SomaHimi.org
 තෙරුවන.ඕර්ග්
 Threegems.org
 Vidarshana.org
 Jeevithaya.org
 Thinkup.today
මූණු පොත
Title Horizontal Line Shadow Title Horizontal Line
අලුත්   ලිපි   රූප   වීඩියෝ   භාගත   ඇමතුම්
අලුත්   ලිපි   රූප   වීඩියෝ   භාගත   ඇමතුම්
ජඹුරෙගොඩ දූවේ පන්සල 1

ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!

ජානක එන්. මනම්පේරි, ජඹුරේගොඩ — වැලිගම

ප්‍රකාශනය: 2015-01-04

Download Pictures ZIP File (1.49MB) >


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.

වැලිගම් කෝරලයේ වැලිපිටිය ශාසනාරක්‍ෂක බලමණ්ඩලයට අයත් ජඹුරෙගොඩ ශ්‍රී බෝධිරුක්ඛාරාමය පැරැණි අය හැඳින්වූයේ දූවේ පන්සල ලෙසිනි. එසේ හැඳින්වීමට හේතු වන්නට ඇත්තේ අලංකාර රමණීය කුඩා දූපතක් වැනි භූමිභාගයක මෙම විහාරය පිහිටා තිබීමය. මාතර දිසාවේ විශාලතම වෙල්යාය ලෙස හඳුන්වන ජඹුරේගොඩ සශ්‍රීක වෙල්යායකින් වටවූ මෙම විහාරයට පැමිණෙන ඕනෑම අයෙකුට ප්‍රථමයෙන් ම නෙත ගැටෙන්නේ ඓතිහාසික බෝධීන් වහන්සේ ය. එම බෝධීන් වහන්සේගේ ප්‍රමාණය , විශාලත්වය දකින ඕනෑම අයෙකුට එහි ඉතිහාසය ගැන තොරතුරු සොයා බැලීමට සිතෙනු ඇත.

එම තොරතුරු සෙවීමේදී දැනට ගමේ සිටින වයස්ගතම කාන්තාවන් දෙදෙනෙකුගෙන් මේ ගැන විමසූ විට ඔවුන් පවසනුයේ ඔවුන් කුඩා කල ද බෝධීන් වහන්සේ මේ ආකාරයටම තිබූ බවයි. ඔවුන් දැනට වයස අවුරුදු සියය ඉක්මවූ අය වෙති. එහි ඉතිහාසය සෙවීමේදී දැන ගන්නට ලැබී ඇත්තේ විජයබා රජ දවස එම රජතුමාගේ භටහමුදාවේ බටේමුල්ලේ (වර්තමානයේ ඉමදුව) සිට ඇත.

දූවේ පන්සල, ජඹුරෙගොඩ, වැලිගම. සම්පුර්ණ සිතියම මෙතන ඇත >>
එම සෙබළු අවට ප්‍රදේශ වල චාරිකා කිරිමේදී මෙම බෝධිය රෝපණය කරන්නට ඇතැයි ජනප්‍රවාදයේ සඳහන් වේ. මෙවැනි මතයක් වුවද එය ලිඛිතව කිසිම ග්‍රන්ථයක සඳහන් වී නොමැත. මෙසේ බලන කල ඉතා දිගු ඉතිහාසයක් මෙම බෝධියට ඇත.

එසේ ම දූවේ පන්සලට ආවේණික වූ අනෙක් ලක්‍ෂණය නම් බෝධිය අසලම තිබෙන ලෝලු ගසයි. එම ලෝලු ගසේද ඉතිහාසය දන්නා කෙනෙකු නැත. විශාලත්වයෙන් බෝධිය මෙන් වර්ධනය වී නැති අතර ලෝලු ගසේ වයස් ප්‍රමාණය බෝධිය හා සමාන යැයි බලන කෙනෙකුට සිතේ. මෙසේ බෝධියත් සමග ලෝලු ගසක් තිබෙන්නේ දඹදෙණි යුගයට අයත් මහනුවර ගැටඹේ විහාරයේ පමණක් යැයි මේ ගැන තතු දන්නා අය පවසති. ලෝලු ගස හා බැඳුනු ඓතිහාසික ජනප්‍රවාදයක් ඇත. එනම් ලෝලු ගස විෂ්නු දෙවියන්ගේ යෂ්ටිය ලෙස භාවිතා කර ඇති බවයි. ගස දෙස බලන ඕනෑම අයෙකුට ලෝලු ගසෙහි සැරමිටි ආකාරයට අතු විශාල ප්‍රමාණයක් ගසෙහි තිබෙන බව පෙනේ. මේ සිද්ධිය නිසා බෝධියට මෙන්ම ජනතාව විශාල ගෞරවයක් ලෝලු ගසටද දක්වයි. මෙම නිසා දෙවියන්ගේ විශේෂ අඩවියක් ලෙස මෙම විහාරය ගම්මුන් හඳුන්වයි.


