SomaHimi.org
 තෙරුවන.ඕර්ග්
 Threegems.org
 Vidarshana.org
 Jeevithaya.org
 Thinkup.today
මූණු පොත
Title Horizontal Line Shadow Title Horizontal Line
අලුත්   ලිපි   රූප   වීඩියෝ   භාගත   ඇමතුම්
අලුත්   ලිපි   රූප   වීඩියෝ   භාගත   ඇමතුම්
බුදු හිමිගෙන් පුද ලද ශ්‍රී මහා බෝධිය 1

ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!

අනුරාධපුර ලංකාරාමාධිකාරී උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක රැළපනාවේ ධම්මජෝති නාහිමි

ප්‍රකාශනය: 2015-10-19 — අලුත් කිරීම: 2018-07-18


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.

උඳුවප් සඳින් මුළු ලොව ආලෝකවත් වන මෙවන් මොහොතේ බොදු බැති හදවත් අසීමිත බුද්ධාලම්භන ප්‍රීතියෙන් ආලෝකවත් වනවාට කිසිදු සැකයක්‌ නොමැත. මෙවන් ආලෝකවත් පහන් සිතක්‌ ඇතිවන්නේ දඹදිව ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්‍ෂිණ ශාඛාව ශ්‍රී ලංකාද්වීපයට වැඩමවා අදවන් උඳුවප් පුර පසළොස්‌වක පොහෝ දිනක අනුරාධපුර මහමෙව්නාවේ රෝපණය කළ බැවිනි.

ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ මහමෙව්නාවේ රෝපණය කළ දා පටන් අද දක්‌වා නිරුපද්‍රිතව වැඩ සිටීම අප ලද ඉමහත් භාග්‍යයකි. ලෝකයේ පවතින වෘක්‍ෂලතා අතර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට සුවිශේෂිත වූ ආශ්චර්යවත් වෘක්‍ෂරාජයාණෝ ය. මේ හා බැඳුණු ඓතිහාසික වෘත්තාන්තය අවුරුදු 2637 ක්‌ තරම් වූවකි.

ලෝකයේ අවුරුදු දහස්‌ ගණන් පැරැණි වෘක්‍ෂලතා තිබිය හැක. එම වෘක්‍ෂලතා කාලයෙන් පමණක්‌ පැරැණි වූවෝ විය හැක. බෝ සමිඳු මෙබඳු වෘක්‍ෂලතාවන්ගෙන් වෙන්වන්නේ පැරැණිකමෙන් හා අසිරිමත් ගුණාත්මක බවෙන් අගයක්‌ ගත් නිසයි.

අනුරාධපුර ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ. සම්පුර්ණ සිතියම මෙතන ඇත >>
මෙතෙක්‌ ලොව පහළ වූ ආගමික නායකයන්ට වෘක්‍ෂයක්‌ හා බැඳුන කතාන්දරයක්‌ නොමැති තරම් ය. නමුත් ඇසතු වෘක්‍ෂයක්‌ හා බද්ධ බෝසත් චරිතයක්‌ හා බුදු සිරිතක්‌ බොදුනුවන් වූ අපට ඇත.

ගෞතම බෝසතාණන් වහන්සේගේ උපතත් සමඟ පහළ වූ වස්‌තු හතකි. යශෝදරාදේවිය, චන්න හා කාළුදායි ඇමැති, කන්ථක අශ්වයා. අජානේය ඇතා. සතර මහා නිධානය, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වශයෙනි.

මේ වස්‌තූන් අතර අද වන විට ඉතිරිව ඇත්තේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ පමණි. බෝසතාණන් වහන්සේගේ උපත සිදු වූ දා හටගත් මේ ඇසතු වෘක්‍ෂ රාජයා, නේරංජා නදියට නුදුරින් බුද්ධගයා පරිශ්‍රයේ පිහිටා නේරංජා ගං කොමළිය පහළට ගලා බසින අයුරු නිසොල්මන්ව බලා සිටියේ තම ප්‍රාර්ථනා ඉටුකර ගැනීමට කාලය උදාවන තෙක්‌ විය හැක.

