SomaHimi.org
 තෙරුවන.ඕර්ග්
 Threegems.org
 Vidarshana.org
 Jeevithaya.org
 Thinkup.today
මූණු පොත
Title Horizontal Line Shadow Title Horizontal Line
අලුත්   ලිපි   රූප   වීඩියෝ   භාගත   ඇමතුම්
අලුත්   ලිපි   රූප   වීඩියෝ   භාගත   ඇමතුම්
අනුරාධපුර අසූ මහා ශ්‍රාවක සම්බුද්ධ විහාරය 1

ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!

සටහන හා ඡායාරූප, සේනපුර ඩී. නිශ්ශංක

2014-09-11


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.

ජනතාවගේ උභයාර්ථ සංසිද්ධිය පිණිස ශ්‍රේෂ්ඨ ශිෂ්‍ය පිරිසක් බිහිකළ ශාස්තෘන්වහන්සේ නම් බුදු පියාණෝ ම ය. ඒ ශ්‍රාවක පිරිස අතර සුවිශේෂී වූ දක්ෂතා ඇති අය හඳුනාගෙන තනතුරු ප්‍රදානය කරමින් ඇගයීමට ලක් කළහ. එසේ අග්‍රස්ථාන ලැබූ පිරිස අසූ මහා ශ්‍රාවක නමින් හැඳින් වේ. ඒ උතුමන්ගේ චරිත කථා තුළින් පැවසෙන ඉවසීම, කරුණාව, මෛත්‍රිය, වීර්යය, අධිෂ්ඨානය, පරාර්ථචර්යාව, පරිත්‍යාගශීලිත්වය ආදී ගුණාංග අපට මහත් ආදර්ශයක් වේ.

අනුරාධපුර සිරිසඟ බෝ භාවනා මධ්‍යස්ථානාධිපති, කල්‍යාණී සාමශ්‍රී ධර්ම මහා සංඝ සභාවේ උතුරු මැද පළාතේ ප්‍රධාන සංඝ නායක හා රජරට පාර්ශ්වයේ උපාධ්‍යාය, ශාස්ත්‍රපති අලුත්ගම බෝගමුවේ සද්ධාරංසි නාහිමි යන්ගේ සංකල්පනාවක් අනුව ඒ අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලාගේ ජීවමාන ශරීර ලක්‍ෂණ ඉස්මතු කරමින් දර්ශනීය විහාර මන්දිරයක් අසූමහාවිහාරය නමින් එම භාවනා මධ්‍යස්ථානයේ ඉදිකර ඇත.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
ඓතිහාසික අනුරාධපුර සිද්ධස්ථාන වන්දනමාන කර ගැනීමට පැමිණෙන සැදැහැවත් ඔබට අනුරාධපුර ඉසුරුමුණිය පාරේ සිරිසඟබෝ භාවනා මධ්‍යස්ථානයට පැමිණ සම්බුදු රජාණන් වහන්සේගේ අනුශාසනාවකට සවන්දෙන අසූමහා ශ්‍රාවකයන් වහන්සේලාගේ ප්‍රතිමාවලින් නිර්මිත මෙම බුද්ධ මන්දිරය වෙත පැමිණ සියැසින් දැක ශ්‍රද්ධා ගෞරවය උපදවාගෙන වන්දනාමාන පුද පුජා පැවැත්වීමෙන් අපමණ පිං සිදුකර ගැනීමට අවස්ථාව උදාවී තිබේ.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
අනුරාධපුර පූජනීය පෙදෙසේ සිරිසඟබෝ භාවනා මධ්‍යසථානයේ අසූ මහා ශ්‍රාවක සම්බුද්ධ විහාර මන්දිරයට පිවිසෙන ඔබට පළමුව දකින්නට ලැබෙන්නේ ඉහළ මාලයේ ධර්මචක්‍ර මුද්‍රාවෙන් නිරූපිත සම්බුද්ධ ප්‍රතිමාවහන්සේයි. මහවනයේ සිසිල් රුක් සෙවණක වැඩහිඳ භික්‍ෂූන් අමතා ධර්මදේශනයක් කරන අයුරින් මේ ප්‍රතිමාව නිර්මිත ය.