ජඹුරෙගොඩ යාය. ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
මෙවන් ආකාරයේ පිහිටීමක් තිබෙන දූවේ පන්සලේ සල්ගසක් ද ඇත. ගස සිටවූයේ කවුරුන්ද යන්න ගමේ කිසිවෙකු දන්නේ නැත. බෝධියට දකුණු පසට වන්නට අඩි 15 ක් පමණ දුරින් මෙම සල්ගස පිහිටා ඇත. මෙම සල්ගසේ මල් හටගත් කාලයට විහාරය සහ අවට මුළු ප්‍රදේශයම සල්මල් සුවඳින් පිරීයයි. එම සුවඳ ගත සිත ප්‍රබෝධමත් කරයි.

ඉතා දුර්ලභ ලක්ෂණයක් පෙන්නුම් කෙරෙන මෙම විහාරයේ බෝධියත්, සල්ගසත් ලෝලු ගසත් පිහිටා තිබීම නිසා මෙහි ගුප්ත බලයක් තිබේය යන්න අපගේ පැරැණි මුතුන්මිත්තන්ගේ මෙන්ම වර්තමානයේ ගම්මුන් අතරද ප්‍රචලිත කරුණකි. එම දැඩි විශ්වාසය නිසා මෙම විහාරයේ දිනපතා උදේ සවස නොයෙක් ආකාරයේ පුද පූජා පවත්වයි. බොහෝ දෙනෙක් පැමිණ ඔවුනට ඇතිවී තිබෙන ලෙඩදුක් වලට සහ කරදර වලට සෙත ඉල්ලා පූජා පවත්වයි. තවත් අය පැමිණ ඔහුට කරදර කරන අයට දඬුවම් පමුණුවන ලෙස ඉල්ලා පොල්ගසයි. මෙය දෙවියන්ගේ බලපෑමක් තිබෙන ස්ථානයක් මෙන්ම දෙවියන්ගේ අඩවියක් බව සියලු ගමේ ජනතාව මෙන්ම අවට ප්‍රදේශවල ජනතාව ද තදින් විශ්වාස කරන්නේ තමන් කරන පුදපූජා වලින් ඔවුන් සිතන දේ ඒ ආකාරයෙන් ඉටු වී ඇති නිසාවෙනි. ඒ බව ගමේ ජනතාව නිතර පවසති.


පොල්වත්ත ගඟ. ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
මෙතරම් පැරණි විහාරයක භික්ෂූන් වහන්සේ නමක් වැඩසිටි බවට සාධක ලැබෙන්නේ 1940 දශකයේ සිටය. ඒ බව සඳහන් වන්නේ බෝධිය වටා ඉදිකර ඇති ප්‍රාකාරයේ එය ඉදිකළ වර්ෂය මෙන්ම එය ඉදිකරන අවස්ථාවෙ වැඩසිටි භික්ෂූන් වහන්සේගේ නම සඳහන් ව ඇති නිසාය.