බෝසතාණන් වහන්සේ ගිහි ගෙයින් නික්‌මී, කිං කුසල ගවේෂී වූහ. පරම සත්‍යාවබෝධය සඳහා පාරමිතා පුරා තිබිණි. බුද්ධත්වය නමැති පුෂ්පය විකසිත වීමට ආසන්න මොහොතේ, උරුවෙලාවේ නියම් ගමට වැඩියහ. අජපල් නුගරුක මුල වැඩ සිටි බෝසතාණන් වහන්සේ මෙහිදී සුජාතා දේවිය පිදූ කිරි පිඬු වළ¹ ගයා පෙදෙස පිහිටි ඇසතු රුක්‌ මුලට වැඩම කළහ. කුස තණ අටමිට අතුරා වජ්‍රාසනය කොට හිඳ,


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
“මාගේ ශරීරයෙහි සම්, නහර, ඇට ඉතිරිව ලේ, මස්‌, වියලි යේවා, බුදු නොවී මේ අසුනෙන් නොනැගිටිමියි” යන චතුරංගයෙන් යුත් වීර්ය අධිෂ්ඨාන කොට වෙසක්‌ පුන් පෝදා අරුණළු නැඟ එත්ම බුද්ධ රාජ්‍යයට පත් වූහ. තමන් උපන් දා පහළ වූ ඇසතු මූලයේ මේ උතුම් පදවිය ලබාදීමට උපකාර වූ බැවින් මිනිසෙකු නොවූවත් මිනිසෙකුට වඩා සංවේදී වූ වෘක්‍ෂකයක්‌ ලෙස බුදුහිමිට තව තවත් සමීප වූහ.

බුදුරජාණන් වහන්සේ ද මේ උතුම් ගුණය සලකා ඇසතු වෘක්‍ෂ රාජයා පරම පූජනීයත්වයට පත් කිරීමට කටයුතු කළහ. අනිමිසලෝචන පූජාව මේ අතර ප්‍රධාන තැනක්‌ ගනී.

ඇසපිය නොහෙලා එකම ඉරියව්වෙන් වැඩ සිටිමින් බෝ සමිඳු දෙස බලා නෙත් සඟලෙන් කළ ප්‍රණාමය අනිමිස ලෝචන පූජාව වශයෙන් බොදු ජනතාව අදටත් බැති සිතින් සිහිපත් කරයි. මේ තුළින් බුදුහිමි අපට කරුණු දෙකක්‌ පිළිබඳව අපේ අවධානය යොමු කරවයි. ගරු කළ යුත්තාට ගරු කිරීමත් කෙළෙහි ගුණ දැක්‌වීමත් යන බෝසත් ගුණ දෙකයි.

දිනක්‌ අනඳ හිමි ස්‌වාමීනි, නුඹ වහන්සේ සැරිසරා වැඩි කල්හි මේ ඡේතවන මහා විහාරය කුසල් නමැති සත්වයන්ට පිළිසරණ නොවෙයි. මිනිසුන් පිදිය යුතු ස්‌ථානයක්‌ නොලබති. එසේ හෙයින් ශ්‍රී මහා බෝධියෙන් බිජුවටක්‌ ගෙනවුත් ඡේතවන දොරටුවේ සමීපයේ රෝපණය කරවමිද විචාළේය.


“අනුරාධපුර නෙලුම් මල් පුජාව Anuradhapura Lotus Flower Offering 1.” වීඩියෝව නරඹන්න වීඩියෝවට ක්‍ලික්‍ කරන්න. සම්පුර්ණ වීඩියෝව මෙතන නරඹන්න >
බුදු හිමි යහපතැයි අනුමත කොට එසේ කල්හි ඡේතවනයෙහි මාගේ නිරන්තර වාසයක්‌ මෙන් වන බවත් ශ්‍රී මහා බෝධිය බුදුන් තමන් වහන්සේ හා සමාන කොට වදාළ බැවින් බුදුනට පූජා කරන කලක්‌ මෙන් ශ්‍රී මහා බෝධීන් වහන්සේට පූජා කටයුතු යයි වදාළහ. බෝධි වංශයේ සඳහන් මෙම කරුණෙන් ද පෙනී යන්නේ බුදුන් වහන්සේ ඒ අවස්‌ථාවේදීත් බෝසමිඳුගේ පූජනීයත්වය ඉස්‌මතු කොට පෙන්නා දුන් බවයි.

ජම්බුද්වීපයේ ශ්‍රී මහා බෝධීන්වහන්සේගේ දක්‍ෂිණ ශාඛාව ශ්‍රී ලංකාද්වීපයට ලැබීම තරම් රටවැසියා භාග්‍යවන්තයෝ වූහ.

