයයි. මීළඟට වැදගත් වන්නේ වළගම්බා රජතුමායි. දෙමළ ආක්‍රමණවලදී රාජ්‍ය අත්හැර පැන ගොස් නැවත රාජ්‍යය ලබා ගෙන අභයගිරි ස්තූපය ඉදි කළේය. රුවන්වැලි මහා සෑයටත් වඩා විශාල විය. දෙවන ස්ථානය ලැබෙන්නේ එයටය. පූජනීය අතින් මහා සෑයට ළං නොවේ. ඊට පසු වැදගත් වන්නේ මහසෙන් රජතුමා ය. එතුමාගේ කාලයේ ජේතවන ස්තූපය ඉදි විණි. බෞද්ධ ලෝකයේ විශාලතම චෛත්‍ය මෙයයි. මහසෙන් රජතුමාට විශාල මහජන ප්‍රසාදයක් හා මහත් වූ පූජනීයත්වයක් අයත් වූයේ ජේතවන ස්තූපයත් මින්නේරි මහ වැවත් නිසාය. එසේ වුවත් ජේතවන අභයගිරි චෛත්‍ය ප්‍රසිද්ධ නොවීය. එයට හේතුව වූයේ වෛතුල්‍ය වාදී මත, මහායාන මත පිළිගැනීම නිසයි.

ක්‍රිස්තු වර්ෂ 4 වන සියවසේ සිට ක්‍රිස්තු වර්ෂ 11 සියවස දක්වා ලංකා ඉතිහාසයේ ස්තූප නිර්මාණයක් පිළිබඳව වාර්තා දක්නට නොමැත. මේ කාලයේ තිබූ ස්තූප දෙමළ ආක්‍රමණ නිසා විනාශයට ලක් වී තිබේ.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
නැවත ස්තූප ඉතිහාසයේ නමක් හිමිවන්නේ පළමු විජයබාහු රජතුමාටය. එතුමා බුදු දහමේ පුනර්ජීවයත් ප්‍රතිසංස්කරණයත් සිදු කළේය. ද්‍රවිඩ ආක්‍රමණ නිසා අනුරාධුපුර බිඳ වැටීමේ දී රුහුණට පලා ගිය අය විසින් තිස්සමහාරාම ස්තූපයත් කල්‍යාණි මහා සෑයත්, සේරුවිල මහා සෑයත් නිර්මාණය කරන ලදී.

නැවත ස්තූප නිර්මාණයට නව පණක් ලැබුණේ මහා පරාක්‍රම රාජ්‍ය සමයේය. භද්‍රාවතී, රූපවතී දේවිවරුන්ගේ අනුග්‍රහයෙන් කිරිවෙහෙරත් පබළු වෙහෙරත් යන ස්තූප දෙක නිර්මාණය විණි. දැදිගම කොටවෙහෙර පැරකුම් රජුගේ නිර්මාණයක් ලෙස පිළිගැනේ. එතුමා දෙමළ මහා සෑය ඉදි කිරීමට උත්සාහ ගෙන තිබේ. නිශ්ශංකමල්ල රජ දවස රන්කොත් වෙහෙර ඉදි විණි. ක්‍රිස්තු වර්ෂ 13 — 18 දක්වා කාල පරිච්ඡේද ස්තූප නිර්මාණය අභාවයට ගොස් තිබුණු බව පෙනේ.

ක්‍රිස්තු වර්ෂ 18 වන සියවසේ බුදු දහමෙහි පිරිහීමක් සිදුවිණි. නැවත එය ඇති වූයේ වැලිවිට අසරණ සරණ පිණ්ඩපාතික සරණංකර හිමියන් විසින් උපසම්පදාව ගෙන ඒමත් සමගය. එනිසා ස්තුප නිර්මාණය පිළිබඳ අදහස නැවත ප්‍රබෝධවත් විය . ඉන් පසු ඇති වූ ස්තූප සියල්ලම පාහේ බුරුමයේ (මියන්මාරයේ) හා සියමයේ ආකෘති අනුකරණය කළේය. 18 වන සියවසෙන් පසු කෙරුණු ස්තූප පැරණි බෞද්ධ ස්තූප හා සංසන්දනය කිරීමේදී පූජනීයත්වය, කලාත්මක ගතිය, නිර්මාණාත්මක අගය යන අංශයන්ගෙන් බොහෝ දුරට පිරිහුණූ ඒවා වශයෙන් සැලකිය හැකිය. වර්තමානයේ චෛත්‍ය බොහෝ සෙයින් විවිධ වූ හැඩ තල අනුව නිර්මාණය වී තිබේ.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
දුටුගැමුණු රජතුමා මහා ථූපයේ ආකෘති කුමක් විය යුතු දැයි මූර්ති ශිල්පියාගෙන් ඇසූ විට ඔහු රන්භාජනයක් ගෙන ජලය පුරවා නිය පිටින් එම දිය මතු පිට ට ගැසූ විට දිය බුබුලක් හටගත්තේය. දිය බුබුල අර්ධ ගෝලාකාර විය. ශිල්පියාගේ ඒ දක්ෂතාව ගැන සතුටු වූ රජතුමා දිය බුබුලක ආකාරයට මහා සෑය නිර්මාණය කිරීමට නියම කළේය. දිය බුබුල වහා නැසෙන සුලුයි “පෙණ පිණ්ඩූපමං රූපං වෙදනා බුබ්බුලුපමං” පෙණ පිඩ රූපයටත්, දිය බුබුල වේදනාවටත් උපමා කොට ඇත. එයින් අනිත්‍යතාව පිළිබිඹු කෙරේ. දිය බුබුලේ අනිත්‍යතා දර්ශනය ස්තූපය තුළින් දැක්වීමට කලාකරුවා උත්සුක වී තිබේ. ඝටය හෙවත් කළයද ස්තූපයේ ආකෘතියක් ලෙස තෝරාගෙන ඇත.

ය, ථාපි කුම්භකාරස්ස
කතං මත්තික භාජනං
සබ්බ භේදන පරියත්තං
එවං මච්චාන ජීවිතං

යම්සේ කුඹල්කරු විසින් කරන මැටි භාජන සියල්ල බිඳීම් අවසන්කොට පවතී. මේ මනුෂ්‍ය ජීවිතයත් එසේ මැයි. එසේම ක්‍රමානුකූලව මුදුන් වී ඇති ධාන්‍ය ගොඩක ආකෘතියත් ඝණ්ඨාවක ආකෘතියත්, පියුමක හෙවත් නෙළුම් මලක ආකෘතියත් ආමලයක් හෙවත් නෙල්ලි ගෙඩියක ආකෘතියත් ස්තූප සඳහා තෝරාගත් නිර්මාණකරුවා ඒ හැම සංකේතයක් තුළින්ම අනිත්‍යතා දර්ශනය ඉදිරිපත් කිරීම සඳහා මූලිකව ක්‍රියා කර ඇති බව පැහැදිලි වේ.

ඔබ සැමට තෙරුවන් සරණයි!

උපුටා ගැනීම: http://lakehouse.lk/budusarana/2014/02/14/tmp.asp?ID=fea04

අදාළ:
ආමිස, ප්‍රතිපත්ති පූජා සහ ස්තූප - පූජ්‍ය මාලිම්බඩ පඤ්ඤාසාර හිමි [වීඩියෝ]

The Stupa 1 [Articles — External >>]

ඔබ සැමට තෙරුවන් සරණයි! May The Triple Gem Bless You! [Pictures — External >>]

ඔබ සැමට තෙරුවන් සරණයි! May The Triple Gem Bless You! [Pictures — External >>]

ඔබ සැමට තෙරුවන් සරණයි! May The Triple Gem Bless You! [Pictures — External >>]
 
ඔබ සැමට තෙරුවන් සරණයි! May The Triple Gem Bless You! [Pictures — External >>]

නිවරදි බෝධි පූජාවක් කියන්නේ...

බෝධිපූජාවෙන් නියම අනුසස් ලැබීමට නම්... 1

මනස සනසන පිරිත් සුතුර 1

අනුරාධපුර මහා විහාරය හා සංඝමිත්තාගමනය 1
 
සිලා සම්බුද්ධ නම් වූ අනුරාධපුර සමාධි පිළිමය

දුටුගැමුණු රජතුමාගේ ශාසනික මෙහෙවර 1

විශ්මය දනවන කළුතර මහා සෑය 1

මේ උතුම් සිරිපා වන්දනා සමයයි 1

මිහින්තලය හා සාංචිය
 
මනුෂ්‍යත්වයේ සංකේතය වූ සඳහිරු සෑය 1

ධාතු නිධානෝත්සවය 23 වන දා සිදුකෙරෙන අනුරාධපුර සඳහිරු සෑය 1

වසර 1600 කින් පසු ඉදිවන විශාලතම දාගැබ අනුරාධපුර සඳහිරු සෑය 1

සාමයේ සංකේතය “සඳහිරු සෑය” 1

අනුරාධපුර අසූ මහා ශ්‍රාවක සම්බුද්ධ විහාරය 1
 
මාතර වෙහෙරහේන රාජ මහා විහාරය 1

ගාල්ල මහමෝදර කෝවිලගොඩැල්ල ශ්‍රී බුද්ධසිංහ විජයාරාම මහා විහාරය 1

රාජසිංහ රජු දවස ඉදිකළ අලූත්ගම කන්දේ විහාරය 1

සපුගස්කන්ද පුරාණ ශ්‍රී මහා විහාරස්ථානය 1

වෙල්ගම් වෙහෙර 1
 
රයිගම්පුර ලෙනවර රජමහ වෙහෙර 1

හෙයියන්තුඩුව පුරාණ විහාරය 1

ශ්‍රී විජය සෞගත විද්‍යාලයීය පිරිවෙන 1

නාපාගොඩ ශී‍්‍ර බෝධිමාලකාරාම පුරාණ මහ පිරිවෙන 1

අකුරැස්ස යහමුල්ල ශ්‍රී බෝධිරුක්ඛාරාමය 1
 
බදුල්ල සිරිමල්ගොඩ ශ්‍රී විජයාරාමය 1

අක්මීමණ කපුහෙම්පල ශ්‍රී සුමංගලෝදයාරාම විහාරස්ථානය 1

ජඹුරෙගොඩ දූවේ පන්සල 1

කොත්මලේ, තවලන්තැන්න ප්‍රදීපාරාම විහාරස්ථානය 1

ලක්දිව වැඩ සිටි අන්තිම මහ රහතන් වහන්සේ මලියදේව හිමියන් ද?
 
බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනය පැවැත් වූ සාරානාත් පුදබිම

දඹදිව දී යළි පණ ලැබූ දම්‍පල් මෙහෙවර

මහා ප්‍රාඥයන් බිහි කළ නාලන්දාව 1

සැඟවුණු මිගදාය ලොවට ගෙනෙන ඉන්දීය පුරා විද්‍යාඥවරිය

දඹදිව උතුම් බුද්ධ භූමි වන්දනා කරමු
 
අපමණ පුද ලද බුදු හිමි ගුණ කඳ 1

සියලු බුදුවරුන්ගේ අනුශාසනාව 1

අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා 1