90 දශකයේ වැඩ සිටි හිමි නමක් විහාරයට සහ ගමට විශාල අඩුපාඩුවක් ව තිබූ විදුලි බලය ලබාගැනීමට විශාල වෙහෙසක් දරා එය එවක රජය විසින් ලබාදෙන ලදී. විහාරයේ දක්නට ලැබෙනුයේ ගොඩනැගිල්ලක් ලෙස ධර්මශාලා මන්දිරය පමණි. මීට පෙර ආවාස ගෙයක් තිබුණ ද එය දිරාගොස් කඩා වැටී ඇත. අනතුරුව වර්තමානයේ සිටින විහාරාධිපති හිමියන් කරනු ලැබුවේ ධර්මශාලාවෙන් කොටසක් එම හිමියන් විසින්ම වෙන්කරගෙන එහි ලැගුම්ගැනීමයි. එම ආවාසගෙය කඩාවැටීමෙන් අනතුරුව බොහෝ වෙහෙස දරණ ලද්දේ අලුතින් ගොඩනැගිල්ලක් සාදා ගැනීමටය. එය මේ වනතුරු සාර්ථක වූයේ නැත. එයට ප්‍රධාන හේතුව වී ඇත්තේ විහාරයේ දායක පිරිස සීමිත වීම නිසාවෙනි. එම සීමිත පිරිස ද කෘෂිකර්මාන්තය ජීවනෝපාය කරගෙන ජීවත් වීම නිසා මිල මුදල් අතින් ඔවුන් ඉතා පහත් තත්ත්වයක සිටී. මෙසේ ආවාස ගෙයක් නොමැති කම විහාරයේ වැඩ වෙසෙන හිමියන්ට දැඩි අපහසුතාවයකට පත්කිරීමට හේතුවක් වී ඇත.


කුරුඳු වගාව, ජඹුරෙගොඩ. ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
ආවාස ගෙයක් නොමැති විහාරයට ස්වභාව ධර්මයාද ඉඳහිට අභියෝග එල්ල කරයි. විහාරය පිහිටි බිමේ සිට පොල්අතුමෝදර ගගට තිබෙන දුර ප්‍රමාණය මීටර 200 ක් පමණි. එම නිසා වර්ෂාව අධික සමයේ පොල්අතු මෝදර ගඟ පිටාර ගලා යයි. එසේ පිටාර ගලන අවස්ථාවලදී මෙම විහාර භූමිය ජලයෙන් පිරී යයි. ඇතැම් අවස්ථාවලදී එම ජල ප්‍රමාණය අඩි 6 — 7 දක්වා ඉහළ නගී. එම අවස්ථාවලදී විහාරයේ වැඩ වෙසෙන හිමියන්ට සිදුවන්නේ ජලකද අඩුවනතුරු වෙනත් විහාරයකට ගොස් සිටීමටය.

පෞරාණික විහාරයක් වන ජඹුරේගොඩ ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරයට පිවිසීමට සුදුසු මාර්ගයක් හෝ පිළිසකර කර දීමට නොහැකි වී ඇත.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.

ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.

ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.

ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.

ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.

ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.

ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.

ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.

Download Pictures ZIP File (1.49MB) >

ඔබ සැමට තෙරුවන් සරණයි!

උපුටා ගැනීම: http://www.lakehouse.lk/budusarana/2007/12/31/tmp.asp?ID=temp02

ඡායාරූප: https://ssl.panoramio.com/user/5811790?photo_page=3

අදාළ:
ඔබ සැමට තෙරුවන් සරණයි! May The Triple Gem Bless You! [Pictures — External >>]

පන්සලේ සිරිත් විරිත් හඳුනා ගනිමු 1

බෝධිපූජාවෙන් නියම අනුසස් ලැබීමට නම්... 1

අනුරාධපුර මහා විහාරය හා සංඝමිත්තාගමනය 1

අකුරැස්ස යහමුල්ල ශ්‍රී බෝධිරුක්ඛාරාමය 1
 
අක්මීමණ කපුහෙම්පල ශ්‍රී සුමංගලෝදයාරාම විහාරස්ථානය 1

නාපාගොඩ ශී‍්‍ර බෝධිමාලකාරාම පුරාණ මහ පිරිවෙන 1

රයිගම්පුර ලෙනවර රජමහ වෙහෙර 1

වෙල්ගම් වෙහෙර 1

අනුරාධපුර අසූ මහා ශ්‍රාවක සම්බුද්ධ විහාරය 1
 
ලක්දිව වැඩ සිටි අන්තිම මහ රහතන් වහන්සේ මලියදේව හිමියන් ද?

විශ්මය දනවන කළුතර මහා සෑය 1

ලක්දිව බෞද්ධ ස්තූපයේ ආරම්භය, ව්‍යාප්තිය හා සංකේතාර්ථ 1

අපමණ පුද ලද බුදු හිමි ගුණ කඳ 1

අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා 1