බුද්ධ වර්ෂ 236 වැන්නේ සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේ දක්‍ෂිණ ශාඛාව ශ්‍රී ලංකාද්වීපයට වැඩමවා අනුරාධපුර මහමෙව්නාවේ රෝපණය කරන ලදී. මේ කාර්යයෙහිලා මිහිඳු මහ රහතන් වහන්සේගේ හා දම්සෝ රජුගේත් දෙවනපෑතිස්‌ රජුගේත් පූර්ණ මඟ පෙන්වීම හා ආශිර්වාදය ලැබිණි. නිමල බුදුදහමත්, ශ්‍රී මහා බෝ සමිඳුත් නිසා රටවැසියා ගතානුගතිකත්වයෙන් මිදී බුද්ධි සම්පන්න පිරිසක්‌ බවට පත්වූහ. ආධ්‍යාත්මික චින්තනය හැඩගස්‌වා ලෞකික දියුණුවත්, ලෝකෝත්තර පරම සුවයත් ලබා ගැනීම පරම අධිඨනෙන් බුදුදහම වටාත්, බෝ සමිඳු වටාත් ජනතාව ඒකරාශී වූහ.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
මේ නිසා මෙයට පෙර පැවැති ගස්‌, ගල්, පර්වත, යක්‍ෂ, නාග, මළවුන් ග්‍රහ තාරකා ආදී මිනිසා ඇදහිල්ලත්, ජෛන, පරිබ්‍රාජක, බ්‍රාහ්මණ, ආජීවක ආදී ආගම් අනුගමනය කිරීමත්, ජන සමාජයෙන් බැහැරව ගියේය. සංඝමිත්තා ගමනයත් සමඟ ශ්‍රී ලාංකීය කාන්තා පක්‍ෂයට පූර්ණ නිදහස උදා විය.

මෙතෙක්‌ ගේ දොර වැඩ කරමින් දරුවන් හදා වඩා බලා ගනිමින් ගෘහනියක්‌ වශයෙන් නීති. සීමා මායිම්වලට කොටු වී හිරවී, හැඳිමිටේ පමණට නුවණ ඇතැයි, අවමන් ලබමින් කල් මැරූ අපේ හෙළ කතට මේ පවුරු පදනම් කඩා සුණු විසුණු කොට, පුරුෂාධිපත්‍යයට තරම්.

සම අයිතියක්‌ සමාජයේ ලැබුණේ “සංඝමිත්තාගමනයත්” සමගය. මෙහි අග්‍රගන්‍ය ඵලය නම් භික්‍ෂුණී ශාසනය පිහිටුවීමයි.

කසාවත් හැඳ දසසිල් සමාදන් වී කාන්තාවන් පන්සියයක්‌ හා අන්තඃපුර ස්‌ත්‍රීන් සමඟද අනුලා දේවිය සංඝමිත්තා ගමනය ඇසු සැනින් මඟබලා සිටියහ. පැමිණ නොබෝ දිනකින් අනුලා දේවිය ඇතුළු මේ පිරිස පැවිදි කරවා, භික්‍ෂුණී ශාසනය හෙළදිව ස්‌ථාපිත කරවන ලදී. භික්‍ෂුන් වහන්සේලා සේම භික්‍ෂුණීන්වහන්සේ ද රට තුළ ආගමික ජාතික ශාසනික සේවා රැසක්‌ කර ඇත. මෙරට පමණක්‌ නොව ජාත්‍යන්තර වශයෙන් ද මේ සේවා ව්‍යාප්ත වී ගිය අයුරු ඓතිහාසික මූලාශ්‍රවලින් පෙනේ.


“බෝසතාණන් වහන්සේ 1 — පූජ්‍ය පොල්පිතිමුකලානේ පඥ්ඥාසිරි ස්වාමින් වහන්සේ.” වීඩියෝව නරඹන්න වීඩියෝවට ක්‍ලික්‍ කරන්න. සම්පුර්ණ වීඩියෝව මෙතන නරඹන්න >
දුටුගැමුණු රාජ්‍ය සමයේ විශාල දියුණුවක්‌ පෙන්නුම් කරයි. ස්‌වර්ණමාලී සෑ රදුන්ගේ පූජෝත්සවයට භික්‍ෂුණීහු දාහතරදහසක්‌ ද, මිරිසවැටිය පූජෝත්සවයට අනූදාහක්‌ ද, සහභාගි වී ඇති බව මහාවංශ, දීපවංශය ආදී මූලාශ්‍රවල සඳහන් තොරතුරුවලින් පෙනෙයි.

දඹකොළ පටුනේ සිට අනුරාධපුරය දක්‌වා බෝ සමිඳු වැඩම කරවා ඇත්තේ දර්ශනීය හා විචිත්‍ර වූ පෙරහැරකිනි. දඹදිව පැවැති පෙරහැර උත්සව දුටු කෙනකු වශයෙන් මිහිඳු මාහිමි දෙවනපෑතිස්‌ රජු සමඟ සාකච්ඡා කොට මේ පෙරහැරට රාජකීය මුහුණුවරක්‌ ලබාදීමට කටයුතු සංවිධානය කරන්නට ඇත. බෝ සමිඳු වෙනුවෙන් රට තුළ සිදුකළ මුල්ම පෙරහැර මෙය වෙයි.