දඹදිව බරණැස ඉසිපතනාරාමයේ සාරානාත් බුද්ධ ප්‍රතිමාව මෙසේ ඉදිකරන ලද්දකි. දෙඅත පපුව ආසන්නයේ තබාගෙන දකුණු ඇඟිල්ල පිටතද වමත පපුව දෙසට ද තබා ගෙන වැඩ හිඳියි. දකුණු අතේ දබරැඟිල්ල හා මාපටඇඟිල්ල එකට තබා රවුමක (චක්‍රයක) ආකාරය දක්වයි. ධර්මචක්‍ර මුද්‍රාව නමින් හැඳින්වෙන්නේ මෙම ක්‍රමයයි. බුදුරජාණන් වහන්සේගේ ධර්ම චක්‍ර දේශනාව ඉන් නිරූපනය වෙයි.

උන්වහන්සේගේ දෙපස සැරියුත් (දකුණුපස) මුගලන් (වම්පස) ශ්‍රාවක පිළිම දෙකින් අග්‍රශ්‍රාවක බව පිළිබිඹු කරයි. එතැන්සිට ප්‍රදක්‍ෂිණ කරන ඔබට කොණ්ඩඤ්ඤ, මහාකාශ්‍යප, අනුරුද්ධ ආදී මහරහතන් වහන්සේලාගේ ජීවමාන ප්‍රමාණයේ ප්‍රතිමා නැරඹිය හැකිය.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
පහත මාලයේ දක්නට ලැබෙන්නේ මහරහත් භික්‍ෂූණීන් වහන්සේලා දහතුන් නමයි. මහා ප්‍රජාපතී ගෝතමිය දෙපස වැඩසිටින එතුමිය අග්‍රශ්‍රාවිකා ඛේමා, උප්පලවන්නා මහරහත් තෙරණියන් බුදුරජාණන් වහන්සේගෙන් තනතුරු ලැබූ අයයි.

භික්‍ෂුණීන් වහන්සේලාගේ දෙකෙළවරින් ඉදිකර තිබෙන්නේ ආර්යශ්‍රාවක උපාසක උපාසිකාවන්ගේ ප්‍රතිමායි.

අසූමහා ශ්‍රාවක බුද්ධ මන්දිරය පිහිටි භූමිභාගය ඉතා දර්ශනීය අයුරින් සකසා තිබේ. බුද්ධ මන්දිරය වටා අටවිසි බෝධිරෝපණය කර තිබේ. ඒ හැම බෝධියකටම බුදු කුටිය බැගින් ඉදිකර තිබීම විශේෂත්වයකි.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
අනුරාධපුර ඉසුරුමුනිය පාරේ පිහිටි සිරි සඟබෝ භාවනා මධ්‍යස්ථානය මුලින්ම ආරම්භවන්නේ 1962 වසරේදී යාගොඩ ධර්ම ප්‍රභා ලොකුහාමුදුරුවන් වහන්සේගේ මූලිකත්වයෙනි.

සිරිසඟබෝ භික්‍ෂු පුහුණු මධ්‍යස්ථානය නමින් පවත්වාගෙන ආ මෙම සිද්ධස්ථානය මතුගම ධීරානන්ද නාහිමිපාණන්ගේ භාරකාරත්වයට පත්වන්නේ මේ අතරතුරදී ය. ඉන්පසු සුපේෂල ශික්ෂාකාමී ශිෂ්‍ය භික්‍ෂු පිරිසක් බිහි විය. ඒ අතර වර්තමාන භාවනා මධ්‍යස්ථානාධිපති අලුත්ගම බෝගමුවේ සද්ධාරංසි නායක හිමිපාණන් වහන්සේ ද විය.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
සිරිසඟබෝ භාවනා මධ්‍යස්ථානයේ දෙවැනි පිබිදීම ඇරඹෙන්නේ 2001 අවුරුද්දේ ය. ඒ මෙම අසූ මහා ශ්‍රාවක සම්බුද්ධ විහාරය ආරම්භ කිරීම සමඟ ය.