කිත්සිරිමෙවන් රජ දවස දළදා හිමි වෙනුවෙන් පැවැත්වූ පෙරහැරට ද ආභාෂය මේ තුළින් ලබන්නට ඇත. වර්තමානය වන විට මේ සංකල්පය වර්ධනය වී ඇත. මේ පෙරහැර අතර මිහිඳු පෙරහැර සංඝමිත්තා පෙරහැර දළදා පෙරහැර මුල්තැනක්‌ ගනී.

බෝධි යන වචනය ජනතාවගේ හදවතට කොතරම් සම්බන්ධ වූවාද යන්න පුද්ගල හා ස්‌ථාන හැඳින්වීම සඳහා භාවිතා කිරීමෙන් පැහැදිලි වේ. ඇතැම් රජවරුන් මේ නාම භාවිත කොට ඇත. ඒ අය අතරේ සිරිසඟබෝ, අග්ගබෝධි, කුඩා අක්‌බෝ, පැසළු අග්බෝ, බෝධිගුප්ත අය වූහ.

ස්‌ථාන නාම හැඳින්වීමේදී බෝතලේ, බෝවල, බෝපිටිය, බෝගම්බර, බෝරුක්‌ගමුව ආදී නාම බොහෝ වෙති.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.

මෙබඳු පින්බර පුන් පොහෝ දිනක සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේගේ වැඩම කරවීමෙනුත් ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ වැඩම කරවීමෙනුත් රට තුළ ආගමික, ජාතික, ශාසනික, සංස්‌කෘතික පුනර්ජීවනයක්‌ ඇති වී ලෝකයේ රටවල් අතර පුණ්‍යවන්තම රට බවට පත්විය.


“භික්ෂුණී ශාසනය 1 — අතිපූජ්‍ය තිරිකුනාමලේ ආනන්ද මහනායක ස්වාමින් වහන්සේ.” වීඩියෝව නරඹන්න වීඩියෝවට ක්‍ලික්‍ කරන්න. සම්පුර්ණ වීඩියෝව මෙතන නරඹන්න >
මේ නිසාම අපේ රාජ රාජ මහාමාත්‍යාදීන් ද ගිහි පැවිදි ජනතාව ද බෝ සමිඳු ජීවිත පූජාවෙන් ආරක්‍ෂා කර ගත්හ. එමෙන්ම අප ද ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ආරක්‍ෂා කර ගත යුතුව ඇත. මතු පරපුර වෙනුවෙන් ඒ අපගේ වගකීමයි.

වර්තමාන අටමස්‌ථානාධිපති නාහිමිපාණන් වහන්සේ ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ භාරකරු වශයෙන් මේ කරුණු අවබෝධ කොට ගෙන අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි සංවර්ධන අරමුදලේ පදනම වූ සභාව (කමිටුව) පත් කොට බොහෝ දෙනකුගේ ආධාර උපකාර ලබා ගනිමින් සිරිමා හාමුදුරුවන්ගේ ආරක්‍ෂාවටත්, ගාම්භීරත්වයටත් සරිලන පරිදි සංවර්ධන කටයුතු රාශියක්‌ සිදුකොට ඇත.

මෙහි තවත් අදියරක්‌ වශයෙන් මහා විහාර සංඝාවාසය මහා විහාරයට අනුගතව ඉදිකර ඇත. එම සංඝාවාස පද්ධතිය මේ පුන් පෝදා සඟ සතු කොට පූජා කිරීමට කටයුතු ද සංවිධානය කර ඇත.

පිංවත් සැමට උතුම් ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ පිහිට පතමි.

ඔබ සැමට තෙරුවන් සරණයි!

උපුටා ගැනීම: http://divaina.com/2014/12/06/feature01.html

අදාළ:
බෝධිය 1 — පූජ්‍ය ගලිගමුවේ ඥාණදීප ස්වාමින් වහන්සේ [වීඩියෝ]

Jaya Sri Maha Bodhi (Bo) Tree 1 [Articles — External >>]

ඔබ සැමට තෙරුවන් සරණයි! May The Triple Gem Bless You! [Pictures — External >>]

අපමණ පුද ලද බුදු හිමි ගුණ කඳ 1

අරහං බුදු ගුණය 1
 
අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා 1

සිවුරේ කතාව 1

ලොව උතුම් ම බිරිය ඇය යි 1

කන්ඨක අසු 1

සියලු බුදුවරුන්ගේ අනුශාසනාව 1
 
බෝධිපූජාවෙන් නියම අනුසස් ලැබීමට නම්... 1

සිරිලකට සිරිමහ බෝ සමිඳු වැඩම වූ අසිරිමත් උඳුවප් පොහොය 1

අනුරාධපුර මහා විහාරය හා සංඝමිත්තාගමනය 1

මේ උතුම් සිරිපා වන්දනා සමයයි 1

ලක්දිව බෞද්ධ ස්තූපයේ ආරම්භය, ව්‍යාප්තිය හා සංකේතාර්ථ 1