අනුරාධපුර පූජානගරය ඇතුළතින්ම ලබාගත් ඉඩමේ සම්බුද්ධ විහාරය ආරම්භ කිරීම සඳහා මුල්ගල තබා 2003 වසරේ එනම් වසරක් ඇතුළත විහාරස්ථානය බෞද්ධ ජනතාව සඳහා විවෘත කර දෙන්නට සද්ධාරංසි නාහිමියෝ සමත් වූහ.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ අසූමහා රහතන් වහන්සේ සහ තනතුරුලාභී සිව්වනක් පිරිස භික්‍ෂු, භික්‍ෂුනී, උපාසක, උපාසිකාවන් ඇතුළත් මෙබඳු විහාර කර්මාන්තයක් ශ්‍රී ලංකාවේ කොතැනකවත් පිහිටුවා නොමැත. මෙවැනි විහාර කර්මාන්තයක් ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට පිහිටුවා ස්ථාපිත කරනු ලැබුවේ අනුරාධපුර පූජා නගරයේය.

වසර 45ක් වැනි දීර්ඝ කාලයක් මුළුල්ලේ අනුරාධපුර පූජා නගරය තුළ සිදු කරන්නාවූ ශාසනික සේවාවන් නොනවත්වා කර ගෙන යාමට සද්ධාරංසි නාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය වෙත දායක කාරකාදීන්ගෙන් ලැබෙන කාරුණික අනුග්‍රහය අතිශය පුණ්‍යානුමෝදනාපූර්වකව සිහිපත්කරනු කැමැත්තෙමු.

ඔබ සැමට තෙරුවන් සරණයි!

උපුටා ගැනීම: http://lakehouse.lk/alokoudapadi/2014/03/12/_art.asp?fn=a14031210

අදාළ:
අනුරාධපුර Anuradhapura 1 [වීඩියෝ]

පන්සලේ සිරිත් විරිත් හඳුනා ගනිමු

දන්දීම 1

නිවරදි බෝධි පූජාවක් කියන්නේ...

කුසල් කළ යුතු ය
 
සෑම සුවඳකටම වඩා උතුම් සුවඳ

සිල්වතුන්ට දෙවියෝ ද ආසිරි පතති 1

ත්‍රිවිධ ශික්ෂාවෙන් සංයුක්ත වූ නිර්වාන මාර්ගය

නිසල සිත ගෙනෙයි සෙත

මනස සනසන පිරිත් සුතුර
 
මෛත්‍රී භාවනාව

තථාගතයන් වහන්සේ දහම් දෙසන්නේ...

ලොවට සද්ධර්මය පහළ වූ දිනය 1

බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනය පැවැත් වූ සාරානාත් පුදබිම

දුටුගැමුණු මහා රජතුමාගේ ශාසනික මෙහෙවර
 
ලක්දිව බෞද්ධ ස්තූපයේ ආරම්භය, ව්‍යාප්තිය හා සංකේතාර්ථ

සිලා සම්බුද්ධ නම් වූ අනුරාධපුර සමාධි පිළිමය

විශ්මය දනවන කළුතර මහා සෑය

මිහින්තලය හා සාංචිය

මේ උතුම් සිරිපා වන්දනා සමයයි
 
මහා ප්‍රාඥයන් බිහි කළ නාලන්දාව

භික්ෂුණී සමාජය ආරම්භ වූ බිනර පොහොය 1

ලක්දිව වැඩ සිටි අන්තිම මහ රහතන් වහන්සේ මලියදේව හිමියන් ද?

අපමණ පුද ලද බුදු හිමි ගුණ කඳ

අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා